IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අල්ලස දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදකී

(ඩයනා උදයංගනී)
            
අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී දී අද (18) සිදුකෙරිණි.

අල්ලස දූෂණය වපුරන රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීමත්, වංචාව දූෂණය තුරන් කරමින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදා කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ

අල්ලස, දූෂණය, වත්කම්, බැරකම්, දඬුවම් සහ අල්ලස් පනතේ එන දුර්වල නීති රීති ඇතුළු දෑ කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව සංශෝධනය කර මෙම නව පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ, කතානායක කරු ජයසූරිය, නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
                                    
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
            



අදහස් (30)

අල්ලස දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදකී

තරස්තයා Monday, 18 March 2019 10:51 AM

පසුගිය සමයේ නඩු පවරපු ඒවා මේකට අයිති නැද්ද දන්නේ නැහැ . තව විදේශ රට වලින් ලැබුණු ආදාර මුදල් වලට වෙච්ච දේවල් ගැන ඇතුලත්ද කියල තවම දන්නෙත් නැහැ .

:       0       548

Sanath Kandy Monday, 18 March 2019 10:58 AM

නරින්ට කුකුල්කොටු බාර දීපු රටක හොරුන්ගේ අම්මලාගෙන් පේන අහනවා.

:       0       624

මාවිල්මඩ වජිර හිමිMonday, 18 March 2019 11:27 AM

හැත්තෑ වසරක ප්‍රගතිය සමාලෝචනය කරහම ඉදිරි පස් අවුරුදු සැලැස්ම ගැන හිතාගන්න පුළුවන් නේද පින්වතුනි. දැන්වත් මේ අය පන්නා දාලා විකල්පයක් ගැන හිතමු. එස්. මහින්ද හිමි සමරන මේ මොහොතේ.

:       0       374

Hafeel Monday, 18 March 2019 12:19 PM

මෙච්චර කල් බලයේ ඉඳන්, එ්කත් විධායක බලයේ ඉඳන්, දැන් ගෙදර යන්න මොහොතේ 5 අවුරුදු සැලැස්මක්. එ්කත් ඔහු විසින් පත් කළ ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වූ මහින්දවත් ලංකරගෙන අල්ලස් දූෂණ තුරන්කිරීම සැලැස්මක්... හරියට හොරාගේ අම්මගෙන් පේන ඉල්ලනවා වගේ...

:       0       907

SankaTuesday, 19 March 2019 02:24 AM

හෆීල්...ඔයා කියන කතාව සහතික ඇත්ත.

:       0       334

Raveendra Monday, 18 March 2019 11:04 AM

අවංකව සදහන් කරනවා නම් " මේ ගොයියෝ 225 ටම " මේ ගැන කතකිරිමටවත් අයිතියක් තිබේද ??? පළමු දුෂණය - මේ 225 ම තමන්ගේ රටේ පුරවැසියන්ගෙන් ලැබෙන බදු මුදල් වලින් සිය පවුල් පිටින් සියලුම සැපසම්පත් සහිතව යැපෙන අතර පුරවැසියන් වෙනුවෙන් තමන් ලබාගන්නා සැපසම්පත් වෙනුවෙන් කල සේවය කුමක් ??? එබැවින් මෙම ගවයන් 225 ට තවතවත් මීපැණි සමග පිදුරු නොමිලේ ගිලීමට දෙනවාද ?? නැත්නම් ගවපට්ටියෙන් පන්නා දමනවාද ලග තිබෙන කැලයට ????

:       0       748

sena Monday, 18 March 2019 11:05 AM

මම කියන්නේ මේවා ගේන උදවිය ඉස්සරවෙලා තමන්ගේ සහ තම ලගම ඥාතීන්ගේ (ඒ කියන්නේ දුවලා, බැනලා, පුතාලා, ඊළගට පුතාගේ වෙන්ඩ ඥාතීන්ගේ) වත්කම් පෙන්නලා ඉන්න ඕනේ - බණ කියා කියා දුම් මැස්ස අතගාන උදවියට ඡන්දෙ දුන්නේ ඉස්සර

:       0       572

දිමුත්Monday, 18 March 2019 11:49 AM

හොද අදහස

:       0       112

kap Monday, 18 March 2019 11:07 AM

වැඩක් නැ කියල . හොරු ඉන්නේ සභාවේ. උන්ම දූෂණය නැති කරන හැටි ගෙන කතා අහගෙන ඉන්නවා. අපිට පිස්සු හැදෙනවා මේවා දැකල

:       0       439

රවින් Monday, 18 March 2019 11:08 AM

අස්සයා සැහෙන දුර ගිහිල්ලා දැන්වත් ස්ථාලයේ දොර වහපල්ලා.

