IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස්

(නිමන්ති රණසිංහ)

ඇවන්ට්ගාඩ් නඩුවේ අල්ලස් සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළාය.

සිද්ධියට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් වෙත එය දැනුම් දෙන ලෙස නියෝග කළාය.

රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කළැයි ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 



අදහස් (70)

ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස්

Amila Monday, 23 September 2019 05:00 AM

හාමු විසින් පිටරටින් මුදල් ගේන දේශිය ව්‍යාපාරිකයෝ විනාශ කරා. බොරුවට නැති සිද්ධි මවලා. ඒකත් එක හේතුවක් රුපියල විශාල වශයෙන් බාල්දු වීමට.අනික ඉතින් බොන්ඩ් කේස් එක.

:       2145       7096

Sanath KandyMonday, 23 September 2019 05:57 AM

මොන අධිකරණයෙන් නිදහස් උනත් ජනතා අධිකරණය ඉදිරියේ ඔවුන් වැරදිකරුවෝ. හොරු අල්ලන්න ඇවිත් හොරුත් එක්ක ඩීල් දාලා තමන්ගේ පන්තියේ අය ආරක්ෂා කරගත්ත ජෝඩුව වැඩි කල් නොගිහින්ම මේවට වන්දි ගෙවාවී.

:       4342       4444

යාපාMonday, 23 September 2019 09:03 AM

වහල්භාවය නම් මනාව ඔප්පු වුණා. බොරු කතා ගොතපු මේ කාල්කන්නි ආණ්ඩුවේ ගැත්තන්ට නම් ඇත්ත ඔප්පු වෙනකොට දුක ඇති ....

:       0       0

VajiraMonday, 23 September 2019 09:49 AM

මේ අසාධාරණ සමාජ ක්‍රමය පවතිනකල් මේ අය ජනතාවට කොකා පෙන්නනවා. නිතිය පොලිසිය අතේ තියාගෙන ඉන්න මෙයාලට විරුද්ධව කවදාවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තවත් නොරැවටී මේ සැරේවත් විකල්පයක් ගැන හිතමු. ජවිපෙ බලයට ගෙනෙනතුරු ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ මේ කිසිම ආයතනයකින්

:       0       0

SujeewaMonday, 23 September 2019 10:41 AM

දවල්ද ?

:       396       398

dinesh Monday, 23 September 2019 11:33 AM

කවුද හොරු? එහෙනම් බේරෙන්නේ කොහොමද? අධිකරණය වැරැදිද ඔබ කියන විදිහට? ගරු අධිකරණයට අපහාස කරන්න එපා. මහ බැංකුව හොරාකාලා පන්සල්වල පින්කැටේ සීල් කරපු එක තමයි රටට ඵලදීලා තියෙන්නේ.

:       0       0

NishanMonday, 23 September 2019 09:57 AM

මේ නඩුවේ තාක්ෂණික දෝෂයක් නිසයි මෙහෙම වුනේ? අලුතෙන් නඩුව දාන්න ඉන්නේ චෝදනා හත්දහස් ගාණකට අධික ප්‍රමාණයක් සහිතව...

:       0       0

NissankaMonday, 23 September 2019 03:57 PM

නඩු තීන්දුව කියෙව්වද? මේ තීන්දුව දුන්නේ හරියට නඩුව ගොනු කරලා නැති නිසා. නැතිව නිවැරදි කාරයන් නිසා නෙවෙයි. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. ජේවීපී ආණ්ඩුවක් එනකන් මේ කොයිහොරත් නිදැල්ලේ...

:       0       0

Mahee Monday, 23 September 2019 05:02 AM

රන්ජන්, ඔබේ ලැයිස්තුවේ ඉන්නවද?

