IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුවන් - නාවික ප්‍රහාරක යාත්‍රා මිලදී ගැනීමට බාධා කරලා

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට පසුගිය වසර හතර පුරාම ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට නොහැකි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

ගුවන් හමුදාව සහ නාවික හමුදාවට ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට කටයුතු කළ සෑම අවස්ථාවකදීම ඊට බාධා කිරීම නිසා එම තත්ත්වය ඇති වූ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ආරක්ෂක හමුදාවල තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමටත් ඉන් අනතුරුව ගුවන් යානා මිලදී ගැනීමටත් කැබිනට්  මණ්ඩලය තීරණය කර ඇත.



අදහස් (37)

ගුවන් - නාවික ප්‍රහාරක යාත්‍රා මිලදී ගැනීමට බාධා කරලා

sam Tuesday, 19 March 2019 04:37 PM

හොඳ වෙලාවට මේ කාලයේ යුද්ධයක් තිබුනේ නැත්තේ... මෙයා මේක දැනගන්න අවුරුදු 4ක් ගියා. එහෙම වෙලත් තව අනුකමිටුවක් දාලා බලන් ඉන්න ඕනෑ අලුතින් ප්‍රහාරක යාත්‍රා ගන්න. රාජපක්ෂ පාලනයේ මොනතරම් අඩුපාඩු තිබුණත් යුද්ධය ඉවර කරා මේ වගේ ඔතෑනි නැතිව...

:       769       2121

sanaTuesday, 19 March 2019 07:24 PM

ඔව්, ඔව්, මිග් යානා ගනුදෙනුව වගේම රුසියාවෙන් නැවක් ගන්න යන කතාවත් මතක් කරගමුකෝ....

:       742       900

ana Wednesday, 20 March 2019 01:57 AM

ඔව්, ඔව්... මහබැංකු ගනුදෙනුව වගේම ශ්‍රීලන්කන් ගුවන්යානා ගැනීම අවලංගු කර වන්දි ගෙවා එම වන්දි මුදලින් කොමිස් ගැසීම යන කතාවත් මතක් කරගමුකෝ...!!! දෙපසට වෙලා දෙගොල්ලන්ගේ වංචා ගැන මෝඩ ජනතාව පාරම් බානවා. රට නැතිවෙනවා.

:       102       109

bandulaWednesday, 20 March 2019 03:06 AM

ඡන්දෙට ඉස්සෙල්ලා ඩීල් එකක් කරගත්තොත් හොඳයි වගේ..

:       0       185

AmilaWednesday, 20 March 2019 02:06 AM

අර කසිකබල් රුසියානු යුද නැවගන්න දැඟලුවේ කවුද?

:       2       74

ජයරත්න Tuesday, 19 March 2019 04:41 PM

ඕවට මුදල් නාස්ති නොකර බඩු මිල අඩු කරන්න. ප්‍රශ්නයක් ඇතිවුණොත් මුහුණ දෙන්න තියෙන හමුදාව හොඳටම ප්‍රමාණවත්...

:       440       1051

NishanthaWednesday, 20 March 2019 12:40 AM

මේ ජයරත්න මල් ශාලාවෙන්ද?

:       1       34

navaratna Wednesday, 20 March 2019 01:52 AM

වම දකුණ වම... බඩ පෙරට

:       0       11

Don perera Tuesday, 19 March 2019 05:02 PM

සමනල්ලු රටක් කරනකොට ඔහොම තමයි...

:       968       1053

dias Tuesday, 19 March 2019 05:13 PM

රටේ යුද්ධයක් නොමැති විට, ප්‍රහාරක යත්‍රා කුමටද?

:       2226       970

anura Wednesday, 20 March 2019 01:50 AM

හාහ් හා... හමුදාව විසුරුවමු.. රටේ ආරක්ෂාව ඩයස් මහතාට බාර දෙමු.

:       1       8

SaththayaWednesday, 20 March 2019 04:08 AM

ඇයි ඡන්දෙ එන නිසා, ඕනෑවෙනවා. ගහල හරි, හොඳින් හෝ නරකින් දිනන්න. උත්සාහය අතහරින්න හොඳ නැහැනේ...

