IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජයත්මා වික්‍රමනායක ලොව බලවත් වේ යැයි අනාවැකි කියන නායකයින් 100 අතරට

( තිළිණි ද සිල්වා )

ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ  කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේවන විට කටයුතු කරන ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමඟ සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඉටුකළ මහත් කාර්ය භාර්යය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තේරී පත් වී ඇත.

ජයත්මා වික්‍රමනායක අමතරව ලොව පුරා වෙසෙන කලාවේදීන්, තරුණ නීතීඥයින් , නායකයින් , ප්‍රසිද්ධ චරිත , ව්‍යවසායකයින් ආදී ක්ෂේත්‍ර නියෝජන වන පරිදි තරුණ තරුණියන් අනාගතයේ ලොව බලවත් වේ යැයි  ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

මෙම සියදෙනාගේ ලැයිස්තුව තුළ ඇය තරුණ ව්‍යවසායක ලෙසින් ලැයිස්තුගත වී ඇත.

බෙන්තොට හබුරුගල ප්‍රදේශයේදී 1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක සිය පාසල් අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමි කර ගත්තාය.

2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක පත් කරනු ලැබීය.

වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව සදහන් කරමින් ඇයට එම පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර නිවේදනය කර තිබුණි.ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය එම නිවේදනයේ සදහන් කර තිබිණි.

තමන් ලැබූ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් තබමින් ජයත්මා වික්‍රමනායක මෙසේ පැවසුවාය

‘‘බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා , විසාකා එකට ගිහින් ,  කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන , 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා ,  2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධූතවරියක් විදිහට වැඩ කරන්න, ලෝකේ අනාගතයේ බලවත් වේ යැයි TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින් යැයි ඇය සදහන් කර තිබිණි.

 

 

 

 

 

 



අදහස් (30)

ජයත්මා වික්‍රමනායක ලොව බලවත් වේ යැයි අනාවැකි කියන නායකයින් 100 අතරට

damayanthi peiris Thursday, 14 November 2019 08:07 AM

උණුසුම් සුබපැතුම්.!

:       0       511

Dr. Vajira FernandoThursday, 14 November 2019 09:18 AM

නිදහස් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දුන් ඔබ සැබැවින්ම අගය කළ යුතු ලාංකික දියණියක්.

:       5       554

d.upulThursday, 14 November 2019 02:01 PM

ඔය කව්රු බලවත් වුණත් අනේ ඉතින් ලංකාවේ ගම්වල තරුණ දරුවෝ හැමදාම අනාතයි...

:       35       48

PradeepThursday, 14 November 2019 04:19 PM

මෙයත් මේ ලංකාවේ ගමක දරුවෙක් නේද? උනන්දුව, උවමනාව තියනවනම් ජිවිතේ ජයගන්න බැරි නෑ. හැමදේම දෙපා මුලට එනතුරු නොසිට අවස්ථාවන් හොයාගෙන යන්න ඕන..

:       0       316

mohan Thursday, 14 November 2019 08:16 AM

ආඩම්බරයි ලක් නැගණියනි ඔබ ගැන. අනිවාර්යයෙන්ම ඔබට මුළු ලෝකෙන්ම බලවත් වෙන්න වාසනාව ලැබේවා කියලා සුබ පතනවා.

:       3       225

sd Thursday, 14 November 2019 08:42 AM

මුල මතක තිබෙන ඔබට අපගේ ආචාරය

:       1       215

Wasantha - Dubai Thursday, 14 November 2019 08:44 AM

ෆේස් බුක් එකේ සටහන හරිම නිහතමානී. ඔබල වගේ අය රටේ පාලනයට එනකන් මිනිස්සු බලන් ඉන්නවා. සුබ අනාගතයක්.

:       75       257

සෞදි-සිංහ Thursday, 14 November 2019 09:07 AM

ශිෂ්‍යත්වය නොතිබුනානම් විශාකා එක ලඟින්වත් යන්න ලැබේද ?

:       5       123

upaliFriday, 15 November 2019 05:58 AM

ශිෂ්‍යත්වය ලැබුනේ දක්ෂතාවය නිසා නෙවේද?

:       0       3

janatha anura Thursday, 14 November 2019 09:08 AM

ෆේස් බුක් එකේ සටහන හරිම නිහතමානී. ඔබලා වගේ අය රටේ පාලනයට එනකන් ජනතාව බලන් ඉන්නවා දුවේ. ඔබට බුදු සරණයි!

