IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජල බෝතල ව්‍යාපාරයකට සිංහරාජය අසළ අක්කර 8 ක් එළිකරයි

(රෝහණ සමරවීර)

සිංහරාජ වැසි වනාන්තරයේ රක්වාන නැගෙනහිර කඳුවැටියේ මානික්කවත්ත, බෝටියතැන්න හඳපාන්ඇල්ල භුමියේ අක්කර අටක ප‍්‍රමාණයක් පෞද්ගලික ඉඩමක් බව පවසමින් ගිනි තබා, ගල් පෙරළා අනවසරයෙන් එළිපෙහෙළි කර ඇතැයිද, එහි පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිත බවද පරිසරවේදීහු පෙන්වාදෙති.
 
සිංහරාජයේ ජීවත්වන වන අලින් දෙදෙනා වසරේ වැඩි කාලයක් වාසය කරන සහ දෙල්වල වලන්කන්ද රක්‍ෂිතයටත් පන්විල දෙසටත් සංක‍්‍රමණය වීමේදි අලිමංකඩක් ලෙස භාවිතා කරන ප‍්‍රදේශයක් මෙලෙස විනාශ කරමින් ඇති බවට  පරිසරවේදීහු චෝදනා කරති.
 
වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු  ජයන්ත ජයසිංහ මහතා  මේ විනාශය සම්බන්ධව මෙසේ  අදහස් දැක්වීය. 
 
“අපි මෙම ප‍්‍රදේශය නිරීක්‍ෂණය කළා පමණක් නොව මේ ව්‍යාපෘතිය ආරම්භ කළ පුද්ගලයා සමග දුරකථනයෙන් සම්බන්ධ වුණා. එම තැනැත්තා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශ‍්‍රාමික කර්නල්වරයෙකු ලෙසට ඔහු විසින්ම හඳුන්වා දෙනු ලැබුවා. මෙවැනි ව්‍යපෘතියක් ඉදිකිරීම සඳහා හෝ හායනය සම්බන්ධයෙන් අවසර ගෙන නොමැති බව පැවැසුවා. 
 
මෙය සුවිශේෂී ජෛව විවිධත්වයක් තිබෙන ප‍්‍රදේශයක්. මෙය ජල පෝෂක ප‍්‍රදේශය පාංශු රක්‍ෂණ කලාපයක්ද වෙනවා. එවැනි ප‍්‍රදේශයක් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන ස්වභාවිකව පවත්නා ගස් ගල් ඉවත් කිරීමකට අවසරයක් ගෙන නොමැති බවත් හෙළිකර ගැනීමට හැකි වුණා. 
 
මෙම විනාශ කරන ප‍්‍රදේශය සිංහරාජ පරිවාර වනාන්තරයක් වන හඳපාන් ඇල්ලෙන් ආරම්භ වන ඉතා වටිනා දොළ මාර්ගයකට මායිම් වන අතර එය පෝෂණ කලාපයක්ද වෙනවා.

මෙම විනාශය පිළිබඳව පරිසර අමාත්‍යාංශය ප‍්‍රමුඛ වගකිව යුතු ආයතන ගණනාවකට අපි ලිඛිතව දැනුවත් කර තිබෙනවා.  සිංහරාජය ඇතුළු සංවේදී වනාන්තර පද්ධති දිගින් දිගටම මේ අයුරින් විනාශ කරමින් පවතිනවා. එවැනි පරිසර පද්ධති පරිසර සංවේදි කළාපයන් ලෙස නම් කිරීමට පියවර ගන්නා ලෙසත් එම පරිසර විනාශ කරන්නන්ට විරුද්ධව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන ලෙසටත්  දැනුවත් කළා.
 
ප‍්‍රදේශවාසීන් මෙම පරිසර විනාශයට තදින්ම විරුද්ධයි. නමුත් මෙම පුද්ගලයා තමන් යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙකු බව පවසමින් ප‍්‍රදේශවාසීන් අතර බියක් ජනිත කරමින් ඔවුන්ව යටපත් කිරීමේ උත්සහයක නිරත වෙනවා. ප‍්‍රදේශවාසීන් ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වීමට එම නිසා මැළිකමක් දක්වනවා. එම නිසා මෙය  බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු ගැටලුවක්.”
 
