IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගල් - වැලි - පස් ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසියි

(අජන්ත කුමාර අගලකඩ)

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය අද (4) තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට  නියමිතය.

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටළු අද පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් ඒ අනුව බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමටත් තීරණය කළ බව හෙතෙම කීවේය.

ගල්, වැලි සහ පස් ලබා ගන්නා ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේද සහභාගීත්වය ඇතිව කමිටු කිහිපයක් පත්කිරීමටද තීරණය වූ බව ඔහු පැවැසීය.

 

 

 

 

 



අදහස් (38)

ගල් - වැලි - පස් ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසියි

Thinker Wednesday, 04 December 2019 03:36 PM

හොඳම තීරණයක්. නියමයි

:       507       513

කසුන් Thursday, 05 December 2019 05:35 AM

මේවා බලාපොරොත්තුවෙන් ඡන්දෙ දීපු උදවිය බොහෝ ඉන්නවා. ගිය රජයෙන් ගත් වැදගත් තීරණයක් අමු අමුවේ විනාස කළා. වැඩි පිරිසක් ඡන්දය දුන්නේ රට ජාතිය බේරගන්න හිතාගෙන නොවේ බඩ තඩිය ලොකු කරගන්න.

:       94       294

saliya Wednesday, 04 December 2019 03:47 PM

කමිටු පත් කර නැත. පස් ලබා ගන්නා ස්ථාන තවම තෝරා ගෙන නැත. එසේ තිබියදී මෙය පාලනය කර ගත නොහැකි පාරිසරික අවදානමකි. ගෝල බාලයන් පස් කපා ඉවර කරාවි,කමිටු එන්නට පෙර. හිටපු පරිසර ඇමති තුමනි, ඔබ මෙහි දී නිහඬ බව රකිනවාද?

:       31       776

denin Wednesday, 04 December 2019 03:55 PM

ඉතාමත් හොඳ කාලෝචිත තීරණයක්. වැලි, ගල් ආදියේ මිල ගණන් අහපුවහම මිනිසුන් මේවා මිලදී ගන්නේ මෙම දේවල් නැතිව ඉදිකිරීම් කටයුතුකල නොහැකි නිසාමයි.

:       526       406

DD Wednesday, 04 December 2019 04:47 PM

විල්පත්තුව කැපුවට වඩා වැඩි විනාසයක් මෙයින් පරිසරයට ඇතිවීම වලක්වනු නොහැකිය.

:       24       751

Wijebahu Thursday, 05 December 2019 01:17 AM

ළඟදීම ගස් කැපීම සහ වනාන්තර එලි කිරීමට පර්මිට් අවශ්‍ය වෙන එකක් න.

:       18       143

ටි ඉන්දික Wednesday, 04 December 2019 04:58 PM

පස් මාෆියාකාරයෝ කිරිබත් උයනවා ඇති..

:       10       527

supun Wednesday, 04 December 2019 06:57 PM

නැවත වැඩ පටන් ගනීවි. බොන්න තියෙන වතුර ටිකත් ඉවරෙටම ඉවර වේවි.

:       1       169

Kaveen Wednesday, 04 December 2019 07:49 PM

මෙයනම් ඉතාමත් නරක තීරණයකි. කරුනා කර නැවත වරක් මෙය අවලංගු කරන්න.

:       1       214

Wasantha Wednesday, 04 December 2019 08:22 PM

මීට වඩා වැදගත් දේවල් තීරණය කරන්න වෙනවා. ලංකාවේ ඉන්න රාජ්‍ය හොරු ටික අල්ලන්නේ නැතුව මොනවා කලත් වැඩක් නැහැ. අපි මෙතුමා ව පත් කරගත්තේ මීට වඩා දෙයක් බලපොරෝත්තුවෙන්.

:       2       154

Perera Wednesday, 04 December 2019 09:26 PM

දැන් කිසිම ඉවක් බව නැතුව හිතුන හිතුන තැන් වල හාර හාර පස් වැලි ජාවාරම් ජයටම කෙරේවි. පාරෝභෝගිකයට පස් සහ වැලි වල ගාන අඩුවෙයි සැපයුම වැඩි වෙන හින්දා හැබයි මුළු රට පුරා සිදුවිය හැකි පරිසර විනාශය මිල කල නොහැකි අන්දමකට සිදුවේවි. ඒවා ගැන කීයෙන් කී දෙනාද හිතන්නේ. ලබන ඡන්දෙට රට විනාශකරලා හරි 3/2 බලය ගන්න ඡන්ද ආකර්ෂණය කරගන්න පුළුවන් නියම ක්‍රමවේදයක්.

