IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභය ආපසු එයි

(දිල්රුක්ෂි ග්‍රේරු සහ ටී.කේ.ජී.කපිල)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා  ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම අවස්ථාවට විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පිරිසක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ සිටි විශාල ජනතාවක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
 
පැමිණ සිටි පිරිස හේතුවෙන් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මෙන්ම පර්යන්ත ගොඩනැගිල්ලේ මාර්ගයේ ද විශාල තදබදයක් ඇති වී තිබිණි. ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන්  පිටතට යාමට නොහැකිව රාජපක්ෂ මහතාට ⁣මද වේලාවක එහි රැදී සිටීමට ද සිදු විය. තත්වය පාලනය කිරීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීහු, ඇමති ආරක්ෂක නිලධාරීහු සහ ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීහු  කටයුතු කළහ.
 
තමාට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයේ පවරා ඇති නඩුව, ලංකා ආණ්ඩුව සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය විසින් ගොතන ලද බොරුවක් බව හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.
 
“ මම ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාළය තුළ, එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් මට භාර දුන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපද රජය පවා මට එරෙහිව මේ ආකාරයට කටයුතු කරන්නේ නැහැ.
      
පසුගිය වසර හතර හමාරක කාළය තුළ තාඩන, පීඩන, මඩ ගැසීම්, අවලාදවලට මුහුණ දුන්නා  සේ, රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි මාස කීපය තුළදීත් මම ඒවාට මුහුණ දීමට සූදානම්. මේ සියලු සතුරු බලවේග වලට ඉහළින් මගේ දෛවය පවතිනවා.” 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්ධුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු,රංජිත් සොයිසා, හිටපු අග්‍ර විනිසුරු සරත් සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

(ඡායාරූප - ටී.කේ.ජී.කපිල)



අදහස් (100)

ගෝඨාභය ආපසු එයි

විමලාවතී Friday, 12 April 2019 03:45 AM

ඔබතුමා චිරං ජයතු. කෝ ජාතිද්‍රෝහියෝ ?

:       6760       7164

Ruvini Friday, 12 April 2019 03:51 AM

1987 අංක 45 දරණ පනතෙන් සංශෝධිත පුරවැසි පනතෙහි 2(7) අනු වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කර ඇති තැනැත්තකුගේ, එනම්, වෙනත් රටක පුරවැසිභාවය දරමින් සිටින අතරතුර ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉල්ලුම් කර ලබා ගත් තැනැත්තකුගේ පුරවැසිභාවය අහෝසි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට බලය ඇත. අමාත්‍යවරයා සතු මෙම බලය ශ්‍රී ලංකාවේ උපත ලබා ස්වාභාවිකවම ශ්‍රී ලංකාවේ පුරවැසියකු බවට පත්වූ පුද්ගලයෙකු විෂයෙහි බල නොපවත්වයි. පුරවැසි (සංශෝධිත පනතෙහි 2(7) අනු වගන්තිය මෙසේ කියයි: "අනු වගන්ති (2) හෝ (3) යටතේ කරන ලද ප්‍රකාශනයක් කිසියම් පුද්ගලයෙකු අරභයා කර ඇත්ද, එම පුද්ගලයා තවදුරටත් ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක් නොවන ආකාරයක චර්යාවක යෙදෙයි නම්, එකී ප්‍රකාශනය ඕනෑම අවස්ථාවක අහෝසි කිරීම අමාත්‍යවටයා විසින් කළ හැක්කේය.

:       249       1014

kuleFriday, 12 April 2019 06:51 AM

ඒක වෙන්ට ඇති ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිකම බාරදුන්නේ

:       5       388

anuraFriday, 12 April 2019 07:21 PM

අමාත්‍යවරයා වෙනස් කිරීම අවංගු කිරීමට පුර්ණ බලය ජනපතිට ඇත. අගමැතිට නැත.

:       28       70

liyanageFriday, 12 April 2019 09:38 PM

හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියන ආකාරයට ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම අතහැරීම සදහා ඉල්ලුම් කර ඇත. අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව ලියවිල්ලක් ගෝඨාභයට ලබාදීම සමබන්දව මාධ්‍ය වල පළකර තිබු චායාරූප ගෝඨාභය ප්‍රතික්ශේප නොකල නමුත් වෙනත් ආකාරයට ඔහු කියා සිටියේ කිසිදු නීත්‍යානුකූල ආකාරයට එය ඔහුට නොලැබුනු බවත් ලංකාවේ මෙන් නොව ඇමෙරිකාවේ නීත්‍යානුකූල ලියකියවිලි ලබා දෙන්නේ වෙනත් ආකාරයකට බවත්ය. කෙසේ වෙතත් ඔහු කියන ආකාරයට ඔහුට නීත්‍යානුකූල ලියවිල්ලක් ලැබී තිබේ. නමුත් එය ලංකාවේ ක්‍රමයට නොවේ. පුරවැසිකම අතහැරීම සදහා ලියකියවිලි ඇමෙරිකාවේ දී අදාල අංශ වලට ලබාදුන්නද ඔහුට පිළිතුර ලැබෙන්නේ ලංකාවේ තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියකු ඇමෙරිකානු පුරවැසිකම අතහැරීමට ඉල්ලුම් කලද එම පුද්ගලයා පිලිබදව ඇමෙරිකා එක්සත් ජනපදය සොයාබැලීමක් කරනු ලැබේ. ඔහු පිළිබද වත්කම් බැරකම් මුදල් උපයාගත් ආකාරය සහ නියම ආකාරයට වාර්ෂිකව බදු ගෙවා තිබේද යන්න සහ " criminal records" ඇමෙරිකාවේ හෝ වෙනත්රටක තිබේද යන්න සොයා බලයි. ගෝටාභය වට සිටින පිරිස මේ කිසිවක් නොදනී

:       56       290

ravi Friday, 12 April 2019 04:25 AM

ආවත් එකයි .. නාවත් එකයි .... පුරවැසිභාවයක් තිබුණත් එකයි නැතත් එකයි .!!! මේක තමයි අපි මේ සැරේ අලුත් අවුරුද්දට ගහන රබන් පදය ..

