(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදු විය .
අද පස්වරු 4.00 ට පමණ හදිසියේම හටගත් අධික අකුණු ගැසීම් , දැඩි සුළං සහිත ධාරාණිපාත වැසි තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් මෙම ගුවන් යානා 5 ආරක්ෂිත පියවරක් ලෙස වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ .
එයින් ගුවන් යානා 4 ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ යොමු කර තිබේ .
එනම් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි යූ.එල්.- 315 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ ජකාර්තා සිට පැමිණි යූ.එල්.- 365 දරණ ගුවන් යානය සහ සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්.- 303 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 3 සහ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයයි.
මෙම ගුවන් යානා පිළිවෙලින් සවස 5.12 , 5.33 , 5.51 සහ 5.59 යන වේලාවන්ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබිණි.
ඊට අමතරව ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 140 දරණ ගුවන් යානය ආපසු මදුරෙයි වෙතම හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .
මෙම කාළගුණික තත්වය නිසා ප්‍රදේශය පුරා විදුලිය බිද වැටී ඇති අතර , ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ගස් කඩා වැටීම් සහ කාණු පද්ධති උතුරා යෑමෙන් අපහසුතාව මතු වී තිබේ .
මේ අතර මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ ගුවන් යානා වල සිටි මගීන් කිසිවෙකුත් එම ගුවන් යානා වලින් පිටතට නොබැස්සවූ එම ගුවන් තොටුපළ බලධාරීන් අද (17) පස්වරු 6.25 සිට යළිත් එම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත් කර එවීමට කටයුතු කරමින් සිටිති .
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අධික වැස්ස නිසා ගුවන් යානා 5 ක් හරවා යවයි
සනත් ඉතාලිය Wednesday, 17 April 2019 03:38 PM
අපරාදෙ මත්තලට ඇරියේ ඕක හැදුවේ මහින්ද මහත්තයට ගමන් බිමන් යන්නනෙ. ඒවා පලාලි වල ගොඩබස්සන්න තිබ්බෙ නැත්නම් ආපසු පැමිණි ගුවන් තොටුපොළ වෙතම හරවා යවන්න තිබ්බෙ
කරුණාවතීWednesday, 17 April 2019 10:27 PM
පුදුම කුහකකමක්, පුදුම වෛරයක් ඔහේ ළඟ තියෙන්නේ.
nimal pereraThursday, 18 April 2019 03:34 AM
සනත් , කතාව ඇත්ත , දැන් මොනවා කියයිද බලමු අර වී ගබඩා කරපු කට්ටිය.
Babu - palaliThursday, 18 April 2019 03:52 AM
නියම කෙනෙක්... පලාලි දැකලාවත් නැති....
අසංකThursday, 18 April 2019 04:12 AM
මත්තල හදන්න ගිය වියදම පැත්තකින් තියමු. හැබැයි මත්තල නඩත්තු කරන්න යන වියදමත් එක්ක බලද්දී එම ගුවන් යානා ඉන්දියාවට හෝ වෙනත් තැනකට ආපසු හරවා යවන එක රටට ලාබයක් බවයි මගේ හැඟීම....
Bamunuarachchi Wednesday, 17 April 2019 11:24 PM
ඉන්දියාවට මත්තල ගුවන් තොටුපොල දුන්නාම මෙවන් හදිසි අවස්ථාවක ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීමට ගෙවීමක් කලයුතුද?
පිටිගල මිලානෝ Thursday, 18 April 2019 12:27 AM
වැස්සට හරවා යවන ගුවන් යානා මගීන්ද නොබස්සවා තාවකාලිකව නවතා තබන්න මෙපමණ ජාතික ධනයක් වැය කර සාදා තිබෙන ගුවන් තොටුපොළක් තිබෙන එකම රට අපේ ශ්‍රී ලංකාවයි. බොහෝ දියුණුවෙමින් පවතින දුෂිත රාජ්‍ය නායකයින් සිටින රටවලට චීනය ණයට මුදල් දෙනවා තම පුද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීමට. මෙම ගුවන් තොටුපොලද එහි එක ප්රතිඵලයකි.
DMS Thursday, 18 April 2019 03:15 AM
අපරාදේ වී ගබඩාව..... ඔය ගුවන්යානා බාලා වී ගබඩාවට හානියක් කරනවා එහෙම නොවේ !
d.upul Thursday, 18 April 2019 04:21 AM
හදිසියකට විතරක් ගුවන්යානා බස්සන්න කෝටි ගණන් මුදල් වියදම් කරලා මහා පරිසර විනාශයක් කරලා ගුවන් තොටක් හදපු ඇත්තන්ට අපේ ප්‍රණාමය. ඔන්න මේවා ලංකාවෙන් විතරයි....
abiya Thursday, 18 April 2019 05:15 AM
දැන් වී ගබඩා කරලා ඉවරද?