IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී මීට මොහොතකට පෙර ඇරඹිණි.

විවාදය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි.

මෙම විවාදය හෙට (11) දිනයේත් පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරු 6.30ට සිදුකිරීමට නියමිතය.

 



අදහස් (20)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

සේන Wednesday, 10 July 2019 07:34 AM

⁣කොටස් වශයෙන් එළි දැක්වෙන මෙගා නාටකයේ තවත් අවස්ථාවක්. හරිම ප්‍රහසනාත්මකයි. ස්වභාවධර්ම රූපිව රඟ දැක්වෙන්නක්.

:       1570       1113

wishwa Wednesday, 10 July 2019 07:34 AM

විවාද කරයි. රටට පෙනෙන්න . හෙට හවස බලන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු කී දෙනාද විශ්වාස භංගයට විරුද්ධව අත ඔසවන්නට පාර්ලි මේ න්තුවේ ඉන්නේ කියලා.

:       12       1253

vivek Wednesday, 10 July 2019 08:31 AM

ඉතින් මොකද මේ බොරු විස්වාසභංගයට ඡන්දෙ දීල වැඩක් නැහැ. මීක කොහොමත් ආණ්ඩුව දිනනවා. ගෙන්න කියන්න බද්යුදීන්ට එරෙහි විස්වාසභංගය එදාට බලාගමු කට්ටියගේ හැටි.

:       2245       453

NissankaWednesday, 10 July 2019 11:09 AM

එතකොට බදියුද්දීන් විශ්වසභාන්ගෙන් බේරාගත්තේ රතන හාමුදුරුවෝද? පිටිපස්සේ ඉඳන් රතන හාමුදුරුවන් ෆෝම් කරපු පොහොට්ටුවෝද?

:       0       1

Prabha Wednesday, 10 July 2019 08:41 AM

කවුරු නැතත් මහින්ද ලොක්කා නම් හොයාගන්නවත් නැතිවේවි...

:       102       337

indikaWednesday, 10 July 2019 09:41 AM

ලොක්කා, මේක ජවිපෙ එකෙන් දිනන්න ගෙනාපු විශ්වාසභංගයක් නෙවේ. බොරුවට විවාද කරලා, ඒ අස්සේ මහින්දටත් බැනල. කට්ටිය විසිරිලා යනවා. ඒගොල්ලෝ හරියට ගණන් බලල තමයි මේක ගේන්නේ.

:       355       94

NissankaWednesday, 10 July 2019 11:21 AM

ආණ්ඩුවට විරුද්ධව කලින් විශ්වාසභංගය ගෙනා වෙලාවේ මගෑරලා ගියේ රාජපක්ෂලා. රනිල් එක්ක ඩීල් දාලා නඩු ටික ශේප් කරගන්න...

:       19       1026

Raveendra Wednesday, 10 July 2019 08:04 AM

කුලුහරකුන්, මිහරකුන් පිස්සු බල්ලන් වල් බල්ලන් රගපාන මහා නාටකය දැන් දියවන්නාඔය " මඩ වලේ " රග දැක්වේ.... සියලෝම පැමිනෙත්වා !!! දර්ශන සියල්ල නොමිලේ දැක බලා ගත හැක...

:       0       26

saman Wednesday, 10 July 2019 08:40 AM

ආණ්ඩුවට එරෙහිව දැඩිව නැගී එන ජනතා විරෝධය සමනය කිරීමට, ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනැල්ලා, පහසුවෙන්ම ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ඉඩ ප්‍රස්ථා හදලා දීලා ජනතාවගේ ආණ්ඩු විරෝධය සමතලා කිරීමේ තුච්ඡ වැඩ පිළිවෙළක්..

:       520       206

VajiraWednesday, 10 July 2019 11:18 AM

දේශපාලනික අර්ථයෙන් විශ්වාසභංග ගේන්නේ දිනන්නම නෙවෙයි. ආණ්ඩුවේ වැරදි පෙන්නලා ජනතාව ආණ්ඩු විරෝධයට පෙළගස්වන එකටත් එක්ක. මැතිවරණ සමයක් ලග එනකොට තමා මේ විදිහට ආණ්ඩු විරෝධී ජනතාව පෙළගස්වන්න ඕන.

:       0       1

Sanath Kandy Wednesday, 10 July 2019 08:41 AM

සැබෑ ආණ්ඩු විරෝධියෝ කවුද කියලා බලාගන්න පුළුවන් මේ වතාවේ... පොහොට්ටුවේ ශ්‍රීලනිපයේ කීදෙනෙක් අත උස්සයිද කියලා බලමු. ජවිපෙට රතු අලි කිව්වට හැම විශ්වාසභංග යෝජනාවකදීම ආණ්ඩුවට විරුද්ධව 6 දෙනාම ඡන්දෙ දුන්නේ ජවිපෙ විතරයි.