:       869       1068

ටොයියා Friday, 12 April 2019 04:31 AM

අපරාදේ මං බලාගෙන හිටියේ ඇමරිකාව දඩුවම් කියල.

:       658       418

HafeelFriday, 12 April 2019 07:39 AM

ඉවසන්න ඉවසන්න.

:       84       272

ධනුෂ්කFriday, 12 April 2019 02:51 PM

මෙතුමලාට විරුද්ධව මේ කාලේ දාන අදහසක් මිස බැරි වෙලාවත් බලයට අාවොත් මේ වගේතැන් වල හොඳ කියනවා අැරෙන්න නරක කියන දේවල් මිනිස්සු දාන එකක් නෑ.

:       236       254

almeida Friday, 12 April 2019 04:58 AM

මොකද ඉක්මනට ආවේ අවුරුදු කන්නවත්ද? දන්නේ නැති නිසා ඇහුවේ.

:       726       470

saliya Friday, 12 April 2019 05:11 AM

දෙවි පිහිටයි ...

:       1242       1454

Thushara Friday, 12 April 2019 05:38 AM

එතුමා ට හා රටට ජය වෙවා !!!!!!!!

:       2914       3274

ධනුෂ්කFriday, 12 April 2019 02:48 PM

රටට කෙසේ වෙතත් එතුමලාට...?

:       374       314

max Friday, 12 April 2019 05:41 AM

රටට හතුරු අයට දුක්මුසු පුවතක්. මිතුරු අයට සතුටු පුවතක්.

:       1841       2534

විමලාවතී Friday, 12 April 2019 05:48 AM

හික්ස්! කෝ මේ ගෝඨා විරෝධි නඩේ?

:       828       1074

jayantha Friday, 12 April 2019 06:02 AM

මේ ක තමයි රටේ පැතුම....

:       2050       2364

ravi Friday, 12 April 2019 06:25 AM

අනේ නිකන් ඉන්න ... විමලාවතී අක්කේ ... ඔයයි ... ඔයා දන්නා පිට්ටුබම්බුවයි ..!

:       475       518

Nuwan Friday, 12 April 2019 06:34 AM

දැන් ඉතින් අගට ගුණයි ඇමරිකාව මගෑරලා ඉන්න එක නඩු 2ක්ම තියන එකේ , මෙහෙ වගේ නඩුකාරයෝ සල්ලිවලට ගන්ණත් බැහැනේ

:       416       368

Rata Perata Friday, 12 April 2019 06:37 AM

මෙහෙන් නඩු දානකොට අත්අඩංගුවට ගන්න එපෝ කියල අඬනවා. එහෙන් නඩු දානකොට ඉක්මනට මෙහෙට පනිනවා. මෙහෙමත් කපටියෝ. වැරද්දක් කරලා නැත්නම් මොකද බයේ දුවන්නේ?

:       559       548

janahitha Friday, 12 April 2019 06:39 AM

ලක් මාතාවගේ දරුවෝ ඔබතුමා සාදරයෙන් පිළිගනී. රට ගොඩ ගැනීමට අපි කවුරුත් සහයෝගය දීමට අදිටන් කරමු. ඔබතුමාට සහ රටට ජයවේවා.

:       461       1154

පිටිගල මිලානෝ Friday, 12 April 2019 06:50 AM

දුමින්ද සිල්වාගේ නාඩි වැඩකරන්න පටන් ගන්න ඇති දැන්. අපේ කෙසේ වෙතත් ඔහුගේ එකම බලාපොරොත්තුව!

:       600       567

Chanak Los angeles Friday, 12 April 2019 07:00 AM

මොහු හීන මවනවා ජනපති අපේක්ෂක ඔහු කියා. පක්ෂයෙන් තීරණය කලාද? ඇමරිකාවේ නඩු වැඩක් නැහැ. ලංකාවේ තිබෙන නඩු ටික ඇති බෙල්ලටම හිරවෙන්න ..

:       714       609

kule Friday, 12 April 2019 07:02 AM

ඔහුට විරුද්දව බොහෝ චෝදනා ගොනුකර ඇති නමුත් වසර 5 ආසන්න වෙලත් සනාථ කරගැනීමට නොහැකිව දගලන අයට වඩා ඔහු වෙනුවෙන් ජයගෝෂා නගමින් පෙරමුණ ගන්නා ජන ගංගාව ඉදිරියටම ඇදෙනු ඇත.

:       490       1157

sudesh Friday, 12 April 2019 07:05 AM

ජය වේවා මැතිදුණි

:       324       619

jayantha Friday, 12 April 2019 07:09 AM

මේ අඳුරු වලා අතරේ අපිට රිදී සේයාවක ලකුණු පෙනෙන බව පසක් වෙයි. ඔබට ජනතාවගේ සම්පුර්ණ සහයෝගය අපේ මව්බිම බේරගන්න.

