IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උප්පැන්නයට ලබාදෙන අංකය ජාතික හැඳුනුම්පතටත්

(සිරංගිකා ලොකුකරවිට)

 රෙජිස්ට්‍රාර් ජනරාල් ‌දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරී‌‌මේ ව්‍යාපෘතිය යටතේ ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින ‌සේවාවක් ආරම්භ කරන බවත්, දැනට නිකුත් කරන උප්පැන්න සහතිකය නව මුහුණුවරකින් ජාතික උප්පැන්න සහතිකයක් ලෙස නිකුත් කරන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 
 
ඒ අනුව 2019 ජනවාරි 01 දා සිට උපත ලබන දරුවන් ‌වෙනුවෙන් නිකුත් කරනු ලබන උප්පැන්න සහිකය භාෂා ‌දෙකකින් යුක්තව නව ආරක්ෂිත ක්‍රම සහිතව නිකුත් කිරීමට කටයුතු ‌යොදා ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 
 
අමාත්‍ය අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ දී ලබාදෙන අංකය ඉදිරියේ දී ජාතික හැඳුනුම්පත් අංකය ද වන බවයි. 
 
නව උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ පුද්ගලයකු ශ්‍රී ලාංකික යනුවෙන් පමණි. එමෙන්ම මව්පියන් විවාහක ද අවිවාහක ද යන ‌කොටස ද ‌මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිබේ. 
 
ව්‍යාජ උප්පැන්න සහතික නිර්මාණය කිරීම වැළැක්වීම සඳහා නව උප්පැන්න සහතිකයේ අධෝරක්ත කිරණවලට සං‌වේදී රාජ්‍ය ලාංඡනයක් අඩංගු කර ඇති අතර පරිගණක ‌කේතයක් සහ ආරක්ෂිත ස්ටිකරයක් ද අලවා ඇත. එමගින් දූෂණ හා වංචා සිදුවීම අවමකළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
 
මෙම වැඩසටහන මාර්තු 16දා දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතය.
ඉඩම් ඔප්පු ලියාපදිංචියෙන් රජය වාර්ෂිකව ලැබූ ආදායම රුපියල් මිලියන 800ක් පමණ වන බවත් එක්දින ‌සේවාව ආරම්භ කිරී‌මෙන් වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් මිලයන 8000ක් බවත් ‌වැඩිදුරටත් කියා සිටියේය. 



අදහස් (22)

උප්පැන්නයට ලබාදෙන අංකය ජාතික හැඳුනුම්පතටත්

ලකිත් ශ්‍යාමන් Thursday, 14 March 2019 05:07 PM

මින් ඉදිරියට පුද්ගලයෙකු ශ්‍රි ලාංකික ලෙස යන්න පමණක් සදහන් කිරීම ගැන නම් හදවතින්ම ස්තූති කල යුතු වෙනවා.

:       0       3

Mahee Thursday, 14 March 2019 05:20 PM

ඉඳහිට හොඳ වැඩත් කරනවා එහෙනම්...

:       0       1

Cisco Thursday, 14 March 2019 11:39 PM

හොඳ අදහස. මෙම අංකයටම පුද්ගලයන්ගේ නිවාස, ඉඩම් සහ බැංකු ගිණුම් ආදී සියලුම දේවල් සම්බන්ධ කළා නම් රටේ දේශපාලකයන්ගේ චංචාද යම් තරමකට අඩුකළ හැකියි.

:       0       2

sisira Thursday, 14 March 2019 11:41 PM

කවුරු කළත්, කාගේ අදහසක් හෝ උපදේශයක් වුවද මෙවැනි වැඩ මල්මිටක් පුදමින් අගය කළ යුතුය. මා නවසීලන්තයට පැමිණීමේදී මගේ සිංහලෙන් පමණක් ලියා තිබුන උප්පැන්න සහතිකය swan translator කෙනෙක් මගින් ඉංග්‍රීසියට පරිවර්තනය කර යැවිය යුතුව තිබිණි. මේ නව ක්‍රමය යටතේ බොහෝ දෙනෙකුට එවන් පරිවර්තකයන් පසුපස යාමෙන් නාස්ති කරන කාලය ඉතිරිකර ගත හැකිවේ.

