IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘යදමින් බැඳි අක්ෂර‘ ජනගත වෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය කාලයේ බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ නමැති කෘතිය ජනගත කිරීම අද(22) කොළඹ 07, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරිණි. 
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත කෘතියේ මුල් පිටපත  විමල් වීරවංශ මහතා විසින් පිළිගැන්විණි. 
කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ අතර අචාර්ය කිරම විමලජෝති හිමි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ , මහාචාර්ය ගුණදාස අමරසේකර  යන මහත්වරු ඇතුළු පිරිසක් මුලසුන හෙබ වුහ.

 

 



අදහස් (33)

‘යදමින් බැඳි අක්ෂර‘ ජනගත වෙයි

SAMANTHA Sunday, 22 October 2017 02:01 PM

ඇයි මේ උත්සවයට ආණ්ඩුවේ කාටවත් ආරාධනය කරලා නැත්තේ .....?

:       122       169

sam Sunday, 22 October 2017 02:04 PM

එ්කත් පොතක්... තවත් අලුත් පොතක් වගේ..

:       226       292

sahan Sunday, 22 October 2017 02:38 PM

ඇයි අනේ මෙයාගේ අර අනිත් අලුත් පොත නැද්ද?

:       60       150

erdi Sunday, 22 October 2017 02:47 PM

නොදකින් තව කොහෙද අවුරුදු ගාණක් ඇතුලෙ හිටියා නම්. ගොබ්බ යහපාලනය හොරුන්ට දඬුවම් දෙනවා කියපු නිසා අපිත් ඒ අයගේ පස්සේ ගියා. දැන් වීරයෝ වෙලා පොත් බෙදනවා.

:       22       381

lokumama Sunday, 22 October 2017 03:00 PM

අනේ මේ රට බේරාගත් මහින්ද ජනාධිපතිතුමා මේ රටේ පිළිගත් මහජනතාව ගරුකරන කෙනෙක්. මේ වගේ මිනිස්සු එක්ක එකතුවෙලා අාත්මගරුත්වය නැතිකර ගන්නවා කියල එතුමාට තවම තේරුනේ නැද්ද? එහෙම නැත්නම් දැන් අානතවෙලා වගේ ඉන්න නිසා ඕනෑම හොරෙක් එක්ක එකෙතු වුණාම කමක් නැහැ කියලා එතුමා හිතනවද දන්නේ නෑ.

:       121       771

jayampathi Sunday, 22 October 2017 03:06 PM

හොඳ වැඩක්.... අපිටත් නවවන ශ්‍රේණියේදී පොතක් ලියන හැටි කියලා දුන්නා.

:       43       257

parakkrama Sunday, 22 October 2017 03:11 PM

ඇයි අනේ මෙයයි, මෙයාගේ නෝනයි අර රට යන්න භාවිතා කරපු පුංචි පොත්වලට මොකද වුනේ? ඒවාට වටිනාකමක් නැද්ද? ඒවා යට ගිහින් ද?

:       45       582

joseph Sunday, 22 October 2017 03:11 PM

‘යදමින් බැඳි අක්ෂර’ නමැති කෘතිය ජනගත කිරීම අද (22) කොළඹ 07, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරිණි.

:       48       66

Saman Sunday, 22 October 2017 03:43 PM

මෙයා වැරදිකරුවෙලා අවුරුදු ගාණකට හිරේ ගියොත්, මහාවංශය තරම් පොතක් ලියයි..

:       127       278

SugathMonday, 23 October 2017 03:55 AM

මෙයා මහාවංශයත් වීරවශ නමට හරවන්න බලාවි. බලතණ්හාවේ අගතැන්පත් වෙලානේ ඉන්නේ.

:       14       163

Pubudhu Sunday, 22 October 2017 03:45 PM

ලැබෙන ආරංචි අනුව ගෝඨාභය මහතාගේ පොත ලිව්වේ වෙන කෙනෙක්, ජනාධිපතිතුමාගේ දුවගේ පොත ලිව්වෙ තව කෙනෙක්, ඉතින් කවුද දන්නේ මේක ලිව්වේ මෙයාමද කියලා ?