:       515       1055

Thilina Friday, 12 April 2019 07:12 AM

දේශපාලකයෙක් නොවන දක්ෂ රාජ්‍ය නිලධාරියෙක් නිසා මෙතුමා රටට අරමුණක් ඇතුව වැඩ කරයි කියලා රටේ බහුතරයක් මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා . ඉවසීමෙන් බලාගෙන ඉමු

:       315       772

HafeelFriday, 12 April 2019 08:26 AM

අපි ආපහු පෙර යුගයේ සිදුවෙදේ මතක් කරමු. ලසන්ත ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන් ඝාතන හා පැහැර ගැනීම් , කප්පම් ගැනීම, සුදු වෑන් සංස්කෘතිය, වැලිකඩ බන්ධානාගාර ඝාතන, කොළඹ යාචකයෝ ඝාතන, රතුපස්වල ඝාතන, කටුනායක වෙළඳ කලාප වැඩි තැබීම හා තරුණයක් ඝතනවීම, ඩි ඒ රාජපක්ෂ සොහාන් ඉදිර්කරන්න මහජන මුදල් පරිහරණය....

:       1199       1161

HRFriday, 12 April 2019 08:57 AM

මේවා ඔප්පු කරන්න සාධක තියෙද? ඔබට..?

:       159       477

Thilina Friday, 12 April 2019 09:51 AM

හෆීල් මහත්තයෝ එදා වගේම අදත් මිනිස්සු මැරෙනවා ..ඇඹිලිපිටියේ, රත්ගම පොලීසියෙන් මැරුවේ මිනිස්සු තමයි ..පාතාලෙන් දවස ගානේ අද පාරේ මැරෙන්නෙත් මිනිස්සු තමයි..වෙනස එදා මැරුණු හැමෝටම ආණ්ඩුවට චෝදනා කලා..අද මැරෙනකොට ආණ්ඩුව වැරැදි නැහැ ....

:       82       420

kuleFriday, 12 April 2019 11:25 AM

මහත්තයෝ ඔබතුමාට සාක්ෂි තියෙනවා නම් ඔප්පුකරන්න. අපරාදේ අවුරුදු 5ක් බලන්හිටියේ ආණ්ඩුව මෙතුමාව කොටුකරගන්න කරන මහන්සිය ගැනවත් දුක නැද්ද?

:       120       252

BamunuarachchiFriday, 12 April 2019 11:57 AM

ඕවා ගණන් ගතයුතු දේවල් නොවෙයි. අපිට ඕනේ දෙමල්ලු හම්බයින් ඔලුව උස්සන එක නැතිකරන්න. ලසන්තලාගෙන් එක්නැලිගොඩලාගෙන් රටට වුණු සේවය මොකක්ද? කියන්න බලන්න... එතකොට මම කියන්නම් ඝෝඨාභය මහතාගෙන් සිදුවූ සේවය.

:       661       686

HafeelFriday, 12 April 2019 12:17 PM

මෙහෙමයි ඔබ දෙදෙනාටම කියන්න තියන්නේ. ඔප්පුකරන්න ඕනේ තරම් සාධක මා ළඟ නොතිබුණාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව තියන නිසා තමයි අධිකරණයේ නඩුත් ගොනුකරලා තියන්නේ... ගින්දර නැතුව දුම නැගේ වගේ නිකම්ම නිකං නඩු ගොනුකරන්නේ නැහැනේ... අවාසනාවට පාලකයින්ගේ පටු දේශපාලන වුවමනා නිසා ඔහු අද නිදැල්ලේ ඉන්නවා. මම එදත් කිව්වා, අදත් කියන්නේ හිරුණිකා පමණක් අද ආණ්ඩු පක්ෂයේ නැත්නං, දුමින්දත් අද නිදැල්ලේ... අනික ඇඹිලිපිටිය, රත්ගම සිද්ධීන් රජයේ අනුග්‍රහයෙන් සිදුවුණු දේ නොවේ. කොහොමටත් මම මේ ආණ්ඩුවට පක්ෂව නොවේ. කුලසිරි මහතා කිව්වා වගේ... තමාට එරෙහිව නඩුවලට ඉදිරිපත් වී තමාගේ නිර්දෝෂ භාවය ඔප්පුකල හැකියි. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ සම්මත වූ විශේෂ මහාධිකරණයට පවා බලයක් නැති බව පවසමින් කල්මරන්නේ නැතුව...

:       464       395

kuleFriday, 12 April 2019 01:30 PM

ඔය වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නඩු පිට නඩු දැම්මා... මාධ්‍ය සංදර්ශනයි ඒ කාලේ තිබුනේ.. නමුත් අවසානයේ ඒ චෝදනා සියල්ලගෙන් ඔහු නිදොස්කොට නිදහස්කළා... තව මොන කතාද?

:       6       119

piyalFriday, 12 April 2019 01:39 PM

රිචඩ් ද සොයිසා ඝාතනය, ප්‍රේමකීර්ති ඝාතනය, බටලන්ද වධකාගාරය, ඩෙන්සිල් කොබ්බැකඩුව ඝාතනය, ලලිත් ඇතුලත්මුදලි ඝාතනය, ඇඹිලිපිටිය සිසු ඝාතනය.. මේවා ගැන මොකද කියන්නේ?

:       7       156

HafeelFriday, 12 April 2019 03:14 PM

Kule, ඒ අනුව ජොන්ස්ටන් නඩුවට ඉදිරිපත්වී තමයි නිදොස්කොට නිදහස් වුනේ. ඒ වගේම ඇයි ගොටාටත් බැරි?

