(ජේ.කේ.එල් චාමින්ද)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර බාරගැනීම සැප්තැම්බර් 13 දා දිනෙන් අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ. චන්ද්‍රලාල් මහතා පවසයි.
මෙම මැතිවරණයට අවශ්‍ය වන්නේ 700 පමණ මැතිවරණ නිලධාරීන් සංඛ්‍යාවක් බවද හෙතෙම පවසයි. ඒ මහතා මේ අදහස් පැවසුවේ ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට අදාළව වත්මන් තත්වය සම්බන්ධයෙන් අද (12) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා මෙසේද කීය.
"ඇල්පිටිය පළාත් පාලන ආයතනයට අදාළව මැතිවරණය පැවැත්වීමේ කටයුතු මේ වන විට අපි කරගෙන යනවා. පොලිස් දෙපාර්තමේන්තුවේත් සහයෝගය අරගෙන තියෙනවා. මේ වන විට යම් යම් පැමිණිලි ලැබුණා විශේෂයෙන්ම රජයේ සාමාන්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් ඇති බවට. ඒවා ගැන අපි පරීක්ෂා කළා. ඒවා පරීක්ෂා කර බැලීමේදී එතරම් බරපතල තත්වයක් වාර්තා වුණේ නෑ.
සාමාන්‍යයෙන් මැතිවරණ දේපාර්තමේන්තුවේ නිළධාරීන් මැතිවරණ නීති ආරක්ෂා කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කැප වෙලා ඉන්න අය. බාහිර සාධක පිළිඹඳව අවධානය යොමු කිරීමට අවශ්‍ය නැහැ.
මේ ඡන්දය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් උනන්දුවක් දක්වන්න පුළුවන් නමුත් අපේ උනන්දුව තිබෙන්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය සහතික කරලා දෙන්නයි. ඒ සඳහා අවශ්‍ය කැපවීම අපි කරනවා."
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇල්පිටිය ඡන්ද අයදුම්පත් බාර ගැනීම 13න් අවසන්