(රංජන් කස්තුරි)
මේ වසරේදී උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
උපාධිධාරීන් 20,000කට රාජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 500ක් පළමුව බඳවා ගන්නා අතර ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3500ක් බඳවා ගන්නා බවද ඇමතිවරයා කීය.
මේ අතර උසස් පෙළ හදාරන සිසුන්ට සහ ගුරුවරුන්ට මේ වසරේදී අනිවාර්යෙන්ම ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙන බවද ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර
Hafeel Monday, 18 March 2019 01:45 PM
ඉතුරු උපාධිධාරීන්ට අර කුලියාපිටිය වොක්ස්වැගන් කාර් ගරාජයට පත් කරන්න.
sanaMonday, 18 March 2019 03:58 PM
අල්ලා දෙවියන්ගේ කැමැත්ත පරිදි උපාධිදාරීන්ට රස්සා දෙන්න බැරිද?
WasudewaTuesday, 19 March 2019 02:02 AM
අපි දන්නා පරිදි මෑත කාලයේ වෙන කිසිම ඇමති කෙනෙක් අකිල ඇමතිතුමා තරම් අධ්‍යායපනයට යමක් කලේ නැහැ. අනික් අය ගොඩක් කලේ පගා ගගහ කරපු දෙයක් නැහැ. පල ඇති ගහට තමයි හැමෝම ගල් ගහන්නේ. අකිල ඇමතිතුමා ඕව ගණන් ගන්න එපා. වැඩේ කරගෙන යන්න.
BamunuarachchiTuesday, 19 March 2019 02:04 PM
අනේ කරපුවා කියන්න. මට මතකයි ගණිතය අනිවාර්ය නොකරන්න යෝජනා කළා. අන්න ඒවගේ සේවයක් කරන්න සිතුබවනම් දන්නවා. වෙන කරපු කෙන්ගෙඩියක් නැත.
Bamunuarachchi Monday, 18 March 2019 03:42 PM
ගුරුවරුයි, ශිෂ්‍යයෝයි හැරෙන්නට ලංකාවේ වෙන රැකියා නොමැත. අපිට බදු ගහනවා ඒ ගොල්ලන්ට වැටුප් ගෙවනවා.
TDMonday, 18 March 2019 11:52 PM
තමන් උපන් රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් හොඳ රැකියාවක් ලැබෙනවාටත් ලංකාවේ ජීවත්වන බමුණන් පමණක් නොව ලෝකයේ වෙනත් රටවලට සංක්රමණයවී සිටින බොහෝ බමුණු අදහස් තිබෙන ඔවුන්ගේ දරුවන්ට පමණක් උගන්වා ලංකාවේ අයට හෙන ගැහුවත් ප්‍රශ්නයක් නැතය යන මතයේ සිටින බොහෝ බමුණු ශ්‍රී ලාංකිකයන් විදේශවල ජිවත්වෙති. ලංකාවට අධ්‍යාපන හෝ වනත් කිසියම් සංවර්දනයක් වෙනසක් වනවටත් මොවුන් අකමැතිය. ලංකාවේ මිනිසුන් මෝඩයන් සේ තබා ගන්නා තරමට ලංකාවේ ඉන්න දේශ පාලන බමුණන්ට සාමාන්‍ය ජනතාව රැවටිය හැකිය. නමුන් වර්තමාන රජයේ නව අධ්‍යාපන පෙරලිය සහ ඇතිවෙමින් තිබෙන සමාජ පෙරළියත් සමග බමුණන්ගේ සියලු සිහින බොදවනවා නොඅනුමානය.
