IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අක්කර 2000 කට ජලය දෙන්න අක්කර 19,000 ක වන විනාශයක්

තරිඳු ජයවර්ධන

පරිසර ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක් වූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර අනුමැතිය ලබා දී නැති බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. ඊට අදාල පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය තවමත් සිදුකරමින් පවතින බව ද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

මධ්‍යම පරිසර අධිකාරිය මේ බව සඳහන් කළේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු සපයමිනි.

මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මූලික අදියර සඳහා මුල් ගල තැබුණේ පසුගි වසරේ අගෝස්තු මාසයේ දී ය.

පාරිසරික ඇගයීමක් සිදු කර පාරිසරික තක්සේරු වාර්තාවට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දීමකින් තොරව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ නොහැකි බවත්, එය ජාතික පාරිසරික පනත උල්ලංඝණය කිරීමක් බවත් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. මෙම ව්‍යාපෘතිය නිසා විල්පත්තු ආශ්‍රිතව කැලෑ අක්කර 19,000ක් පමණ විනාශ වන බව ද ආචාර්ය කාරියවසම් මහතා පවසයි.

කුඹුරු අක්කර 40,000ක් පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බව රජය කියයි.

මීට පෙර කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවසීය. 

‘‘විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පසුගිය කාලයේ අක්කර 3,000ක් පමණ විනාශ කළා.  ජලාශයට සහ නැවත පදිංචිකිරීම් සඳහා කැපෙන කැළෑ ප්‍රමාණය අක්කර 19,000ක්. මෙය මහවැලි යෝජනාවක් ලෙසයි ආරම්භ වුණේ. නමුත් යුද්ධයත් සමඟ මෙය නැවතී තිබුණා. යුද්ධෙයෙන් පස්සේ නැවත චීන සමාගමකට දෙන්න යෝජනා වෙලා තිබුණා. රුපියල් බිලියන 13ක අයෝජනයකින් මේ විනාශය කරන්නයි හදන්නේ.

මේ ව්‍යාපෘතිය නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරන කලාපයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. දෙවැනි එක තමයි මෙම වැවෙන් අක්කර 2,000ක වානිජ බෝග වගා කරන්න ජලය දෙන්නයි හදන්නේ.   යෝද වැවෙන්, මාන්නක්කට්ටිය, මහළ මල්වතු ඔය , කුඩා වැව් වලින් සහ එල්ලංගා පද්ධතියෙන් ඒ ප්‍රදේශවල කුඹුරු වගා කරන්න අවශ්‍ය ජලය ලැබෙනවා.  ජලශය නිර්මාණය කරලා අක්කර 2000කට ජලය දෙන්න අක්කර 19000ක් විනාශ කරන්නයි හදන්නේ. මෙය ලංකාවේ සිද්ධ වෙන දැවැන්තම පරිසර විනාශයක්.   මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. මීට ඉහත කළ පරීක්ෂණවලදී මේ ප්‍රදේශයෙන් ක්ෂරපායී විශේෂ 41ක් වගේ සොයාගෙන තිබෙනවා. පකෂි විශේෂ 29ක්, මැඩියන් හා ගෙම්බන් විශේෂ 17ක්, කුරුලු විශේෂ 119ක් විතර සොයාගෙන තිබෙනවා. 

විල්පත්තුව දෙසට ගලන පිටාර ජලය රඳවා ගන්නයි ව්‍යාපෘතිය කරන්නේ කියලා  කියනවා. හැබැයි පිටාර ජලයෙන් තමයි විලපත්තු ජාතික වනෝද්‍යානයේ සත්තුන්ට හා ශාඛ වලට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. විල්පත්තුව කියන්නේ විල්ලුවලින් හැදුණු ප්‍රදේශයක්. විල්ලු පිරෙන්නේ මල්වතු ඔයේ පිටාර ජලය ගැලුවාම. මේ පිටාර වතුර හරස් කරලා බැම්මක් බැන්දම වෙන්නේ ආපහු විල්පත්තුව ඇතුළට වතුර පිටාර ගලන්නේ නෑ. එයින් ජෛව විවිධත්වට විශාල හානියක් වෙනවා.

ඊළග කාරණය මේ ප්‍රදේශයේ තිබෙනවා පැරණි එල්ලංගා පද්ධතියක්. එල්ලංගා පද්ධතිය කියන්නේ පුරාණ වැව් පද්ධතියත් එක්ක එන විශ්මිත නිර්මාණයක්. එල්ලංගා පද්ධතිය පහුගිය කාලේ ලෝක උරුමයක් බවටත් පත් කළා. සර් එමර්සන්ට් වගේ එක් දහස් අටසිය ගණන් වල බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ අධ්‍යයන වාර්තා බැලුවාම එල්ලංගා පද්ධතියේ විශේෂත්වය ගැන දැනගන්න පුලුවන්. අක්කර 19,000ක් විනාශ කරලා අක්කර 2000කට වතුර දෙන්න රජයට තියෙන අයිතිය මොකක්ද? චීනයෙන් ණය අරගෙන රටේ වන සම්පත විනාශ කරන්න දෙන්න බෑ.‘‘ යැයි ද කාරියවසම් මහතා කීවේය.
 



අදහස් (4)

අක්කර 2000 කට ජලය දෙන්න අක්කර 19,000 ක වන විනාශයක්

sarath Monday, 22 October 2018 11:47 AM

මුන් ඔක්කොම කොමි කුට්ටි ගන්න තමයි ව්‍යාපෘති හදන්නේ.රටට වැඩක් වෙන දේවල් නෙවි.අන්තිමට විල්පත්තුවත් චීනට අයිති වෙන විදියට ගිවිසුම් ගැහුවොත් පුදුම වෙන්න දෙයක් නෙවි.වසර දහස් ගණනක් අපිට ජීවය දුන් විල්පත්තුව එකෙක් දෙන්නෙක් ගේ බැංකු පොත් පුරවගන්න බලාගෙන චීනෙට දෙන්න හදන ව්‍යාපෘතියට අපි සැවොම විරුද්ධ වන්න ඕනේ.

:       229       295

SINHALAYA Monday, 22 October 2018 12:04 PM

මරාගෙන මැරෙන්න අපිව පොළඹවනවා..

:       103       262

OMG Monday, 22 October 2018 01:32 PM

සුපිරි වීරයෝ... ලංකාවේ මජර දේශපාලනයක හැටි...

:       2       18

රජින්ද Monday, 22 October 2018 01:43 PM

මේ ව්‍යාපෘති තනිකරම සොබාදහමට විරුද්ධ පැත්තේ ඉඳන් කරන්නේ. මෙදාපාර මේ කුහක, නූගත් දේශපාලුවන්ට ගහලා පැන්නුවේ නැත්නම් අපේ රටේ අපිට හුස්ම ගන්න වෙන්නේ කෘත්‍රිම ඔක්සිජන්... දැවැන්ත ජනතා සංධානයක් අවශ්‍යයි. අපේ පරිසරය රැකගන්න ඇත්තටම ඕනෙනම්... කව්රුහරි අපේ පුරවැසියෙක් මුල්වෙලා අපේ රටේ පරිසරය සුරැකීමේ සංවිධානයක් බිහිකළ යුතුයි. අපේ රටේ ජනතාවගෙන් 50%ක්වත් මේ සංවිධානයත් සමග සිටිය යුතුයි. කාටද පුළුවන් මෙවැනි සද්කාර්යයකට දායක වෙන්න.

:       59       48

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 183 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 504 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1249 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1517 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 493 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 227 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site