:       2       156

sampath Thursday, 14 November 2019 09:16 AM

කොහේ හිටියත් කමක් නැහැ ලංකාවටනම් එන්න එපා ඔබට සුබ පැතුම්.!

:       255       160

Shantha Wickramaarachchi Thursday, 14 November 2019 09:19 AM

සුබපැතුම් දියණිය ! ආඩම්බරයි ඔබ ගැන.

:       0       53

Lakmal Thursday, 14 November 2019 09:20 AM

සුභ පැතුම් !

:       0       36

samantha Thursday, 14 November 2019 09:23 AM

ඔබට සුබපැතුම්.!

:       1       47

kapia Thursday, 14 November 2019 09:23 AM

එක්සත් ජාතික පක්ෂයෙන් බෙන්තොට ආසන සංවිදායක වෙලා ගීතාට අබියෝග කරන්න එන්න.

:       889       1185

Voter Thursday, 14 November 2019 09:45 AM

මගේ සුබ පැතුම්!

:       1       40

Ruwan Thursday, 14 November 2019 09:53 AM

නංගි දේශපාලනයටනම් එන්න එපා.

:       1       104

seneviratne Thursday, 14 November 2019 09:53 AM

ගීතා කවුද ගණන් ගන්නේ ? එයාට අභියෝග කරන්න මෙතරම් උගත් දක්ෂ කාන්තාවක් මොකටද?

:       29       179

Anura Thursday, 14 November 2019 10:07 AM

බෙන්තර ගගෙන් එහාපැත්තෙන් ඔබට ඉතාමත් උණුසුම් සුබපැතුම්! මා ඉතාමත්ම ආඩම්බර වෙමි. ඡයවේවා!

:       64       19

විජිත් Thursday, 14 November 2019 10:18 AM

සුබ පැතුම්. ඔබගැන ආඩම්බරයි...!!!

:       1       31

Sanka Chandima Abayawardena Thursday, 14 November 2019 10:55 AM

මුල මතක තිබෙන ඔබට අපගේ ආචාරය'

:       1       40

Chaminda Thursday, 14 November 2019 10:58 AM

සුබ පැතුම්. ඔබ ගැන ආඩම්බරයි...!!! අපේ රට ගොඩදාන්නත් උදව් වෙන්න.

:       1       22

Chandika Hemachandra Thursday, 14 November 2019 11:24 AM

අහන්නත් ආසයි වැන්නවුන් ගැන. ආඩම්බරයි සහෝදරිය.

:       0       33

මෝ Thursday, 14 November 2019 12:59 PM

හරිම සතුටුයි දුවේ. අන්තිම වැකියෙන් රටේ බදු ගෙවන ජනතාවට පින් දුන්න කතාවට ඇස් වලට කදුලු ආවා. අන්න ඒ මිනිස්සුන්ට පෙරලා යමක් කරන්න දුවේ. ඔබට පින්

:       1       40

T.M.sena Thursday, 14 November 2019 02:59 PM

ඔබට තෙරුවන් සරණයි.

:       1       10

ශිරාණි රාජපක්ෂ Friday, 15 November 2019 03:58 AM

අති විශිෂ්ඨයි සහෝදරිය.

:       0       1

Pushpa Kumara Vithanage Friday, 15 November 2019 04:31 AM

නිදහස් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වාදුන් ඔබට මගේ උණුසුම් සුබපැතුම්! සුබ අනාගතයක්...

:       0       2

gama Friday, 15 November 2019 04:36 AM

සෞදිසිංහ නම් සැබෑම ගොබ්බයෙක්... කොහේ ගියත් යන එක කාගෙන යනවා.

:       0       0

Arukatti Friday, 15 November 2019 05:23 AM

සුභ පැතුම් !

:       0       0

Nimal ... Saturday, 16 November 2019 03:18 PM

හොඳ වැඩ කරලා ලෝකේ බලවතෙක් උනාට ලංකාවේ බලවතෙක් වෙන්න නම් හොඳ වැඩ කරලා බෑ නෝනේ. කොහොම උනත් ඔබතුමියට උණුසුම් සුබ පැතුම් !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2076 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1075 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 837 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 383 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 670 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 596 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site