IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානයේ සබඳතා ගිලිහී යයි

සඳ මතට ගොඩබැස්සවීමට මොහොතකට පෙර චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය සමග තිබූ සබඳතා ගිලිහී ගිය බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.

සඳෙහි කක්ෂගතවී තිබූ යානය අද (07) එහි දකුණු ධ්‍රැවයට ගොඩබැස්වීමට නියමිතව තිබිණි.

චන්ද්‍රයාන් 2 යානයේ නැවතුම් දැරුම පාලිත තත්ත්ව යටතේ සඳ මතට පහත් කිරිමට සැලසුම් කර තිබූ බවත් සියල්ල සාමාන්‍ය ආකාරයට සිදුවූ නමුත් කිලෝමීටර් 2.1ක උසකදී සබඳතා ගිලිහී ගිය බවත් පර්යේෂකයෝ සඳහන් කරති.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සභාපති කේ. සිවාන් මහතා පවසන්නේ දත්ත විෂ්ලේෂණය කරමින් පවතින බවයි.

පර්යේෂණ ආයතනයේ බෙන්ගලාරු මෙහෙයුම් මධ්‍යස්ථානයේ මැදිරියේ විද්‍යාඥයින් ගල්ගැසී නිසොල්මන් වුණු බවත් එය ඉකා දුක්මුසු අවස්ථාවක් වූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

ජීවිතයේ ගොඩනැගීම් සහ බිඳවැටීම් සාමාන්‍යයෙන් සිදුවුවද ලබාගත් ජයග්‍රහණය සුළුකොට නොතැකිය යුතු බව ආයතනය වෙත පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ.

කෙසේවුවද රෝවරය සඳමත පතිත වීමේදී බලාපොරොත්තු වූ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කර විනාශ වන්නට ඇතැයි සැකකරන බව ද අගමැතිවරයා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ "අපගේ ආත්ම විශ්වාසය බිඳවැටී නැහැ. ඉදිරිය සුබදායකයි" යනුවෙනි.



(බීබීසී ඇසුරිණි- 085)



අදහස් (28)

චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානයේ සබඳතා ගිලිහී යයි

malaka Saturday, 07 September 2019 08:44 AM

නොදන්නා වැඩ නොකර ඉන්න ඕනේ. රටේ භාගයකට ටොයිලට් නැහැ.. හඳට යන්න හදනවා.

:       1217       855

ruwanSaturday, 07 September 2019 09:17 AM

නොදන්නා වැඩ කරන කම් දන්නේ නැහැ. කරලා බලන්න ඕනේ...

:       1       315

malakaSaturday, 07 September 2019 11:28 AM

එහෙමද හා ඔයා බැලුවද?

:       281       4

wishwaSaturday, 07 September 2019 11:17 AM

මාලක, හැම දෙයක්ම දන්නවා වගේ කට මැත දොඩවන්නේ නැතිව ඉන්නවා.

:       4       201

SINDICATESaturday, 07 September 2019 11:20 AM

වෛරයෙන් වෛරය නොසන්සිඳෙයි. අවෛරයෙන්ම සංසිඳෙයි.

:       1       27

චමින්දSaturday, 07 September 2019 01:54 PM

හැමදාම දන්නේ නැහැ කියා කියා හිටියම හරියනවද මාලක? වැරදීමක් නැත්නම් හරියාමක් නැහැ. සිරි ලංකාවේ අය නම් නොදන්නා දේ නොකර රජයේ සහනාධාර වලින් යැපෙමින් සිටින නිසා තමා නිදහස ලබා අවුරුදු 72ක් ගතවීත් ලෝකයට ණයවෙවී දුප්පත්ව සිටින්නේ... මෙරට පාලකයෝත් දන්නේ ණය ගැනීමට පමණයි. දැන් ඒකත් වැරදිලා කියලා හිතෙනවා.

:       1       265

DharmasiriSaturday, 07 September 2019 02:18 PM

වැසිකිලි නැති අයටත් ඒක කරගන්න හරි රටක් තියෙනවා.‍ අපේ උන් රටේ ඉඩමුත් කුණු කොල්ලෙට පිටරට උන්ට විකුණන්න පිඹුරු පත් හදනවා. මෝදි ඇමරිකාව හලලා රුසියාව එක්ක නැගෙනහිර ආර්ථික සංසදයේදී රටට හිතකර වෙළඳ ගිවිසුම් 25ක් ඇති කරගෙන. එ්කට අපේ උන් මොනවද රටට කරලා තියෙන්නේ. මාලක වගේ හීන ලෝකවල ඉන්න අය හිතන් ඉන්නේ මෙහෙ ඔක්කොම හරි කියලා.

