IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘සිබිල් නැන්දාගේ’ දේහය ජයරත්න මල්ශාලාවට

(ඉෂාන් සංජීව)

අභාවප‍්‍රාප්ත, ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක සහ චිත‍්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

ප‍්‍රවීණ ළමා කතන්දර ලේඛිකාවක සහ චිත‍්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වන විට 93 වන වියේ පසු වූවාය. දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ සිබිල් වෙත්තසිංහ මහත්මිය පෙරේදා (30) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූවාය.

'සිබිල් නැන්දා' ලෙස ළමුන් අතර ප‍්‍රසිද්ධ වූ ඇය, පුදුම පළිඟුව (Wonder Crystal) ළමා කෘතිය අවසානයන් 20,000 ක් සහිතව රචනා කළේ ගිනස් වාර්තාවක්ද තබමිනි. ඇය රචනා කළ ළමා ග‍්‍රන්ථ ප‍්‍රමාණය 250කට අධිකය.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.



අදහස් (17)

‘සිබිල් නැන්දාගේ’ දේහය ජයරත්න මල්ශාලාවට

Raveendra Thursday, 02 July 2020 10:11 AM

ඔබතුමියට නිවන් සුව අත්වේවා... !!!

:       0       109

channa Thursday, 02 July 2020 10:49 AM

ළමා කාලයේදී මාගේ ප්‍රියතම පොත වූයේ මෙතුමිය ලිව් "කුඩා හොරා".

:       0       0

sam Thursday, 02 July 2020 11:07 AM

අපේම නැන්දා නැතිවුණා වගේ... ඇස්වලට කඳුළු එනවා..

:       0       55

siri Thursday, 02 July 2020 11:39 AM

එතුමියට අජරාමර නිවන්සුවය අත්වේවා..!!! 

:       0       27

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 01:09 PM

"නැන්දා සිබිල් නම අපෙ හද තුළ රන්දා... කැන්දා කරුණාව පිරි ඇගෙ තෙලි තුඩ හින්දා ... වින්දා වෙහෙස අපමණ දරු කැල හින්දා ... කැන්දා නෙතු අගට කඳුළැලි ඉකිබින්දා ... "

:       0       205

Champa Thursday, 02 July 2020 04:32 PM

යන්නම ඕනේ, ගිහින් ගෞරව කරන්නම ඕනේ, අන්තිම වතාවටත් මුහුණ දකින්නම ඕනේ ලංකාවේ අග්‍රගන්‍ය ළමා කතන්දර ලේඛිකාවකගේ අවමංගල්‍යයක්... නමුත් යන්න විදිහක් නැහැ. සිබිල් නැන්දාගේ අභාවය ගැන හරිම කණගාටුයි. ඒ වගේම සිබිල් නැන්දා වැනි ජාතික සම්පතක් රටට අහිමි වෙනකොට ඒ මඟ යන්න ළමා හෝ වැඩිහිටි පරපුරක් හදපු නැති සිංහල අධ්‍යාපන ක්‍රමය ගැන ඊටත් වඩා කණගාටුයි. සිබිල් නැන්දාගේ පොත්වලින් මතකම පොත තඹයා පොත. ඊට බොහෝ කාලෙකට ඉස්සර ලියලා තිබ්බ කුඩ හොරා පොතත්, සූත්තර පුංචා පොතත් හැමදාටම හුඟක් ජනප්‍රිය වුණු පොත්... සිබිල් නැන්දාගේ අපූරු වෙනස් ආරක චිත්‍ර ලෝකේ පුරාම ජනප්‍රිය වුණා. ඇයට හිමි ගෞරවය සහ ඇගැයීම ලංකාව දුන්නද කියන එක ප්‍රශ්නයක්...

:       26       84

sharm warn Friday, 03 July 2020 03:51 AM

ලංකාවේ ආදරය හඳුනන, දරුවන්ගේ ලෝකය හඳුනන කාගේත් නැන්දා.. ඔබට නිර්වාණ සම්පත්තිය ලැබේවා.. සුබගමන් ආදරණීය නැන්දේ...