 “මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි සරත් චන්ද්‍රසිරි මහතා විසින් අපට මේ සම්බන්ධව දැනුම් දීමක් කර තිබෙනවා. ඔය කියන ස්ථානයේ බිම සකසා ඇති ජයවිලාල් ප‍්‍රනානාන්දු නැමැත්තාට එහි ඉදිකිරීම් නොකරන ලෙසට එහි සඳහන් එම ප‍්‍රදේශය අපි නිරීක්‍ෂණය කළා. මේ වනවිට එහි වැඩ නතරකර තිබෙනවා” යැයි රක්වාන පොලිසිය පැවසීය.



අදහස් (24)

ජල බෝතල ව්‍යාපාරයකට සිංහරාජය අසළ අක්කර 8 ක් එළිකරයි

Uditha - London Sunday, 21 July 2019 06:19 AM

ඔය ව්‍යාපාරේ කොරන්න වෙන ඉඩමක් ඇත්තෙම නැද්ද? අනේ අනික් වැව් ගංගා ටිකත් හිදිලා යාවි ඉතින්... සන්තෝසේ කියල නිමක් නැහැ.. තව තව ගස් ටික කපන්න

:       0       56

ලංකාපුත්‍රMonday, 22 July 2019 01:03 AM

පුත්තලමේ වැව් 550 ක් සිඳීයයි. ජලවිදුලිය නිපදවීම පහල බසී.පරිසර ඇමති රට විනාශ වෙද්දී ලොව සිරිවිඳී රටේ විශාල පිරිසක් බීමට වතුර පොදක් නැතිව දහදුක් විඳී. මේවා නොපෙනෙන මධ්‍යම පරිසර අධිකාරිය හෝ පරිසර අමාත්‍යාංශය මේ කරන්නේ ජාතියේ විනාශයයි. සමගි පෙරමුණ රජය කාලේ ගිංතොට හා කොස්ගම තුනීලෑලි කර්මාන්ත ශාලා ඇතිකලේ සිංහරාජය කපා රැකියා දීමටයි. මෙයත් එයට නොදෙවේනි වැඩකි. මෙම ක්‍රියාව කරන්නා හමුදාවේ සිටියෙකු නිසා වැඩට බාධා කලොත් හෝ අත්අඩංගුවට ගතහොත් මෙන්න රණවිරුවන් දඩයම් කරනවායැයි විපක්ෂය කෑ මොර දේවි. මෙයට වගකිවයුත්තන්ට රට ගැන අබමල් රේණුවක තරම්වත් හැඟීමක් ඇත්නම් මෙය වහාම නැවැත්විය යුතුමය

:       0       9

hutanMonday, 22 July 2019 05:11 AM

මුකුත් කියන්න එපා

:       0       0

රජින්ද Sunday, 21 July 2019 07:18 AM

අහෝ දෙවියනි.!! මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න තියෙන වාතය, ජලය මේ හැමදේම දේශපාලන මාෆියාව විසින් බරපතල ලෙස විකෘර්ති කරමින් මේ ගෙනයන වැඩපිළිවෙලට මිනිස්සු නිහඬ ඇයි මේ? මේ යන විදිහට ගියෝත්නම් මේ රට ඉතුරු වෙන එකක් නැහැ.. වහාම සියලුම සිවිල් සහ බෞද්ධ භික්ෂු සංවිධාන එකා වගේ එකතු වෙලා රටේ පරිසරය සුරා කෑමට තදින්ම විරුද්ධ විය යුතුයි. නැත්නම් මේ රට ඉවරෙටම ඉවරයි.

:       0       0

shan Sunday, 21 July 2019 07:23 AM

පරිසර ඇමති නිදිද නැත්නම් ලෝකේ වටේ සිරි නරඹන්න ගිහින්ද රටේ තියන සියලුම ගංගාවල වැලි ජාවාරම ඉහලින්ම සිදුවෙනවා වැසි වනාතර ගිනිතියනවා දේශපාලන කාලකන්නි වුන්ගේ හෙන්චියනට වැසි වනාන්තරවල ඉඩම් දෙනවා උන් ඒවා එළිකරමින් ජල පෝෂක විනාශ කරනවා මේකා රටවටේ ඉන්න ජනතාවට බොරු බේගල් කියමින් සුර සැප විදිනවා.

