IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උදයංග වීරතුංග කටුනායකදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)
 

මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



අදහස් (57)

උදයංග වීරතුංග කටුනායකදී අත්අඩංගුවට

Perera Friday, 14 February 2020 02:38 AM

අද අත්අඩංගුවට.... ඡන්දෙ දිණුවට පස්සේ නිදහස් වෙයිද?

:       117       1154

ranjith Friday, 14 February 2020 02:50 AM

හොදයි ඉක්මනට මේක නිදොස් කර ඉවර කරනවානම්. ජනතාවගේ සල්ලි?

:       18       173

Wijebahu Friday, 14 February 2020 02:56 AM

ලොක්කගේ ඥාතියා. හැරුණු තැපෑලෙන් නිදහස්.

:       17       1302

RTK Friday, 14 February 2020 03:05 AM

ජයවේවා... 69 ලක්ෂෙ අපේ අනාගත ප්‍රාර්ථනාව... ඊළඟ ඡන්දෙට රට දිනවන අපේක්ෂකයා. ජයවේවා !!! යන විදිහට ඒකත් වෙයි.

:       12       386

Kumar Friday, 14 February 2020 03:15 AM

ranjith, කියන්නේ මිග්වලට දුන්න සල්ලි ගැන නේද.

:       9       110

ajith Friday, 14 February 2020 03:19 AM

ඔවු දැන් ඉතින් කාට බය වෙන්නද?

:       0       201

sumith Friday, 14 February 2020 03:21 AM

ටික දවසකින් පස්සේ ආපහු පරණ තානාපති කම ම දේවි, ආපහු පරණ සෙල්ලමම පටන් ගනීවි , කොමිස් කුට්ටි වලින් හතරවරිගේම එතෙර කර ගනීවි.

:       37       1456

Anuruddha bandara Friday, 14 February 2020 03:21 AM

නාම යෝජනා භාරදෙන්න වෙන්න ඇති එන්න කියන්න ඇත්තේ.

:       19       343

C.K.Lankaputhra Friday, 14 February 2020 03:26 AM

එතකොට රංජිත් මහත්තයො, මිග් යානාා ගනුදෙනුවෙන් ගේම දුන්නෙ අපේ සල්ලිවලට නෙවෙයිද. ඔය එක එක ජාතියේ වීරවරයෝ ගේම දෙන්නෙ අපේ සල්ලිවලට.

:       1       117

Zoysa Friday, 14 February 2020 03:27 AM

තවත් ඇස් බැන්දුමක්. දින කීපයකින් මෙයා නිදහස්! කාටද ආඩම්බර?

:       1       860

athura Friday, 14 February 2020 03:35 AM

දවල්ට ඇප.

:       1       485

Deepal Friday, 14 February 2020 03:38 AM

ෆිල්ම් එක පටන් ගත්තා.

:       1       353

Nadeeka Friday, 14 February 2020 03:42 AM

රටේ නිතිය ගැන පුදුම පැහැදීමකින් ඇවිත් බාරවෙන්න ඇත්තේ

:       1       333

Buddika Friday, 14 February 2020 03:54 AM

මෙන්න 69 ලක්ෂයක ඡන්ද ප්‍රතිපල.

:       191       184

maalaka Friday, 14 February 2020 03:56 AM

ඇයි දැන් ආවේ ? මෙච්චරකල් ඇයි නාවේ? කවුද මල් මාල දැම්මේ ?

:       1       185

sharm warn Friday, 14 February 2020 03:57 AM

අපි පොඩි ඔට්ටු සෙල්ලමක් කරමු ..පැය කීයකින් ඇප දෙයිද ..?? කට්ටිය ලන්සු තියන්න බලන්න ...

:       2       59

සේනක Friday, 14 February 2020 04:12 AM

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා බන්ධනාගාර රෝහලට ඇතුලු කරන ලදී.

:       1       47

Walter White Friday, 14 February 2020 04:20 AM

හරිම හාස්‍යජනකයි, මහා බලසම්පන්න රුසියන් පොලීසියටවත් අත්අඩංගුවට ගන්න බැරි වුන, ජාත්‍යන්තර පොලීසියකටත් අත්අඩංගුවට ගන්න බැරි වුන, ඒත් මෙන්න හිටපු තානාපතිතුමා ස්වේච්ඡාවෙන් ම ලංකාවට එනවා අත්අඩංගුවට ගන්න නියෝගයක් ගුවන්තොටුපොළේ තියෙන බව දැන දැනම ඇයි ඒ?

:       5       76

tikiori Friday, 14 February 2020 04:29 AM

අර්ජුන් වත් ඔය විදියට ගෙන්න ගමු. ජයවේවා !

:       9       37

warnasinghe Friday, 14 February 2020 04:35 AM

අලුත් නාටකයක්

:       1       51

Jude Friday, 14 February 2020 04:52 AM

තවත් නාට්‍යයක් පටන් ගත්තාය.