:       3       6

Raveendra Tuesday, 19 March 2019 05:45 PM

මොන ගැටලුව තිබුණත් තම රටේ ආරක්ෂාවට මුල් තැන දියයුතු බව නොරහසකි. අප රටේ මුල් පුරවැසියා බාධා කිරීමක් කිව්වත් ඇයි කියන්න බැරි... අහවල් හරකා හෝ අහවල් හරක් බාධා කරනවා කියා? එමගින් නැවත වරක් සනාත වන්නේ මොහුට කශේරුකාවක් නොමැති බව නොවේද? කැබිනට් එකක්ද මොකක්ද කියන මරණාධාර සමිතියේ ප්‍රධානියා මෙයද නැත්නම් ඉන්දියාවේ හාදයෙක්ද? අනේමන්දා අනිත් වඩාත් හාස්‍ය උපදවන කරුණ නම් අවුරුදු 4ක් විතර ගියා.. මේ උන්දැට බාධා කරනවා කියල තේරුම් ගැනීමට. දැන් අපි මේ 225 ක් වූ ගොන් රෑනට ගවයන් ලෙස ආමන්ත්‍රණය කරාම එක එක පාටවල ගොට්ටන්ට අසුහාරදාහට ලේ කුපිත වෙනවා... මීහරක් නැතිව තව මොනවා කියන්නද...? අපේ බදුමුදල් වලින් පවුල් පිටින් ලජ්ජා නැතිව ගිලිමින් තාමත් ඉන්නවනේ අම්මපා ...

:       117       735

Bishan Tuesday, 19 March 2019 05:56 PM

දැන් අපේ රටට ඕවද අඩු?

:       705       522

රවින් Tuesday, 19 March 2019 06:49 PM

අපේ රට තොත්ත බබාලාගෙන් පිරුණු රටක් නේද? කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි.

:       19       68

chinthaka Tuesday, 19 March 2019 07:49 PM

එතකොට අර නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන් සෙට් එක අමෙරිකාවෙන් අලුත් ආයුධ ගෙනාවේ ලස්සන බලන්නද? ඕක තමයි හේතුව සමනල්ලු සෙට් එකට මහින්ද අවුරුදු තුනෙන් ඉවරකරපු යුද්ධය අවුරුදු තිහක් ට්‍රයි කරලත් බැරුව ගියේ..

:       322       158

d.upul Tuesday, 19 March 2019 08:05 PM

කොහේගියත්, මොනවා කළත් අපේ ජනපති කරන්නේ වැලපෙන එකයි.

:       16       35

Chanak Los angeles Tuesday, 19 March 2019 08:06 PM

පිස්සෙක්ව මහා පුටුවට පැනගෙන නටන නාඩගමක් ...

:       0       23

chandima Tuesday, 19 March 2019 09:28 PM

අපේ ගෙවල්වල සීයලගේ කාලේ දොරමුල්ලේ හොඳ කිතුල් පොල්ලක් තිබුණා.. හොරෙක්, සර්පයෙක් අාවොත් පාවිච්චියට ගන්න. දවසගානේ හොරා අාවේ නැති වුනාට කිතුල් පොල්ල තියාගෙන උන්නේ අාපු දවසට ගහන්න. ඒවගේ අපේ අායුධ පරණ වෙලා පරිහානියට යවලා තියෙන වෙලාවක සතුරු ප්‍රහාරයක් අාවොත් මුහුණ දෙන්න බැරිවෙනවා. එ් නිසා යුද්ධයකට තරම්ම නැති වුනත් හමුදාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය තරමට නවීන අයුධ තිබිය යුතුයි. එව්වා කලින් කලට පරණ වෙනවිට අලුත් ආයුධ ගත යුතුයි. එසේ අපේ හමුදාව උපරිම අයුරින් නවීකරණය කර නොතිබීම නිසා තමයි LTTE සංවිධානය ගෙනෙන අලුත් පන්නයේ ආයුධවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට වෙනත් ආයුධ ගෙන්වන්නට වුනේ. නවීන ගුවන් යන එකක්වත් තිබුණා නම් ප්‍රවාහන යවලා ගොස් බැරල් බෝම්බ හෙලන්නට වෙන්නේ නැහැ. නවීන නිරීක්ෂණ නාවිකා තිබුණා නම් නැගෙනහිර වෙරලින් සතුරා ආයුධ ගොඩබාගන්නේ නැහැ. හමුදා නවීකරණය කොට තබාගැනීම රටක නායකයින්ගේ වගකීමක්. එයට උසුළු විසුළු කරන්නන් සහ විරුද්ධ වන්නන් රටේ සතුරන් හෝ අන්ත මෝඩයින් විය යුතුයි.

:       1       665

ලුම්බිණි Tuesday, 19 March 2019 11:46 PM

2015 වසරේ යුද වියදම් (දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් වශයෙන්) 2.60% වුන අතරේ රටේ අධ්‍යාපන වියදම (දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් වශයෙන්) වුනේ 2.22%. 2016 වසරේ මෙය වෙනස් වෙලා අධ්‍යාපන වියදම (දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් වශයෙන්) 3.49% වැඩි වෙලා. ගුවන් - නාවික ප්‍රහාරක යාත්‍රා ගත්තා නම් මෙම සංඛ්‍යා වෙනස් වෙනවා. ගුවන් හමුදාව සහ නාවික හමුදාවට ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට කටයුතු කිරීමට බාධා කිරීම හොඳයි කියලයි මම හිතන්නේ.