BamunuarachchiTuesday, 19 March 2019 02:01 PM
මගේ සිහින බොඳ වෙන්න දෙයක් නැත. මගේ දරුවන් උතුරු ඇමරිකාවේ පුරවැසියන්ය. මගේ තර්කයට විරුද්ධව සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමට ඔබ අපොහොසත් වුණා. අපේ ළමයි ඉඳගෙන ගන්නේ ගුරුවරු වීමටද? හැමවිටම පත්තරේ දකින්නේ දහස් ගණනින් ගුරුවරු පත් කරන බවයි. රටේ රැකියා උපද්දවන අනිකුත් කර්මාන්ත, ව්‍යාපෘති ඇති නොවන්නේ ඇයි? අපට තනියම එම කර්මාන්ත, ව්‍යාපෘති ඇති කිරීමට ශක්තියක් නොමැති නිසාත් ආයෝජකයින්ගෙන් පාදඩ දේශපාලුවන් කොමිස් හෝ කොටස් ඉල්ලන නිසාත්ය. දැනට අවුරුදු 30කට පෙර ලංකාවේ තිබුණු කර්මාන්තශාලා කෝ...? මීතොටමුල්ලේ තිබුණු මැෂින් 300ක් තිබූ රෙදි කර්මාන්ත ශාලාව දියුණු වෙනවා වෙනුවට වැසීගියේ ඇයි? ගොන් කතා නොකියා රැකීරක්ෂා ප්රශ්නය දිහා ඔය කෝණයෙන් බලන්න. හඳ පෙන්නුවාම බලන්නේ ඇඟිල්ල දිහා... ප්‍රශ්න දිහා නොවෙයි බලන්නේ ප්රශ්නය දාපු මිනිහා දිහා. මොවුන් ඉස්කෝලෙකට ගිය අයද?
BamunuarachchiTuesday, 19 March 2019 01:00 AM
මට අමතක වුණා. ගුරුවරු උගන්වනවා ඉගෙනගත් අයගෙන් කොටසක් ත්‍රීවීලර් රියදුරෝ අනික් කොටස නැවත ගුරුවරු. රැකියා උත්පාදනය වෙන කර්මාන්ත ඇතිකරන්නට මොවුනට බැහැ. ගොවිතැනත් එපා කීව මේ දේශපාලුවන් රටේ කර්මාන්ත ඇතිකරාවිද? මොන පක්ෂය ආවත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගන්න එවිට ආයෝජකයෝ ඒවි, තාක්ෂණය රටට ගෙනේවි. එවිට ඉගෙනගන්නා දරුවන්ට රැකියාවල් ලැබේවි. කලින් ලංකාවේ තිබු බහුජාතික සමාගම් දැන් රට හැර ගිහිල්ලා
ධනුෂ්කTuesday, 19 March 2019 01:06 AM
බමුණු 1920 වෙනකොට රුසියාව කියන්නේ ලෝකේ පසුගාමි රටක්. හැබැයි බලයට පත්වූ ලෙනින් ඒ රටේ දරුවන්ට පලමුවත්,දෙවනුවත් තෙවනුවත් ඉගෙන ගන්න කියලා සියලු පහසුකම් සැලසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම අතින්ම දියුනු බලවත් රටක් ලෙස ඔවුන් ලෝකේ දෙවන බලවතා බවට පත් වුනා අනික් රටවලුත් එහෙමයි. මානව ශිෂ්ඨාචාරයන් දියුණු වුනේ සිසුවා හා ගුරුවරයා නිසා. අපට දියුණු වෙන්නේ බැරි මේ පාලකයෝ දෙගොල්ල නිසා.
diasTuesday, 19 March 2019 09:53 AM
රුසියාව දියණු වුයේ අධ්‍යාපනය නිසාම නොව, අධ්‍යාපනය රටේ දියණුව සඳහා යෙදවිය හැකි ඛනිජ තෙල්, ස්වබාවික වායු නිධි සහ අනිකුත් ඛනිජ ද්‍රවය සහිත කාර්මික පදනමක් රට තුල පැවති නිසයි. අදටත් රුසියාවට වැඩියෙන්ම අපනයන අදායමක් ලබා දෙන්නේ තෙල්, ස්වභාවික වායු සහ ඛනිජ ද්‍රවයයි. එවැනි සම්පත් රට තුල නොතිබුනේ නම්, අදත් රුසියාව ලංකාව මෙන් කෘෂිකර්මාන්තය මත යැපෙන රටක් වීමට ඉඩ තිබුනා. අධ්‍යාපනයෙන් පමණක් රටක් දියණු කල හැකි නම්, දශක ගණනාවක් තිස්සේ පැවති නිදහස් අධ්‍යාපනය නිසා අද ලංකාව ඉතා දියණු ජාතියක් විය යුතුයි. නමුත් තිත්ත ඇත්ත නම්, අපි තවමත් ණය බරින් මිරිකුණු තුන්වෙනි ලෝකයේ රටක්. මගේ අදහසට අනුව මෙයින් ගැලවීමට ඇති හොඳම ක්‍රමය නම් ආර්ථිකය විවෘත කර, රටට ආයෝජන එන්නට සලස්වා, ශ්‍රම බලකායට රටේ නිෂ්පාදනය වැඩි කිරීමට ඉඩ සැලැස්වීමයි.
