IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කැබිනට් රැස්වීම පවත්වන වේලාවේ වෙනසක්

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් රැස්වීම ලබන අඟහරුවාදා සිට උදේ 8.30 ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.

කැබිනට් රැස්වීම උදේ 7.30 ට පැවැත්වුවද ඇමැතිවරුන් ප්‍රමාද වී පැමිණීම නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) උදේ 7.30 ට කැබිනට් මණ්ඩලය රැස්වූවද ආරම්භක අවස්ථාවේ සිට ඇත්තේ ඇමැතිවරුන් හතර පස්දෙනෙකු පමණක් බවද ආරංචි මාර්ග කියයි.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ ඇමැතිවරුන්ට කැබිනට් රැස්වීමට සහභාගී වී අමාත්‍යංශ වලට යාමට හැකි බැවින් කැබිනට් රැස්වීම උදේ 7.30 ට කැඳවූ බවයි.

එහෙත් ඇමැතිවරුන් එන්නේ ප්‍රමාද වී නම් කැබිනට් රැස්වීම උදේ 8.30 ට පවත්වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කැබිනට් රැස්වීම අඟහරුවාදා පෙරවරු 9.30 ට මුලදී පැවැත්වූවද එය උදේ 7.30 ට පවත්වන්නට ජනාධිපතිවරයා මීට සති කිහිපයකට පෙරදී තීරණය කළේය.

එහෙත් පසුගිය සති කිහිපයේම කැබිනට් මණ්ඩලය උදේ 7.30 ට රැස්වූවද ආරම්භක අවස්ථාවේ ඇමැතිවරුන් සහභාගී වී ඇත්තේ හතර පස් දෙනෙකු බවත් ඇමැතිවරුන් වැඩි දෙනෙකු පැමිණ ඇත්තේ කැබිනට් රැස්වීම ආරම්භ වී පැය භාගයකට පැයකට පමණ පසුව බවත් වාර්තා වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කැබිනට් රැස්වීම ලබන සතියේ සිට උදේ 8.30 ට කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.



අදහස් (18)

කැබිනට් රැස්වීම පවත්වන වේලාවේ වෙනසක්

Raveendra Tuesday, 13 August 2019 05:45 PM

හා හා ඔය තටමන්නේ අන්තිම කාලේදී වේල්තුනම පිනට ගිලින්න ක්‍රමයක් හදා ගැනීමනේ... අපි නොදන්නා කැබිනට් රැස්වීම් මලයා...

:       226       312

Nalaka Tuesday, 13 August 2019 06:37 PM

අන්තිම කාලේවත් පිනක්, දහමක් කරගෙන ගෙදරට වෙලා නිදාගන්න. ඔය රැස්වීමෙන් රටට වෙච්ච සෙත මොකද්ද?

:       0       0

MD Wednesday, 14 August 2019 12:32 AM

ඔබතුමාගේ හැමදේකම ඔහොම තමයි. කෙළින් තීරණයක් ගත්තා නම් ඒක ගන්න. මොනවද මේ? ජනාධිපති කෙනෙක් නේද? කරුණාකර පුළුවන් කෙනෙක්ට නම්බු පිටින් ඒක දෙන්න.

:       0       36

CHANDIMA Wednesday, 14 August 2019 12:39 AM

ඔය කියන ඇමතිවරුන්ට රජයේ වැටුපකුත් ගෙවනවා නම්, වසර 5ක් වැනි කෙටි සේවා කාලයකින් පසුව ජීවිතාන්තය දක්වා වූ විශ්‍රාම වැටුපකුත් ගෙවනවා නම්, වෙනත් නිල පහසුකම් සහ දීමනාත් ගෙවනවා නම්, එයාලට ඕනෑ වෙලාවට කැබිනට් රැස්වීම් තියන්නේ මොකටද? වෙලාවට එන්න බැරිනම් ඉවත් කරන්න නැතිනම් දඬුවම් කරන්න. ඔය නීතිය අනිකුත් රජයේ සේවකයින්ට නැත්තේ මොකද?

:       0       63

RaveendraWednesday, 14 August 2019 05:01 AM

හා හා හා ... ඔබ විසින් " උගත් නූගත් ගොන් තඩි රෑනකට " උසුළු විසුළු කර ඇතිබවක් පෙනෙන බැවින් ඉදිරියේදීත් එවන් බූරුවන් අපගේ මව්බිම පාලනයට ගෙන එන්නේද යන්න සිතීම වඩාත් සුදුසු නොවන්නේද?

:       15       1

Mahee Wednesday, 14 August 2019 01:00 AM

ජනාධිපතිතුමා අපේ සිංහලයින්ගේ වැඩකිඩ පුරුදු ආදිය ගැන දන්නේ නැහැ වගේනේ. උදේ හතහමාර වෙනකොට ඒ ගොල්ලන් කොහොමද නැගිට ගන්නෙවත්? කලින් දවසේ නැහිලා නැහිලා, හවසටත් නැහිලා, රෑටත් එහෙම කරලා අමාරුවෙන් නොවැ ඉන්නේ...

:       0       32

ratne Wednesday, 14 August 2019 01:44 AM

ප්‍රමාද වෙන්න හේතුව උදේ පාන්දර බස් රථ වල අඩුවක් ඇති.