:       246       236

shanika Monday, 23 September 2019 05:04 AM

හැමදේටම දේශපාලනේ ගාවගෙන රට විනාශ කළ ආණ්ඩුවක්. රටේ ආරක්ෂාව වඩා ඡන්ද ගැන හිතනවා. බුර්කාව ආපහු පුළුවන්. ගුරුකන්දේ හාමුදුරුවන්ගේ දේහය අඳුරේ පොලිසියට හොරෙන් පන්සලට වැඩමවන්න වුන යුගයක්. මෙවන් අඳුරු යුගයක් මගේ රටට නැවත නොවේවා !

:       4171       8452

PJTuesday, 24 September 2019 03:02 AM

නීතිය රජ කරන යුගයක් වශයෙන් නිවැරදි විය යුතුය. එය අපේම උත්සාහයක ප්‍රතිපලයකි. එහෙත් එය නැති කර ගැනීමට උත්සහ දරන්නෙත් අපමය.

:       66       0

soma Monday, 23 September 2019 05:06 AM

අනිත් නඩුවලටත් වෙන්නේ ඕකම තමයි . නීතිය දේශපාලනය සමග පටලවන්න එපා.

:       58       938

කපිල Monday, 23 September 2019 05:09 AM

ඩයස් වික්‍රමසිංහ මැතිනියට ස්තුති වේවා !

:       84       483

asoka Monday, 23 September 2019 05:10 AM

ස්මාරක නඩුවත් මේ වගේමයි. මුළු මුදලම ගෙවල් තියෙද්දිත් නඩු දාලා. කෝටි ගානක ගනුදෙනුවක් කළ ඉතිරිකිරීමේ බැංකු හොරාට ආණ්ඩුව අලාභය අත්වැලක් වුවා කියලා දුන්නේ අත්හිටවූ දඬුවමක්.

:       466       1143

දිමුත්Monday, 23 September 2019 05:45 AM

එතකොට ස්මාරකයක් හැදුණේම නැද්ද? ඒ කාගේ මුදල්ද?

:       1759       1941

sangaMonday, 23 September 2019 06:10 AM

ඒකවත් දන්නේ නැතිවද කොමෙන්ට් කරන්නේ

:       112       423

chinthakaMonday, 23 September 2019 10:40 AM

ඔය දේශපාලන වහල් බැම්මෙන් මිදිලා මේ දුෂ්කර කාලෙදීවත් තමන්ගේ රට ගැන හිතන්න. ඔච්චරටම නොදන්නා හින්දාම කියන්නම්..., ඔය ස්මාරකය හැදුවේ "ඩී.ඒ රාජපක්ෂ අරමුදලින්". අමතක කරන්න එපා.., බණ්ඩාරනායක මහත්තයාට වගේම ඩී.ඒ. රාජපක්ෂ මහත්තයටත් දකුණේ මිනිස්සු ගෞරව කරනවා.

:       0       0

pjTuesday, 24 September 2019 03:11 AM

දැන ගන්නේ කොහොමද ? අද කියන දේ නොවෙයි හෙට පත්තරයෙන් කියන්නෙ. මිනිසුන්ට සිදුවෙලා තියෙන්නේ සුළු මොහොතකට හරි පත්තරෙන් කියන දේ විශ්වාස කරගෙන ඉන්න එක තමයි.

:       0       4

sumuduTuesday, 24 September 2019 01:47 AM

ලංකාව වගේ රටකටම ඔය වගේ විහිලු හොඳය . ලංකාවේ මිනිස්සු බුද්දියෙන් හීන නිසා ,,රටේ ඉන්න ලෝක හොරු පිනුම් ගහනව. මිනිස්සු අපා දුක් විඳිමින් ඒ හොරුන්ගේ සැපත වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කරනවා වෙහෙසෙනවා. බස් එකක ගියහම තේරෙනවා ලංකාවේ මිනිස්සු මොනතරම් නින්දිත ජීවිතයක්ද ගත කරන්නේ කියලා.

:       0       33

ලුම්බිණි Monday, 23 September 2019 05:20 AM

සුභ අනාගතයක්!

