IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග

විනීතා එම් ගමගේ

 

එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය කොළඹ වරායට ගොස් එම කන්ටේනර් පරික්ෂා කිරීමකින් පසුව මෙසේ උපදෙස් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.

එම කන්ටේනර්වල තිබු පාවිච්චි කළ මෙට්ට තොගයෙන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි යැයි ද ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව දැනුවත් කළ බව ද කී ඉන්ද්‍රරත්න මහතා පාවාච්චි කළ මෙට්ට ආනයනය කරන බවට මෙකී ආනයනය කළ සමාගම රේගුවට ප‍්‍රකාශ කර තිබුණ ද එම කන්ටේනර්වල තිබුණේ කසල ගොඩක් බවට පත්ව තිබු මෙට්ට තොගයක් බව ද කීය.

මෙට්ට තොගයක් බව කියැවෙතත් එහි අඩංගු දේ හැඳින්විය හැක්කේ කුණු ගොඩක් වශයෙන් යැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (28)

කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග

Prabha Wednesday, 10 July 2019 11:24 AM

ගෙවල්වලින් විසිකරන බඩු එකතු කරන්න අපි රුසියෝ...

:       1       407

upali Wednesday, 10 July 2019 11:43 AM

ඔය කුණු හින්දද සිංගප්පූරුව සමගත් ගිවිසුම් ගැහුවේ...?

:       2       215

ගොන්ගාලේ ගොඩබණ්ඩා Wednesday, 10 July 2019 11:57 PM

වැඩක් නෑ උපාලි. අපේ රටේ ඉන්න හැම දේශපාලකයෙක් විතරක් නොවෙයි ගොඩක් උගත්තුත් තුට්ටු දෙකක් ලැබෙනවානම් රට නොවෙයි ගෙදර ගෑනි දරුවොත් විකුණලා කියක් හරි ගන්නවා. අපේ රට විදේශ වල රූකඩයක් වෙලා ඉවරයි. ඔය දේශපාලුව කරන සියල්ලට නීති විශාරධයෝ කියන කළු කෝට් මෆියාවත් නිහඩයි. ටිකෙන් ටික කොටසින් කොටස අපේ රට අමාරුවේ වැටිලා ඉවරයි.

:       0       129

PereraThursday, 11 July 2019 05:21 AM

ලොව හොඳම අපද්‍රව්‍ය බැහැර කිරීමේ කළමනාකරණ පද්ධතියක් සිංගප්පූරුව සතුව ඇත. ඔබට වැඩි විස්තර අන්තර්ජාලයෙන් සොයාගත හැකිය. මම හිතන්නේ නැහැ ඔවුන් ශ්‍රී ලංකාවට කුණු යැවීමට සැලසුම් කරනවා කියලා.

:       14       110

ravi Wednesday, 10 July 2019 12:00 PM

ගෙන්වපු කුණු ආපහු යවන්න. කව්ද මේ වියදම් දරන්නේ? කාගේ මුදල්ද ..?

:       176       100

RaveendraWednesday, 10 July 2019 02:22 PM

රවී මයා වෙත, කොඳු තියෙන නිලධාරීන් කළයුත්තේ මේ නරකාදිය ගෙනාපු ඌරාගෙන්ම සියලු වියදම් පියවා ගැනීමය. කෙසේ හෝ මෙවන් තුප්පහි හිඟන වැඩ මාධ්‍යයට එළිවීමත් පුරවැසියන්ගේ යම්කිසි හෝ වාසනාවකි. එසේ නොමැතිනම් මෙම දහජරාව සුද්දකර අහිංසක මිනිසුන්ට විකුණනු නොඅනුමානය.

:       0       363

amila Wednesday, 10 July 2019 12:05 PM

පුළුවන්නම් අපේ කුණු ටිකකුත් දාලා යවන්න.

:       2       176

sisiraWednesday, 10 July 2019 10:59 PM

අපේ පාර්ලිමේන්තුවේ කුනුවෙවී ඉන්න දේශපාලුවෝ රොත්තත් ඔක්කොම දාල ඇරියනම් තමයි හොඳ.

:       0       54

chandima Wednesday, 10 July 2019 12:15 PM

පරිසර හානිය වගේද ලෙඩ රෝග..? ඕවා වගේ කවුරු කරපුවද කියලා කවුද දන්නේ?

:       0       216

චමින්ද Wednesday, 10 July 2019 12:29 PM

ගෙන්වපු කෙනාත් ඒ සමගම යවන්න බැරිද?

:       0       269

Asanka Wednesday, 10 July 2019 12:52 PM

පේනවද? ඕක කලින්ම මාධ්‍ය මගින් එළිවුණු නිසා දැන් කර අරින්න බැරිකමට ගිහින් පරික්ෂා කරලා අාපහු යවන්න කිව්වා. නමුත් ඇත්තටම අාපහු යැව්වද? හොරපාරෙන්ම රට ඇතුළට එයිද කවුද දන්නේ? අනික මේවා ගෙන්නපු කෙනාට විරුද්ධව නීතියක් නැති රටේ ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?

:       0       56

Vidya Wednesday, 10 July 2019 01:36 PM

මැලේසියාව මේ කුණු ආපසු යැවීමට පටන් අරන් තියෙන්නේ...

:       0       83

upaliWednesday, 10 July 2019 04:52 PM

පිලිපීනය ගිය සතියේ පටන්ගත්තා...

