IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිගේ මාරුව අවලංගු කරයි

(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)

 කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (14) නියෝග කළේය.
 
මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගේ වැඩ බලන සභාපතිත්වයෙන් අද (14) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගත්තේ නෙවිල් ද සිල්වා මහතා විසින් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගනිමිනි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් නීත්‍යනුකූල නොවන ක්‍රියාවක්  සිදු කරන්නැයි පොලිස් ප්‍රධානීන් දෙදෙනකු ලබා දුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කියමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම අභියාචනය සිදු කර තිබිණි.
 
ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
 
ඒ අනුව ඔහු පොලිස් මූලස්ථානයට අනියුක්ත කරමින් සහ පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස පත් කරමින් ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කළේය.



අදහස් (6)

කොළඹ අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිගේ මාරුව අවලංගු කරයි

Mahee Thursday, 14 March 2019 05:25 PM

මේ රටේ නීතියක් ස්ථාපිත කරන්න නම් කිසිම පාලකයෙකුට වුවනාවක් නැහැ. පොලිස් කොමිසමේ නියෝගවලට පිටුපායමින් තමන්ට හිතෙන දේ කරන්න පොලිස්පතිට පුළුවන්ද? එක්කෝ කොමිසම වැඩක් නැහැ නැත්නම් පොලිස්පති වැඩක් නැහැ. මෙතන තිබෙන බලතල අවුල නිවැරදි කරන්න බැරි ආණ්ඩුවෙන් වැඩකුත් නැහැ...

:       0       11

Rizna Thursday, 14 March 2019 05:42 PM

පොලිස්පතිට තමාගේ ආයතනයේ විනය පවත්වාගෙන යන්නට මොවුන් ඉඩක් තියන්නේ නැතිම පාටයි.

:       0       0

C.K.ankaputhra Friday, 15 March 2019 01:25 AM

නීත්‍යානුකුලව පිහිටවනු ලැබූ කොමිසම පොලිස්පතිවරයා විසින් එය මගහරිමින් කටයුතු වරදක් නේද? ඊට දඩුවමක් නැද්ද?

:       0       1

Sapumal. Friday, 15 March 2019 02:42 AM

මේක අපුරු වැඩක්නේ. සැකකරුවෙකු සම්බන්ධව නීත්‍යානුකුල නොවන ක්‍රියාවක් කිරීමට ඉහළ නිලධාරීන් දෙදෙනෙකු ලබාදුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසායි මේ දේ සිදුවී ඇත්තේ. මේ නීති විරෝධී නියෝගය දුන් ඉහළ නිලධාරීන් දෙදෙනාත්, එම නියෝගයත් වහාම රටට හෙළිකළ යුතුයි. එසේම ඔවුන් දෙදෙනාටත්, ඔවුන්ට අනුබල දුන් පොලිස්පති වරයාටත් එරෙහිව වහාම නිසි පියවර ගත යුතුයි.

:       0       33

කැකිරිහේන Friday, 15 March 2019 03:50 AM

නීති විරෝධී මාරුව දුන් පොලිස්පතිට මොකද වෙන්නේ

:       0       1

sam Friday, 15 March 2019 08:54 AM

මේ නීති විරෝධී නියෝග දුන් පොලිස් ලොක්කන්ට මුකුත් දඬුවමක් නැද්ද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 24 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 93 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 488 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 26 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 185 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 170 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site