:       64       455

සාගර Monday, 23 September 2019 05:31 AM

ගෝඨා වෙනස් උන තරම්

:       1       305

mohan Monday, 23 September 2019 05:38 AM

මට පෙන්නේ මේ ඉන්නේ සජිත් වගේනේ, මට කන්නාඩි දාන්න වෙලාද?

:       153       5

lanka Monday, 23 September 2019 05:39 AM

හපොයි රටට ගිය කලක්

:       716       1106

wimal Monday, 23 September 2019 05:41 AM

තව හොද හොද සෙල්ලම් එලිවෙයි ඉදිරියේදී.

:       0       225

Rata Perata Monday, 23 September 2019 06:06 AM

දැන් නම් වැඩ ටික නියම විදියට වේගෙන එනවා වගේ. රන්ජන් කියපුවා බොරු නෙමෙයි කියල දැන් තමයි හිතෙන්නේ. මෙච්චර ලේසි වැඩක් නම්, මෙයාගේ නඩු අහන්න බෑ කියල නඩුකාරයෝ ඉල්ලා අස් උනේ ඇයි? අන්තිමට සාමාන්‍ය මිනිස්සුන්ටම තමයි වගකීම එන්නේ.

:       5312       6811

BamunuarachchiTuesday, 24 September 2019 01:37 PM

සාමාන්‍ය මිනිස්සු මොනවද දන්නේ? දන්නෙත් පත්තරවල කියවුණු ඒවා. උසාවියේදී තමයි නියම තොරතුරු එන්නේ. රටක් පෙරට යන්නේ මේ වගේ අය එක්කද?උසාවි තීන්දුව නඩුව දාපු මිනිස්සුත් පිළිගන්න වෙනවා.අත පිහදාගන්න දීපු කොලේ කියවපු මිනිස්සු නීති විශාරදයෝ වෙන්න හදනවා.

:       0       0

amali Monday, 23 September 2019 06:09 AM

සහරාන්ගේ කල්ලියේ සමහරු නිදහස් කලා කිවුවට, ගුරුකන්න්දේ හාමුදුරුවන්ගේ දේහය මිහිදන් කරන්න ඉඩ දෙන්නේ නැහැ කිවුවට, බුර්කාව අයින් කලා කිවුවට කිපෙන්නේ නැති අය මේ පුවත දැකල ගැරඩියට භූමිතෙල් ගැහුවා වගේ පිස්සුවෙන් දගලනවා. ඕකට තමා කියන්නේ කුහකකම කියල.

:       1231       3622

PJTuesday, 24 September 2019 10:46 AM

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබූ හෙයින් සැකකරුවන් නිදහස් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. එමෙන්ම නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් සැකකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බවද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර ඇති බව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පවසා සිටියාය.

:       0       0

PARASARA Monday, 23 September 2019 06:11 AM

අපහාස ග්‍රහයාගේ බලය, ශක්තිය,වේගය දැන් ටිකෙන් ටික දියාරු වෙන්න පටන් අරගෙන වාගේ

:       616       1071

යාපා Monday, 23 September 2019 06:12 AM

පේනවා නේද යහපාලනය කියලා unp, jvp,මෛත්‍රී කරපු බොරු කන්දරාව. මේ වගේ බොරු ලක්ෂගානක් කියලා මිනිස්සු රැවැට්ටුවා. මීට කලින් කෙහෙලිය, මහින්දානන්ද, ඩලස්, ජොන්ස්ටන් වගේ අයට දාලා තිබුන බොරු නඩුවලින් නිදොස් උනා. ඇත්තටම මේ බොරු නඩු දාලා ඇන්දුවේ අපේ රටේ මිනිස්සු නේද.

:       2396       3380

sarath Monday, 23 September 2019 06:15 AM

රජයේ ආයතනයකට ගිවිසුම් ප්‍රකාරව බාර දුන්න . චම්පික ආසන්නයේ ඇති වැව හාරපු වියදම මේකට එකතු කල නිසා වැඩිපුර ගාන ගෙවන්නේ නැතිව විරෝදයක් දැක්වුවත් පසුව ගෙවා තියෙනවා

:       1       56

rorhana Monday, 23 September 2019 07:18 AM

ඔන්න අපේ රටේ නඩු අහන විදිය.. දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් කැඩුවොත් එයාව අල්ලලා හිරේදානවා... ලොකු හොරු නිදහස් වෙනවා. මේක යකාගේ නීතියක්නේ...

