IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ණය ගෙවාගත නොහැකිවූ ලාංකික පවුලක් ඩුබායිහි සිරවෙලා

ණය මුදලක් ගෙවා ගත නොහැකිව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ ශ්‍රී  ලාංකික පවුලක් රැඳී සිටින බව එරට පළවන ගල්ෆ් නිව්ස් පුවත් වෙබ් අබවිය අද (19) වාර්තා කළේය.

 කාලයක් තිස්සේ ඩුබායි නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියදී එම ව්‍යාපාර සඳහා එහි බැංකුවලින් ලබා ගත් ඩිරාම් 252,000 ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක්) ගෙවා ගත නොහැකිවීමෙන් මොහොමඩ් ෆෙරාට් අබ්බාස් නමැති පුද්ගලයා, ඔහුගේ බිරිඳ වන ඉෂාරා විජේතුංග සහ ඔවුන්ගේ 5 සහ 6 හැවිරිදි දරුවන් දෙදෙනා එහි රැඳ සිටිති.
 
මොහොමඞ් ෆෙරාට් අබ්බාස් 2008 වසරේ සිට ඩුබායි හි පෞද්ගලික ආයතනයක සේවය කර ඇතත්, 2016 වසරේදී ඔහුට සිය රැකියාව අහිමි වී ඇත. ඉන් අනතුරුව ෆෙරාට් අබ්බාස්  ඔහුගේ බිරිඳ විසින් පොල් කොහුබත් පොහොර ගෙන්වීමේ ව්‍යාපාර කටයුතු කිහිපයක් සිදු කර ඇති අතර කලක් ලාභ ලැබූ එම ව්‍යාපාර පසුව බංකොලොත්භාවයට පත්ව ඇති බවද ගල්ෆ් නිව්ස් පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ව්‍යාපාරය සඳහා එමීර් රාජ්‍යයේ බැංකු මඟින් ගත් ණයපත් සහ ලබාගත් බැංකු ණය වාරික නොගෙවීම හේතුවෙන්  ඔවුන් දෙදෙනාට නැවත  ලංකාවට පැමිණීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අවසර හිමි නොවන බවද එහි සඳහන් වේ.

ගෙවා ගත නොහැකි ණය බර හේතුවෙන් මාස 10 ක් පමණ සිරගතව සිටි අබ්බාස් මහතා ගේ බිරිඳට මේ වනවිටත් එරටින් සංචාරක තහනමක් පනවා ඇති අතර  සිය දරුවන් දෙදෙනා සමග යළි ලංකාවට පැමිණීමට නම් ඇයට ඩිරාම් 252,000 ක මුදලක් ගෙවිය යුතුවේ. ඔවුන් සියලූදෙනාගේ වීසා බලපත‍්‍ර වල  වලංගු කාලය ද මේ වනවිට අවසන් ව ඇති බවද වාර්තා වේ. 

එසේම මොහොමඞ් ෆෙරාට් අබ්බාස් මහතාද ඩිරාම් ලක්ෂ දෙකක ණයකර ( ක්‍රෙඩිට් කාඞ් පත්) ගෙවීමටද ඇති බවද ගල්ෆ් නිව්ස් වාර්තාවේ සඳහන් වේ.
 
සිය දෙමව්පියන්ගේ ණය බර හේතුවෙන් පාසල් අධ්‍යාපනයක් නොලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනා මේ වනවිට පවුලේ මිතුරන් විසින් ලබා දුන් කුඩා කාමරයක ජීවත් වන බව ද වාර්තා වන අතර මෙලෙස කිසිඳු ආදායමක් නොමැතිව ණය ගෙවා දමන්නේ හෝ ඩුබායි නගරය තුළ රැඳී සිටින්නේ කෙසේද යන්න ගැටලූ සහගත බව ෆෙරාට් අබ්බාස් එම පුවත් වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
අසීරුතාවයට පත්ව සිටින මෙම ලාංකික පවුලට අවශ්‍ය උදච් උපකාර කිරීමට එමීර්යේ වෙසෙන ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා නිරන්තරයෙන් පෙනී සිටින ‘‘ සහන ’’ සුබසාධන සංගමය ඉදිරිපත් වී සිටින අතර එහි කළමනාකාර ඇල්බට් ජොර්ජ් හෙට්ටිආරච්චි මහතා ගල්ෆ් නිව්ස් වෙත පවසා ඇත්තේ මෙම පවුල ණය ගෙවා ගත නොහැකිව සිටින බවට සනාථ කළ හැකි බවය.