:       3       273

samiraThursday, 05 December 2019 06:32 AM

නිකන් නොදන්නා දේවල් කතා කරන්න එපා. මෙතන කරලා තියෙන්නේ ප්‍රවාහන බලපත් අහෝසි කරන එක මිසක් කපන එකට දෙන ලයිසන් නවත්තන එක නෙමෙයි. අනවසර වැලි කපන එක නවත්තන්න වැටලීම් කළයුතු වෙනවා. දැන් මේකෙන් පොලිසිය මග නවත්ත නවත්ත ගන්න ජරාව වැලි ලයිසන් දෙනකොට ගන්න ජරාව නවතිනවා. ඉතින් සමහරුන්ට ටිකක් අමාරු වෙයි.

:       122       81

kumara Wednesday, 04 December 2019 10:20 PM

පස්කඳු ටික ඉක්මනින් ඉවර කරන වැඩක්. වැලි ලොරි වල අනතුරු වැඩිවෙයි. මොකද ලොරිවලට ඕන තැනකින් පටවන්නත් පුළුවන්, සීමාවක් නැතුව අදින්නත් පුළුවන්.

:       2       90

ලුම්බිණි Wednesday, 04 December 2019 11:39 PM

ජනාධිපති තුමාගේ "රට හදන සෞභාග්‍ය දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 64 වෙනි පිටුවේ කියල තිබෙන විදියටද කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ? එහෙම නැත්නම් 'කියන කොට එක විදියක් කරන කොට එක විදියක්' ක්‍රමය යටතේද?

:       2       107

KVD Jinadasa Thursday, 05 December 2019 12:31 AM

හොඳ තීරණයක්. මේ බලපත්‍ර ක්‍රමය මගින් ඇති හැකි අයට පමණි වැඩක් කරගන්න පුළුවන් උනේ.

:       144       9

Missaka Thursday, 05 December 2019 01:08 AM

මේ කැබිනට්ටුවටත් ජාවාරම්කාරයෝ රිංගලා වගේ! මේක හරිම භයානක දෙයක්. මහා මැතිවරණයේදී ඡන්ද නැති වෙයි.

:       1       78

Prasanna pathiranage Thursday, 05 December 2019 01:09 AM

අලුතින් පත්වෙච්ච මැතිඇමතිලා තමන්ගේ හිතවත් අයට දුන්න මැතිවරණ පොරොන්දුවක්ද දන්නෙ නෑ නේද ?

:       1       170

ruwan Thursday, 05 December 2019 02:13 AM

අපි අලුත් ජනාධිපතිතුමන්ගෙන් බලාපොරොත්තු නොවුන දේවල් ලබාදීමෙන් වෙන්නේ මහින්ද මහත්තයට වුන දේ එතුමාටත් වීමයි.

:       24       132

Mahesh Thursday, 05 December 2019 02:18 AM

මෙච්චර කදු නායයෑම් වෙනවා. මේවා හොද වැඩ නොවේ. පරිසරයට සංවේදී නැති මිනිස්සු. කවුරු ආවත් එකයි බලන් ගියහම. පස් මුදලාලිලා ඇතුලෙම ඇති..

:       2       206

Mahee Thursday, 05 December 2019 02:20 AM

බලපත්‍ර ක්‍රමයක් තිබිලත් වනාන්තර, ගංගා ඉවුරු වනසන හැටි දැක්කහම බලපත්‍ර ඉවත් කලහම සිද්දවෙන දේ ගැන හිතා ගන්න පුළුවන්. ඉස්සරවෙලා විකල්ප ක්‍රමයක් ස්ථාපිත කරලා ඊට පස්සේ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම නේද කල යුත්තේ? ඒත් ඡන්දෙට වියදම් කල කොන්ත්‍රාත් කරන අය සතුටු කරන්නත් එපාය.