:       0       95

Prabha Wednesday, 10 July 2019 01:51 PM

මේකේ අදහස් පළකරන සමහරු හිතන් ඉන්නේ මේවා ලංකාවට විදේශීය ආයතන වලින් එවපු කුණු කියලා. නමුත් මේවා අපේ මිනිස්සු විසින් එකතු කරලා එවන පාවිච්චි කරනලද භාණ්ඩ...

:       256       306

anura Thursday, 11 July 2019 01:04 AM

අපේ මිනිස්සු කියන්නේ කවුද? පැහැදිලි මදි ඔබතුමා මේ ආනයනය කරන ලද දේවල් පරීක්ෂා කළාද? ණයවර ගිණුම් ප්‍රකාශ ඇසුරුම් ලේඛන ආදිය...

:       48       31

Kuma Friday, 12 July 2019 09:43 PM

ඔබතුමා හිතනවද කුණු කන්ටේනර් 100 ක් ප්‍රතිචක්‍රීකරණය කරගන්න බැරි රටවල් ඒවා කියලා. ඒවා මෙහෙට එවන්න දරණ වියදමට වඩා අඩු මුදලකට කරගන්න පුළුවන්කම තියෙනවා. පරණ ඇඳුම් පැළඳුම් වල ඉඳන් ලදරම් යන්ත්‍ර සූත්‍ර දක්වා මෙහෙට ගෙනැත් විකුණන්නේ කලු සුද්දන් මිසක් එංගලන්ත සුද්දන් නොවේ.

:       0       15

Lal Wednesday, 10 July 2019 02:13 PM

කැනඩාව මේ වගේ කුණු තොගයක් පිලිපීනයට යවලා, පිලිපීනය ඒවා අපහු යැව්වා. මේක තමයි දියුණුයි කියන රටවල් කරන අලුත් වැඩේ...

:       0       33

Kumara Wednesday, 10 July 2019 02:31 PM

ඕක ගෙන්නපු එක තමයි... කන්න දුන්නා නම් තමයි හොඳ.

:       0       54

menna Wednesday, 10 July 2019 02:58 PM

ආනයනය කරන දේවල් පිළිබඳ හොඳට හොයලා බැලුවොත් හොඳයි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් භාණ්ඩ කවර් කරන පෙට්ටි ගැන වුවද සෙවිල්ලෙන් ඉන්නේ. ලංකාවට ඕනෑම දහජරාවක් ගේන එක දැන්වත් නතර වුනොත් හොඳයි.

:       0       45

gamarala Wednesday, 10 July 2019 03:39 PM

අපේ තියන කුණු මදිවට පිටරටවල තියන කුණුත් මෙහෙ ගේනවා නම්, රටේ තත්වය මොකක්ද කියලා තව කියන්න ඕනෑ නැහැනේ. මේ දේවල් ගැන හොයන්න බලන්න කෙනෙක් නැහැ වගෙයි. මේ පාලකයින් තමන්ගේ වර්ධනය සඳහා කාකොටා ගන්නවා මිස රට ගැන හිතලා රටේ දියුණුවට කටයුතු නොකිරීම ගැන පොදු ජනතාව දුක්වෙන එක විතරයි තියෙන්නේ...

:       0       92

Don Wednesday, 10 July 2019 04:20 PM

මේක ලොකු ව්‍යාපාරයක්, උඩ කවරය ගලවලා අලුත් එකෙක් දාලා නැවත විකුණනවා. ඔයාලා කඩේට ගිහින් අලුත් එකක් කියලා ගෙදර ගෙනියනවා. හරිම සරලයි නේද?

:       0       104

ජයතුංග දූල්වල Wednesday, 10 July 2019 04:52 PM

එංගලන්තයේ සිට ලංකාවට යැවූ අය හා ලංකාවේදී ලබාගන්නා අය හෙලි කරන්න. මෙහෙ ක්‍රමානුකූලව කසල කළමනාකරණය කෙරේ...

:       0       141

Chandima Wednesday, 10 July 2019 05:42 PM

ඔබ දන්නවද? මේ විදියට න්‍යෂ්ටික අපද්‍රව්‍ය පවා අපේ මේ රටේ පොළව උඩට ගෙනත් දාන්නත් ඉදිරියේදී කටයුතු කෙරේවි.

:       8       19

Kuma Wednesday, 10 July 2019 08:55 PM

ලංකාවෙන් එංගලන්තෙට යවන්න පුළුවන්ද බලන්න. කිසිම දවසක ඒ අවසරේනම් ලැබෙන්නෑ. අපේ රටේ මේතරම් මෝඩයෝ බිහිවුණේ කොහොමද?

:       0       24

sachith Thursday, 11 July 2019 12:09 AM

ඕක ඇත්තටම පිටරට යවයිද නැත්නම් උඩරට, රජරට හරි පහතරට කොහෙහරි නවතීද දන්නේ නෑ

:       0       28

janahitha Thursday, 11 July 2019 01:06 AM

මේවා තුලින් භයානක විෂබීජ රටට එනවාමයි. සමාජ රෝග වගේ දේවල්ද එන්න පුළුවන්

:       0       21

sugath premalal Thursday, 11 July 2019 04:21 AM

සතුටු වෙන්න පුලුවන් කොන්ද පණ තියන නිලදාරීන් එක්කෙනෙක් හරි ඉන්න එක... ඔය හැම ජරා වැඩක්ම කරන්නේ අහවල් වර්ගයේ ජාතින්...

:       0       181

Adiri Friday, 12 July 2019 01:03 PM

ආණ්ඩුවෙන් කුණු ගෙන්නන බව කලින් දැම්මනේ..? යවන්නේ නැහැ.... බොරු කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 7 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1429 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 442 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 526 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 398 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site