:       127       93

KulasiriFriday, 12 April 2019 10:02 AM

ඒක වෙන්න ඇති මාස කිහිපයකට සැරයක් අත්අඩංගුවට ගන්නෙපා කියලා උසාවි නියෝග ගන්නේ.

:       351       369

BamunuarachchiFriday, 12 April 2019 02:32 PM

ඔව් ඉතින් බොරුවට අත්අඩංගුවට එන්න කියලා උසාවියට යන් කියලා රැගෙන ගිහිල්ලා නඩුව මාස10කට කල්ගියා කියලා ගෙදර ගෙනත් බස්සන එක පොලිසියට සංදර්ශනයක් වුණාට එතුමාට කරදරයක්... ඒ නිසා උසාවියටම කියනවා මේ සංදර්ශනය නවත්වන්න කියලා. එ්කයි ඔතන වෙන්නේ...

:       330       244

Dhammika Friday, 12 April 2019 07:40 AM

මම ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාළය තුළ, එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් මට භාර දුන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපද රජය පවා මට එරෙහිව මේ ආකාරයට කටයුතු කරන්නේ නැහැ. මොන බොරුද ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය කියන ආයතනය කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ප්‍රදේශයේ පිහිටි ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ දී නීත්‍යාණුකූලව ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි බර දුන් අන්දම අන්තර්ජාලයේ බලාගන්න පුළුවන් , කාව අන්දන්නද බොරු කියන්නේ

:       671       774

HamaFriday, 12 April 2019 09:14 AM

ධම්මික ඇමරිකාවේ අධිකරණයක නොතීසි සිවිල් ඇඳුමින් පැමිණ කාර් පාර්ක්වලදී බාරදෙන්නේ නෑ... දන්නේ නැත්තන් හොයා බලන්න...

:       243       426

nishaFriday, 12 April 2019 01:19 PM

එහෙමනම් කොහොමද දෙන්නේ? කොහේ වුනත් එම ලියකිවිල්ල අදාළ කෙනාට කොහේදී හෝ මොන ඇඳුමින් අදාල කෙනාට අතටම දෙනවා.

:       112       58

Sunil Milano Friday, 12 April 2019 07:50 AM

මේ කාරණාවම තමා මම මෙයට ඉස්සර වෙලත් කියුවෙ, අපෙ ලංකාවෙ ජනතාව, කියපු ගමන් ඕනම බොරුවක් ඉස්මුදුනින්ම පිලිගන්නවා කියල,හරි වරද සොයා බලන සිරිතක් නොමැත, මෙය හරිම අවාසනාවන්ත තත්වයක්.

:       69       141

Shehan yapa Friday, 12 April 2019 08:08 AM

මේ රට දුර්දාන්ත පාලනයෙන් මුදා රට සෞභාග්‍යමත් කිරිමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා

:       571       775

sirimal Friday, 12 April 2019 08:25 AM

ඔන්න එහෙනම් හෙට ඉඳල සංදර්ශන සංවිධානය කරන්නේ කොහොමද ඒවා නිසි ආකාරයට ප්‍රචාරය කරමින් මහ ජනතාවගේ ඉහ මොල සෝදන්නේ කොහොමද කියල කාට කාටත් ඉගෙන ගන්න ඇහැකි වේවි.

:       18       132

prabha Friday, 12 April 2019 08:38 AM

ලංකාවෙනම් සිතාසි ගෙනත් බර දෙන්නේ පොලිසිය. ඇමරිකාවේ පැමිණිල්ල විසින් විත්තිකරුට සිතාසි බාර දෙන්න පුලුවන්ද ?

:       1       127

Mudali Friday, 12 April 2019 09:09 AM

කෝ අර බමුණු ?

:       53       80

siri Friday, 12 April 2019 09:10 AM

ගෝඨාභය නියත වශයෙන්ම ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන බව පැහැදිලිය. ඔහුට ඇමෙරිකාවේදී නඩු දෙකකක් සඳහා සිතාසි භාරදීම විහිළුවක් ලෙස හුවා දැක්වීමට ඔහුගේ පාර්ශ්වය දැන් විශාල උත්සාහයක් ගන්නා බව පෙනේ. නමුත් එය එසේ විය හැකිද? එවන් එක් නඩුවක් පවරා ඇති සංවිධානය දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සමග එකට නිදහස සඳහා සටන් කළ ලෝක ප්‍රකට නීතිවේදිනියක වන යස්මින් සූකාගේ විධායක අධ්‍යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන එකකි. සූකා යනු ජාත්‍යන්තර යුද අපරාධ නීතිය පිළිබඳ අද ලොව සිටින විශේෂඥ නීතිවේදිනියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් අයෙකි.ගෝඨාභයට සිතාසි බාරදීමට පෙර ඔහුගේ ගමන් බිමන් පිළිබඳව සොයා බැලීමට නඩුව බාරගෙන ඇති නීතිඥ සමාගම පුද්ගලික රහස් පරීක්ෂක සමාගමක සහාය ලබා ගත් බවත් ඔවුන් ඔහුගේ අතටම සිතාසි බාර දුන් බවත් ඒ සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් තෝරාගෙන ඇත්තේ ගෝඨාභය සිතාසිය බාර ගත් බවට සීසීටීවී රැසක සාක්ෂි සටහන් වනනිසා බවත් කියයි. මෙහි එක නඩුවක් විභාග කර තීන්දුවක් දුන් එකක් නිසා නැවත සාක්කි කැඳවීමට අනවශ්‍ය දියයුතු දඬුවම තින්දුකල යුතු එකකි. ආපසු පැමිණි ගෝඨාභය මොන මොනවා ප්‍රචාරය කර ගත්තත් ඇමෙරිකාවේ නඩු වල තත්වය නම් වෙනස් වෙන්නේ නැත.