:       0       146

අපි කොන්ඩේ බැඳපු චින්නුද? Monday, 18 March 2019 11:12 AM

1.ජනපති ගේ ලගම නිලධාරීන් 2 අල්ලස් නඩුව ඉවරද? 2. ජනපති, හිටපු අල්ලස් කොමසාරිස් නෝනාට බැන අස් කලේ ඇයි?

:       0       454

sirimal Monday, 18 March 2019 11:27 AM

අල්ලස සහ දුෂණය විතරක් නෙවේ භීෂණයත් රජ කෙරුවා කියල චෝදනා කරපු කෙනා ළඟ තියාගෙන මේ වගේ දෙයක් කරන්න හදන්නේ ඔලුව නරක වෙලා නිසාද? පස් අවුරුද්දකට පේන බලල වැඩක් නැහැ තව මාස 6 යි නේ ඉතුරුවෙලා තියෙන්නේ.

:       0       661

විජිත් Monday, 18 March 2019 12:01 PM

ඉස්සර කිව්වා" අලි බබා සහ හොරු 40 "ගැන. අද කියන්න තියෙන්නේ " සිරා මරා සහ හොරු 225 " ගැන අන්ප්ලග් හෙවත් ක්ලැසික් කතාවක්... ලැජ්ජයි මහත්වරුනේ.. මොවුන් මේ කතා කරන්නේ කොහෙන්ද...?

:       0       542

Bhanuka Monday, 18 March 2019 12:41 PM

ළඟ ඉන්න මහරජු අධෝමුඛයෙන් හිනාවෙනවා ඇති. ඔබතුමාට අධෝමුඛයේ කටයි පැටලිලා කියලා...

:       0       509

prabha Monday, 18 March 2019 01:04 PM

මාර බඩු ටිකක්නේ එකතුවෙලා තියෙන්නේ... රටේ අල්ලස නැතිකරන්න. මේ විහිළුවලට කොයි පැත්තෙන් හිනාවෙන්නද තේරෙන්නෑ...

:       0       404

ජයන්ත මිලානෝ Monday, 18 March 2019 01:29 PM

බමුණා නැහැ වගේ...

:       0       306

Bangomunu.Tuesday, 19 March 2019 01:54 AM

ජයන්ත මහතා, ඔබතුමන්ලා අප වගේ නොවෙයි බමුණා රටට ජාතියට හෙණ වැදුණත්, ඔහු තමන්ගේ අයගේ පැත්තේ.

:       0       299

Chanak Los angelesTuesday, 19 March 2019 04:20 AM

හෝදපු රෙදිටික වේලෙනකන් ඉන්නවලු .

:       0       0

casmir Monday, 18 March 2019 02:41 PM

මේ මිනිස්සු දන්නවා ලංකාවේ ඉන්නේ තනිකරම මෝඩයෝ උන්ව තනිකරම අන්දන්න පුළුවන් කියලා. පුදුම නාඩගමක් නටන්නේ... 225 හවුලේ හොරාකනවා කාටවත් දඬුවම් නැහැ. අයිතිකාරයෝ නැති ගෙවල්, ගෙදරට ගෙනත් දාපු මැණික් මලු. ඇත්තටම මේක සුරංගනා කතාවක්. කාලකන්නි මොවුන් නියම කාලකන්නි... හැම එකාගෙම සල්ලි තියෙන්නේ වෙනත් රටවල... මොවුන්ට දඬුවම් නැහැ. කොන්ද පණ තියෙන නීතියේ අාධිපත්‍යයක් නැහැ. කොන්ද පණ තියෙන රාජ්‍ය සේවයක් නැහැ. මොවුන්ට සත්තුන්ගේ නම් කියන්න එපා... සත්තුන්ට කරන අගෞරවයක්..

:       0       713

Janahitha Monday, 18 March 2019 03:38 PM

ඉස්සරවෙලාම රේගුවෙන් පටන් ගත්තා නම් හුඟක් හොඳයි. පටන් ගන්න පෑලියගොඩ අංගනයෙන්.