:       0       2

rocky Friday, 15 March 2019 01:41 AM

මේ නිලධාරීන්ට කරන්න වෙන වැඩ මොකුත්ම නැද්ද? දැනට තියන අත්‍යාවශ්‍යම රාජකාරිය ඕකද?

:       5       1

රවින් Friday, 15 March 2019 02:04 AM

පොඩ්ඩක් ඉන්න. දෙමව්පියන්ගේ විවාහක, අවිවාහක භාවය තහවුරු නොකිරීමෙන් නීතිමය ගැටළු මතුවිය නොහැකිද? ඕනෑම කෙනෙකුට තවකුගේ නමක් යොදා උප්පැන්නක් සාදා ගතහැක. එයින් අනාගත නීතිමය ගැටළු මතුවිය නොහැකිද?

:       0       2

Hafeel Friday, 15 March 2019 05:34 AM

ඒ වුණාට අර උපවාසවංශට මේක ප්‍රශ්නයක් නොවේ.

:       1       2

BamunuarachchiMonday, 18 March 2019 01:05 AM

පොයින්ට් එකට කතා කරන්න නැතිනම් පිළිතුරු දෙන්න. අදහස් අතින් බංකොලොත් බව පෙන්වන්න එපා.

:       0       0

Hafeel Friday, 15 March 2019 05:38 AM

එක්දින සේවාව හොඳ වැඩක්...

:       0       4

BamunuarachchiFriday, 15 March 2019 09:23 AM

ඔව් වැඩිපුර අයකරන්නේ නැතිනම්...

:       1       1

Aris Friday, 15 March 2019 08:30 AM

උප්පැන්න සහතිකයෙන් ජාතිය අයින් කළාම රටේ සිංහල උරුමය අහිමිවීයාම සඟවා තබන්න පුලුවන්...

:       1       2

වර්නන් Friday, 15 March 2019 08:30 AM

ඉතාමත් හොඳයි. ශ්‍රී ලාංකික පමණක් යොදා, සිංහල, දෙමල, මුස්ලිම් ආදී වශයෙන් කිසි සඳහනක් නොකරන්න. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් විනා සිංහල, දෙමල, මුස්ලිම් පුරවැසියන් නොවේය.

:       1       4

BamunuarachchiFriday, 15 March 2019 11:17 AM

හලෝ විකාර කියන එපා. සිංහලකම සිංහල අපිට වටිනවා. අවුරුදු 2600 සිංහල කියාගෙන ආ මෙරට ඊයේ පෙරේදා බුද්ධාගමට ආ අයට වුවමනා විදිහට වෙනස් කරන්න දිය යුතු නැත.

:       0       5

BamunuarachchiSunday, 17 March 2019 06:46 PM

වර්නන් සිංහල දෙමල යනුවෙන් ජාති අනුව බෙදුනාට මුස්ලිම් යනු ආගමික බෙදීමකි. සිංහල මුසල්මානුවන් සිටින බව දන්නේ නැද්ද. ඔවුන්ගේ ජාතිය කුමක්ද?

:       0       0

Bamunuarachchi Friday, 15 March 2019 09:12 AM

උප්පැන්නයෙන් ජාතිය අයින්කරන්නේ කාගේ වුවමනාවටද? සිංහල ජාතිකයින් ශ්‍රී ලාංකික කියා ජාතිය දියාරු කරන්න එපා. යුනෙස්කෝව සිංහල භාෂාව ලෝක උරුමයක් ලෙස රැකගන්න හදනවිට මේ සිංහල පාදඩයින් සිංහල අපේ අනන්‍යතාවය විහින් නැතිකර ගන්න හදනවා... 75% සිටින සිංහලයින් 25% නිසා තම අනන්‍යතාවය නැතිකර ගන්නේ ඇයි? මම කිසිතැනක් ජාතිය ශ්‍රී ලාංකික කියා කියන්නේ නැත.