:       1       211

de silva Thursday, 05 December 2019 02:23 AM

හොඳ තීරණයක් නමුත් ගල් , වැලි , පස් කියුබ් එකක විකිණිය හැකි උපරිම පාලන මිලක් සදහන් කරන්න, නැතිනම් මෙම තීරණයේ වාසිය ලබන්නේ වැලි සහ පස් මාෆියාව.

:       145       123

Akanaj Thursday, 05 December 2019 02:25 AM

මහජනතාවට තියෙන අපහසුව ගැන කියලා තියෙන්නේ.

:       110       1

සිසිල් සුදේශ් Thursday, 05 December 2019 02:30 AM

රටටම හානිකර තීරණයක්. ඉවත් කරන්න.

:       1       53

Aruna Manipura Thursday, 05 December 2019 02:44 AM

දැන් ඉතින් හෙන්චයියන්ට ගංගා හාරලා ලොකු පරිසර විනාශයක් කරන්න හැකි වේවි.

:       5       64

lalithm Thursday, 05 December 2019 03:13 AM

අනුන්ගේ ඉඩම්වලින් බලෙන් පස් කැපීම, කුඹුරු ගොඩ කිරීම ආදියට හොරුන්ට බලපත්‍රයක් දීලා. ඉස්සර චන්ද්‍රිකා මැතිනිය රජ කරපු කාලේ ටික කාලයකට කොස් ගස් කැපීම සහ ප්‍රවාහනය සඳහා තිබුණු නීතිය අයින් කල හැටි මතක නේද?

:       1       118

Hemantha Thursday, 05 December 2019 04:05 AM

කොහොමත් මේ අය ලග වැලි පස් ජාවාරම්කාරයෝ ඉන්නවා ඔය දිවුලපිටිය පැත්තේ එහෙම. වාසිය කාටද කියලා දැන් තේරෙනවනේ.

:       1       127

Amara Thursday, 05 December 2019 04:06 AM

පුළුවන් නම් සීගිරියත් කඩලා අදිනවා

:       1       121

kumara Thursday, 05 December 2019 04:40 AM

ඉතාම හොද තිරනයක්. හරියට කියවන්නෙ නැතිව මොඩ කතා කියන්නෙ ඇයි. මෙක අදාල ප්‍රවාහනයට පමනයි. පස් කපන්න, ගල් කඩන්න නොවේ. ප්‍රාවහනයෙදි විශාල ලෙස පොලිසියට දේශපාලකයන්ට පගා ගෙවන්න සිදුවිමෙන් විශාල ලෙස මිල වැඩි උනා. මිලට උපරිම මිලක් පැනවිම කල යුතුයි.

:       531       513

mohanThursday, 05 December 2019 05:18 AM

කුමාර, ඔබ පමණි මේ පුවත හරියටම තේරුම් අරන් තියෙන්නේ.අදහස් දක්වන සියලුදෙනාම හරියට නිව්ස් එක කියවන්න කරුණාකරලා.

:       335       342

hemaThursday, 05 December 2019 06:09 AM

හොද තර්කයක්, හපන්න බැහැ නමුත් ගිලින්න පුළුවන්.

:       1       7

පහන් Thursday, 05 December 2019 07:19 AM

ගංගා ඉවුරු, බලෙන් පස් කැපීම්... කුමාර තන කොළද කන්නේ? අනවසර කැපීම් හෑරීම් කරන්නේ නැතුව කොහෙන්ද අලුතෙන් වැලි පස්... තියන ටික අදින්නද ඔය නීතිය...?

:       1       94

kumaraThursday, 05 December 2019 08:48 AM

පහන් මහත්තයෝ හොරෙන් හාරන එකා කොහොමත් හොරෙන් අඳිනවා. නීතියට අනුව ගල් පස් හාරන එකාගෙන් ප්‍රවාහනයට ගානක් ගන්නවා. එ්ක තිබ්බත් පොලිසියට දේශපලුවන්ට පාගා දෙන්න ඕනෑ. එ්කනිසා මිල වැඩිවුණා. එ්කයි අයින් කලේ.... මුහුදු වැලිවලටත් ඕක ගහනවා. මට කවුරු හරි කියන්න කොහොමද ප්‍රවාහන බලපත් අයින් කළා කියලා කොහොමද පරිසර දූෂණය වැඩිවෙන්නේ...?