:       619       6

maraya Wednesday, 20 March 2019 12:48 AM

අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි. මෙයාල රටේ මිනිස්සු එක්ක සෙල්ලම් කරන්නේ. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙක්ටවත් ඊළඟ ඡන්දෙදි කතිරේ ගසන්න එපා.

:       3       10

C.K.Lankaputhra Wednesday, 20 March 2019 01:14 AM

අවි ආයුධ ගෙන්වීම කාටකාටත් හොඳ අග්‍ර භෝජනයක්.

:       1       22

janatha anura Wednesday, 20 March 2019 01:40 AM

ඔව්..ඔව්.. මිග් යානා නොතිබෙන්න ඔබතුමත්, හමුදාවත් අද නැහැ. කටුනායක පැත්තකට දමා තිබුණු යානා දෙකක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර අලුත් යානා සැපයුවේ නැතිනම් හමුදාවමත්, අපත් ඉවර වෙන්න තිබුණා. ඉලක්කවලට පහර දෙන්න පාකිස්ථාන නියමුවන් උදවු කරා.. වට්ටම් නොදෙන ව්‍යාපාර අද ලෝකයේ නැහැ.. වැඩ නොකරම මේ ආණ්ඩුවේ සමහරුන් කොමිස් මුදල් ගන්නවා මහබැංකුව, හමුදාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම බරපතල ලෙස අවදානමට ලක්ව ඇත. වැඩනම් නොවන වැඩකරන හොඳම හොඳ තේරීම පමණක් අද ඔබ සතුව ඇත.

:       7       3

janahitha Wednesday, 20 March 2019 01:43 AM

හමුදාව අකර්මන්‍ය ක‍ර රණ විරුවන් යුද අපරාධකරුවන් කරා මදිවට යුද්ධය පවතිද්දී කකුලෙන් ඇද්දේ කොළඹ හතේ කොලිජියේ සමනල කණ්ඩායම රටින් පන්නමු...

:       35       37

lankika sri Wednesday, 20 March 2019 01:47 AM

"දැන් අපේ රටට ඕවද අඩු?" ඉතාම බරපතල අවදානම් අදහසක්... අදුරදර්ශී නොවන්න. අපේ රටට ප්‍රබල හමුදාවක් අවශ්‍ය වෙනවා නැති නම් අනාගතය අවදානම්... ඔබතුමා පසුගිය වසර 33ක් හිටියේ එංගලන්තයේද?

:       4       123

rocky Wednesday, 20 March 2019 02:00 AM

යුද්ධයක් නැතත් මේක රටේ සංවර්ධනය වෙනුවෙන් මෙලෝ සිහියක් නැතුව දේශපාලු උත්තමයන් වැඩ කරන කාලයක්. එහෙ බැලුවත්, මෙහෙ බැලුවත් උන්නැහේලා ගජරාමෙට වැඩ දෙනවා. ඒ හින්දා රටේ ආරස්සාව වගේ නෙවේ.. උන්නැහෙලාට හමුදා ආරක්ෂාව අත්‍යවශ්‍යයි. ආරක්ෂක ගුවන් යානා, යුද්ධ නැවු, යුද්ධ ටැංකි ආදිය නැතුවම මේ ගොල්ලන්ට බැහැ. "මහා ජනතාවගෙන් ආරක්ෂා වෙන්න". අනිත් අතින්, ඒවා ගෙන්නන්නේ නැතුවම බැහැනේ, ජාතික ක්‍රීඩාව වන කොමිස් කෙළියෙන් විනෝද වෙන්න...!

:       51       11

Amila Wednesday, 20 March 2019 02:12 AM

මට අරක කරන්න දුන්නේ නෑ. මට මේක කරන්න දුන්නේ නෑ. මාව බංකුවේ වාඩිකරලා කිව්වා මට අරයා ගැහුවා.. මෙයා ගැහුවා... (ගහපු මනුස්සයා මලාට පස්සේ තමා කියන්නේ) මාව මරන්න හදනෝ 2015සිට අපිට අහන්න ලැබුනු සුපුරුදු අදෝනාවක්...!

:       0       33

vidya Wednesday, 20 March 2019 03:37 AM

දේශපාලන හෙන්චයියලා දාගත්තහම ඕක තමයි වෙන්නේ...

:       0       4

sumudu Wednesday, 20 March 2019 04:18 AM

කට ගහන්නද ඔය ගුවන් යානා ගන්නේ? පිළිකා රෝහලට තව පෙට් ස්කෑන් යන්තරයක් ගත්තත් නරකද? අඳෝනාව තමයි මේ මනුස්සයගෙන් ඇහෙන්නේ.. තාම ග්‍රාමසේවක කියලද හිතාගෙන ඉන්නේ?

