IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වාසනා හස්තියා ගසින් ලිහීමේ චාරිත්‍රය‘

( කේ.ඩි දේවපි‍්‍රය )

මද කිපීම හේතුවෙන්  මාස කිහිපයක් පුරා ගසක  බැඳ   සිටි රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියා අද (10) බැඳ තිබු ගසින් ලිහීමේ චාරිත‍්‍රය  සිදු කෙරිණි.
 
කතරගම පෙරහරෙහි දෙවියන් වැඩම වන ප‍්‍රධාන ඇතා වන වාසනා ගසින් ලීහීමේ චාරිත‍්‍රය බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
 
ඒ මහතා දේවාලයේ කපුමහතුන් හා එක්ව මෙම චාරිත‍්‍රය ඉටු කරන ලදී. ඇතා ගසින් ලිහන අවස්ථාවේ දි කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියෝ වැඩම කර සෙත් පිරිත් කියා පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාද කළහ.



අදහස් (35)

‘වාසනා හස්තියා ගසින් ලිහීමේ චාරිත්‍රය‘

Amila Wednesday, 10 July 2019 06:09 AM

පව් කර මිනිස්සු .. සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ

:       245       648

Sagara Wednesday, 10 July 2019 06:37 AM

මද කිපෙන එක ලෙඩක් ද? මේ අසරණ සත්වයට , වෙනත් ඕනෑම සත්වයෙකුටම මෙන් ඌගේ ස්වභාවික අවශ්‍යතාවය, තමන්ගේ පරපුර ඉදිරියට ගෙනයාම, වලක්වාල තියෙනවා, කොයි තරම් අසාධාරණද? අයුක්තියක් ද? ඌට නිදහසේ ඉන්න දෙන්න, මනුෂ්‍යයන්ගේ උවමනා එපා කම් අනුව අසරණ සතුන්ගේ අයිතිවාසිකම් නැති කරන්න එපා!

:       290       722

මන්ද කිපුණු අලියා Wednesday, 10 July 2019 07:45 AM

මේකත් ශාෆි දොස්තරගේ වැඩක්

:       35       165

SiriThursday, 11 July 2019 05:46 PM

හරියට හරි.

:       1       26

Sagara Wednesday, 10 July 2019 06:49 AM

මේ ආදී කාල්පික දුෂ්ඨ චාරිත්‍රය සාධාරණීකරණය කරන අයෙක් වෙත්නම් ඔවුන් තමන් ගේ ලිංගික අවයව අගුල් දමා තබා ගත යුතු සේම දරුවන සෑදීමෙන්, විවාහාදියෙන් ද වැළකිය යුතුය, ස්වාමීන්ගේ වධ හිංසා ආදිය දරා ගනිමින් බැල මෙහෙවරද කල යුතුය,

:       214       646

ශාන්තලාල් Wednesday, 10 July 2019 06:58 AM

දෙවියෝ හිටියනම් වාසනා හස්තියට නිදහස ලැබෙනවා නියතයි.

:       1       352

Amila Wednesday, 10 July 2019 07:00 AM

සතේක්ටවත් නිදහසේ ඉන්න බැරි පුණ්‍ය භූමියක්..

:       110       523

thusha Wednesday, 10 July 2019 07:18 AM

ස්වභාවික ජෛව අවශ්‍යතාවයන් සපුරාගන්නට නොදී ,යදම් වලින් ගැට ගසා කරන මේ අපරාදය සත්ව හිංසා ගැන පාරම්බාන අයට නොපෙනීම පුදුමයකි. අසරණ සතා පෙර ආත්මයක කල පවකට වෙන්න ඇති මෙසේ විඳවන්නේ.