:       0       453

WasudewaTuesday, 19 March 2019 05:25 AM

සහතික ඇත්ත. රේගුවේ පෑලියගොඩ අංගනය කියන්නේ ව්‍යාපාරිකයෝ බොරුවට අල්ලලා රේගු නිලදාරීන් කෝටි ගණන් පගා ගන්න තැනක්. මේ හොර රේගු නිලදාරීන් තමයි මුලින්ම අල්ලන්න ඕනේ.

:       0       315

Don Monday, 18 March 2019 03:43 PM

උත්සවයේ බිල ගෙවන්න දූෂණය කෙරුවේ මහජනතාවගේ සල්ලි... මේවා අපේක්ෂකත්වය ගන්න දාන තුරුම්පු තවත් තුරුම්පු ඉතුරුවෙලා තියෙනවා.

:       0       188

victor Monday, 18 March 2019 07:53 PM

බුල්ගාකොව් නමැති රුසියන් ලේකකයා මාස්ටර් සහ මාගරිටා පොතේ සිංහල පරිවර්තනය පසන් කොඩිකාර ලියලා තියනවා " යකුන්ගේ සාදය " පිලිබදව. අල්ලස් සහ දුෂණ රාජ යකුන්ගේ සාදයක්ද මේ .... ?

:       0       220

Jerami Monday, 18 March 2019 08:33 PM

දැන් ටික දිනකට ඉස්සර වෙලා කීවා නේද මේවා සල්ලි වියදම් කරලා හෝටල් වල තියන්නේ නැ කියල. ශ්‍රැංග්‍රීලා කියන්නේ හෝටලයක් නෙවිද මන්දා.

:       0       185

Sira Monday, 18 March 2019 09:37 PM

මේවා අපිට විහිළු උනාට මේ ගැන ලොකුවට වර්ණනා කරලා පත්තර පිටු ගණන් පුරවන්න සූදානම් අය ඕන තරම් ඇති. වේදිකාවලත් කියයි අපි දැන් දුෂණය තුරන් කරන මහා වැඩ පිළිවෙලක් ඇරඹුවා කියල. අපේ මෝඩ මිනිස්සුත් කට ඇරගෙන ඉඳියි දුෂණය නැති වෙනකම්.

:       0       59

janahitha Tuesday, 19 March 2019 03:06 AM

අල්ලස දූෂණය විධිමත්ව කරගෙන යාම වෙන්නැති. මේවා සාමාන්‍ය ජනතාවට පමණි ජනපති කාර්ය මණ්ඩල මැති ඇමති මන්ත්‍රී අදාල නොවේ

:       0       137

Chanak Los angeles Tuesday, 19 March 2019 04:12 AM

ඔය සැලැස්ම හරියට ක්‍රියාත්මක වුනොත් තපින්න වෙන්නේ මොවුන්ටම තමයි ..

:       0       58

Chanak Los angeles Tuesday, 19 March 2019 04:35 AM

මොන බොරුද මේ .. රජයේ මුදල් දුෂණය කරමින් මව්පිය සොහොන් ගෙවල් හදපු කෙනා එයාව අත්අඩංගුවට නොගනු කියා උසාවි නොයෝග අරගන්නවා .. මේ කරන ප්‍රෝඩා වලට කියන බේගල් වලට මොවුන් ඉපදෙන්නේ වවුලෝ වෙලා ..

:       0       215

Chanak Los angeles Tuesday, 19 March 2019 04:50 AM

තව ටික දවසකින් යහපාල අහයි මම ඔහොම වැඩසටහනකට ආවද කියා ?

:       0       134

Sunil Tuesday, 19 March 2019 06:14 AM

හොඳම ආදර්ශයක් දීලා තියෙන්නේ, මෙම උත්සවය රාජ්‍ය ආයතනයක ශ්‍රවනාගාරයක ගන්නේ නැතුව ලක්ෂ ගණන් වියදම් කරලා ඉහලම පෙලේ හෝටලයක අරගෙන. එත්, බැඳුම්කර හොරු ගැන ඇඟිල්ලක්වත් හොලවන්න පුළුවං වුනාද? මොන විහිළුද මේවා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 881 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 169 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1051 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1090 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1382 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1231 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site