(ඩයනා උදයංගනී)
පවතින දැඩි වර්ෂාපතනය සමඟ කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගෙඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් සහ කැලණි ගෙඟේ ජල මට්ටම කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශයන්ගෙන් පිටාර මටට්මට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
ඉදිරියේදීත් වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර ඇති බැවින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ කළු ගඟ ආසන්නයේ ජීවත් වන ජනතාව හා එහි අතු ගංගාවන් දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ඇය කීවාය.
කෙසේ වෙතත් ගංගාවන්හි ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විමසිල්ලෙන් පසුවන බවත් ජල මටට්ම ඉහළ යාමේ අවදානම් අවස්ථාවල කල්වේලා ඇතිව ජනතාව දැනුම්වත් කරන බවත් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කළු - කැලණි ගංඟාවල ජල මට්ටම ඉහළට