:       3       86

කමනිSaturday, 07 September 2019 03:36 PM

නිකම් කට තිබුණු පලියට කතා කරන්න එපා. අපිත් එක්කම නිදහස ගත්ත ඒ රට අද වෙනකොට ඉන්න තැනත්, අපි ඉන්න තැනත් හිතලා බලන්න ඔබට මොලයක් නැහැනේ... වැසිකිලි ගැන කතා කරන්න නම් ඔබ හරි දක්ෂයි. නමුත් ලංකාවේ දකුණු පළාතේ ගම්වල වැසිකිලි ලක්ෂ 4කට වැඩිය හිඟයක් තිබෙන බව ගිය වසරේදී ප්‍රකාශයට පත්වුණා. හඳට විතරක් නොවෙයි ඉන්දියාවෙන් සෙනසුරු වළල්ලේ ස්ථානයකට යානාවක් යැව්වා දැනට අවුරුදු 3කට කලින්. ඒ දත්ත අමෙරිකාවත් ඉන්දියාවෙන් ඉල්ලා ගත්තා. ඔබ සමාජයේ හොඳින් ජීවත්වන්නට අවශ්‍ය නම් " අගය කිරීම " මුල ඉඳලාම ඉගෙන ගත යුතු වෙනවා. ඔබ පාසල් ගියේ කීයේ පන්තියටද.? ඔබ ද්විතීක අධ්‍යාපනයක් ලැබූ බවක් නම් පෙනෙන්න නැහැ.

:       0       56

lasanthaSunday, 08 September 2019 04:06 AM

හරකෙක් වුණාට කමක් නැහැ. උම්බෑ කියන්න එපා කියල පැරැන්නන් කියලා තියෙන්නේ මාලකලා වගේ කට්ටියට වෙන්න ඇති...

:       0       5

de Saturday, 07 September 2019 12:44 PM

වැසිකිළි වලින් රටක් මනින්න තරම් අපි නොදියුණු ජාතියක් බවට පත්වීම කණගාටුවට කරුණක්... ලංකාවේ ඇති තරම් වැසිකිලි තියනවා. නමුත් අපිට කන්න සහල් ටික, බෙහෙත් ටික, වාහන, ඇඳුම්, පලතුරු, වෙසක් කූඩු ,රූපවාහිනී, පරිගණක එකී නොකී සියල්ල ආනයනය කරනවා. (බලන්න අපි කොච්චර දියුණු රටක් කියලද මිනිස්සු හිතන් ඉන්නේ?).

:       4       348

pandithaya Saturday, 07 September 2019 01:00 PM

ඉන්දියානුවන්ගේ මේ ව්‍යාපෘතිය ලෝකයේ එවැනි ව්‍යාපෘතිවලින් අඩුම වියදමකින් කළ එකයි, නාසාහි ඉහළ විද්‍යාඥයින් පවා මෙවන් ව්‍යාපෘති අගය කළා.

:       4       206

රජින්දSaturday, 07 September 2019 09:31 PM

ඒ වගේ අඩු වියදම් ව්‍යාපෘතිවල ඇති ගුණාත්මක භාවයේ හිඩැස මෙවැනි තාක්ෂණික දෝෂ වලට හේතු වන්නටද පුළුවන්...

:       112       1

Nuwan Saturday, 07 September 2019 02:06 PM

ඉන්දියානු ටාටා, ලේලන්ඩ් බජාජ්, මහේන්ද්‍ර, මරුටි සුසුකි, පරිප්පු, බෙහෙත්, රෙදි පිලි, නාට්‍ය, සිනමා, මොබයිල් ෆෝන් මෙකීනොකී සියලු ඉන්දියානු නිෂ්පාදන වලින් යැපෙන තමන්ගේ කියලා දම්වැල් නොපනින බයිසිකලයක් වත් හදලා ලෝකෙට නොවිකුණන අඳබාලා මිනිස්සු ලෝක ප්‍රජාවටම සේවයක් ලබාගන්න තිබුණු මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් අසල්වැසි රටක් කරලා දෝෂයක් වුණාම සතුටු වෙනවා කුහකකම කුහකකම.., නුඹලාට තව කොච්චර කලක් ගියත් කිසි දියුණුවක් නැත. (ජාත්‍යන්තරයේ දස්කම් පෑ ලාංකිකයන්ට අදාළ නොවේ)