:       0       0

Uditha - London Monday, 23 September 2019 07:22 AM

මම මේ පුවත අද, හෙට බලාපොරොත්තු වුණා. ඊයේ පෙරේදා අර දුරකථන සංවාදයෙන් පස්සේ මම නම් මේක බලාපොරොත්තුවෙන් හිටියේ.. අවසානේ මහජනතාව ගොනාට ඇන්දුවද? නැත්තන් ඔයගොල්ලෝ ඇඳගත්තද? අනේ මන්දා ඉතින්.. විනාශ කලේ විපරීත බුද්ධීන්...

:       0       0

බද්රානි Monday, 23 September 2019 07:22 AM

දැනටමත් මේ අය ආණ්ඩු බලය කොල්ල කා අවසානයි. කවුරු කොහොම කිව්වත්, රටේ යහපාලන රජය බලයට ආවත්, මේ රට ආණ්ඩු කලේ මේ අයම තමයි. අපිට ඇස් දෙකට නොපෙනෙන කතාවලින් හා නඩුවලින් වැඩක් නැහැ. මල්වානේ පිහිටි ඉඩම සහ අයිතිකාරයෙක් නැති නිවාස? ජනතාවගේ මුදලින් ඉදිකළ ස්මාරකය... මේ රටට ගැලපෙන නායකයෙක් තමයි අවශ්‍ය වන්නේ... එ්කට සුදුසු ගෝඨාභයම තමයි. ඔව් අපි එක්වෙමු. අපි එ්කට සූදානම්...!!! අර හිරේ ඉන්න දුමින්දත් පව් නේද අනේ?

:       0       0

සේන Monday, 23 September 2019 07:23 AM

නීච දේශපාලන පළිගැනීම් වලින් විනාශ වූ ව්‍යාපාරයට සිදු වූ හානියට වග කිවයුත්තන් කවුද? ඔවුන් දඬුවම් ලැබිය යුතුමයි.

:       0       0

sajith Monday, 23 September 2019 07:24 AM

මංගල නිසා වැඩියෙන්ම අලාභ වුනේ එ.ජා.ප.යටමයි . රනිල්ට බෑ කියල කිව්වම එක උඩින්ම පිළිගත්තා . අදටත් ජනාධිපති අපේක්ෂකකම ඔහුට දෙන්නේ නැහැ

:       0       106

ජයන්ත Monday, 23 September 2019 07:30 AM

මේ ගැම්මටම ස්මාරක නඩුවත් ඉවරයක් කරල දාමු. ඒතකොට තව ඉතිරි ‌වෙන්නේ නඩු 6 යි.

:       161       440

Bandara Monday, 23 September 2019 07:36 AM

නියමයි.

:       14       105

කරුණාපාල Monday, 23 September 2019 08:18 AM

නඩු වැඩි ජනාධිපති අපේක්ෂකයව ඒ නඩුවලින් නිදහස් කරගෙන අපි අපේ රටේ ජනාධිපති කරගමු. එතුමාගේ නමට මේ රට හා සියලු දේපොළ ලියා දෙමු. එවිට මේ සියලු ප්‍රශ්නවලින් අපිත්, එතුමත් නිදහස්.