:       2       1

kumaraThursday, 05 December 2019 08:51 AM

අනික මේක තාවකාලික දෙයක්.... තියන පස්වලට තමා අයින් කලේ හොරෙන් කපන ඒවා හොරෙන් අඳිනවා කොහොමත්... එ්ක වෙනයි.

:       2       1

ජයා Thursday, 05 December 2019 05:34 AM

ගරු පාහියන්ගල ආනන්ද සාගර හිමිපාණන්ගේ ව්‍යයාමය සාර්ථකවී ඇතිබව පෙනේ.

:       1       3

Kumari Thursday, 05 December 2019 05:50 AM

කුමාර මහත්තයෝ අපිට තේරෙනවා ඒ වගේම මේකත් මතක තියාගන්න මේක ලංකාවනේ පටන්ගන්නේ ඔහොම තමයි ඊළගට වෙනදේත් අපි අත්විදලා තියෙනවනේ නේද? අපි ගැන හිතුවානම් ඔයිට වඩා ඉක්මනින් විසදිය යුතු අන්වාර්ය දේවල් කොපමණ තියෙනවාද එකයි ඔතන තියෙන ගැටලුව. මමත් වැලි ප්‍රශ්නෙට ගොඩාක් මුහුණ දීපුකෙනෙක් මං ගැන විතරක් හිතල හරියන්නේ නැහැ රටේ පරිසරයත් රකින්න ඕන නේද? සමහර දේශපාලකයෝ තමයි මේ බිස්නස් එක කරන්නේ. අපිට ආදරේනම් මේ ටික නවත්වන්න මගී ප්‍රවාහනයට සුදුසු නැති බස්, අදික වේගෙන් මිනිස්සු යටකරගෙන යන වාහන ඔයවගේ කොපමණ තියෙනවාද ඉතා වැදගත් වගේම අනිවාර්ය ඒවා. එයාලට වාසියක් වෙන අපිට තියෙන ප්‍රශ්න විතරයි එයාලට මුලින්ම පෙන්නේ.

:       1       14

mohan Thursday, 05 December 2019 07:43 AM

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය ආණ්ඩුව විසින් අහෝසි කළේ තාවකාලිකව බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. මෙම තීරණය හේතුවෙන් ගල්, වැලි, පස් මිල පහළ වැටිය යුතු බව පැවසූ අමාත්‍යවරයා එම සහනය ජනතාව වෙත ලැබෙන්නේද යන්න මෙන්ම මින් අයහපත් ප්‍රතිඵල ඇතිවේද යන්නත් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කර තිබෙන බවයි සඳහන් කළේ... එම කමිටුව විසින් ලබාදෙන වාර්තාව අනුව මෙම බලපත් අහෝසි කිරීම දිගටම ක්‍රියාත්මක කරන්නේද.., නැද්ද යන්න පිළිබඳ ඉදිරි කැබිනට් රැස්වීමකදී තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

:       2       2

kumara Thursday, 05 December 2019 09:00 AM

කුමාරි නෝනා ඕවත් කෙරෙන්න ඕනෑ රටේ ඉදිකිරීම් වැඩිකරලා රස්සා වැඩි කරන්න. මේකෙන් පරිසරයට වෙන හානිය වැඩිවෙන විදිහ කියන්නකෝ... දේශපාලුවට තියෙන්නේ කපන ලැයිසන්... ප්‍රවාහනය අසරණ දුප්පත් ලොරිකාරයා. එයාට තමයි ඔක්කොම එන්නේ මේ ලයිසන් එක නිසා... ඉතින් මේකෙන් වාසි වෙන්නේ අපිටයි, දුප්පත් ලොරි කාරයටනේ..

:       4       1

athula Friday, 06 December 2019 07:21 AM

ඉතින් මේ ආණ්ඩුව ගෙනාවේ මේවට තමයි. දැන් සනීපද කියලා අහන ගමන් කියන්න ඕනේ ඕවට විසදුම අනෙක් තක්කඩීන්ව ගේන එක නොවේ රටට ආදරය කරන මිනිස්සු බලයට ගේන එක කියන එක.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 28 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1487 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 458 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 541 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 408 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site