:       1       535

Chanak los angelesSaturday, 07 September 2019 07:59 PM

නුවන් ඔබ ඔය කියන නිෂ්පාදන භාණ්ඩ ජනතාවට ප්‍රයෝජන වන ඒවා . නමුත් හඳට ගියා කියලා ජනතාවට අත්වෙන සහනය කුමක්ද ? එහෙම ප්‍රයෝජනයක් ගන්න තිබුනානම් ඇමරිකාව සඳ ගමනය අත්හැර දමන්නේ නැහැ ..අද මුළු ලොවම දරිද්‍රතාවයෙන් පෙළෙනවා මේ පුච්චන්නේ එම දරිද්‍රතාවය දශමයකින් හෝ අඩුකර ගතහැකි සල්ලිය.

:       116       0

AsankaSunday, 08 September 2019 07:15 AM

නුවන් සුපිරි කියමන... තදේටම කියලා තියනවා.

:       0       75

Amare Saturday, 07 September 2019 02:10 PM

උන් හඳට යන එක වැරදුණාට හිනාවෙන එවුන් පොල් ගහකට යන්නවත් එකෙක් නැති ජාතියක්.

:       2       428

කැප්Saturday, 07 September 2019 04:06 PM

අමරේ, පොල් ගහක් උසට අහස් ගුණ්ඩුවක් යවාගන්න බැරි එවුන් ඉන්දියාවේ අභ්‍යාවකාශ යානාවේ වැරදි ගැන හිනාවෙනවා. කුජීත ජාතියක්...!!!

:       0       64

sandy123 Saturday, 07 September 2019 03:20 PM

මාලක ඔයා මාර ප්‍රසිද්ධයිනේ... ඔබගේ වැරදි අදහසට යවා ඇති පිළිතුරු අදහස් වලින් ඔබගේ වැරදි වැටහීම් සහ වරදට සිනාසෙන ගතිය අවමවේවා...!!!

:       0       57

Nihal Saturday, 07 September 2019 03:45 PM

ඉන්දියාව අපට වඩා ඉදිරියෙන්... කුහක නොවී අප පරාජිත බව පිළිගනිමු. මුල්ම අදහස් දැක්වූ කෙනා මුහුණ පෙනෙන තැනක නම් කිසිවිටෙකත් එම තත්ත්වය අදහසක් ඉදිරිපත් කරන්නේ නැත..

:       0       0

Chanak los angeles Saturday, 07 September 2019 07:50 PM

ඉන්දියාව දරිද්‍රතාවයේ පතුලේ ගිලිලා සමහර ප්‍රාන්තවල දුප්පත් මිනිසුන් බොන්න වතුර හොයාගෙන සැතපුම් ගණන් ගාටනවා. මේවාට විසඳුම් හොයන්නේ නැතිව කෝටි ගණන් මුදල් කාබාසිනියා කරමින් ලෝකෙට පෙන්වන්න කිසිම ප්‍රයෝජනයක් නැති වැඩකරනවා. හඳට ගියා කියලා තිබෙන ප්‍රයෝජනයක් නැහැ. ඒ බව ඇමරිකාවම පිළිගත්තා. මම එක්වරක් නාසා ආයතනයට ලිපියක් ඇරියා.. ඔබලා ඔය සඳට යවන්න කළ ව්‍යායාමය අඩුතරමින් ජනතාවට මුහුදු පතුල නැරඹීමට කැපකළා නම් ලෝකයටම එය ප්‍රයෝජන එකක් වෙනවා කියා. ඔවුන් එයට ස්තුතිය පළකර පිළිතුරු එවා තිබෙනවා...