:       365       879

Nandalal DE SILVA - France Monday, 23 September 2019 08:24 AM

මේ නඩුව පැවරුවේ අල්ලස් කොමිසම නම් එයට රටේ දේශපාලන පක්ෂවල අය ගාවාගෙන මේකේ කොමෙන්ට්ස් දමන අය පුවත කියවා තිබෙන්නේ පාට කණ්නාඩි තුලින් බව පැහැදිලි වෙනවා. මගේ සීයා අහනවා මේ නඩුව දමපු අල්ලස් කොමිසම තීන්දුව අහලා "රෙද්දේ අත පිහදාගෙන නිහඬව සිටීද, නැත්නම් තීන්දුවට එරෙහිව ඉහල උසාවියකට යාවිද" කියල. එයත් විශ්‍රාමගත් නඩුකාරයෙක් නිසා වෙන්න ඇති ඔය ප්‍රශ්නය ඔළුවට ආවේ.කොහොම උනත් නඩු තීන්දුව අහලා "අනාගත ජනාධිපතිවරයාගේ මුවේ තියෙන හිනාව නම් නියමයි කියල මගේ ආච්චි කියනවා !!!!!

:       1045       1208

Ranil Monday, 23 September 2019 02:53 PM

නන්දලාල්, එජාප ප්‍රංශ ශාඛාවේ සාමාජිකයෙකි. ඔහුට කමෙන්ට් සඳහා හොඳ ගෙවීමක් කරන බව ආරංචියි..!!!

:       0       0

suddaTuesday, 24 September 2019 03:52 AM

නන්දලාල්ගේ නම නයාලාල් කියලා වෙනස් කරගත්තනම් හරි නේද? කමක් නැහැ අපි සතුටුයි ඔබේ සීයා නඩුකාරයෙක් කියලා කියන්න චාන්ස් එක ලබාගත්තු එක. හැබැයි එයා විග්නේෂවරන්ගේ යාලුවෙක්ද දන්නේ නැහැ නේද?

:       0       0

sirimal Monday, 23 September 2019 08:27 AM

අද උදේ ඉඳල යන යන තැන 'කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්' කියන ගීතය ඇහෙන්නේ මොකද දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවානම් කියල දෙන්නකෝ ...

:       338       668

රසික Monday, 23 September 2019 08:31 AM

නිදහස් කරන්න හේතුවත් මේ එක්කම දැම්මනම් නේද වටින්නෙ? නැත්තන් වැරදි වැටහීමක් ඇතිවෙනවානේ.

:       14       217

amila Monday, 23 September 2019 08:36 AM

එහෙම වෙන්න එපැයි... මොකද මහ බැංකුව හොරා කාපු අයත් අනාගතේදී ඒ චෝදනා වලින් නිදහස් වෙන්න ඕනෑනේ. දැන්ම ඉඳන් සූදානම් වෙනවනේ ඉතින්. හොරු කවද්ද හොරු ඇල්ලුවේ මල්ලි, ජනතාව කැමතිත් මේ අයට මල්ලි, මොකද ජනතාවගෙන් බාගෙකට වැඩි පිරිසත් හොරුනේ මල්ලි, වේගය වැඩියෙන් ඇවිල්ලා පොලිසියෙන් දඩ කොලේ ලියලා දෙන්න හැදුවම කීයක් හරි දීලා ශේප් වෙන්න තමයි වරද කරපු කෙනා දඟලන්නේ.., පොඩිම වැරැද්දේ ඉඳන් මහා ලොකු වංචාව දක්වා රටේ තත්වේ ඕකයි. ඉතින් එහෙම හිතන මිනිස්සු ඉන්න රටක දේශපාලකයින් සත් ගුණවත් වෙන්න විදියක් නැහැනේ...

:       0       0

Hafeel Monday, 23 September 2019 09:39 AM

මෙහමද රටේ ජනාධිපති අපේක්ෂකයා? දිනපතා වගේ අධිකරණයටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවටත් යනවා එනවා.

:       0       0

ruwan Monday, 23 September 2019 09:53 AM

ඔක්කොම බොරු තමයි, ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ... මේවා අල්ලනවා කියල‍ා යහපාලනකාරයින් බල තණ්හාවට ලක්ෂ 62ක් මිනිස්සු අන්දලා බලේට ආවා. අපරාදේ සුපිරියට දියුණු වේගෙන ආවා රට නැත්තටම නැති කළා.. මේ බලලෝභී සංහිඳියා කාරයන් ටික...