:       3       267

KamalMonday, 23 October 2017 01:29 AM

මාරාන්තික උපවාසයක් කරන අයුරු කියල පොතක් ලිව්වනම් හොඳ අලෙවියක් තියේවි.

:       0       82

SunilMonday, 23 October 2017 05:46 AM

විමල් වීරවංශ කියන්නේ හොඳ ලේඛකයෙක් බව අමතක කරන්න එපා. ඒ කාලයේ විමලසිරි ගම්ලත් නමින් පත්තර වලට ගී ලිව්වේ ඔහුයි. ඒ වගේම විමල් වීරවංශගේ කතා විලාසය නිසා ඔහුට පහර ගහන්න බලා සිටින පිරිස නිතරම ඔහුට ගරහන විදියට තමයි ලියන්නේත් කියන්නෙත්. මේ ඉහත කොමෙන්ට්වල තියෙන දේවල් දැක්කම ඒ බව පැහැදිලියි. ඒ වුණාට විමල් වීරවංශ හොඳ දුර දක්නා නුවණක් ඇති හොඳ දේශපාලන ඉවක් තියෙන සංවිධාන හැකියාවත් නොඅඩුව තියෙන, තමන්ගේ භූමිකාව නිවැරදිව තේරුම් ගත් දේශපාලන නායකයෙක්. ඒකට ගරු කරන ඒ බව පිළිගන්න ජනතා බලවේගයක් ඔහුත් සමග නිරතුරුවම ඉන්නවා. ඔහු වැඩි මනාප ලබා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමේ රහස එයයි.

:       1294       588

samanMonday, 23 October 2017 05:55 AM

අනුන්ගේ පොත් ගැන හොය හොයා ඉන්න එකේ තමන්ගේ හැකියාවක් තියනවා නම් තමන්ම පොතක් ලියන්න බැලුවොත් නරකද පුබුදු ?

:       31       117

Kumari Sunday, 22 October 2017 04:30 PM

අාරාදිතයෝ නිදි. පොත එච්චරම..............රසවත් නැතිව ඇති.

:       0       138

Saman Sunday, 22 October 2017 04:37 PM

දුවට හැදු ආතතිය ගැන, ගෙදරදි උලේ තියන්න ගිහින් මැරුණු කොල්ලා ගැන එහෙම පොතේ ඇති..

:       0       83

chandana Sunday, 22 October 2017 05:31 PM

මේ පින්තූර දකිනකොට මට හිතෙනවා අලිබබා සහ හොරු 40 කියලා නම දැම්මා නම් හොඳයි කියලා...

:       69       507

Ranjith Sunday, 22 October 2017 07:14 PM

මහාචාර්ය, සහ ආචාර්ය වරු එකතුවෙලා අගයකරන්නේ අටේ පන්තිය විතරක් පාස් වෙච්ච දේශ පාලනය කරන කතුවරයෙකුගේ පොතක්. මේ මගින් අපට හිතා ගන්න පුළුවන් ආචාර්ය මහාචාර්ය වරුන්ගේ දැනුමේ ප්‍රමාණය සහ ඒ ගොල්ලන්ගේ මීළඟ පිම්ම මොකක්ද කියල. කුණු ගොඩට කුණු.

:       0       176

රොෂාන් Sunday, 22 October 2017 07:42 PM

එයාලම ලියලා, එයාලම මුද්‍රණය කරලා, එයාලම පිළිගන්වා ගන්නවා.

:       0       166

වින්සන්ට් Sunday, 22 October 2017 10:55 PM

අපේ රටේ දේශපාලකයන්ගේ බොළඳ කම පෙන්වන තවත් මොහොතකි. ජනතාව මුලා කිරීමට මොනතරම් උත්සාහයක් ගන්නවාද යන්න ජනතාව තේරුම් ගතයුතුය.

:       0       170

Nandalal DE SILVA - France Monday, 23 October 2017 12:13 AM

අනේ මෙහෙම නරි නාටක ! මෙයත් "පොතක්" දාල වගෙයි.

