(විනීතා එම් ගමගේ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර වෙනුවෙන් සංවිධානය කරන මානව පුස්තකාලය මේ මස 27 වැනිදා දවස පුරා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
විවිධ අත්දැකීම් බහුල විද්වත්හු ඊට සම්බන්ධ වෙති. එකී මානව කෘති විසින් තම තමන්ගේ අත්දැකීම් හා දැනුම පාඨකයන් වෙත බෙදා දෙනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව කෘති ලෙස විවිධ විෂයන් තුළ විද්වතුන්ට ආරාධනා කර ඇතැයි එම විශ්ව විද්‍යාලය කියයි.
ගල්කිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියන් එදින පෙරවරු 9 සිට 10 දක්වා හමුවිය හැකිය.
එදින පෙරවරු 10 සිට 12 දක්වා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මෙන්ම රංගන ශිල්පියකු ද වන ආචාර්ය සෞම්‍ය ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ අංශ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය මුදිත විදානපතිරණ, පරිසරවේදී මතුගම සෙනෙවිරුවන්, රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වෙති.
වත්මන් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තෝ මධ්‍යහ්න 12 සිට පස්වරු 2 දක්වා සහභාගි වෙයි.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, ජනකලා ශිල්පි සහන් රන්වල, සංගීතවේදිනි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ඉන්දිකා උපමාලි, පරිසරවේදී තිලක් කන්දේගම සහ ගීත රචක හා නිවේදක වසන්ත දුග්ගන්නාරාල යන මහත්ම මහත්මීහු එදින පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සහභාගි වෙති.
මෙම මානව කෘති හා එක්ව ඔවුන්ගේ දැනුම බෙදා හදා ගැනීමට පුස්තකාලය ඔබට ද ආරාධනා කරයි. වැඩි විස්තර 011 2758 531 දුරකතනයෙන් හෝ [email protected] වෙබ් අඩවිය මගින් ලබා ගත හැක.
ඒ සඳහා සහභාගි වන්නට පැමිණිම තහවුරු කිරීම අත්‍යවශය බැවින් මේ මස 25 වැනිදාට පෙර විමසන්නැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉල්ලා සිටියි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව පුස්තකාලයක්