:       0       18

සපුමල්. Friday, 03 July 2020 04:07 AM

සිබිල් වෙත්තසිංහ මැතිණිය තම ජීවිතය මුළු මහත් දරු පරපුර වෙනුවෙන්ම කැපකල ශ්‍රේෂ්ඨ කාන්තාවකි. එතුමියගේ ලේඛන කලාව, චිත්‍ර කලාව ගැන ලොව දැක්වූ ප්‍රතිචාරය සුළුපටු නොවේ. කලාව මිනිසාගේ යහපත වෙනුවෙනි... යන දාර්ශනික මතය එතුමිය මොනවට පැහැදිලි කර ඇත. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් වර්තමානයේ සැබෑ කලාව නොදත් වෙනත් අංශයක ස්වල්ප දැනුමක් ඇති සමහර දෙනා තමන් නොදත් කලාව බාල්දු කළ අවස්ථාවක් ගැන මේ තීරයේ දුටුවෙමි. ඒ ගැන යමක් නොකියා බැරිය. චිත්‍ර මූර්ති, සාහිත්‍ය නිර්මාණ, ගීත, කවි, පුවත්පත් ලිපි හා විශේෂාංග ඇතුළු බොහෝ අංශ සැබෑ කලාවට ඇතුළත් වෙයි. ලියෝ ටෝල්ස්තෝයි, ඇරිස්ටෝටල් ඇතුළු ලොව මහා දාර්ශනිකයින්, පඬිවරුන් කලාවෙහි අගය මොනවට පැහැදිලි කොට ඇත. ඒ ගැන නොදන්න අඳබාලයන් තමාගේ මෝඩකම ප්‍රදර්ශනය කොට කලාවට සංවේදීකමට කවියට සමච්චල් කොට තිබූ බව දුටිමි. පිරුණු කල මේ ලෙස හෙලවෙන්නෙ නැති බව ප්‍රඥාවන්තයින් දනිති. නිසල ගැඹුරු මුහුද බොහොමත්ම නිශ්චලයි. එහි ගැඹුර කෙතරම් ද යන්න දත හැක්කේ කිමිදුම්කරුවෙකුට පමණයි. එහෙත් ගොඩ රළ තොරතෝංචියක් නොමැතිව හෝ හෝ ගානු පෙනේ. ස්වල්පයක් දැනගත් තැනැත්තාද ගොඩ රළ මෙනි..

:       18       415

sangaya Friday, 03 July 2020 06:49 AM

ඔබ මේ සිටින්නේ මරණ ගෙදරක බව නොවැටහේද පින්වත..? නිකම් බුරන්නේ නැතිව මිය පරලොව ගිය මේ මැතිණියට උපහාර දක්වලා යනතැනක යන්න. ගියේ නැතිනම් අල්ලලා එළියට දමනවා.

:       505       29

Rizwan Friday, 03 July 2020 04:11 AM

කවදාවත් ලංකා ඉතිහාසෙය් අමතක නොවන නමක් වෙනවා අනිවාර්යයෙන්ම... මම මුලින්ම කියවපු ළමාකතාව වුණේ සූත්තර පැංචා. හරීම ලස්සනයි ඒ කතාව. ඔබතුමියට නිවන්සුව ලැබේවා...!!!

:       0       32

karuFriday, 03 July 2020 06:12 AM

ඔබ සූත්තර පැන්චා කිව්වේ රනිල්ටද..?

:       19       12

samanalayaFriday, 03 July 2020 10:14 PM

එයා හැර වෙන නූල් සූත්තර පැංචෙක් නැහැ.

