(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ ආරාධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගීවීම විශේෂත්වයකි.
කොළඹ අරලියගහ මණ්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව පවතී.
එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන්ව ඇති අතර ඊට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ පූර්ණ එකඟතාවයද පළ වී ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පෙරමුණේ නායක ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍ර‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් බිහිවන පුළුල් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සැකසීමට සකස් කළ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කමිටු වාර්තා ද ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුවට ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා එක්තත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරිපත් කරන යෝජනා කිහිපයක් පිළිබඳව ද ඉහත පක්ෂ නායකයින්ගේ හමුවේදී අවධානය යොමුකිරීමට නියමිතය.
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉදිරි දින දෙකේ දී එජාප පක්ෂ නායක හමුවක්
chandima Wednesday, 11 September 2019 11:59 AM
දෙපැත්තකට බෙදිලා ගහගන්නවා වගේ පෙන්නපු එකෙන් ප්ලෑන් කරපු විදියට නොමිලේම හොඳ ප්‍රචාරයක් නම් ලැබුණා. දැන් දෙගොල්ලන් එකතුවෙලා සංදර්ශනේ පටන්ගන්න තියෙන්නේ...
sirimal Wednesday, 11 September 2019 12:45 PM
මෙම රැස්වීමට කතානායක කරු ජයසූරියට ආරාධනා කර නැද්ද? ජනාධිපතිවරණය ගැන සිදුකර ඇති "විද්‍යාත්මක සමීක්ෂණයකට" අනුව "මෙවර පැහැදිලි තරඟයක් ඇත්තේ එජාපයේ කරු ජයසූරිය සහ පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ අතර බව පෙනීගොස් ඇතැයි "එම පරීක්ෂණය සිදුකළ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදයේ පේරාදෙණියේ මහාචාර්ය සිසිර පින්නවල පවසා තිබෙන බව අප දුටුවා."කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස ඉදිරියේදි ප්‍රබල බවත් සජිත් ප්‍රේමදාස සිටින්නේ තෙවැනි ස්ථානයේ බවත් එම වාර්තාවේ සඳහන්ව තිබෙනවලු. එසේ නම් ඊළඟට නම කියවෙන රනිල් වික්‍රමසිංහ ඉන්නේ හතරවෙනි ස්ථානයේ බවට අපට උපකල්පනය කිරීමට වෙනවා. මේ අතර පසුගියදින රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර පැවැති තීරණාත්මක සාකච්ඡාවෙන් පසු සජිත් ප්‍රේමදාස මාධ්‍ය අමතා "බොහෝ කරුණු ගැන සාකච්ඡා කළ බවත් සාකච්ඡා ඉදිරියටත් කරගෙන යන බවත් බුදුවීමට නම් නොවරදවාම පෙරුම් පිරිය යුතු බවත්, එ් නිසා තමාට තව පෙරුම් පිරිය හැකි බවත්" කී බවයි වාර්තා වුනේ. මේ අනුව පෙනීයන්නේ සජිත් වගේම ඔහු බලයට ගෙනඒමට වලිකන එක්තරා නාලිකාවක අයිතිකරුටද තව වසර 5ක් වත් පෙරුම් පුරන්නට වෙන බව නේද? රනිල්ට නම් ගැලවිල්ලක් නැති හැඩයි...
CHANDIMA Wednesday, 11 September 2019 01:51 PM
මෙහෙ දෙකට බෙදුණු නායකයෝ නියෝජ්‍ය නායකයෝ හම්බවෙනවා කොලේ වහල එකතුවෙන්න, අරහෙත් දෙකට බෙදුණු නායකයෝ නියෝජ්‍ය නායකයෝ හම්බවෙනවා කොලේ වහල එකතුවෙන්න, කවදානම් අපේ මිනිස්සු මේ කොළ තුනේ සුදුවට රැවටෙන එක නතර වෙයිද? පව් අහිංසක මිනිස්සු.