:       0       114

sathyayaa Monday, 23 October 2017 01:48 AM

යදමින් බඳින්න ඕනේ අක්ෂර නොවෙයි අක්ෂර හරියට නොකරපු මෙයාගේ කට.

:       0       109

Sugath Monday, 23 October 2017 03:53 AM

මාර පොතක් මේක. පාස්පෝර්ට් දෙකක් ගන්නකොට වාහන හතලිස් පහක් නෑදෑයන්ට බෙදනකොට ඔය පොත තිබුනේ කොහෙද දන්නේ නැහැ. අනේ විමල්, නිකන් සංදර්ශන දාන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.

:       0       328

ravindra Monday, 23 October 2017 04:09 AM

තුම්මුල්ලේ නම් ඉතින් විමලේ තමයි

:       0       114

lakmal Monday, 23 October 2017 04:51 AM

මහල්ලා සහ මුහුද ලිව්වේ ගීද මොපසන් කියලනේ මෙය කිව්වේ. ඒනිසා මේකෙත් සත්‍ය කතෘ වෙන කෙනෙක් බව කවුරුත් දන්නවා.

:       0       67

PubudhuMonday, 23 October 2017 02:58 PM

ඒකනෙ ලක්මාල් මමත් කිව්වේ, හැබැයි එක්කෙනෙකුට තරහ ගිහින් මම ලිව්ව එකට...

:       0       31

Priya Monday, 23 October 2017 04:54 AM

එහෙනම් තවන් පොත් දෙක තුනක් ලියන්න අවස්ථාව ලැබේවි ළඟදීම.

:       0       108

ajit Monday, 23 October 2017 05:10 AM

කෝ මෙයාගේ දුව පෙන්න නෑ.. දැන් ඒ ළමයට සනීපද ..? දුව ගැන හිතලා නේද මෙයට ඇප දුන්නේ...? මෙයාලගේ හොර වැඩ නිසා ළමයි පව්.

:       0       130

nasar Monday, 23 October 2017 05:48 AM

පොත් ලියන්න වෙලාවක් මෙයාට තිබුණේ නැහැ. ඉස්පිරිතාලේ නේ හිටියේ... මේවා ගෝලයෝ ලියපු පොත්.

:       0       101

sam Monday, 23 October 2017 06:04 AM

දේශපාලන සිරකරුවන් හෝ නිදහස් අරගලවලදී සිරගත වූවන් ඒ සිර ගෙදරදී පොත් ලිවීම ගරු කොට සැලකිය යුතුයි. ඒ ඔවුන්ගේ දේශපාලන හෝ ජාතික දර්ශනය සිරගත කළත් නොනැසී පවතින නිසායි. ඔවුන් ලියන්නේ ඔවුන්ව සිරගත කල කාරණයට හේතු වූ අරගලය සම්බන්ධවයි. හොරකම්, වංචා දුෂණ චෝදනා වලට ලක්වූවන් ලියන්නේ ඔවුන් සිරගත වූ වංචාව හෝ දූෂණය ගැනද? ඇප දෙන තෙක් රිමාන්ඩ් ඉන්නා චූදිතයන්ට පොත් ලියන්න අවකාශයක් ඇතැයි කියා මම නම් හිතන්නේ නැහැ. ඒ වාගේම මෙවැනි බහුභූත උත්සව වලට සහභාගී වී තම තත්ත්වය නැතිකරගන්නා ලොකු ලොක්කන් ගැනත් මට කණගාටුයි.

:       1       311

kumara Monday, 23 October 2017 09:17 AM

අනේ, මේ පොත හොඳයි එයාටම...

:       0       117

kumar (galf) Monday, 23 October 2017 10:38 AM

මහා පරිමාණයේ පිට කසා ගැනීම් තමයි.

:       0       164

Hafeel Monday, 23 October 2017 11:06 AM

හරියට හිරේ අවුරුදු ගාණක් හිටියා වගේ.

:       0       66

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site