IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමරිකානුවන්ට පනවා ඇති සංචාරක අවදානම ලිහිල් කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී නැවත සළකා බලන්නැයි දන්වමින් පනවා තිබූ සංචාරක අවදානම ලිහිල් කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකා පුරවැසියන්ට තුන්වැනි මට්ටමේ අවදානමක් පනවා තිබූ අතර එය දෙවැනි මට්ටම දක්වා ලිහිල් කර තිබේ.

එසේ වුවත් ත්‍රස්තවාදී ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී පරෙස්සම් වන්නැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්නට තවදුරටත් අනතුරු අඟවා ඇත.

සංචාරක අවදානම් පහත හෙළීමට අමතරව ඇමෙරිකානු රජයේ නිලධාරීන්ගේ පවුල්වල අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට සහ එම රජයේ හදිසි නොවන රැකියාවල නියුතු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

පවතින ආරක්ෂක පරිසරය නිසා ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂාව සැලසීමට ඇමෙරිකානු රජයට හැකියාවක් නැතැයි ද ත්‍රස්තවාදීන් පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රහාර එල්ල කරන බැවින් පරෙස්සම් වන්නැයි ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත සළකා බලන්නැයි දැනුම් දෙමින් සංචාරක අවදානම මට්ටම තුන්වැනි මට්ටම දක්වා ඉහළ දැමීය.  

 



අදහස් (3)

ඇමරිකානුවන්ට පනවා ඇති සංචාරක අවදානම ලිහිල් කරයි

විජිත් Tuesday, 25 June 2019 03:45 PM

ඒ අය තමයි ලොකුම ත්‍රස්තයෝ.

:       117       81

කල්පගේ Wednesday, 26 June 2019 08:56 AM

මුළු ලෝකයම යුද්ධ වලට පටලවාගත්ත ලොකුම ත්‍රස්තවාදියා ඇමෙරිකාව බව කව්රුත් දන්නවා.ඒ වගේමයි ගිය ගිය හැම තැනින්ම ගුටිකාගෙන අන්තිමේදී පසු බැස්සෙත් එගොල්ලොමයි. වියට්නාමයේදී මදි නොකියන්න කෑවා. චීනා එක්ක පටලුනොත් ආයේ චණ්ඩිකම් නොකරන්නම කනවා.

:       0       0

කල්පගේ Wednesday, 26 June 2019 08:56 AM

මුළු ලෝකයම යුද්ධ වලට පටලවාගත්ත ලොකුම ත්‍රස්තවාදියා ඇමෙරිකාව බව කව්රුත් දන්නවා. ඒ වගේමයි ගියගිය හැම තැනින්ම ගුටිකාගෙන අන්තිමේදී පසු බැස්සෙත් එ් ගොල්ලොමයි. වියට්නාමයේදී මදි නොකියන්න කෑවා. චීනා එක්ක පැටලුනොත් ආයේ චණ්ඩිකම් නොකරන්නම කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 251 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 641 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 555 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1378 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2835 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1844 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 235 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site