:       1       57

Bamunuarachchi Friday, 15 March 2019 09:21 AM

උප්පැන්නයට අලුත්දෙවල් එකතු කරන්න කලින් තිබෙන දේවල් නිවැරදිව ඉදිරිපත් කරන්න. මගේ වාසගමේ තිබුණු වරදක් හදා ගන්න ගියාම ඒ වැරැද්ද හදලා මගේ පියාගේ නම වරද්දල‍ා ලියලා තිබුණා. ඒ වැරැද්ද පෙන්නුවාම රෙජිස්ටාර් නිලධාරීන් වැරදි නැතිබව කිව්වා. මම නිවැරදිව නිකුත් කළ උප්පැන්නය පෙන්වූවාම එයාගේ කටවැහුණා.

:       0       18

වෙර්නන් Friday, 15 March 2019 10:33 AM

ජාතිකයා කියන්නේ යම් රටක පුරවැසියන්ටය.. ප්‍රංශ ජාතිකයා කියන්නේ ප්‍රංශ පුරවැසියන්ටයි. දෙමළ ජාතිකයා කිව්වොත් දෙමළ රටක් තිබිය යුතුයි. මුස්ලිම් ජාතිකයා කිව්වොත් මුස්ලිම් රටක් තිබිය යුතුය. අපි ශ්‍රී ලාංකික ජාතිකයින් පමණි. සිංහල, දෙමළ ජනවාර්ගික කොට්ටාශ පමණි. ජාතිකයින් නොවේය. ජාතික ගීය ශ්‍රී ලංකා ජාතික ගීය විනා සිංහල හෝ දෙමළ ජාතික ගීය නොවේය...

:       0       204

BamunuarachchiFriday, 15 March 2019 11:12 AM

නමේ හැටියට ඔබ සිංහල නොවෙයි. එමනිසා ඔබට අපි සිංහල මේ සිංහලයාගේ රට කියන හැඟීම ඔබට නැතිකම ගැන පුදුම නොවෙමි.

:       23       17

BamunuarachchiSunday, 17 March 2019 06:41 PM

ජාතිකයා කියන්නේ පුරවැසියාට කියා මොන පාසලෙන්ද ඉගෙනගත්තේ? ජාතිකයා හා පුරවැසියා අතර වෙනස නොදන්නා ඔබත් සමග මොන කතාද.

:       0       0

වර්නන් Saturday, 16 March 2019 02:33 AM

මම ලංකාවේ සිංහල දෙමාපියන්ට දාව ඉපිද අවුරුදු 65 කට වැඩ කාලයක්ම ලංකාවේ සිංහල කථාකරන ප්‍රදේශයක ජීවත්ව, තවමත් ජීවත්වන පිරිමි ශ්‍රී ලාංකිකයකු වෙමි. මගේ සියලු නැදෑයන් සිංහල කතාකරන අය වේ. නමුත් මම පුහු අන්තවාදියෙකු නොවෙමි.

:       0       14

BamunuarachchiSaturday, 16 March 2019 11:21 AM

වර්නන් මිනිසුන් කතා කරන්නේ "රට ජාතිය ආගම" කියන අනුපිළිවෙලටය. රටක ජීවත් වෙන මිනිස්සු පළමුව රට වෙනුවෙන් එක්සත් විය යුතුය. එසේ රට බේරා ගත පසු මිනිසුන් ඉදිරිපත් වෙන්නේ තම ජාතිය වෙනුවෙන්ය. තම ජාතිය ශක්තිමත් කරගත් පසු මිනිසුන් ආගම අනුව බෙදී ආගම රැකගැනීමට ආගම අනුව ජීවත් වීමට සැලසුම් කරනු ඇත.

:       0       0

SenaSaturday, 16 March 2019 08:45 PM

ජාතිවාදියෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 27 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 98 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 517 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 35 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 193 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 175 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site