:       0       0

man juwan Monday, 23 September 2019 09:58 AM

මං බලාපොරොත්තු වෙනවා... අධිකරණේ මහ පුටුවට යන්න. ඔන්න ඔහේලාට බලාගන්න ලැබෙයි මං යනවද නැද්ද කියලා. අර රන්ජන් කිව්ව එක්කෙනෙක් මං තමයි.

:       0       0

lion Monday, 23 September 2019 10:13 AM

සුනාමි නඩුවෙන් ලොක්ක බේරුවා කියල සරත් සිල්වා ජනතාවගෙන් සමව ඉල්ලුවා .හිතන්න එපා වැරද්දක් කරලා තියෙනවා නම් තමුන්ට හෘද සාක්ෂියෙන් ගැලවිල්ල ක් ලැබෙන්නේ නැහැ .මෙයාට සිංගප්පුරුවේ මාස ගානක් හොස්පිටල් එකක හිටය .එකේ බිල කොටිගනනක් යන්න ඇති. කොහෙන්ද මෙයාට මෙච්චර සල්ලි කන්දරාවක් ලැබුනේ?මේ ඔක්කොම රටට වැඩක් ඇති අය නෙවි .අවුරුදු 70 වක ඇත්ත එකයි.

:       0       0

lalithm Monday, 23 September 2019 10:25 AM

ස්මාරක නඩුවේ මුළු මුදලම ගෙව්වා කියන්නේ... කලින් මුදල් පරිහරණය කලා කියන එකනේ...

:       0       0

Sisil Randeniya Monday, 23 September 2019 10:27 AM

මම මේ පොදුවේ අපේ රටේ නීතිය ගැන කියන්නේ... අඹගෙඩි ටිකට, පොල්ගෙඩියට පොඩි මිනිසුන් හිරේ යවන නීතිය.. සල්ලිකාර මහඑවුන් ළඟ නැවෙන හැටි රටටම පේනවා.. මේකේ මොකුත්ම රහසක් නැද්ද? ඒ මදිවට ඒ චූදිතයෝ රටේ ඉහළ පුටුවලට අපේක්ෂකත්වයට පත්කරලා... මේක හරිම විහිළුවක්...

:       0       0

PA - RA Monday, 23 September 2019 10:34 AM

හුරේ... හුරේ... සාධාරණත්වය ජයගත්තා.. නිකන් තියන ආයුධ, නඩත්තු කරමින්, රටට අාදායමක් ගෙන එමින්, අසරණයින්ට සලකමින්, ආධාර උපකාර කරමින්, රැකියා අවස්ථා උදාකරමින්, ඔවුන් කළ වරද කුමක්ද? අද ඔවුන් ජයෙන් ජයගත්තා.. එය නැවත පටන් ගන්න. ගරු අධිකරණය තුළින්ම අවසර ගන්න. ආයේ කාටවත් හා.. හුම්.. ගාන්න බැහැ. කාවත් රවටන්නවත් බැහැ.

:       0       0

amali Monday, 23 September 2019 10:47 AM

මෙතන අදහස් දාල තියෙන අය කියන විදියට මොනම විදියට හරි ගෝඨා හිර කරන්නයි ඕනේ. බැංකු හොරුන්ටයි රජයේ දේපල විනාශ කරපු අයටයි මිනී මරපු අයටයි එ්ක අදාළ නැහැ.

:       254       314

jayasinghe Monday, 23 September 2019 10:49 AM

හොදම විසදුම නම් තැන තැන වල ඕපාදුප කතා කරන්න යන්නේ නැතුව ඉන්න. එතකොට ඔයාගේ හිතේ අමාරුව ටිකක් හරි අඩුවෙයි. ඔය තැන් තැන් වල ගිහිල්ලා මහබැංකු හොරු හිරේ යවන විදියත් කතා කරලා බලන්නකෝ.