:       0       0

විජිත් Friday, 03 July 2020 05:26 AM

ඒ කාලයේ චුටියි අපි එතුමියගේ චිත්‍ර පත්තරවලින් බලලා ඒවා ... ටිෂු පේපර් එකකින් කොපි කොට අපේ පොත්වල ඇඳගන්නවා ...හරියට අපි ඇන්දා වගේ. බොහොම ආඩම්බරයෙන් යහළුවන්ට පෙන්වනවා. සිබිල් නැන්දාගේ මම බොහොම ආසාවෙන් කියවපු එක පොතක් තමයි " කුඩ හොරා ". ඒ පොත භාෂා ගණනකට පරිවර්තනයවී ලෝකයේ විවිධ රටවල වෙසෙන දරුවන් මිලියන ගණනකගේ සිත්සතන් පිනවුවා. එතුමිය ලැබූ සම්මාන කොපමණද දන්නේ නැහැ. නමුත් " ගොඩාක් .." ..!!! එතුමිය පොඩ්ඩන් සහ පොඩ්ඩියන් වෙනුවෙන් ලියු පොත් ගොන්න... චුටි පරම්පරාවට පුජා කළා කිවොත් නිවැරදියි. මොකද" පුජා" කරනවා කියන්නේ උත්තරීතර හැඟීමකින් යමක් පරිත්‍යාග කිරීමක්. ඇයගේ ඒ උත්තරීතර ප්‍රාර්ථනාව වුයේ රටට වැඩදායක දු පුතුන් රැසක් හැදීමයි. ඔබතුමිය දිව්‍ය ලෝකයේ ගිහිල්ලත් චිත්‍ර අඳියි. දෙවියොත් හොල්මන්වෙයි ඔබතුමියගේ චිත්‍ර බලලා. ආදරණිය " සිබිල් නැන්දේ "... නිවන් දකින්නට කලින් ආයෙත් එකම එක වතාවක්වත් මෙහෙ ඇවිත් තවත් කතන්දර ටිකක් අපේ පොඩිත්තන්ට කියලා දීලා යන්න. ඔබතුමියට උතුම්වූ නිවන් සුව ප්‍රර්ථනා කරන්නම්...!

:       0       174

sunil perera Friday, 03 July 2020 05:41 AM

මගේ අදහස නම් සිබිල් නැන්දාව ගේන්ට ඕනේ නිදහස් චතුරශ්‍රයට හෝ කළා භවනට එතරම්ම සොදුරු ලෝපතල අසහාය ශ්‍රී ලාංකික පොඩිත්තන් වෙනුවෙන් තම ජිවිතයම කැපකළ අගනා පුරවැසියෙක් ... ඔබේ පැතුමට අනුව ඔබේ ආත්මය ආකාසේ පාවී පාවී තිබේවා ...!!!

:       0       105

පූජා Friday, 03 July 2020 01:00 PM

කිසියම් කාරණාවක් නිසා මට මෙතුමියගේ ළමා පොත් පත්, බොහෝ සෙයින් කියවන්නට අවකාශයක් නොලැබුණත්, මම එතුමියට බොහෝසේ ගරු කරමි... මම එතුමියට නිවන් සුවය පතමී...

:       0       174

විජිත්Saturday, 04 July 2020 03:20 AM

පුජා, ඔයයි මමයි චුටිම කාලේ සිබිල් නැන්දාගේ කතන්දර පොත් කිහිපයයි තිබුනේ. මට මතක පොත " කුඩ හොරා " කියන පොතයි. පසු කලෙක මුළු ලෝකයේම දරුවන් මහත් ආදරයෙන් ඒ පොත වැළඳගත්තා.

:       0       0

විජිත් Friday, 03 July 2020 04:51 PM

ලස්සන කවියක් සමිත. එ්ත් ඉතින් මට කවි බැහැනේ... කවි ලියනවා කියන්නේ එසේමෙසේ වැඩක් නොවෙයි. වැරදිලාවත් දවසක මම කවියක් ලිව්වොත්... මේ පිටුවේ ඉන්න ඔක්කොම.. නහයත් වසාගෙන, සමහරවිට වමනෙත් කරලා... පිටුවත් අතහැරලා යන්න යයි. එතකොට කවුරුත් එන්නේ නැතිවෙයි. අවුරුදු 15ක් විතර මම එහෙන්, මෙහෙන්, දුවපැන, හිනාවෙමින්, දඟ කරමින්.. මගේ ගෙදර වගේ හිටි ඔන්ලයින් පිටුවට එහෙම වෙන්න දෙන්න බැහැ. ඒ නිසා මම කවි ලියන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site