:       623       708

rasikaFriday, 12 April 2019 03:19 PM

ඔබ කියන කරණය සත්‍ය වෙන්න පුළුවන් සහෝදරයා. නමුත් මේ නඩුව දැමීමේ අරමුණ කුමක්ද කියලා හොයලා බලන්න, මෙහි මූලික අරමුණ මොහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීම නේද? මෙයද ප්‍රජාතන්ත්‍රවාදය.. මිනිස්සුන්ට අයිතියක් තියෙනවා තමන් කැමති කෙනා රටේ නායක විදියට තෝර ගන්න. ඇයි ඒ අයිතියට ඉඩදෙන්නේ නැත්තේ ඔය ලොකුවට මානව හිමිකම් ගැන කතා කරන අය..

:       1       242

sirimalFriday, 12 April 2019 07:24 PM

නියත වශයෙන්ම මේ නඩු දාන්න හේතුව ගෝඨාභය ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනබවට ඇති වුන කතා බහ ඇත්තක් බවට පත්වෙන බවට ලකුණු පහලවීමත් සමඟ බවයි පෙනෙන්නේ. ඒක ඇත්තක්. ඒ වගේම ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත් වෙන ඒක නවත්වන්න අවශ්‍ය කවුරුන්හරි පිරිසක් ඉන්නවානම් ඔවුන්ටද ඒ සඳහා පවතින නීතියට යටත්ව සුදුසු පියවරක් ගැනීමේ අයිතියත් තිබෙන බවයි මට හිතෙන්නේ. හොඳ හෝ වැරදි හෝ ඕනෑම ප්‍රචාරයක් වාසිදායක ප්‍රචාරයක් කියලත් කතාවක් තියෙනවා නේද? මේ සියලුම කතා බහෙන් ගෝඨාභය කියන චරිතය පැයෙන් පැය දවසෙන් දවස වඩ වඩාත් ජනතාවගේ අවධානයට සහ කතා බහට යොමු වෙන එකයි වෙන්නේ. ඒ තත්වය එයාගේ වාසියට හරවා ගන්න ආකාරය එයා හොඳින්ම දන්නා කෙනෙක්. මම දන්නා "ගෝඨාභය මෙන්ම රාජපක්ෂ පවුල නැවත බලයට පත්විය යුතුය" යන මතයේ ඉන්නා සියලුම මගේ මිතුරු මිතුරියන් එම පවුලට විවේචන එල්ල වීම කිසිසේත්ම රුස්සන්නේ නැත. ඒ සියලුම දෙනා හිතන්නේ රාජපක්ෂ පවුල "මොනවා කලත් අවුලක් නැහැ" කියා බවයි මට නම් පෙනෙන්නේ. ඒවගේම ඔවුන් සියලුම දෙනා අන් සියලුම දේශපාලඥයින් නිර්දය ලෙස විවේචනයටත් ලක් කරනවා. ඒකත් අවුලක් නැහැ කියලයි ඔවුන්ට හිතෙන්නේ.

:       124       118

Bamunuarachchi Friday, 12 April 2019 09:12 AM

කට්ටිය හිතෙතියාගෙන හිටියේ ගෝඨාභය මහතාව හිරකොරාලා කෙලින්ම විදුලි පුටුවෙ තියයි කියලා .....

:       259       317

MudaliFriday, 12 April 2019 10:38 AM

අපේ පොඩිපහේ ටෙලිනාට්‍යය ඉතාම සාර්ථකයි. ලොක්කට ජනපති අපේක්ෂකත්වය නම් ලැබෙනු ඇති. මෙහිලා අදහස් උදහස් පළකළ සියලුම බයියන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.

:       6       321

BamunuarachchiFriday, 12 April 2019 11:52 AM

මොනවා කරන්නද? දැන් කොයිලෝකේ යන්නද කියලා බයේ ඉන්නවා නේද? අපේ තරහා නැතිවෙන්නේ නැත. එ්කත් හිතේ තියාගෙන නිදියගන්න.

:       99       32

BamunuarachchiFriday, 12 April 2019 12:09 PM

ටෙලිනාටකය ඉදිරිපත්කළ ගොබ්බ්යින්ට අපගේ සංවේගය බාර ගන්නා ලෙස කණගාටුවෙන් දැනුම් දෙමි.

:       195       101

MudaliFriday, 12 April 2019 12:31 PM

යන ලෝකය ගැන හිතා බලන්නටත් බැරි තරමට භයංකාරයි.. එවැනි ලෝකයකට යන්න අපි කොහෙත්ම ඉඩ තියන්නේ නැති බව නිරන්තරයෙන්ම සිහි තබා ගන්න.

:       38       108

MudaliFriday, 12 April 2019 01:19 PM

යන ලෝකයක් ගැන හිතන්නත් බයයි… තියෙන ලෝකය වෙනස් නොකර රැක ගන්නවා… නැත්නම් හොඳ ලෝකයක් හදා ගන්නවා...

:       0       54

MudaliFriday, 12 April 2019 12:43 PM

ටෙලිනාටකය ඉදිරිපත්කළ අයටම එය අදාළය…

:       0       108

BamunuarachchiFriday, 12 April 2019 02:42 PM

යන ලෝකෙට යන අය යන්නේ ඔහෙලවත් බෙල්ලෙන් අැදගෙනයි. ගෙනිහිල්ලා පෙන්වයි.. ලැම්බෝගිනි බලන්න අලියාගේ නැට්ටේ එල්ලිලා ගියා වගේ නොවෙයි කියලා....