:       0       292

liyanage Sunday, 21 July 2019 01:42 PM

ජල බෝතල ව්‍යාපාරයකට සිංහරාජය අසළ අක්කර 8 ක් එළිකරයි, කිසිසේත්ම නොවිය යුතු ක්‍රියාවක්

:       0       35

ජනිත් Sunday, 21 July 2019 07:35 AM

වැඩ නතර නොකරන්න නෙමෙයි........ අත්අඩංගුවට අරගෙන නීතියෙන් දඩුවම් දෙන්න ඕන මේ අපරාධකාරයට

:       0       157

සෙනෙවිරත්න Sunday, 21 July 2019 07:47 AM

ආ ආ රණවිරුවෙක් , අත්ඇරලදාන්න .

:       28       159

ලුම්බිණි Sunday, 21 July 2019 09:01 AM

පරිසර ඇමතිතුමාව කවුරු හරි අවදි කරන්නකෝ. එතුමාට නින්ද ගිහින් ඇති.

:       0       48

kule Sunday, 21 July 2019 09:09 AM

ලංකාවේ බීමට සුදුසු වතුර තියෙන්නේ සිංහරාජ අඩවියේ විතරද වගකිව යුත්තන්ට කුට්ටිය ලැබිල ද නිශ්ශබ් ද

:       0       72

ravi Sunday, 21 July 2019 09:10 AM

මොකාක් හරි සුරංගනා කතාවක් කියමින් " කැලැ කැපීම නම් " සාර්ථකව කරගෙන යනවා ..!

:       0       57

SL Sunday, 21 July 2019 09:47 AM

"මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි "- හරියට හිටියා නම් මේ රටේ මේ තරම් පරිසර හානියක් වෙනවද.පාගා අරගෙන කැපුවා , ගෙවල් හදපුවා කව්ද හරි දාල යන්න වෙනවා.හයි පින් පවු .අපි බොන වතුර ටිකටත් විස එක්කරන්න දීපු මුන්ට කවද හරි ඕවට ගෙවන්න වෙනවා .

:       0       94

thilak Sunday, 21 July 2019 09:49 AM

ඔය කියන විදියට ලංකාවේ කිසිම තැනක අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කල නොහැක. එක්කෝ පුරාවිද්‍යාව එහෙම නැත්නම් වනාන්තර එලි කරනවා යයි කියයි. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ.

:       608       311

NuwanSunday, 21 July 2019 10:30 AM

වැස්සකටවත් පාසල් නොගිය වන සතෙක් වෙන්න ඕන ඔබ. නැවත 1 වසරෙන් පටන් ගන්න අකුරු පුළුවන් නම් අන්තර්ජාලය හරහා වත් බලන්න වැසි වනාන්තර වල සහ පුරාවිද්‍යාත්මක භූමි වල වටිනාකම අඩු ගානේ වෙන රටක මේවා කරන විදියවත් බලන්න

:       68       293

Chanak los angelesMonday, 22 July 2019 04:40 AM

ඒ ඔබගේ බුද්ධි මට්ටම අනුව තීරණය කරන හැටියි. ව්‍යාපාරයක් ආරම්භ කල හැකියි නමුත් ඊට නීති මාලාවක් තිබෙනවා ඔබ එය කියවා බලන්න එතකොට මෙවැනි අදහසක් ඔබට ලියවෙන එකක් නැහැ .

:       0       0

Nimal Sunday, 21 July 2019 09:55 AM

අපි කොච්චර ගෑ ගැහුවත් වැඩක් නෑ. කුට්ටිය හම්බවෙනවා නම් අපේ දේශපාලනාඥයන් තමන්ගෙම දරුව වුණත් විකුණයි. ඒ තරම් මට නම අප්පිරියායි

:       0       54

ජයන්ත මිලානෝ Sunday, 21 July 2019 10:02 AM

මම හිතන විදිහට ජනාධිපතිතුමා මේ ගැන දන්නෙ නැ .දන්නවා නම් යාන්ත්‍රික කියත් තහනම් කලා වගෙ බැකො යන්ත්‍ර තහනම් කරන්න ඉඩතියෙනවා.

:       199       62

Chanak los angelesSunday, 21 July 2019 06:46 PM

අනේ නැහැ ..