:       0       73

[email protected]Monday, 23 September 2019 12:22 PM

කලබල වෙන්න එපා මහ බැංකු හොරුන්ටත් වෙන්නෙ මේ ටිකමයි. දෙගොල්ලටම එකයි

:       42       111

liyanage Monday, 23 September 2019 11:16 AM

ඒ කියන්නේ බිලියන 11.4 පාඩුවක් එහෙම වෙලා නැද්ද? ඇයි එහෙනම් එහෙම කියල නඩු දැම්මේ බබාලාද? අනේ මෙහෙමත් ජනතාවගේ මුදල් නැති කරන උගත් රජයේ සේවකයෝ.....

:       35       322

PrasannaTuesday, 24 September 2019 04:24 AM

මෙතන වෙලා තියෙන්නේ හොරකමින් නිදහස්වීමක් නොවේ. නඩුව පැවරීමේදී සිදු කළ තාක්ෂණික වැරදි නිසා.

:       0       609

Chandima Fonseka Monday, 23 September 2019 12:00 PM

මේ බොරු නඩු සඳහා වියදම් කරපු මුදල් කාගෙන් හරි අයකර ගන්න ඕනි.

:       0       0

Appuhami Monday, 23 September 2019 12:51 PM

නියමයි..!

:       0       0

බද්රානි Monday, 23 September 2019 12:53 PM

මැතිවරණය ජයග්‍රහණයට කලින්ම අධිකරණය ජයග්‍රහණය කරගෙන වගෙයි පෙනෙන්නේ? අනේ අපිට කොච්චර සතුටුයිද දැන්? මේ නරකාදියට යම පල්ලෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනුණු මොහොතක එතුමා නඩුවලින් නිදහස්වීමම විශාල සතුටක්... එක අතකට, මුනිවරයින් පමණක් ජීවත්වෙන මේ නරලොවට, මොකටද, අධිකරණයක්? අපරාදේ අධිකරණවලට වියදම් කරන සල්ලි...

:       0       0

Chathuri Monday, 23 September 2019 03:01 PM

මෙපමණ කල් මොන එහෙකටද? නඩු කල් දැම්මේ බොරුවට පුවත් මවන්නද? මහජනයාගේ නඩු විතරයි මේ ගොල්ලන්ට වැරදි විදියට පෙන්නේ.. නඩුකාරයා ගෝඨා දිනුවට පසු උසස්වීමක් බලාපොරොත්තුවෙන් ඇති. ගෝඨා දිනන්නේ නැහැ. මේවගේ නඩුඅහන අයව... අධිකරණයෙන් එළියට දමන්න ඕනෑ.. සේරම සෙල්ලම් දුප්පත් මිනිසාට... උදේට, රාත්‍රියට පන්සිල් අරගෙනද? මේ කට්ටිය වැඩ කරන්නේ, මේ අධිකරණ වහලා දමලා, ග්‍රාමසේවකට නඩු අහන්න දෙන්න... ඒක නම්බුයි, මේ තරම් නඩු ගොඩ ගැහෙන්නෙත් නැහැ. හැම ගමකටම ග්‍රාමසේවක මහතෙක් ඉන්නවා. අසරණ මිනිසුන්ගේ මුදලුත් ඉතුරුයි... අධිකරණයට යනවා කියන්නේ හොරාගේ අම්මා ඉන්නේ එතන, දුප්පතාගේ කුඩම්මා ඉන්නෙත් එතන....

:       0       0

රවිඳු Monday, 23 September 2019 03:08 PM

හොරකම් කරන මුදලේ ප්‍රමාණය වැඩිවෙන තරමට තමයි ලංකාවේ වීරයෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ කවදා හරි රටේ ජනාධිපති වෙන්නත් පුළුවන්. අපි කොච්චර පින් කරලා තියනවද කියලා දැන් තමයි තේරෙන්නේ. අපෙන් රටට වැඩක් වෙන තියරිය පැත්තකට දාලා රටෙන් අපට වැඩක් කරගන්න තියරිය ක්‍රියාත්මක කරන්න කාලය හරි. ජයවේවා!!!