:       228       179

mudaliFriday, 12 April 2019 03:37 PM

තේරෙන්නෙ නැහැ… කියන දෙයක් තේරෙන විදිහට කියන්න….

:       13       7

amare Friday, 12 April 2019 03:40 PM

බමුණෝ,ඔච්චර උඩ පනින්න එපා. තාම වැඩේ පටන් ගත්තා විතරයි. කොහොමත් ඇමෙරිකාව නරකක් කරන එකක් නැහැ.

:       0       92

Bishan Friday, 12 April 2019 09:17 AM

ලංකාව හා අමෙරිකාව කියන්නෙ රටවල් 2ක් වගේම නීති වෙනස් බව ඔබ‍ට පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

:       0       50

ලුම්බිණි Friday, 12 April 2019 09:33 AM

බොරු කරන්නේ කවුද කියලා ඕනෑම කෙනෙක් දන්නවා.

:       26       16

Bamunuarachchi Friday, 12 April 2019 09:48 AM

කව්ද හලෝ ඇමති කමක් බාර දුන්නේ? තාම ඇමතිකම හිඟනවා. එයාට ඇමතිකමක් දෙන්න කියලා ප්‍රසිද්දියේ කියලා. අනික්පැත්තෙන් කියනවා දෙන්න එපා කියලා. ඒකතාව එහෙමයි සිද්ද වෙන්නේ.

:       48       99

BamunuarachchiFriday, 12 April 2019 11:49 AM

මෙයාගේ ආයුෂ දික්කෙරුවේ රාජපක්ෂවරු, නැතිනම් වලලපු තැන්වල නිදිකුම්බා පැලවෙලා..

:       118       64

පිටිගල මිලානෝ Friday, 12 April 2019 10:09 AM

ෆොටෝ ටික හොඳින් බලන්න කවුද ගෝඨාභය එක්ක ඉන්නේ කියලා. පරණ හොර ගෙඩි ටික නේද?

:       26       270

Aris Friday, 12 April 2019 10:09 AM

කවුරුවත් නඩුවක් දැම්මත්... ඒක පුරවැසිකම අයින් කරගන්න බාධාවක් වෙයි කියා සිතිය යුතු නැහැ. පුරවැසිකම අයින් කළාට ඇමෙරිකාවේ වීසා නැති වෙන්නේ නැහැ... අවුරුදු 10 රෙසිඩන්ස් කාඩ් එකක් දෙනවා. වාසය කරන්න, යන්න එන්න, රැකියා කරන්න ඕන දෙයක් පුළුවන්. ඡන්දය සහ පාස්පෝට් එක පමණයි අහිමි වෙන්නේ... ඕනෑ නම් යම් කාලෙකට පුරවැසිකම අත්හිටුවා ගන්නත් පුළුවන්... එහෙම කළත් ලංකාවේ නීතියට ගැලපෙනවා...

:       48       121

samSaturday, 13 April 2019 01:57 AM

දන්න දේවල්. නීත්‍යනුකුල ස්ථිර පදිංචිපත හෙවත් ග්‍රීන් කාර්ඩ් හිමියන් ඇමෙරිකාවෙන් පිට යන්න පුළුවන් තාවකාලික සංචාර සඳහා පමණයි. ඒකත් මාස පහයි දවස් විසිනමය පැන්නම එනකොට ප්‍රශ්න.

:       0       1

Aris Sunday, 14 April 2019 05:45 PM

දන්නෝ දනිති. අපේ පාර්ලිමෙන්තුවේ ඇමෙරිකන් විසා කාඩ් තියන අය නැද්ද?

:       0       1

Chanak Los angelesMonday, 15 April 2019 05:23 PM

ඇමරිකන් වීසා කාඩ් ?

:       0       0

prabha Friday, 12 April 2019 10:16 AM

බිෂාන් දැනුවත් කිරීම ගැන ස්තුතියි.. අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සුනේ නොදන්නා කමට ලියුවේ..

:       0       0

sirimal Friday, 12 April 2019 10:19 AM

"අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව ලියවිල්ලක් මට භාර දුන්නේ නැහැ" කියලා මෙතන වාර්තා කර තිබුණත් රූපවාහිනි වාර්තාවල අපි දුටුවා ගෝඨාභය මහතා කියනවා "එවැනි ලියවිලි වගයක් තමන්ට බාරදුන් බවත් ඒවා පිළිබඳව ඇමෙරිකාවේ නීතිඥයින් විසින් අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස් දුන්" බවත්... ද්විත්ව පුරවැසි භාවය ගැන ඒ මහතා කිව්වේ "ඇමෙරිකානු පුරවැසි භාවය ඉල්ලා අස්කර ගැනීම සාර්ථකවූ" බවයි. එවැනි කටයුත්තක් සති දෙකතුනක් ඇතුළත කරගන්නට හැකිවේද කියන එකත් ප්‍රශ්නයක්... ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ඒ මහතාට ද්විත්ව පුරවැසි භාවය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟය. එවන් ද්විත්ව පුරවැසි භාවයක් අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට බලය තිබෙන බවද දැන් කියැවෙයි. දැනට වජිර අබේගුණවර්ධන මහතාට හිමි එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන ලෙසට ආණ්ඩුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවටද වාර්තා වෙයි. ජනාධිපතිවරණය සඳහා සිරිසේන මහතාට ගෝඨාභය මහතාගෙන් අභියෝගයක් එල්ල වුවහොත් තැටිය නැවත වතාවක් කරවෙන්නට බැරි නැත. මේවාට තමයි " අන්තෝ ජටා බහි ජටා" කියලයි කියන්නේ...