:       64       342

vernonWednesday, 10 July 2019 03:47 PM

සත්ව හිංසාව ගැන කතා කරන සංවිධාන මේ ගැන කතා කරාම තමයි අහන්නේ ඔයා වෙජිටේරියන්ද? ඔයා ඉගෙන ගත්ත රටේ අලි ඉන්නවද? එහෙම නැත්නම් රෙදි කරට අරගෙන මේක අපේ සංස්කෘතිය කියලා මැරෙන්න හදන්නේ.

:       0       115

ranil Wednesday, 10 July 2019 07:33 AM

අසරන සත්තු... මද කිපීම මේ සත්තුන්ගෙ ස්වාබාවික අවශ්යතාවයක් නේද? කතරගම දෙවියෝ මේ වගේ දේවල අනුමත කරන්නෙ නෑ .

:       64       180

රජින්ද Wednesday, 10 July 2019 07:42 AM

බුද්ධ ධර්මයට අවනත නොවන මිනිස්සු තතාගතයානන් වහන්සේගේ ධර්මය අසා සිටින සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් කිසි කලෙක මෙවැනි පුජා ක්‍රම අනුමත නොකරන බව නොදන්නෙහිය, ඔවුන්ගේ ශ්‍රද්ධාව සහ භක්තිය ඇත්තේ කොතැනකදැයි නොදනිමි.!

:       16       156

සාරවිට Wednesday, 10 July 2019 07:44 AM

කාටවත් මේවා පෙන්නේ නැද්ද?

:       32       120

සමන්ත Wednesday, 10 July 2019 08:33 AM

ඔතන දෙවියන් ඉන්නවා නං සතෙක්ට මෙහෙම හිරිහැර වෙනකං බලං ඉඳීද? සතෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති අපූරු දේවාලය...

:       253       356

Prabha Wednesday, 10 July 2019 08:43 AM

ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වුණාම බාල් නටන රටේ...

:       19       136

sam Wednesday, 10 July 2019 09:07 AM

බෙල්ලන්විල පන්සලේ සිද්ධියෙන් වත් පාඩමක් ඉගෙන නොගත් මිනිස්සු.

:       48       241

රාජා Wednesday, 10 July 2019 10:47 AM

සිංහලයා මෝඩයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. දෙමල දෙවියන්ට වඳින්නේ අැයි?

:       46       123

kris Wednesday, 10 July 2019 11:22 AM

දෙවියන් සිංහලද, දෙමළද කියන එක නොවෙයි මෙතන ප්‍රශ්නය. අහිංසක තිරිසන් සතෙකුට, වෙලා තියෙන අසාධාරණය. කතාකරන්නට බැරි වුණාට, හිතේ මොනතරම් පීඩනයක් දරාගෙන ඉන්නවා ඇත්ද? නිදහසේ ඉන්න ඉඩ දුන්නොත්, තවත් තේජවන්ත ඇත් රජෙක් තම පරපුරට දායාද නොකර ඉඳීවිද? සතුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට, මිනිසාට ඇති අයිතිවාසිකම මොකක්ද?

:       47       341

lalith Wednesday, 10 July 2019 11:25 AM

හැමදේම චාරිත්‍ර සහ නැකතට කරත්, රට නම් තවම එතැනමයි...

:       0       189

Saman Wednesday, 10 July 2019 02:16 PM

රතන සාදුගෙන් අහලා නියම 'සිංහල' දොස්තර කෙනෙක්ට කියලා ' වාසෙක්තමි' එකක් කළානම් ඇතාට.... ?

:       25       192

PA - RA Wednesday, 10 July 2019 02:23 PM

මනුස්සයින්ගේ වගේම සත්වයින්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම කාගේත් වගකීමයි...