:       0       0

hutanMonday, 22 July 2019 05:09 AM

දැන් ඒකත් කරයි

:       0       0

ralahaami Monday, 22 July 2019 02:56 AM

රටේ පරිසර ඇමති ඒ කියන්නේ ජනාධිපති තුමනි, අවම වශයෙන් එදිනෙදා පුවත් පත් පාන්දර නැගිටලා කියවන්නවත් ඔබතුමා පුරුදු විය යුතුයි.පරිසරය අරක්ෂකරන්න ඔබට බැරිනම් කරුණා කර ඒ අමාත්යංශය වෙන කාටහරි දෙන්න.

:       0       0

දිලුම් Monday, 22 July 2019 04:07 AM

මේ රට මොන විදියේ තිරිසනුන් සිටින රටක් දැයි මටනම් සිතා ගැනීමට නොහැකියි. සිංහරාජෙ ජලපෝෂක විනාශ කරලා රටේ වතුර නැති කරල හදන්නේ බෝතල් කරන වතුර මේ රටේ මිනිසුන්ට පොවන්න වෙන්න ඇති. මේ රටෙ සාක්ෂරතාවය 98%ක් කීවාට හැමතැනින්ම ඇහෙන්නේ ජරා වැඩ. අද බොහෝ රටවල් ගහකට අතවත් තියන්නේ නෑ කාලගුණික විපර්යාසයන්ට බයේ. අපේ රටේ අය ඒකටත් එක්ක කිසිම ගානක් නෑ. අනික තව දෙයක් මේ රටේ දේශපාලකයො වගේම සේවයේ ඉන්න ඉහළ නිලධාරිනුත් මේ වගේ විනාශයන්ට 50% ක් වග කියන්න ඕන. ඒ අයත් කාටවත් බය නැතිව නීතිය හරියට කොන්ද කෙලින් තියාගෙන ක්‍රියාත්මක කළානම් මේ රට මේ තරම් දූෂිත වෙන්නේ නෑ. අර ඇමතිට මේ ඇමතිට අර විශ්‍රාමික ලොක්කට මේ ලොක්කට කිය කිය දෙකට නැමීගෙන නීතිය අවනීතිය කරන අය නිලධාරිනුත් මේ විනාශයේ කොටස්කරුවන්. ආයතන සංග්‍රහය මේ රටේ එකි නොකි චක්‍රලේඛන අණ පනත් විධාන තියෙද්දි ඇයි ඒ අයට බැරි ඒව ඉස්සරහට දාලා මේ වගේ වැඩ නතර කරන්න නියෝග දෙන්න. වෙනදෙයක් වෙද්දෙන් කියල තමන්ගෙ තනතුර හා උසස්වීම් රැකගෙන අනිත් පැත්ත හැරිලා ඔහේ නිදාගන්නවා. මේ රට දවසක කොහන් නවතීද හිතා ගන්න බෑ.

:       0       0

sharm warn Monday, 22 July 2019 04:19 AM

පොඩි මිනිහෙක් උදලු මිටක් කපා ගන්න ගියොත් කුදලාගෙන ගිහින් හිරේ දාන වන ජීවී නිලධාරින් ඉන්න රටක අක්කර 8ක් පානීය ජාල ව්‍යාපෘතියකට ඒකත් රක්ෂිතයෙන්.

:       0       0

upul Monday, 22 July 2019 04:59 AM

මේ කර්නල් මාර ගොනෙක්නේ... බිත්තර ගන්න කිකිළි මරණවා වගේ වැඩක් මේක

:       0       0

de silva berlin Monday, 22 July 2019 08:12 AM

පරිසර ඇමතිකම් , ආරක්ෂක ඇමතිකම් , ජනාධිපතිකම් ඔක්කොම බදාගෙන එකක් වත් හරියට කරන්නේ නැහැ , කියව කියව ලෝකේ වටේ කරක් ගහනවා , අරහේ ත්‍රස්තවාදියෝ බෝම්බ ගහල මිනිස්සු තොග පිටින් මරනවා , මෙහේ බැකෝ දමාගෙන වනාතර විනාශ කරනවා . මොකක්ද මේ විකාරේ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 43 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 308 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1054 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 565 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 87 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1585 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site