:       245       273

Bamunuarachchi Friday, 12 April 2019 12:03 PM

මාර වැඩේ ඝෝඨාභය ආවා විතරයි. මෙතන කමෙන්ට්ස් වලට පිළිතුරු දීමත් නැවතිලා. තිබෙන බය ගැන හිතාගන්න පුළුවනි.

:       43       249

chathuriFriday, 12 April 2019 01:40 PM

ටිකක්... ඉන්න මොකට බය වෙන්නද? ගෝඨා ඇත්ත කියයිද? මහින්ද නඩු අහනවා වගේ... ඇදලාගත්තා, දමලා ගැහුවා, කුඩු කෙරුවා මේ රටවල. ඔය කැත වැඩ නැහැ. ලඟදීම අාරංචිවෙයි ඇමරිකාවට ආපු නිසා කකුලට රටින් පිටනොවෙන්න කකුලට යකඩ පටියක් දමා ඇත කියලා.... ඒක ඉවත් කරන්නේ අධිකරණයෙන් කොහේ හිටියත් රේඩාර් වලට වදිනවා. ඉවසන්න පුරුදුවෙන්න ලංකාවේ අයට නැත්තෙත් ඒකමයි...

:       157       192

BamunuarachchiFriday, 12 April 2019 02:37 PM

ඔහේ ඉවසගෙන ඉන්නකෝ... අපේ වැඩේ අපි කොරන්නම්...

:       111       104

athuraSunday, 14 April 2019 04:25 AM

ඔය බමුණා දාන අදහස් වලින්ම රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන රාජපක්ෂලා බලයට අවොත් විවේචනයට ඇති ඉඩකඩ.

:       39       199

Chanak Los angelesMonday, 15 April 2019 05:19 PM

ඉවසගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ හොරු වැලිකඩ ලැග්ගට පසුව මොකුත් කරන්න ලැබෙන්නේ නැහැ ..

:       0       1

ravi Friday, 12 April 2019 12:24 PM

අපිට ඔය " රාජපක්ෂ පවුල් බලය " කියන්නේ... කළුවරේ වැටුණු වල...! එ්ත් අද හොඳට ඇස් පෙනෙන්න මේ දවල්කාලයේ තව සැරයක් ඕකට පනින්න තරම් අසනීපයක් නැහැ...!!!

:       211       215

කසුන් Friday, 12 April 2019 12:24 PM

බලන්න එපායැ.. අප්පා !!! පහුගිය දවස්වල ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරන අණ පනත් ගෙනෙන විට මොකුත් නොකියා ගුහාවට වැදිලා හිටපු සමහරක් දැන් චූන් වෙලා තියෙන හැටි..!!

:       0       193

sirimal Friday, 12 April 2019 12:42 PM

පෙර කිසි අවස්තාවක නැතුව මේ වතාවේදී මෙතන සර්ව ආගමික ආශීර්වාද කෙරුන බවක් කවුරුවත් කියන්නේ නැහැනේ. සිංහලයාට එකක් අනිත් අයට තව එකක් වත් කරන්නද හිතාගෙන ඉන්නේ?

:       0       20

Ranaya Friday, 12 April 2019 12:50 PM

මොනවා උනත් රනිල්ටවත් ඒ පැත්තේ කාටවක්වත් ආයෙත් ළඟකදිනම් බලේට ඒම බොරු !

:       11       568

ලේක්කෝ ගලබඩ Friday, 12 April 2019 01:22 PM

ගෝඨාභය මහත්තයාට නිකං බනින්න එපා. රටක් වටිනා දුමින්ද සිල්වාව ජයවර්ධනපුර ඉස්පිරිතාලේ හංගගෙන බේරාගත්ත එකම කොච්චර ලොකු සේවයක්ද?

:       256       225

Bamunuarachchi Friday, 12 April 2019 02:34 PM

පනින්න එපා බෙල්ලෙන් අල්ලලා තල්ලු කරන්නම්... මෙයා කියනකම් තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දෙ දෙන්න...

:       43       29

Don Friday, 12 April 2019 02:49 PM

කඩේ යන අය දැන්දැන් වැඩිවේවි !!!

:       0       1

chathuri Friday, 12 April 2019 02:52 PM

මොන මෝඩයද කියන්නේ මේ විදියට? වටකරගෙන අහනකොට... ඔව් මට සිතාසි ලැබුණා කියලා නාමල් බේබිගේ කටින් ඇත්ත ලඟදීම එළිවෙයි. එයාපෝට් එකෙත් තදබදයක්ලු. ගෝඨා අාවා කියලා.. අනේ මෙහෙමත් මිනිස්සු... ගෝල්ෆේස් එක දැක්කම ඉස්සර පිටිසර උදවිය බස් එකේ යනකොට නැගිටලා වඳිනවලු.. ඒ පරපුර තමයි මේ මෙතන ඉන්නේ.. මේ වගේ කට්ටිය ඉන්නකොට රට පස්සට යන්නේ... තව ඉස්සරහට තමයි පන්සල්, කෝවිල්, බිසී වෙන්නේ... ගෝඨාව අත්අඩංගුවට ගන්න එපා කියලා බෝධිපූජා පොල් ගහන්නේ. හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන්. දිගටම...