:       0       57

Chathuri Wednesday, 10 July 2019 03:47 PM

ලෝකයේ දියුණු රටවල්... නම් සතුන් ඇති. කරද්දී ඒ සතාගේ ශරීරයේ වෙන වෙනස්කම් හොඳින් බලාගෙන ඉඳලා ඒ විදියට සතාට සහන අනිවාර්යයෙන් සලස්වනවා ඒවා ගැන.... පරීක්ෂණ කරනවා. අපේ රටේ දම්වැල් දමලා ගස් බැඳලා පිරිත් කියනවා. මා මෙන්ම සතුනුත් නිරෝගී වෙත්වා කියලා. සතාට තෙල් ගාලා හරි යනවද?

:       0       165

Chanak los angelesSunday, 14 July 2019 03:50 AM

චතුරි .. මුන්ට යන්න අපායක් වෙනම නිර්මාණය වෙනවා ..

:       0       9

ලුම්බිණි Thursday, 11 July 2019 01:34 AM

මේ සතාට මෙහෙම දුක් දෙන්නේ ඇයි? ඉතාම කණගාටුදායකයි.

:       0       76

Vidya Thursday, 11 July 2019 12:23 PM

මේ අයගෙත් කකුලට දම්වැලක් දමල එළියේ දවස් දෙකක් අලියත් එක්කල බැඳලා තියන්නකෝ .

:       0       46

nodiyunuManasa Friday, 12 July 2019 06:59 AM

මේක පෙන්නනවා අපේ ශ්‍රී ලංකාව කොපමණ ගොත්‍රික අදහස් සහ මිත්‍යා දෘෂ්ටික සිරිත් වලින් පිරුණු නොදියුණු රටක්ද කියල. මේ විදිහට හිතන මිනිස්සු ඉන්න කල් රට හැම දාමත් දූෂිත දේශපාලකයන්ට මිනිසුන් රවටා බලය එන්න පුළුවන් වේවි.

:       0       45

janahitha Saturday, 13 July 2019 11:46 AM

පාරම්පරික විශ්වාසයන් මිනිසා අගය කරනවා. ලංකාවේ පමණක් නොවේ.., යුරෝපයේත් ඒවා නොදියුණු මෝඩකම් ලෙස දැකිය නොහැකිය. මිනිසා සත්‍යයට වඩා තම විශ්වාසයන් තහවුරු කරන නිසාය. 2500 ඉතිහාසයක් ඇති අප නොදියුණු මෝඩජාතියක් නොවේ.

:       49       0

NodiyunuManasaSaturday, 13 July 2019 02:33 PM

ජනහිත මහත්මයා, ලංකාවේ ගොඩක් අය ඔබ කියන විදිහට අන්ධ විශ්වාසය සහ 2500 ඉතිහාසය ලොකු කරන් ඉන්න නිසා තමා රට එක තැන තියෙන්නෙත්, ජරා දේශපාලුවන් එම මානසිකත්වය පාවිච්චි කරලා බලයට එන්නෙත්. මම ඔබ කියනදේ පොදක් හරි ගස්වන්නම්, මෙලෙස. අපි පාරම්පරික සංස්කෘතික අංගයන් අගය කළ යුතුය, සහ සංකේතාත්මකව ඉදිරියට ගෙන යා යුතුය, නමුත් යුරෝපා රටවල උනත් මේ පරණ දේවල් මේ කාලය අනුව තරමක් වෙනස් විදිහට තමයි කරන්නේ, කාලෙට ගැලපෙන පරිදි. ගොඩක් රටවල මේ දේවල් සංචාරක ප්‍රවර්ධනය කරන්න සහ අනන්‍යතා පෙන්නන්න කරනවා. මෙතැන මම අදහස් කලේ අන්ධ විශ්වාසය මත වැඩ කිරීම් නෙමේ, සංස්කෘතික අංග පවත්වගෙන යාම පමණි. අපේ රටේ ඉගෙන ගත් අය ඕන තරම් හිටියත්, බුද්ධිමත් විදිහට හිතන අය හරි අඩුයි, මහා ගොඩක් මිනිස්සු යන්නා වාලේ දුෂිත පාලකයන් පසුපස යනවා, ඒ අයට හිතන්න බැහැ, කෙලින් නැගිටින්නට බැහැ, පගා නැතුව හරියට වැඩ කරන්න බැහැ, දුරදිග පේන්නේ නෑ.. ඇයි ඒ, අය ලොකුවට තවම හිතා ඉන්නේ 2500 ඉතිහාසය ගැන, ලංකාවේ හැමදාම හැමතිස්සෙම බොනවා මරණ ගෙවල්වල පවා බොන එක දැන් ලොකු අංගයක්. දුක් කෙසේ වෙතත්, එහෙන් කුඩු, තරුණ කැල ත්‍රිරෝද රථ රියදුරෝ ?