:       13       528

samanWednesday, 10 July 2019 10:05 AM

අනේ මොකට කියනවද. අපි දැක්ක පහුගිය කාලේ රනිල්ව රැකගන්න ජවිපෙ පාර්ලිමේන්තුවේ හති දාගෙන එහාට මෙහාට දුවපු හැටි

:       478       63

ravi dWednesday, 10 July 2019 11:43 AM

සමන් මහත්මයා, එහෙම කරපු එක අවස්ථාවක් කියන්න පුළුවන්ද?

:       1       219

sasith Wednesday, 10 July 2019 08:43 AM

යහපාලන විහිලුවක් විතරයි. ජවිපෙ දිවිහිමියෙන් රැකපු රජය ගෙදර යවන්නේ නෑ...

:       260       117

rama Wednesday, 10 July 2019 09:12 AM

පහුගිය වතාවේ ජවිපෙමනේ උසාවි ගිහින් ආණ්ඩුව ආරක්ෂා කරගත්තේ...

:       141       72

Sanath KandyWednesday, 10 July 2019 11:22 AM

මෛත්‍රී නීතිවිරෝධීව මහින්ද අගමැති කරපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද දිනෙව්වේ තනිකරම ජවිපෙ උත්සාහයෙන්. වෙන කවුරුත් එක පෝස්ටරයක් ගහන්න උදව් කරේ නැහැ. එතකොට ජවිපෙ හොඳයි. හොරකම්, වංචා, දුෂණවලට විරුද්ධ වෙනකොට ජවිපෙ නරකයි. 2005 ජවිපෙ කරපු උදව්වට මහින්දගේ බැසිල් මල්ලි කළේ දෙපාරක් ජවිපෙ ඇතුලේ කුමන්ත්‍රණකාරයෝ හදලා ජවිපෙ තුනට කඩලා දුර්වල කරපු එක. හොරකම, වංචාව, දූෂණය කවුරු කරත් ජවිපෙ විරුද්ධයි. මහබැංකු බැඳුම්කර වංචාව මුලින්ම හෙළි කළෙත් ජවිපෙ. ඒ හොරකම නිසා කලින් ආණ්ඩුව කරපු හොරකම් අමතක කරන්න මේ රටේ මිනිස්සු සූදානම් නැහැ. මේ හොරු පන්නලා පරණ හොරු ආපහු බලයට ගෙනාවා කියලා රටට හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙගොල්ලම පන්නලා රටට ආදරය කරන රට ගොඩනගන්න විකල්ප වැඩ පිළිවෙලක් තියෙන පිරිසකට මේ රට බාරදෙන්න ඕනෑ..

:       68       594

sagara Wednesday, 10 July 2019 10:46 AM

මේක තවත් ජවිපෙ ඩ්‍රාමා එකක් ..

:       20       73

Rata Perata Wednesday, 10 July 2019 03:26 PM

මේ ඔක්කොම බොරුකාර හොර රැල එලවලා අලුත් ආරම්භයක් ගන්න අලුත් කෙනෙක් ජනපති කරමු. ඉන්න එකෙක්වත් වැඩක් නෑ කියලා අපිට තේරිලනේ තියෙන්නේ...

:       0       1

Chanak los angeles Wednesday, 10 July 2019 03:34 PM

ඔව්, ඉතින් ගන්න වරප්‍රසාදවලට මොකක් හරි ජෝගියක් රටට පෙන්වන්න එපායැ. ලංකාවේ ආර්ථික දියුණුවේ පසුබෑමේ පුරෝගාමියෝ තමයි මේ ජෙවීපියෝ. මොවුන් කොතරම් කයිවාරු ගැසුවත් කාගේ හෝ වලිගයක එල්ලී තනතුරු සොච්චමක් කඩා ගත්තා හැර බලයට නම් එන්න බැරිබව ඉතිහාසය පුරාවටම පෙන්වා දී ඇත...

:       241       4

vivek Wednesday, 10 July 2019 04:03 PM

ඕකට සන්ධානය ඡන්දය දෙන්න ඕනෑ නෑ. ජෙප්පන්ට තමන්ගේ තරම බලා ගන්න ඉඩ අරමු. ඔවුන් හිතාගෙන ඉන්නේ... ආණ්ඩු හදන්නේ... එලවන්නේ... ඔවුන් කියලා...

:       272       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 295 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 432 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1197 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2641 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1759 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1024 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site