:       1       82

vidya Friday, 14 February 2020 04:59 AM

බැසිල් වැඩේ සෙට් කරන්න ඇති. නඩුව වැරදි විදිහට ෆයිල් කෙරුවා කියලා නිදහස් කරාවි.

:       2       80

අලුත්225ක් තෝරමු Friday, 14 February 2020 05:05 AM

කුණු සේරම එක තැන ගොඩ ගැහැන හැඩයි.

:       1       23

upali Friday, 14 February 2020 05:06 AM

හඬ පට ජවනිකාව අවසන් විය. කොරෝනා අවසන් විය. දැන් උදයංග ජවනිකාව පටන්ගතාය.

:       1       79

Oscar Perera Friday, 14 February 2020 05:21 AM

ආවේ බිස්නස් ක්ලාස් ද ? මේවා පෙන්නලා ජනතාව රවට්ටන්න බෑ

:       1       51

Hemantha Friday, 14 February 2020 06:05 AM

තවත් මාද්‍ය සංදර්ශනයක්. ඔන්න අයට තිබුන සියලුම ප්‍රශ්න අමතක කරන්න පුළුවන්.

:       0       0

sarath Friday, 14 February 2020 06:18 AM

දැන් ඉතින් ඔප්පු කරලා පෙන්නයි මිග් ගනුදෙනුවේදී කව්රුත් හොරකම් කරේ නැහැ කියලා.

:       0       0

රවින් Friday, 14 February 2020 06:26 AM

ඔය එන්නේ පරණ නාටකය ආපහු පටන්ගන්න වගේ. ඔක්කොම හොරු ටික එකා දෙන්නා ආපහු රඟ මඩලට. 10% විතරක් තාම තිරය පිටපස. අමතක උනා. මාසෙකින් එකහාමාරකින් තමා මුහුරත් උළෙල තියෙන්නේ. ප්‍රසිද්ධ රඟ මඩලට එළි දැක්වෙන්නේ ඊටත් පස්සේ නේද? ප්‍රේක්ෂකයිනි, අලුත් නාටකය රඟ දක්වනතුරු ඉවසිල්ලෙන් බලා ඉඳින්න.

:       0       0

Asoka gunasekara Friday, 14 February 2020 06:26 AM

දැන් පෙන්වනවා අලුත්ම නාටකය. අදම නරඹන්න. පවුලේ අය රඟපාන අලුත්ම පවුලේ ඉදිරිපත් කිරීම. නිදොස් කොට නිදහස් කිරීමට පෙර නරඹන්න.

:       0       0

indika Friday, 14 February 2020 06:41 AM

හැමදේම ගානට සැලසුම් කරලා එන්න කියල සියලුම චෝදනා වලින් නිදහස් කරලා දමාවි.

:       0       0

Asanka Friday, 14 February 2020 06:58 AM

සැරද ගරු මැතිඳ ... අප මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍ය සහජීවනය, දුක්විදින ජනතාවගේ සදාකල් අරගලයේ ජයග්‍රහණය උදෙසා ද වූ අරකද මේකද එකී නොකී සේරම වෙනුවෙන් දිවි පරදුවට තබා ඉන්ටර්පෝල් නම් අධිරාජ්‍යවාදීන්ගේ කනෙන් පමණක් නොව අනිකුත් තැන් වලිනුත් රිංගා මෙලකට සැපත් වූ ඔබ සදාකල දිනේවා.

:       0       0

Nimal ... Friday, 14 February 2020 07:02 AM

බය වෙන්න එපා එයත් දින 14 නිදහස්. එක කෝල් එකයි. සියළු ආයතන දැන් ස්වාධීනයි. ජනතාවට අබ සරණයි.

:       0       0

vidya Friday, 14 February 2020 07:06 AM

ෆිල්ම් එක පටන් ගත්තා.

:       0       0

de silva Friday, 14 February 2020 07:13 AM

කුමක්ද වෙන්නේ කියල තව මාස තුන හතරකින් බලාගන්න පුළුවන් , මහාපරිමාණ ලෙස මහජන මුදල් අවභාවිත කරපු කිසිවෙකු තවම දඩුවම් ලැබුවේ නැහැ , තත්වය එහෙම තිබෙනකොට මොහුට දඩුවම් ලැබේවි කියල හිතන්න බැහැ

:       0       0

Nimal Friday, 14 February 2020 07:14 AM

මෙය මෙගා ටෙලියක් නොවේ. කොටස් 2 ක් හෝ 3 කට පමණක් සීමා වෙනු ඇත. ඉන් පසු "සමාප්තයි" තිරයේ දිස්වෙනු ඇත.