මෙවැනි තත්ත්වයක් හමුවේ ඔවුන් මුහුණපා සිටින අසීරුතා තම්දුරට අඩුකර ගැනීම වෙනුවෙන් සහන සිය සංවිධානය විසින් ආහාර ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීමට කටයුතු කරන බවද හෙට්ටිආරච්චි මහතා ගල්ෆ් නිව්ස් වෙත වැඩිදුරටත් පැවසුවේය.
 
එසේම ඔවුන්ට ලංකාව බලා යෑමට තාවකාලික ගුවන් ගමන් බලපත් නිකුත් කිරීමට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය කටයුතු කර ඇතත් , ඔවුන්ට ගෙවා ගත නොහැකි අධික ණය බර ලිහිල් කර ගැනීම සඳහා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සංගමය කැමැත්තෙන් සිටින බවද ඔහු කියා සිටී.

(125)



අදහස් (13)

ණය ගෙවාගත නොහැකිවූ ලාංකික පවුලක් ඩුබායිහි සිරවෙලා

ගල්කටස් Monday, 19 August 2019 01:32 PM

ඩුබායි, කටාර්, අබුඩාබි වගේ රටවල වැඩ කරපු සමහරක් ලාංකිකයින් ජාති භේදයකින් තොරව නියම බැංකුවලට සහ තමන්ගේ අායතනයට පොලුතියලා පැනපු නිසා දැන් මෙහේ වැඩකරන අහිංසක මිනිසුන්ටත් ලෙහෙසියෙන් ගන්න තිබුණු ණයවලට අවහිරතා ගොඩයි. ඕක ලාංකිකයින් විතරක් කරපු කරන දෙයක් නෙමෙයි. දකුණු අාසියාවේම සමහර කට්ටිය රටවල්වල නම කැත කරනවා. මම මෙයාලා එහෙම කරා කියනවා නෙමෙයි යථාර්ථය ඕකයි.

:       40       119

Amila Monday, 19 August 2019 02:06 PM

තමන්ට දරාගන්න බැරි ණය ගැනීමේ විපාකේ තමයි. අනික දුන්නු අයත් වැරදියිනේ. හොයලා බලන්න තිබුණා මේ අය කොහොමද මෙච්චර ගෙවන්නේ කියලා. උත්සාහ කරන්න එ් රටින්ම රැකියාවක් හොයාගන්න. එහෙම නැත්තම් දන්නා දෙයක් උගන්වන්න. කාලයක් තිබුණා මිනිස්සු සැලකුවේ ලොකුකමට නමුත් අද සලකන්නේ සල්ලි වලට. ඉතින් ලෝකෙට පේන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමට අමාරුවේ වැටෙන්නෙත් තමන්මයි.

:       18       141

ධම්ම Monday, 19 August 2019 02:20 PM

ඩුබායි බැංකු ලෝභනැතිව ණයදෙනවා. හැබැයි ගන්න කෙනා හරි සැලැස්මක් ඇතිව ගන්න ඕනෑ. ඩුබායිවල බොහෝදෙනෙක් මේ ප්‍රශ්නයට මුහුණදෙනවා.

:       0       95

chandima Monday, 19 August 2019 03:01 PM

නෝනා ගැන නම් දුකයි. එ්ත් කරන්න දෙයක් නැහැ. අරයට කියන්න ජුම්මා පල්ලියෙන්වත් ණයක් අරගෙන ගෙවන්න කියලා...

:       1212       742

Anwar Monday, 19 August 2019 03:32 PM

මම දන්න විදිහට ඔයවගේ කිහිප දෙනෙකුට උදව් කරලා තියෙනවා කතා කළොත් හොඳයි.

