IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජල විදුලිය නිපදවීම සියයට 10 කින් පහළ බසී

(නිමල කොඩිතුවක්කු)

ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා  ජල විදුලිය නිෂ්පාදනය  10%  දක්වා තවදුරටත් පහළ බැස  ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ  මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා පැවසීය.

මේ හේතුවෙන් තාප විදුලි බලාගාර වලින් විදුලිය උත්පාදනය 85% ක් දක්වා වැඩිවී ඇති බැවින්  විදුලිය නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන පිරිවැය විශාල වශයෙන් වැඩි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජල විදුලිය ඒකකයක් සඳහා රුපියල් තුනකට අඩු වියදමක් දැරිමට සිදුවන අතර තාප විදුලිය ඒකකයක් සඳහා රුපියල් 25ත් 30ත් අතර මුදලක් වැය වන බවත් ජයවර්ධන මහතා කීය.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් අඛණ්ඩව විදුලිය සැපයිමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට්  47 කට ආසන්න වී තිබේ.

ඉන්  85% ක් පමණ තාප විදුලි බලාගාර මගින් ලබා ගැනෙන අතර තවත් 5% - 6% ත්  අතර ප‍්‍රමාණයක් සුළං සහ සූර්ය බලාගාර වලින් සපුරාගැනෙන බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල සමස්ත ජල මට්ටම  21.3% ක් දක්වා පහත බැස ඇති බවත් සඳහන් කළ ඒ මහතා වසර 30 කට පසු ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම මෙතරම් පහළ මට්ටමකට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කළේය.

ජල විදුලිය නිෂ්පාදනය කරන ප‍්‍රධාන ජලාශයන් වන කාසල්රී ජලාශයේ ජල මට්ටම 26% ක් ලෙසත්, මවුස්සකැලේ ජලාශයේ ජල මට්ටම  26.2% ක් ලෙසත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 33.9% ක් ලෙසත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 12.7% ක් ලෙසත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 28.9% ක් ලෙසත්, සමනලවැව ජලාශයේ ජල මට්ටම 16.1% ක් ලෙසත් පහත බැස ඇතැයි ඔහු සඳහන් කළේය.

පවතින වියළි කාළගුණ තත්වය අගෝස්තු මාසය වන තෙක් අඛණ්ඩව පැවතිය හොත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් පහත බැස දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ජල විදුලිය නිපදවීම සියයට 10 කින් පහළ බසී

amila Tuesday, 16 July 2019 10:45 AM

න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට කාලේ හරි.

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 69 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1567 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 480 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 554 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 419 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site