:       303       311

Wasantha Friday, 12 April 2019 04:27 PM

ජය වේවා

:       18       78

sirimal Friday, 12 April 2019 05:04 PM

රාජපක්ෂ මහතා පිළිබඳව පොදුවේ මහජනතාව අතර ඇති උනන්දුවේ තරම මෙම ප්‍රවුර්තිය සඳහා වැටි ඇති අදහස් දැක්වීම් ගණනින් පෙනීයයි. එම අදහස් දැක්වීම් සමාජයේ විවිධ පැතිකඩ වලට අයත් පුද්ගලයින් නියෝජනය නොවුනත්, ඔහු ගැන එවැනි උනන්දුවක් නිර්මාණය වීම ඔහුට ගජ වාසියකි.

:       0       227

Nalaka Friday, 12 April 2019 05:06 PM

කොහොමද ප්‍රභූ පර්යන්තයට මෙහෙම සෙනග ආවේ?

:       19       56

NishanSaturday, 13 April 2019 02:18 AM

කොහොමද ප්‍රභූ පර්යන්තෙට ගෝටා ආවේ?

:       135       120

NihalSaturday, 13 April 2019 09:27 AM

ප්‍රභූවරු? ඔතනින් යන හුඟග දෙනෙක් ප්‍රභූ හොරු

:       0       95

dhammika perera Friday, 12 April 2019 07:05 PM

මොන ආගම ඇදහුවත්, මොන ජාතියට අයිති උනත්, මොන රටේ පුරවැසියෙක් උනත් අපරාධයකට දඬුවම් කොහෙන් හරි ලැබෙයි. ඒක මනු නීතිය.

:       114       11

Mihindukulasuriya peiris Tilak prasanna Friday, 12 April 2019 08:52 PM

ඔබ තමයි මිනිසා හැමදේම කල හැකි. ජය වේවා

:       28       2456

Bamunuarachchi Saturday, 13 April 2019 06:53 AM

එක ලෝක නීතිය. සහතික ඇත්ත ඒ බව අපි ඇස්දෙකෙන් දැක්ක.

:       62       79

ravi Saturday, 13 April 2019 07:34 AM

ඔය මොන අඩව්, කස්තිරම්, කරනම් ගැහැව්වත් අපි රාජපක්ෂලාට නැවත ඡන්දයක් දෙන්නේ නැහැ. 2015 දී අපි එයාලගෙන් සමුගත්තා මතකයි. ඒ ඇයි කියලත් හොඳට මතකයි. ආයේ සැරයක්නම් එපා එපා!!!

:       326       292

RaneSaturday, 13 April 2019 09:29 AM

ඉස්සර "අපි" කොහොම උනත් දැන් "අපි" සමාන වෙන්නේ මිලියන 3 කට අඩු ජනතාවකට.

:       1       31

Chanak Los angeles Saturday, 13 April 2019 03:12 PM

සේනාවේ ලොක්කා ඇතුලට ගියාට පසුව බමුණට අන්‍ය ජාතිකයන්ට හිරිහැර කරන්න අවස්ථාව අහිමි වෙලා වෙන වැඩක් නොමැතිව දැන් මේකට රිංගලා කොමන්ට් වලින් පිටුව පුරවනවා ..

:       276       53

shan saudi Saturday, 13 April 2019 06:44 PM

දැන් ගෝටා රට ගිහින් අවේ මේ පාර විතරද මේ තරම් දගලන්නේ

:       65       83

rohana kumara mendis Saturday, 13 April 2019 07:40 PM

ගෝඨාභය ආපසු එයි ආපහු යයි දවසත් වැඩි ඈතක නැහැ හොදේ. අනික කොහොමද මෙහෙම කෙනෙක් ආරක්ෂක ලේකම් වුනේ ? ඒකට නඩු දාන්නේ නැද්ද

:       50       2

Indunil Sunday, 14 April 2019 05:02 AM

එන්න එපා මහින්දත් එක්ක ඡන්දෙ ඉල්ලගෙන

:       21       5

abiya Sunday, 14 April 2019 06:05 AM

ඔහු සැබෑ දක්ෂයෙක්. ඔහු කරලා පෙන්නුවා. ඒකයි ජනතාව ඒ ගැන උනන්දු.

:       4       124

rasika Monday, 15 April 2019 04:16 PM

අපිට ඕනේ කරලා තියෙන්නේ නව නායකයෙක්, රට සහ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන පුළුවන්, විශේෂයෙන්ම කියන්න ඕනේ දැනට හිටපු කිසිම නායකයෙක්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වුන දේ ලැබුනේ නැහැ. එහෙම වුනානම් ටිකක් හරි වුනේ යුද්දේ ඉවර කරපු එක. ඒක අපි පිළිගන්න ඕනේ... නමුත් එතනින් එහාට මිනුස්සු බලාපොරොත්තු වුන විදියට රට ඉදිරියට ගියේ නැහැ.. ඒ නිසා දැනට රට පාලනය කරපු කිසිම කෙනෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මේ වෙනස... රටේ දැනට ජනාධිපති හෝ අගමැති නොවුන කෙනෙක් පත් කරන්න ඕනේ..

:       15       87

Chanak Los angeles Monday, 15 April 2019 06:20 PM

ඇමරිකාවේ සිපිරි ගෙවල් මොහුට සුපිරියි .

:       0       0

Kapila Wednesday, 17 April 2019 11:58 AM

මේකෙ දාලා තියෙන සමහර අදහස් වලින්ම පේනවා ගෝටාබය මහත්තයට තියෙන බය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 205 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 549 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1382 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 525 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 243 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site