:       28       6

sena Wednesday, 20 March 2019 04:50 AM

මිලදී ගැනීම් ගැන මෙතුමාට පුදුම උනන්දුවක් තියෙන්නේ මොකද දන්නේ නැහැ. මේ යුද්ධයක් නැති වෙලාවේ ඕවා ලංකාවේ හදාගන්න බැලුවා නම් හොඳ නැද්ද?

:       0       3

BamunuarachchiThursday, 21 March 2019 01:04 AM

දන්නා දෙයක් කතා කරන්න. යුද්ධ ගැන එයට සූදානමින් සිටීම ගැන ඉගෙනගන්න ඇමරිකානුවන් ලියපු පොත් කියවන්න උවමනා නැත උම්මග්ග ජාතකය කියවන්න. එවිට ඉගෙනගන්න පලුවන් සාමය තිබෙන කාලයේ යුද්දයකට සූදානම් විය යුතුබව.

:       0       2

BamunuarachchiFriday, 22 March 2019 02:57 AM

ඇත්ත තමයි කම්මලකට කියානම් මල්ටි බැරල් හද ගන්න තිබුනා නේද?

:       0       0

සුරංග Wednesday, 20 March 2019 10:57 AM

මේකෙ ගොඩක් උන් අපේ හොරා අපිට හොඳා... කියකිය ඉන්න වහල්ලු ඉන්නේ...

:       0       2

prabha Wednesday, 20 March 2019 12:16 PM

අපොය් අපේ සිරිසේන මහත්තයා නහයෙන් ඇදපු ගමන්මයි.

:       0       17

de silva Wednesday, 20 March 2019 03:24 PM

අපරාදේ කැබිනට් එකේ ලොක්කා පසුගිය අවුරුදු 4ම කැබිනට් එකේ නිදි කිරා වැට්ටෙන්නේ නැතුව සිහි බුද්ධියෙන් හිටියා නම් මේ ප්‍රශ්නේ මග ඇරගන්න තිබුණා..

:       0       10

Bamunuarachchi Thursday, 21 March 2019 12:57 AM

මේ සිංහල රටට දෙමළාගෙන් තිබෙන තර්ජන දැක දැකත් රටට අවි ආයුධ මොකටද කියා අසන අයත් ඉන්නවානේ. යුද්දයේ ඉතිහාසය මතක තිබෙන සිංහලයින් දන්නවා පටන් ගැන්මේදීම අපිට එල්ටීටීයට ගහන්න බැරිවුනේ ආයුධ නොතිබුන නිසා බව. ඒ නිසයි මහින්ද මහතා අසා තිබුනේ මොකෙන්ද ගහන්නේ? ඕවා පාඩම් වලට ගෙන අපි නිතර සූදානමින් සිටිය යුතුය. මේ ආණ්ඩුවේ ඉන්නේ දෙමලුන්ගේ අවතාරය.

:       2       2

de silva berlin Friday, 22 March 2019 01:41 AM

ගුවන් හමුදාවේ තිබෙන යානා වලින් අද භාවිතයට ගන්න පුළුවන් 30% විතර , අනිත් ඒවා නඩත්තු සහ සර්විස් නොකිරීම නිසා ගුවන් ගතකරන්න බැහැ අද යුධයක් නොමැති නිසා එපමණ යන ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ , හොඳම දෙය තිබෙන යන වලින් භාගයක් විකුණලා එම මුදල් වලින් අනිත් යානා අලුත්වැඩියා කරගෙන , අපට දැනට අවශ්‍ය නවීන නිරීක්ෂණ යානා සහ ද්‍රෝන යානා වැනි දේවල් මිලට ගෙන ගුවන් හමුදාව නවීකරණය කරගැනීම , මෙම අදහස ගුවන් හමුදාවේ ගෘප් කැප්ටන් , එයාර් කමාන්ඩර් වැනි නිලධාරීන් ඉහලට ඉදිරිපත් කලත් දැනට ඉන්න ගුවන් හමුදාපති සහ හිටපු ගුවන් හමුදාපතිවරුන් විසින් කිසිම සැලකිල්ලකට භාජනය කර නැහැ , මේ වරද දේශපාලන අධිකාරිය මතම පටවන්න බැහැ , හොඳම දෙය ජනාධිපති තුමාගේ නියෝජිත කණ්ඩායමක් ගුවන් හමුදාවේ ඉන්න නියමුවන් සමග සාකච්චක්ර ඔවුන්ගේ අදහස් සහ යෝජනාත් පදනම් කරගෙන ගුවන් හමුදාව නවීකරණය කරගැනීමය

:       0       32

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 305 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 35 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 10 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1729 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 342 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1591 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site