ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (20) පැවැසීය.
එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ඔක්තෝබර් 4 වැනිදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව ද හෙතෙම කීවේය.
තැපැල් ඡන්දයට අදාළ සුදුසුකම් ලැබූ ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) සිදු කෙරෙන බවද ඒ වෙනුවෙන් පූර්ණ ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන ඇති බව ද ගුණසේකර මහතා කීය.
තැපැල් ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය ඇල්පිටිය සහ ගාල්ල පොලිස් කොට්ඨාශ වෙත අවශ්‍ය උපදෙස් දී ඇති බව ද ඔහු පැවැසීය.
සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇති බවත් තැපැල් ඡන්ද පැකට්ටු බාරගන්නා හා බෙදාහරින තැපැල් කාර්යාල වෙත පොලිස් ජංගම සංචාර හා පොලිස් යතුරුපැදි සංචාර මගින් ආරක්ෂාව සපයන බව හෙතෙම කීය.
තැපැල් ඡන්ද සිදු කිරීම කෙරෙන සැප්තැම්බර් 27 වැනිදාට එලෙස ආරක්ෂාව යොදවන බව ද ගුණසේකර මහතා වැඩිදුරටත් කීවේය.
055
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම 27 වැනිදා
Dan hettig Saturday, 21 September 2019 03:51 AM
මුළු ඇල්පිටියම සජිත්ට...
නොකවුට් Saturday, 21 September 2019 09:19 AM
ඡන්දය පවත්වන්නේ පොලීසියද?