:       12       45

lankasri Monday, 19 August 2019 06:30 PM

මෙච්චර සල්ලියකට මේ දෙන්නා මොනා කරලද?

:       29       37

Sarasi Monday, 19 August 2019 08:46 PM

අධ්‍යාපන සුදුසුකම් මොනවා වුනත් කාන්තාවකට ආර්ථික කළමනාකරණය කුඩා කාලයේ සිට ගෙවල් වලින් ඉගෙන ගත යුතු දෙයක්. යමෙකුගේ දුකකදී සංවේදී වෙන ගමන් අපිට ඉගෙනගත හැකි පාඩම් රැසකි. අද කාලයේ ඇතැම් කාන්තාවන් රූපලාවන්යයේ සිට පරිගණක තාක්ණය තෙක් පරතෙර පැමිණි මුත් ආදායමේ හැටියට වියදම් කිරීම නොදනී. එදා වේල සොයා ගැනීමට සහ ලෙඩකදී ණය වීමත් , ව්‍යාපාර සඳහා මහා පරිමාණ ණය ගැනීමත් අතර විශාල වෙනසක් ඇති බව ඇතැම් ලාංකික කාන්තාවෝ තවමත් තේරුම් ගෙන නැත. තමන්ගේ මුලික අවශ්‍යතා සහ සිහින අතර වෙනස දැන ගෙන ජීවත් වීම කොයි කාන්තාවටත් වැදගත්. මම මේ පවුලට ඉක්මන් සහනයක් පතමි.

:       1       49

Chathuri Monday, 19 August 2019 08:55 PM

ගත් මුදලට වැඩිය මෙතන එකතු වෙලා තිබෙන්නේ බැංකු පොළිය. ක්‍රෙඩිට් කාඩ් පොළිය ඒ වගේ දෙගුණයක් ඇති . ඒ රටේ පිළිගත් ආයතනයක වැඩ කරන කෙනකුට කියා මෙහි පොළිය අයින් කරගෙන ණය මුදල වාරික දෙකකින් ගෙවන බවට පොරොන්දු වෙන්න . ඔය කියන මුදල් ප්‍රමාණය එවිට අඩු වෙනවා . ලංකාවට එනවා කියන්නේ කබලෙන් ලිපට. ඒ ගැනත් හිතන්න .

:       0       15

සාගර Tuesday, 20 August 2019 12:20 AM

මිනිහට වැඩ කරන්න පුලුවන් නේ .

:       1       0

gona Tuesday, 20 August 2019 04:43 AM

අවබෝධයක් නැතිව වැඩ කරල. අසරණ පොඩි අය.

:       1       13

rihan Tuesday, 20 August 2019 05:03 AM

අපි කටත් මෙය හොඳ පාඩම්. තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉදුමුම තියන්ඩ ඕනේ.

:       1       15

PURAN APPU Wednesday, 21 August 2019 09:47 AM

ඒ ගැහැණු කෙනාගේ ආගම මොකක්ද දන්නේ නැහැ නේද? අර චමින්ද කියන විදිහට ජුම්මා පල්ලියෙන්වත් මොනවා හරි කරගන්න පුළුවන් නම් හොඳයි. අනාගතයේදී මුස්ලිම් බෞද්ධ ළමයින්ගෙන් රටම පිරිලා තියෙයි නේද?

:       530       3

LIya Friday, 23 August 2019 08:35 AM

තාම සිංහල මෝඩ ගෑණු මේ යක්කුන්ට අහු වෙනවනේ. ඒ අයට ඕනේ ඕකතමයි.. එ් නිසා පල්ලිය මේකට මැදිහත් වෙන්න. ඩුබායි වලින් අාපු කළු සල්ලි ගොඩක් තාම පල්ලි ඇතුලේ තියෙනවනේ. ඒවා කඩු ගාන්නද තියාගෙන ඉන්නේ...?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 445 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 281 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 167 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 143 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 253 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 446 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site