:       0       0

Rata Perata Friday, 14 February 2020 07:22 AM

ඔන්න දැන් බලාගන්න පුළුවන් ලක්ෂ 65ක් චන්දෙ දුන්න වීරයාගේ වැඩ. තවත් එක නළුවෙක් ද? නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන නායකයෙක් ද කියලා.

:       0       0

Chsthuri Friday, 14 February 2020 07:31 AM

අයියටයි මල්ලිටයි රට බර ගත්තා විතරයි සේරම හොරු මිනීමරුවෝ කැමැත්තෙන් බාර වෙනවා නේද ? මේ කරන නාඩගම් ජනතාවට තේරෙන්නේ නැහැ කියලද හිතන්නේ ? පිරිත් කියන්න හාමුදුරුවෝ අවේ නැත්ද? සේරම සිංහලයින් රට කරන්න ඕන කියලා හොරු ටිකට රට බාර දෙන්න හාමුදුරුවනේ අඩියෙන්අඩිය. පන්සල් හදල. මහා පරිමාණයෙන් ආදරයක් ලැබුනම ඇති. හාමුදුරුවරු හිතන්නේ. හොරකම් කරලා පන්සල් අවම බුදු දහම රැකෙනවා කියලා. ඊලග දේව සාපේ ලැබෙන්නේ ලංකාවට දෙවියන් රවටනවට. දැන් නායකයෝ දෙන්නා මස්සිනා වෙනුවෙන් පෙනි සිටියි. කෝටි ගණන් ගහපු සල්ලි බෙදා ගත්තනේ. මේ අයට තුනෙන් දෙකේ බලය තියා පොඩි බලයක්වත් දෙන්න එපා. රට නැත්තටම කාලා මෙදා සැරේ යන්නේ.

:       0       0

Nuwan Friday, 14 February 2020 07:35 AM

චෝදනා තියෙන මිනිස්සු තමුන් බලේ ඉන්න නිසා හිමින් සැරේ ගෙනැල්ලා ඇප දීලා පස්සේ නඩුව හිමිහිට ලිස්සලා යවනවා. කොහොමද ටිකිරි මොළේ

:       0       0

Upul Friday, 14 February 2020 07:36 AM

දැන් රතු නිවේදන තියෙන මිනිස්සුත් ලංකාවට කැමැත්තෙන් එන වාතාවරණයක් තියෙන්නේ

:       0       0

rasika Friday, 14 February 2020 07:53 AM

ඔහු ආවත් වැරදි ආණ්ඩුවය. ඔහු නාවත් වැරදි ආණ්ඩුවය. වැස්සත් වැරදි ආණ්ඩුවය, නොවස්සත් වැරදි ආණ්ඩුවය.

:       0       0

rocky Friday, 14 February 2020 08:34 AM

රෝහලට ඇතුල් වෙන්න පහසුකම් ඔක්කොම සූදානම් ඇති! හැදෙන්න ඉඩ තියන ලෙඩවලට ප්‍රතිකාර ගන්න...!

:       1       30

beau Friday, 14 February 2020 08:52 AM

ඔන්න අලුත් නාඩගම පටන්ගත්ත පරණ මගඩිය වසා දමන්න. මූව නම් පණපිටින් හම ගහන්න ඕනේ...

:       1       61

Kumara Friday, 14 February 2020 09:03 AM

හොඳම විහිළුව.

:       1       32

කපුරුහාමි Friday, 14 February 2020 09:58 AM

කට්ටි පැන පැන හිටපු එකා... මොකද දන්නේ නැහැ හිටපු ගමන් කඩා පාත් වුනේ... අනුමානයක් නැහැ අලුත් ජවනිකාවකට වගේ. බය වෙන්න දේකුත් නැහැනේ... බලයේ ඉන්නේ තමුන්ගේම අයනේ...?

:       0       16

karuFriday, 14 February 2020 10:14 AM

මාතරින් ඡන්දෙ ඉල්ලනවාලු.. දේශපාලුවෙක් වෙන්න අවශ්‍ය ප්‍රධානම සුදුසුකම මෙය සපුරලා තියෙනවාලු. ඒ කියන්නේ "හොරකම" පිළිබඳ ආචාර්ය උපාධිය තියෙනවලු...

:       1       79

karuFriday, 14 February 2020 04:46 PM

ඔය ආචාරියන් ගොඩක් ඉන්නවාලු... මේ ළඟදිත් "රොකට් ආචාරියෙක්" උපාධිය ගත්තා. ඉගෙන ගෙන ගත්තා නොවෙයි තාත්තට බයේ සරසවියක මහාචාර්ය වහලෙක් මේ රොකට් කාරයාට ආචාර්ය උපාධිය දුන්නා. තව කෙනෙක් ඉන්නවා නීතිය පිළිබඳ හොර ආචාරියෙක් අනිකා යුද්ධ පිළිබඳ ආචාරියෙක්... හැබැයි තාත්තාට තියෙන්නේ හොරකම සහ චණ්ඩිකම පිළිබඳ ආචාර්ය උපාධියක්...