:       0       0

විජිත් Monday, 23 September 2019 03:17 PM

මාර නඩු තීන්දුවක්නේ? පුදුම වෙන්නත් දෙයක් නැහැ එක්කෝ. මේ ශ්‍රී ලංකාවො.....කොන්ද පණනැති, හොරුත් එක්ක ඩිල් කරපු, ජරාව කාපු නඩුකාරයෝ,නඩු කාරියෝ හෙම්බිරිස්සාවක්වත් නැතිව යහතින් වැජබෙන,තම වාසනාවන්ත දිවිය අවසානයේ කාලකන්නි වුන එහෙමත් නැතිනම් කාළකන්නි කරගත්ත අපේ ලස්සන රටට වුන දේ. ගරු මහත්මයාණෙනි,මහත්මියනි අප තවමත් පරක්කු නැහැ කියලයි මට හිතෙන්නේ.මීළඟ ජනාධිපති ඡන්දයේදී නාගානන්ද කොඩිතුවක්කුට ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීම රට වෙනුවෙන් කරන විශාල ආයෝජනයක්. ඔහු ජනාධිපති වුන වහාම ඔය ජරාව කාපු ලොකු නඩුකාරයෝ ඔක්කොම ගෙදර.නීතිය නියම ලෙස පසිදලන නඩු කාරයින් පත්වෙනවා.ඔය නඩු ආයෙමත් අහනවා.දියවන්නාවේ ඉන්න නරි 225ම ආපසු කැලෑවට යවනවා.අපි අලුත් දෙයක් කරමු.අපේ රට මේ නරකාදියෙන් ගොඩගන්න උරදෙමු.

:       0       0

Chanak los angeles Monday, 23 September 2019 04:33 PM

ලංකාවේ නීතිය හරියට කාලගුණය වගෙයි . හිටපු ගමන් වෙනස් වෙනවා. ඔන්න දැන් වෙනස් වුනා .

:       0       0

ගමරාල Monday, 23 September 2019 04:36 PM

ගෝඨා හරියට සදුන් ගසක් වගෙයි. කොටන්න කොටන්න සුවදම දසත හමනවා.

:       0       0

සුසිර Monday, 23 September 2019 05:33 PM

අඩු ගානේ විහිලුවට වගේ වත් නඩුව අහන්න වෙලාවක් නැහැ මේ ජනාධිපති මැතිවරණය නිසා. හදිස්සිය වැඩිකමට නඩුත් නාහම නිදොස් කොට නිදහස් කළා. හිනා යනවා මේවට.

:       0       0

නිම්මි Monday, 23 September 2019 08:55 PM

බොරුවට නඩුවක් දැම්මම ඒක ඔප්පු උනේ නැත්නම් බොරුවට නඩු දාපු අයට අගතියට පත් පාර්ශවයට වන්දි ගෙවන්න සිදුවෙන්නේ නැද්ද? ඒක එහෙම නෙමේ නම් තරහකාරයෙක් බලලා අපිත් නඩුවක් දමන්න ඕනා විනෝදයට වගේ. අපිත් දේශපාලනේට සම්බන්ධනම් නඩුත් ඉතින් විහිළුවක් තමයි.

:       0       13

පිටිගල මිලානෝ Monday, 23 September 2019 09:21 PM

මිනීමැරුම් දඬුවම් අච්චු විඳිමින් ඉන්න දෙන්නෙක්. මේ දවස් වල පුදුම සතුටකින් ඉන්නවා ඇත්තේ...

:       0       23

isuru Thursday, 26 September 2019 09:49 PM

ශ්‍රී ලංකාවේ මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. එ්කයි කියන්නේ ලෝකෙන් උතුම් හොරු රකින රට ලංකාවයි කියලා... අනේ අපේ රටේ අනාගතේ..!!!

:       0       0

kamil Thursday, 26 September 2019 09:51 PM

ලෝකේ හොරු රකින.., එකල රට ශ්‍රී ලංකාවයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 887 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 170 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1055 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1096 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1386 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1234 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site