IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ හමුදා කණ්ඩායමක් ලංකාවට

(තිළිණි ද සිල්වා)
 
ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීමට  ‘ඉන්දු - පැසිෆික් එන්ඩේචර් 2019’  වැඩසටහන යටතේ  ඕස්ටේ‍්‍රලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ වලින් සමන්විත කණ්ඩායමක් හෙට (23)  ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව මෙරට  ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව  ඕස්ටේ‍්‍රලියාවේ නෞකා හතරකින් දහසකට අධික පිරිසක් අද (22) කොළඹට සහ ත‍්‍රිකුණාමලය වරායන් වෙත ළඟාවීමට නියමිත බව  මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එම කණ්ඩාම ලබන 30 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර ආපදා සහයෝගිතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක‍්‍රම සහ හමුදා පුහුණු  ක‍්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර් ක‍්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු සහ ශ‍්‍රී ලංකා හමුදා එක්ව කටයුතු කරනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින්  ඕස්ටේ‍්‍රලියානු වැඩබලන මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කළේ කලාපය තුළ ඉහළ යන අන්තර් සම්බන්ධතාවයන් සහ ගතිකයන් සමඟින් අඛණ්ඩ වර්ධනයේ ප‍්‍රතිලාභ සියලූ රටවලට හිමිවන ස්ථාවර, සුරක්ෂිත, නීතිය මත පදනම් වූ වැඩපිළිවෙළක් ඉන්දීය සාගරයේ ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට  ඕස්ටේ‍්‍රලියාව කැප වී සිටින බවයි.

 



අදහස් (5)

ඕස්ට්‍රේලියාවේ හමුදා කණ්ඩායමක් ලංකාවට

dias Friday, 22 March 2019 12:21 PM

මේක ඇහිලා විමල් වීරවංස බයට ඇඳ යට හැංගිලා ඉන්නවා කියලා ආරංචියි.

:       221       161

chandima Friday, 22 March 2019 03:20 PM

සිංගප්පූරුවත් ඔය විදියටම ගිවිසුම් ගහලා සහයෝගිත අත්සන් කරලා තිබෙනවා. නමුත් ඒ සිංගප්පුරුවේ සාමාන්‍ය මිනිසුන්ටත් වාසි වෙන විදියට. සිංගප්පූරු වැසියන්ට ඒ රටවල මනා පිළිගැනීමක් තිබෙනවා. සිංගප්පූරුවේ ලැබූ අධ්‍යාපනයට සමතැන් දෙනවා. වෙන එකක් තියා ඇමෙරිකාවේ කෙටිකාලීනව රැකියාකර ආපසු යන්නටත් අවසර දී තිබෙනවා. ඉතින් අපිත් මේ විදියට ඔය රටවල් සමග ගිවිසුම් ගහද්දී ඒ පහසුකම් ජනතාවටත් දැනෙන විදියට ගිවිසුම්වලට එකඟ වෙනවා නම් මෙව්වට ජනතා විරෝධයක් මතුවෙන්නෙත් නැහැ. ඔය ගිවිසුම් ගහද්දි ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් අරන් යහමින් වැජඹුණු උපායමාර්ග අැමතියෙකුත් අවුරුදු ගණනක්ම උන්නා නේද?... ඔය රටවල් වල මුළු ලංකාවේම මිනිස්සු ගියත් ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා. අපි ප්‍රකෝටි ගානක් වියදම් කරලා උගන්වන දරුවන් අතින් ගානකුත් ගෙවලා ඒ රටවලට යවනවා වෙනුවට අපේ උගතුන්ට වසරකට හෝ දෙකකට ඒ රටවල සේවය කිරීමටවත් අවස්ථාව ලැබෙන විදියට ගිවිසුම් වලට ඇතුල් කරනවා නම්... අපේ කොල්ලන්ටත් එහෙ ගිහින් එ් රටවල හා සමාන වැටුප් ලබාගෙන එන්නට කිහිප දෙනෙකුට හෝ අවස්ථාව ලැබෙනවා. ගව්වක දුර නම් පෙන්නවා කියනවා. එ්ත්... අනේ මන්දා..

:       0       96

mendisFriday, 22 March 2019 04:20 PM

ඔබ කියන කතාව ඇත්ත. නමුත් තවමත් ලෝකයේ බොහෝ රටවල් ලංකාව හඳුනන්නේ දුප්පත්, ණය බරින් පීඩිත, එතරම් අධ්‍යාපනයක් නොමැති, ගෝත්‍රික යුද්ධ පවතින රටක් හැටියටයි. එබැවින්, තවමත් මෙවැනි රටවල් සමග පවතින ද්විපාර්ෂික ගිවිසුම්වලදී අප රටට වාසිදායක වන අන්දමින් කේවල් කිරීමේ ශක්තියක් අපට නැහැ. මට සිතෙන හැටියට, බොහෝවිට මේ ඕස්ට්‍රේලියානු නාවික හමුදා කාණ්ඩය ලංකාවට පැමිණීම පිටුපස තිබෙන්නේ, ලාංකිකයින් මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීති විරෝධී අයුරින් ගමන් කිරීම වැළැක්වීම සඳහා ලංකාවේ නාවික හමුදාව පුහුණු කිරීමයි...

:       92       14

chandimaFriday, 22 March 2019 07:57 PM

ලංකාවේ කොහෙද අධ්‍යාපනයක් ලබපු මිනිස්සු ඉන්නේ. ඒ සේරම එරටවල් වලට අදාල ගන්නවා කිසිම වියදමක් නොමැතිවම. හරියට අපි වී ඉස්සට පස්සේ වෙන එකෙක් ගොයම් කපාගෙන යනවා වගේ? ඔය ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර උපදේශක සමාගම් වල ඉහලම පෙලේ උපදේශකයෝ ඉන්නෙත් ලංකාවේ මිනිස්සු. සමහරු ලංකාවටම උපදේශක සේවා සපයන්න එනවා ඒ සමාගම් වෙනුවෙන්. අපෙ රටේ අහිංසක මිනිස්සු ඒ උගත්තු බිහිකරන්න ගත්තු ණය ගෙවනවා දහදුක් විඳගෙන.

:       0       5

rasika Friday, 22 March 2019 05:14 PM

ලංකාවේ ඉන්නේ ගොඩක්ම ලෝකය ගැන නොදන්නා, බොහොමයක් මෝඩ මිනිසුන්... ඒ නිසාම තමයි හොරු ටිකක් හැමදාම ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ... ඕක තමයි ඇත්ත.. ලංකාවේ මිනිස්සු බොහොමයක් නූගත්, දැන් කියයි ලංකාවේ සාක්ෂරතාව තියෙනවා කියලා.. ඒ කියන්න ලියන්න කියවන්න පුළුවන් කියන එකනේ.... එ්කෙන් උගත්කම මනින්න බැහැ.. ලංකාවෙන් අවේ කිව්වාම බලන්නේ සරණාගතයන් එහෙම නැත්නම් හොරු විදියට.. වැදගත් කෙනෙක්ටවත් වෙන රටකට ගිහින් ජීවත් වෙන්නවත් බැරි කරලා තියෙන්නේ.. මේවා වෙනස් කරන්න නම්.. මුලින්ම ලංකාවේ ඡන්ද දායකයා බුද්ධිමත් කරන්න ඕනේ.. වෙන විසඳුමක් නැහැ. ඡන්ද දායකයා මෝඩයෙක් වෙන තරමටම දැන් ඉන්න දේශපාලක්නයට හොඳයි.. එ්කනේ අධ්‍යාපනයට සලකන හැටි පේනවනේ...

:       1       61

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1018 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 298 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site