:       0       0

මුණසිංහ Friday, 14 February 2020 11:05 AM

මෙතන දාපු කමෙන්ට්ස් දිහා බැලුවම මට නම් පේන්නේ අපේ මිනිස්සු නන්නත්තාර වෙලා කියලා. මෙතෙක් කල් කිව්වේ රාජපක්ෂලා මෙයා රකිනවා.. ලංකාවට ගෙන්නන්නේ නැහැ කියලා. දැන් ඇවිත් ඇරෙස්ට් කළාම ඒකත් දකින්නේ නුහුරට... නමුත් ගෝඨා තවම පීල්ලේ නිසිලෙස යනවා කියන එක අපි දකිනවා...

:       641       632

නන්නාදුනන හාදයා Friday, 14 February 2020 12:48 PM

ඔබට පොඩ්ඩක් පැටලිලා වගෙයි. මෙයාව බේරා ගන්න නම් රාජපක්ෂ පාලනයක් අවශ්‍යමයි. මොකද මේ ප්‍රශ්නයේ යට ඉන්නේ රාජපක්ෂලා. මේ හාදයා නිකම් ඉත්තෙක් විතරයි. දැන් සුමානයක් විතර රිමාන්ඩ් කරයි.ඊට පස්සේ නඩු දාලා රුපියල් ලක්ෂ ගණනක ශරීර ඇපයක් මත මේ හොරාව එළියට දමාවි. ඊට පස්සේ ලස්සනට නඩුව පටලලා නීතිපති දෙපාර්තමේන්තුවට යවාවි. එහෙදි ඕක යට යාවි. එහෙම නැතිනම් නඩුව හරියට ගොනු කරලා නැහැ සාක්ෂි පැහැදිලි නැහැ කියලා නඩුව විසිකරලා දමාවි. රාජපක්ෂලා අයෙත් සිල්වත්. කවමදාකවත් අදින්නාදානා නොකරන උපාසකයින් කියලා දේවදත්තයෝ ටික ට ගෝරනාඩු කරාවි.

:       0       0

saradiyelFriday, 14 February 2020 01:04 PM

ඔව් ඉතින් මේ අවුරුදු 5 කරගන්න දෙයක් තමයි.

:       0       0

siri Friday, 14 February 2020 11:30 AM

වීරතුංග මහත්තයාගේ තත්වය සොයා බැලීම සඳහා ආණ්ඩුවේ බලවතෙක් තමන්ට "හිතවත් නිලධාරීන් කිහිපදෙනෙක් යොදවා ඇති අතර කිසිඳු ආකාරයක බිය වැද්දීමකින් තොරව ඔහුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නියෝග කර තියෙන බවත්" වාර්තා වෙනවා...

:       27       114

mihira Friday, 14 February 2020 11:36 AM

පොල් ජෝක් මේවා...!!!

:       26       80

isuru Friday, 14 February 2020 11:43 AM

රාජපක්ෂලාගේ 2020 අති දැවැන්ත සිනමා නිර්මාණය... උදයංග වීරතුංග... සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන්න. අවශ්‍ය සියලු පිඹුරුපත් සකස් කර අවසන්... අබරන් සීයේ මෙන්න වැඩක්...!!!

:       41       35

Asanga Friday, 14 February 2020 11:49 AM

අන්තිම පුවත... දැන් තව සතියක් ඇද්දහැකි...

:       2       96

lalithm Friday, 14 February 2020 12:45 PM

ජයමහ.. නිදහස් දුමින්ද සිල්වා... උදයංග, සියලුදෙනා නිදහස් විය යුතුව ඇත...

:       2       23

Nandalal DE SILVA - France Friday, 14 February 2020 01:40 PM

මීළඟ ගුවන් යානයේ එන්නේ මහ බැංකු ඩීලර් වන අර්ජුන් මහේන්ද්‍රන්ද කියා ජනතාව කට ඇරගෙන බලා ඉන්නවා. ඡන්දෙ ළඟනිසා මෑන් සමහරවිට ඉක්මනට ගොඩ බහින්නත් පුළුවන්...!!! ඡන්ද ගුණ්ඩුවල සීමාවක් නැහැනේ කියා මගේ සීයා කියනවා.

:       2       24

tikiri Saturday, 15 February 2020 06:01 PM

හැකියාව සහ නොහැකියාව !

:       0       0

thilak Saturday, 15 February 2020 11:24 PM

කොන්ඩේ බැදපු චීන්නුන් මේවා හොදයි. මහ මැතිවරණය දිනන්න දාන තුරුම්පු මේවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 145 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1957 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 464 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1017 1

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 139 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site