(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදලින් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊට සම්බන්ධ වන ප්රතිශෝධන පෙත්සම් විභාගය අවසන් වන තුරු පවත්වාගෙන නොයන බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාවට අනුව කටයුතු නොකරන බව නීතිපතිවරයා අද (21) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් මෙම දැනුම් දීම කරනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසිනි.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාව අනුව දිගටම කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම පෙත්සම ඊයේ අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.
අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
ඒ අනුව මෙම ප්‍රතිශෝදන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 30 වැනිදා යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවත් එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු කියා සිටියි.
එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත බාර දෙනු ලැබුවද එය බාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද එම පෙත්සමේ සඳහන් වේ.
එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මෙම කරුණටම අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තිබෙන තවත් රිට් පෙත්සමක් ලබන 30 වන දා සලකා බැලීම සඳහා කැඳවන බවද අභියාචනාධිකරණය නියම කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා , නීතිඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ.
ඡායාරූප - ලහිරු හර්ෂණ
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨාගේ නඩුවේ එකඟතා බිඳෙයි
Kumar Tuesday, 21 May 2019 02:02 PM
TNA මන්ත්‍රීවරයෙක් වාහනයක් අනවශ්‍ය ආකාරයට පාවිච්චි කළාට හිරේ ගියානේද? එතකොට කෝටිගණන් මහජන මුදල් තමන්ගේ පුද්ගලික දෙයක් සඳහා යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවේද?
sirimal Tuesday, 21 May 2019 02:39 PM
තව පෝය කීයද ඇදගෙන යන්න තියෙන්නේ? එතකොට ඔය එකඑක දවසට එකඑක නීති තර්ක අනිත් ගොල්ලන්ට ගෙනෙන්න ලැබෙන එකක් නම් නැහැ ඔන්න...
almeida Tuesday, 21 May 2019 03:38 PM
මහජන දේපල හොරා කාලා තව ටයි කෝට් දාගෙන එනවා...
Prabhath Tuesday, 21 May 2019 05:11 PM
ඇයි අනේ එඩිතරව නඩුවට මුහුණ නොදෙන්නේ! විරෝධතා නැත්නම් දැන් නඩුව තීන්දු කරලනේ. වරදක් නොකලා නම් නඩුවට බය ඇයි?
d.upul Tuesday, 21 May 2019 07:07 PM
මොනවා හරි කරමින් කාලය කනවා. අන්තිමට මේ නිලධාරීන්ට අපි පඩි ගෙවනවා.
Chanak los angeles Wednesday, 22 May 2019 03:10 AM
මෙයාවද රටේ නායකයා කරවන්න ඕනේ කියන්නේ ?
janahitha Wednesday, 22 May 2019 11:02 AM
ඔව්, ඇයි ප්‍රශ්නයක්ද?
Bamunuaarachchi Wednesday, 22 May 2019 01:31 PM
සමහර ගුණ මකුවන් ඔබතුමාගේ වටිනාකම දන්නේ නැහැ. සිංහල බෞද්ධ හැම කෙනෙකුගෙන්ම වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ඔබතුමා අපේ ඊළඟ ජනාධිපතිතුමා වන බව අපට විශ්වාසයි. ඔය බොරු නඩු ගණන් ගන්නේ කවුද? මේ රටේ සියලු දෙනාම ඔබතුමාට ණය ගැතියි.
chathuriFriday, 24 May 2019 01:45 PM
අපේ නම් කොන්ද පණ තියෙනකම් හොරුන්ට වචනයෙන් හෝ වන්දනා මාන කරන්නේ නැත. තමන්ට රැකියාවක් ලැබුණා කියලා. නූගත්කමට මුළු රටක් විනාශමුඛයට ඇදන් යන්න ඉඩ තියන්නේ නැහැ. මහින්ද, ගෝඨා, බැසිල් නැති දාට මේ කට්ටියත් ඉවරයි. ඇපල් ෆෝන් පාවිච්චි කරන්නේ.... නමුත් තවමත් ගල් යුගයේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා..
sinna pora Friday, 24 May 2019 03:13 AM
මෙයාට විරුද්ධව නඩු දාන්න කාටවත් බැහැ.
sinna pora Friday, 24 May 2019 03:16 AM
මෙයාවද රටේ නායකයා කරවන්න ඕනේ කියන්නේ ? මම ඉඩ දෙන්නේ නැහැ. එතකොට මමවගේ සාන්තුවරයෙකුට කොහෙද අවස්තාව තව අවුරුදු 5 ක ට.