BamunuarachchiTuesday, 19 March 2019 04:44 PM
හලෝ ඉගෙන ගන්න අය ගුරුවරු වෙනවා. ඒ ගොල්ලන්ගෙන් ඉඳගෙන හිටි අයත් ගුරුවරු වෙනවා. ඒ ගොල්ලන්ගෙන් ඉගෙනගත් අයත් ගුරුවරු වෙනවා. එ්කද දියුණුව කියන්නේ?
Jehaan Monday, 18 March 2019 06:50 PM
ටැබ් දෙන්න කලින් දුෂ්කර පාසල් වලට ඩෙස් බැංකු ටික දීලා යන්තම් නොතෙමි ඉන්න වහලවල් හදලා දෙන්න. ගුරුවරුන්ට ගුරු නිවාස හදලා දුන්නත් , පත්වීම අරන් තුන් මාසයක් යන්න කලින් ආපහු එන්නේ නවතින්නවත් හරියට තැනක් නැති නිසා. ළමයින්ට පෙළපොත් හරියට ලැබෙනවාද , පාසල් වල විද්‍යාගාර පහසුකම් ජල නල , පිරිසිදු පානිය ජලය තිබේද , විභාග හරියට සිදුවෙනවාද , පුස්තකාල තිබේද , පාසල් පරිපාලනය හරියට වෙනවාද , පාසලේ ළමා අපචාර සිදු වෙනවාද සොයා බලන්න. සුදුසුකම් ඇති දක්ෂයන් මගහැර පස්සා දොරින් ලැබෙන ගුරුපත්වීම් ගැන ඔබතුමා දැනුවත්ද ? එහෙම නැතිව ටැබ් එකක් දුන් පමණින් අධ්‍යාපනය ගොඩ යන්නේ නැහැ. අපි ඔය ටැබ් තියා කැල්කියුලේටර්වත් නැතිව ගණිතයට විශිෂ්ඨ සම්මාන ඇතිව පුස්තකාලයේ පොත් කියවා ගොඩ ගිය පරම්පරාවක්. හේතුව ඒ කාලයේ අපිට මම මුලින් කී මුලික පහසුකම් සහ විශිෂ්ඨ ගුරුවරු සිටිය නිසා.
vernonTuesday, 19 March 2019 03:42 AM
දැන් ඔය කියන විදිහට ලංකාවේ තියෙන සේරම පාසැල්වල සියලුම ප්‍රශ්න විසඳලා ටැබ් දෙන්න යනවා නම් කවදාවත් ඕක දෙන්න හම්බවෙන්නේ නෑ. ඉන්දියාව වැසිකිළි නැතුව, සෙරෙප්පු නැතුව ඒවා හරි යන කම් කියලා බල බල හිටියා නම් අද දක්ෂ තොරතුරු තාක්ෂණ ශිල්පීන් බිහි කරන්න ලැබෙන්නේ නෑ. හරියට මලෙන් උපන්නා වගේ සියලුම පහසුකම් ලැබෙන කම් වැඩකරන්න බෑ කියන උන්දෑලට නම් මේ වගේ ඊනියා "ඊට කලින්" තියරි හොඳයි.
RaviTuesday, 19 March 2019 07:35 AM
තොරතුරු තාක්ෂණ ගුරුවරු , ඉංග්‍රීසි විද්‍යා ගුරුවරු නැති පිටිසර පාසල් වල ළමයින්ට ටැබ් දීලා ඒවා අන්තිමේ ළමයින්ගේ කෙසේ වුනත් වෙනත් වැඩිහිටියන් ළඟ මිලට ගත්තු රිසිට් එක්ක තියේවි.
Perakum Monday, 18 March 2019 11:34 PM
ළඟ පාත මැතිවරණයක් එන පාටයි....!
ලුම්බිණි Tuesday, 19 March 2019 02:18 AM
මම දන්නා නුවර පැත්තේ තිබෙන කුඩා පාසලක ළමයින් 72 ක් ඉන්නා අතර ගුරුවරුන් 18 ක් ඉන්නවා. රජය කල යුත්තේ රැකියා දීමට වඩා රැකියා අවස්ථා වැඩි කිරීමයි.