(ඩී. ජී.සුගතපාල)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් පිරිසක් තවමත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බව දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුව හා ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්ෂ පහකින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත්කර තිබෙන අතර තෝරාගන්නා සභික සංඛ්‍යාව 28කි. එයින් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරාගනු ලබන අතර සමානුපාතික ක්‍රමයට ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා සභික සංඛ්‍යාව 11කි. ඒ අනුව කොට්ඨාස මට්ටමෙන් 85ක් තරග වැදී සිටින අතර ලැයිස්තුවෙන් ඉදිරිපත්ව ඇති සංඛ්‍යාව 70කි.
මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් විමසුවිට කියාසිටියේ මැතිවරණයට ඉදිරිපත්වන සියලුම අපේක්ෂකයින් නාම යෝජනා බාරදුන් දින සිට මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුබවය.
ඉන්පසුව තේරී පත්වන සභිකයින් වාර්ෂිකව තමාගේත් බිරිඳගේත් ළමයින්ගේත් සියලුම නිශ්චල චංචල දේපල හා බැංකු ගිණුම් පිළිබඳ වාර්තා පමණක් නොව විදේශ රටවල සිටින ඥාතින්ගෙන් මිතුරන්ගෙන් ලැබෙන පරිත්‍යාග පිළිබඳව පවා වාර්තා ලබා දිය යුතු බවත්, එයින් බලාපොරොත්තුවන්නේ ඔවුන්ගේ ඉපයීම රජයට දැනුම්දීම වන බවත් එම නිලධාරියා පැවසීය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් කිසියම් අයුතු ඉපයිමක් කිරීම, අයුතු ලාබ ගැනීම, විදේශ රටවලින් අයථා ලෙස පරිත්‍යාග ලබාගැනීම ආදිය සම්බන්ධයෙන් නඩු පැවරූ විට ඒවා පරීක්ෂා කිරීමට අධිකරණයද අවසර ලබාදෙන බවය.
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ 1975 අංක 1දරණ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත අනුව මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශකළ යුතු බවය. ඒ අනුව නගර සභාවල නගරාධිපතිවරුන්ගේ සහ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන බවත් සභිකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ තම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇල්පිටිය ප්‍රා. සභා අපේක්ෂකයින් පිරිසක් වත්කම් බැරකම් ලබාදී නැහැ
රවින් Thursday, 12 September 2019 10:01 AM
ඔයි චන්දය ඉල්ලන්නේ පලාතට. රටට. හෝ ජනතාවට සේවය කිරීමට නම් කිසිම බයක් හැකක් නැතිව තම වත්කම් බැරකම් රහසිගත තොරතුරු වශයෙන් ලබාදිය හැකි නොවේද? වංක භාවය, වංචාව හා දුෂණය තම සිත් තුළ තියන හින්දා නේද හංගන්නේ? පළාතේ ජනතාව වෙතයි, මෙවැනි අය හොයා බලා ඡන්දය දීමෙන් වළකින්න. වංකභාවය, වංචාව, හොරකම හා දූෂණය අනුමත කරන්නේ නම් පමණක්... මෙවැනි අයට ඡන්දය දෙන්න.