:       0       24

බුද්ධිමත්wemuSaturday, 13 July 2019 02:59 PM

මිනිසා සත්‍යයට වඩා විශ්වාසය තහවරු කරනවා නම්, ඔහු බුද්ධිය පාවිචිචි කරන්නේ නැති ය. එහෙම කරා නම් සිදුහත්තුමා බුදු වෙන්නෙත් නැතිය.

:       0       5

Madura Friday, 12 July 2019 12:33 PM

මේ අලින්ගේ දුකට අඬන මිනිස්සු බොරු කයිවාරුව විතරයි. ගිය සතිදෙකේ විතරක් අලි පස්දෙනෙක් විතර මැරුණා කොච්චියට හැපිලා. ඇයි කොච්චිය නතර කරේ නැත්තේ? අලින්ගේ වාස භූමියේ මිනිස්සුන්ට නිවාස හදලා දීලා අලිත් අනතුරේ, මිනිස්සුත් අනතුරේ. කතාව නම් පන්සලේ අලිගැනමයි...

:       258       5

Perakum Saturday, 13 July 2019 09:57 AM

මේවා සිංහල බෞද්ධ සංස්කෘතියේ ආවේණික ලක්ෂණ. කවුරුත් සද්ද වහගත්තා නම් හොඳයි...

:       53       3

අබෞද්ධ Saturday, 13 July 2019 03:13 PM

ඔතන තමයි සිංහල බෞද්ධ කියන අයට වැරදුන තැන.

:       0       12

PerakumSaturday, 13 July 2019 11:44 PM

මේ වගේ හිතන අය ඉන්නකල් මේ රට ගොඩ ගැනීම බොරු...!

:       4       1

Chanak los angelesSunday, 14 July 2019 03:47 AM

වනයේ ඉන්න සතුන් හොරෙන් අල්ලාගෙන ඇවිත් මිනිසාගේ චාරිත්‍ර ඉෂ්ට කරවගන්න එක මොන සංස්කෘතියක්ද හලෝ ? උන්ගේ සියලුම අවශ්‍යතාවයන් සියල්ල සිදුවෙන්නේ වනය තුලයි. ඒ අවශ්‍යතාවයන් අවහිර කිරීමෙන් උන්ට මද කිපෙන බව මේ අය දන්නේ නැතිද ? මේවා සතුන්ට කරන අපායේ යන පව් .

:       0       25

වාසනා හස්තියා Saturday, 13 July 2019 11:43 AM

කවුද බොලවූ මගේ දැලේ පිත්තල බම්බුව හයි කලේ... අහු වුනොත් උස්සලා පොළවේ ගහනවා මව නාවනාව ඉන්නේ නැතුව රට ගැන හිතපල්ලා. එ්ක අනතුරේ වගේ පෙනෙනවා. උඹලත් එක්ක ඉස්සරකරන් යුද්දෙට නම් යන්න අපි එන්නේ නැහැ අතීතයේ වගේ...

:       0       15

Chanak Los Angeles Sunday, 14 July 2019 11:52 PM

මෙවුන් දෙවියන්ට ඔතරම් භක්තිය නම් අහිංසක සත්වයාට පාඩුවේ ඉන්න දීලා සංචාරය කරන්න .

:       0       17

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site