:       2       1

kamal Sunday, 08 September 2019 03:28 AM

මේ නාස්ති කරපු මුදලින් මැලේරියාවට, කොලරාවට වගේ ඉන්දියාවටත් තුන්වැනි ලෝකේ අනිකුත් රට වලටත් බලපාන බොහෝමයක් ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න තිබුණා. නමුත් පුහු ජයග්‍රහණ පස්සේ යාමේ අභිලාෂය නිසා සහ ලොකුරට රටවලට තමන්ගේ ගෙම්බර් පෙන්නීම මේ ව්‍යාපාරේ එකම අරමුණ බව පැහැදිලියි. (නැතිනම් හඳෙන් හාල් ගෙනාවා වගේ ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කරන්න කළාද දන්නෙත් නැහැ.)

:       6       1

Uditha - London Sunday, 08 September 2019 04:20 AM

අසියාකාර රටක් විදිහට අපි හුඟක් සන්තෝස වෙන්න ඕනෑ... අසල්වැසි රටක් විදිහට ඉන්දියානුවන් මේ කරපු දේ ගැන.. අපේ අසල්වැසි රට විදිහට ඉන්දියාව දරපු මේ ප්‍රයත්නය අභිබවා තවතවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා මම ලාංකිකයෙක් විදිහට සුබ පතනවා...!!!

:       0       6

sandy123 Sunday, 08 September 2019 06:08 AM

මාලක ඔයා මාර ප්‍රසිද්ධයිනේ... ඔබගේ වැරදි අදහසට යවා ඇති පිළිතුරු අදහස්වලින් ඔබගේ වැරදි වැටහීම් සහ වරදට සිනාසෙන ගතිය අවම වේවා...!!!

:       0       3

nimal Sunday, 08 September 2019 08:50 AM

ඉන්දියාව කියන්නේ ලෝකේ භයානකම දුම්රිය පද්ධතිය තියෙන රට මුළු ලෝකෙන්ම. ඔය යට කරපු මුදලින් ඉතාම සුළු කොටසක් වියදම් කරලා ලෝකේ තියෙන ආරක්ෂතම දුම්රිය පද්ධතිය තියෙන රට බවට පත්කර ගන්න තිබුණා නේද? නමුත් ලෝකෙට පරකාසේ, අපේ කොට්ටාසේ රටවල් වලට තියෙන හොඳ කරන්න බැරි ලෙඩක්...

:       9       20

isurandi Sunday, 08 September 2019 08:50 AM

ඒ මිනිස්සු ලෝකය දිනන්න වෙරදරනවා. මොන ප්‍රශ්න තිබ්බත්. අපේ එවුන් පිල්වලට බෙදිලා රට වලපල්ලට ගෙනියන්න දඟලනවා. කක්කුස්සි නැති වුණාට ඒ මිනිස්සු ලෝකේ හැමතැනම ඔවුන්ගේ රටේ ආර්ථිකය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන්වල නියැලී සිටිනවා. අපේ අය ඒවා බලබල හූල්ලනවා. හරියට ලිඳ ළඟ සංගමේ අය වගේ...

:       0       4

bimal Sunday, 08 September 2019 10:58 AM

හඳට රොකට්ටුවක් යවලා මහජන මුදල් පිච්චුවා, දැන් රටේ තියෙන එක ප්‍රශ්නයක්වත් විසඳුණාද? පුහු ජාතික අභිමානේ ගෙදරට මරගාතේ...

:       9       3

banda Sunday, 08 September 2019 11:47 AM

එංගලන්තය, ජර්මනිය, ජපනය, ස්වීඩනය, ප්‍රංශය වගේ රටවල් ඉන්දියාව තරම් දියුණු නැති නිසා ඒ අයට තාම හඳට රොකටිටුවක් යවාගන්න බැරි වෙලා....

:       0       1

lalithm Monday, 09 September 2019 03:36 AM

ඉන්දියාව අභ්‍යවකාශ වැඩ සටහන පටන් ගත්තේ 1950 වගේ කාලෙක. ඉතාම දුර පෙනෙන නායකයින් ඉස්සරත් එහෙ හිටිය. තව න්‍යෂ්ටික වැඩපිළිවෙලත් ඒ කළෙම පටන් ගත්ත එකක්. ඒක තමා අද ඉන්දියාව තාක්ෂණයෙන් ස්වයම්පොෂිත. ලස්සන නැති වුනත් ඔවුන්ගේ රටේ හැම දෙයක්ම නිපදවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 118 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 257 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1097 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 146 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site