(අජන්ත කුමාර අගලකඩ)
ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.
මේ සඳහා ඇමැතිවරයා විසින් අද (22) පැවැති කැබිනට් රැස්වීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජල ගාස්තු වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් තම ඇමැතිධූරය වෙනත් අයෙකුට බාර දෙන්නැයි ඇමැති හකීම් මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තාවේ.
ඇමැති හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුව ජල ගාස්තුව සියයට 65කින් පමණ වැඩි වන අතර ඇතැම් කොට්ඨාස සඳහා සියයට සියයකින් පමණ වැඩිවනු ඇතැයි පැවැසේ.
සමෘද්ධි ලාභීන්ගේ ජල ගාස්තුව වැඩි නොකෙරෙන බවද දැනගන්නට ඇත.ජල ගාස්තුව වැඩි කිරීමේ හකිම් ඇමැතිවරයාගේ යෝජනාවට ඇමැති රිෂාඩ් බදුයුදීන් හා ඇමැති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරු දැඩි විරෝධය පළකර ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී අදහස් දක්වා ඇති රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයා ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන්නේ හකීම් ඇමැතිවරයා 800 දෙනෙකු පමණ ජල සම්පාදන මණ්ඩලයේ රැකියාවලට බඳවාගෙන වැටුප් ගෙවීම නිසා බවට චෝදනා කර ඇත.
ඊට පිළිතුරු දී ඇති ඇමැති හකීම් මහතා ජල ගාස්තුව 2010 සිට වැඩි කර නැති නිසා මණ්ඩලය පාඩු ලබන බව පවසා ඇත.
මේ අතර ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විරෝධය පළකර ඇති ඇමැති සරත් අමුණුගම මහතා ජීවන වියදම වැඩි වී තිබෙන අවස්ථාවක ජල ගාස්තුද ඉහළ දැමුවහොත් ජීවන වියදම තවදුරටත් ඉහළ යන බව පවසා ඇත.
ඒ සඳහා මේ මොහොතේ ජල ගාස්තු වැඩි කිරීමට එකඟවිය නොහැකි බව ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් ජල සම්පාදන මණ්ඩලයේ කළමනාකරණ කටයුතු හා ජලය ලබාදීමේ කටයුතු ද විනිවිදභාවයෙන් සිදුවිය යුතු බව පවසා ඇත.
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජල ගාස්තු වැඩි කරන්න ඇමැති හකීම් අනුමැතිය ඉල්ලයි
OMG Wednesday, 24 October 2018 04:23 AM
මම බැලුවේ මොකද පරක්කු කියලා....
Ranga Wednesday, 24 October 2018 05:26 AM
තව සූත්‍රයක් එයි වගේ. ජනතාව කබලෙන් ලිපට. ඔය මණ්ඩලවල නිසි කලමණාකරනයක් නැතිකම තමයි මූලික හේතුව.
isurandi Wednesday, 24 October 2018 11:18 AM
තව ටික කාලයක් යද්දී හුස්ම ගන්න එකටත් බදු අයකරගනිවී.
OMG Wednesday, 24 October 2018 12:47 PM
මම එත් බැලුවා මොකද පරක්කු කියලා.