IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තැපැල් වර්ජනය අස්සේ කතරගම තැපැල් කාර්යාලය වැඩ

(එම්.කේ.  නන්දසේන)

රටපුරා සියලුම තැපැල් සේවකයින් අද (22) වැඩ වර්ජනයට එක්වී තිබුණද කතරගම තැපැල් කාර්යාලයේ සේවකයින් පමණක් සේවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණ.

කතරගම තැපැල් කාර්යාලයේ නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපති ආර්. දයානන්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අද (22) සේවයේ නිරත වූහ.

කතරගම තැපැල් කාර්යාලයේ නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපතිවරයා 2012 වර්ෂයේදී දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස්වීම් ලබා ඇතැත් ඊට අදාළ වැටුප් තලයන්හි පිහිටුවීමට වෘත්තිය සමිති කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා එම සමිති පිළිබඳව විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් මෙසේ සේවයේ යෙදී සිටි බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ලිපි බෙදන කාර්ය මණ්ඩලයෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපතිවරයා සේවයේ නිරතව සිටින නිසා තමන්ද සේවයට වාර්තා කළ බවයි.

කෙසේ වෙතත් තැපැල් කාර්යාලය විවෘත කර මහජන සේවාවන් ඉටු කිරීම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය සතුට පළකර සිටියහ.

 



අදහස් (3)

තැපැල් වර්ජනය අස්සේ කතරගම තැපැල් කාර්යාලය වැඩ

Amila Monday, 22 July 2019 01:47 PM

තැපැල් වර්ජනය කරන්නේ කුරියර් ආයතන වලින් ජරාව ගත්තු නිලධාරීන් විතරයි. ඔවුන්ගේ වර්ජනය නිසා රජයට ආදයම අඩුවී කුරියර් ආයතනවලට මේ දිනවල ආදායම වැඩිකර දී ඇත. වහාම වර්ජනය සන්විධානය කළ අය සේවයෙන් ඉවත්කරන්න.

:       23       242

Sumith Monday, 22 July 2019 11:08 PM

10 වෙනකොට ගෙදර යන්න පුළුවන් රැකියාව. ගෙවන වැටුපත් වැඩියි.

:       0       0

රවින් Tuesday, 23 July 2019 02:37 AM

මෙන්න ආදර්ශමත් අනිවාර්යයෙන්ම වෘත්තිය සමිති නායකයකු කල යුතු අයෙක්. වර්ජනය කිරීමෙන් තම රාජකාරිය ඉතාම හොඳින් හා ඊට වැඩි යමක් කිරීමෙන් පාලන අධිකාරිය අපහසුතාවයට පත්කල හැකිය. පාලන අධිකාරිය හැමවිටම පොඩි කෙනාට එක හැන්දක් බෙදුවොත් තමන්ට හැඳි දෙකක් බෙදාගන්නවා. මේ හා සමාන ක්‍රමයක් ජපානය තුල ක්‍රියාත්මක නිසා එරට වර්ජනයන් පාලක පක්ෂ විසින් ඉක්මනින්ම විසදනවා. නැතිනම් පාලකයින්ගේ සේවා අවශ්‍යතාවයක් නැතිව යනවා. පාලකයින්ගේ බඩ ගොස්තරේ රැකෙන්නනම් අනිවාර්යයෙන්ම පහල සිටිනම් අයගේ බඩ ගොස්තරේ රැකිය යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 244 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 217 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 512 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 84 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 17 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 69 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site