:       0       57

RaveendraWednesday, 14 August 2019 04:01 AM

අම්මපා ඔබේ අදහස් නම් සත්‍යම අදහස් බැවින් ඔබගේ මුඛයට සුදු රත්තරන් සහිත කිරි දැමිය යුතුය. මොකද මේ කිසිවක් නොදන්නා තොත්ත බබාලා මහ පාන්දර අවදි වෙලා තම තමන්ගේ අම්මලා දර ලිප පත්තු කර ඉතා අපහසුවෙන් සාදාදෙන ලද බත්ගෙඩිය සමගින් පාරට දුව ඇවිත් බස් එක එනතෙක් සැමදාම බලා සිටින " අහිංසක බුරුවන් රෑනක්නේ ".. මේවගේ අය තාමත් අප රටේ මහජන මුදලින් ජීවත් වෙනවනේ...

:       0       31

Bamunuarachchi Wednesday, 14 August 2019 02:45 AM

අනේ ඕක නොපැවැත්තුවා කියලා රටට ප්‍රශ්නයක් නොවෙයිනේ...

:       74       81

Sugath Premalal Wednesday, 14 August 2019 04:29 AM

නව රජයක් පත්වන තුරු කැබිනට් රැස්වීම අහෝසි කළොත් හොඳයි. ගන්න තීරණයකුත් නැහැ. බොරු වියදම් විතරයි. අනේ අපොයි අපේ බදු මුදල්...

:       0       16

de silva Wednesday, 14 August 2019 04:50 AM

ඔතැන තිබෙන්නේ වෙන ප්‍රශ්නයක් ඔය ඇමැතිවරු එන v8 , ලොකු බෙන්ස් , BMW වැනි වාහන විශාල වැඩියි., 8:30 වෙනකොට... එතකොට ඇතිවෙන කොළඹ මාර්ග තද බදයත් එක්ක එන්න බැරිවේවි.., කරුණාකර ඔවුන්ට ඔය ලොකු වාහන නොදී ත්‍රිරෝද රථය බැගින් දුන්නා නම් එහෙන් මෙහෙන් දමලා, අස්සෙන් රිංගලා වෙලාවට ඒවි...

:       0       16

RaveendraWednesday, 14 August 2019 06:04 AM

ඉතාම වටිනා අදහසක්... හැබැයි කුඩැල්ලන් " මඩේ " තියන්න බැහැ කියනවා වගේ මේ " ගොන් හරකුන් " දැන් එන්නෙත් එහෙන් මෙහෙන් දාලා නිලමැස්සන්ගේ සුන්දර වචනවලින් පාරේ යන අහිංසක මිනිසුන්ට මෙන් සමහර අවස්ථාවල තිරිසනුන් ලෙස හැසිරෙමින් බැවින් නෙවේද?

:       0       0

de silva Wednesday, 14 August 2019 05:09 AM

ඔය 30-40 එන්නේ වෙන වෙනම... ඉස්සරහින් පස්සෙන් පොලිසිය සහ ඩිෆෙන්ඩර් පිරිවරාගෙන.. එතකොට ඇතිවෙන තදබදය නිසා වැඩට යන මිනිස්සු අමාරුවේ වැටෙනවා. කරුණාකර පුළුවන් තරම් උදෙන් එන්න කියන්න. ඔය රැස්වීම උදේ 7ට විතර තියන එක වඩා හොඳයි.

:       0       12

Hafeel Wednesday, 14 August 2019 05:16 AM

රජයේ සේවකයන් පොඩ්ඩක් ප්‍රමාද වෙලා හෝ අාවොත් වැටුපෙන් කපනවා. විනය පරීක්ෂණ... මොවුන් රට හදාන්න නොවේ ඇවිත් ඉන්නේ. ඔවුන් හැදෙන්න...

:       0       7

Raveendra Wednesday, 14 August 2019 05:52 AM

ඇමතියෝ හැත්ත බුරුත්තක් ඉන්න අපේ රටේ..// වෙලාවට වැඩකෙරුමට මතක් උනේ දැන්ද බොලේ..// මෙතුවක් කල් ඔක්කොම කොහේද ගියේ..// කියපිය සැමදා පඩි ගෙව්වේ අපිනේ බොලේ..//

:       0       5

isurandi Wednesday, 14 August 2019 08:57 AM

මේ විදිහට මීහරක් දක්කනවා වගේ වැඩ කරන්න බැහැ ප්‍රධානියා කෙලින් නැත්තම්...

:       0       21

සාගර Wednesday, 14 August 2019 09:23 AM

අයියෝ ටියුෂන් ක්ලාස් එකත් මීට වඩා විනයක් තියෙනවා.. අනේ ඉතිං මහත්වරුන්ට 8.30 ටත් එන්න බැරි වුණොත් වෙන වෙලාවක් දෙන්න අප්පා.. දියවන්නාව පාලනය කරන්න බැරිනම් කොහොමද රටක් පාලනය කරන්නේ...?

:       0       0

lankasri Wednesday, 14 August 2019 11:15 AM

ඕක බැරිද රෑ 8.30ට දාගන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 175 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2117 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 498 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1054 1

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 145 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site