IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජනාධිපති තාත්තා‘ එළිදකී

(ඡායාරූප - ගයාන් අමරසේකර)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත "ජනාධිපති තාත්තා" ග්‍රන්ථය අද (15) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.

එම ග්‍රන්ථය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වූ අතර එම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.

 



අදහස් (22)

‘ජනාධිපති තාත්තා‘ එළිදකී

afrad Friday, 15 September 2017 11:23 AM

ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පොත් ගහලා. මුළු රටම දන්නවානේ..

:       95       131

MP Friday, 15 September 2017 11:25 AM

උණුසුම් සුබ පැතුම්. දුවකුට පියාණන්ට කෘතගුණ දැක්වීමට හෑකි හොඳම ආකාරයක්. ඔබ සියළු දෙනාටම ඔබ පියාණන් පිළිබඳව සැබවින්ම ආඩම්බර විය හැකිය. ඒ ඔහු ඉතාමත්ම සරල සහ නිරහංකාර මිනිසකු නිසායි.

:       504       474

nishanath dombagoda Saturday, 16 September 2017 12:46 AM

මේ රටට අවශ්‍ය සරල, නිරහංකාර අය නොවේ. මහතීර් මොහොමඩ්, හියුගෝ චාවේස්, ලී ක්වෑන් යූ වැනි රටත් ජනතාවත් සවිබල ගැන්විය හැකි සබලතා පූර්ණ නායකයන්...

:       0       403

Pradeep LiyanageSaturday, 16 September 2017 10:54 AM

අපේ මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ. රටට හෙන ගැහුවත්, රට මොනතරම් අගාධයකට ගෙන ගියත් කෙසෙල් කොලේ බත් කාලා බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරනවා නම් ඒ ඇති.

:       1       736

MP Friday, 15 September 2017 11:26 AM

උණුසුම් සුබ පැතුම්. දුවකුට පියාණන්ට කෘතගුණ දැක්වීමට හැකි හොඳම ආකාරයක්. ඔබ සියළු දෙනාටම ඔබ පියාණන් පිළිබඳව සැබැවින්ම ආඩම්බර විය හැකිය. ඒ ඔහු ඉතාමත්ම සරල සහ නිරහංකාර මිනිසකු නිසායි.

:       642       374

ajit Friday, 15 September 2017 11:59 AM

වාසනාවන්ත පියෙක් සහ දුවක් .... ගරු ජනපතිතුමනි මේ රට ගොඩ ගන්න ඔබට ශක්තිය ලැබේවා. තවත් වරක් ඔබ මේ රට පාලනය කල යුතුයි. ජය ශ්‍රී

:       703       318

NUWAN Friday, 15 September 2017 12:14 PM

අපේ රටේ ජනපතිවරුන්ගේ ළමයින්ට පුදුම දක්ෂතානේ තියෙන්නේ

:       27       70

kusumawathi Friday, 15 September 2017 12:36 PM

දුවේ අර මියන්මාරෙන් අපේ රටට ඇතුළු වෙන අන්තවාදීන් ගැන පොතක් ලියන්න. නූපන් පරපුරක් බේරේයි. දූගේ තාත්තා ගැන අපි දන්නවනේ...!!!

:       4       334

isurandi Friday, 15 September 2017 01:06 PM

අනේ මගේ තාත්තා අම්මවත් මේ වගේ රාජ්‍යය ගෞරව ඇතිව පිළිගන්න අවස්තාවක් ලැබෙනවානම්!!

:       0       68

PA-RA Friday, 15 September 2017 03:01 PM

එදා කිව්වදේ අද වෙනදේ රෙජීමය එලි දකී. රාජ රෙජීමයට කුමක් වේද? දොරට වඩින්නේ කවද්ද අනේ....

:       0       4

Thilina Friday, 15 September 2017 03:27 PM

දුවෙක් තමන්ගේ තාත්ත ගැන පොතක් ලිවීමේ වරදක් නැත.. නමුත් ඒ තාත්ත රටේ ජනාධිපති විදිහට කරන දේ ගැන තමයි අපිට දුක.. කොළඹ 7 කල්ලියක් රටේම ආර්ථිකය විනාශ කරද්දී, විල්පත්තුව කපද්දී, වෙන රටවලින් සරණාගතයින් ගෙන්න ගනිද්දී, මගේ රට ලෝකෙටම කුඩු බෙදන මධ්‍යස්ථානය වෙද්දී ඇස් කන් වහගෙන ඉන්න තාත්ත ගැන රටේ මිනිස්සු කියන දේවල් වලින් පොත් මාලාවක් ලියන්න පුළුවන් වෙයි.

:       0       867

siri Friday, 15 September 2017 03:45 PM

මම හිතුවා නාට්‍ය පිටපත අච්චු ගහලා කියලා. " ජනාධිපති තාත්තා" කියලා 2001 දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් නිෂ්පාදනය කල නාට්‍යයක් තිබුනා නේද? නමට " පේටන්ට්" නැද්ද?

:       0       119

Mohomad Imthiyas Friday, 15 September 2017 04:11 PM

ඔබතුමියගේ පියතුමා, අද දින කල කතාව හොඳින් අහන්න. පොත් ලිවීම හොඳය. ඊටත් පළමුව, හොඳින් පොතපත කියවා තේරුම් ගන්න. නිවැරදිව හා ගැලපීම අනුව භාෂාව හසුරුවන්න. ඔබතුමියගේ උත්සාහයට මගේ සුභ පැතුම්.... ස්තුතියි.

:       138       120

lalith Friday, 15 September 2017 04:53 PM

කැමති අයෙකුට ඕකෙන් පිටපතක් ගන්න ක්‍රමයකුත් පලකලානම්?

:       107       0

sam Friday, 15 September 2017 11:10 PM

සුනිල් මාධව ප්‍රේමතිලකට මේ උත්සවයට ආරාධනා කරලා නැතිද?

:       2       40

Nishard Preena Saturday, 16 September 2017 03:37 AM

පින්වන්ත පවුලක උපන් පින්වත් ලක් දැරියක්. ප්‍රවෘත්ති වලට ඇයගේ කතාවෙන් සුළු කොටසක් පෙන්නුවා. බොහොම පැහැදිලි නිරවුල් මනසකින් මාතෘකාවෙන් පිට නොගිහින් බොහොම චතුරව කතාකළ හැකි දියණියක්. සිය පියාණන්ගේ හොඳ කථිකත්වය කිසිම අඩුවක් නැතිව පිහිටලා තියෙනවා. ඔව් ඇය කීවා සේ ජනතාවට සේවය කරන්ට දේශපාලකයෙකුම වෙන්න ඕනේ නැහැ. නමුත් ලංකාවේ දේශපාලනය බොහොම දරුණු ලෙස බලහත්කාරයෙන්ම වගේ සෑම අංශයක්ම ආක්‍රමණය කරලා තියෙන නිසා, ජනතාවට වඩාත් දැනෙන පුළුල් සේවයක් කරන්ට ඕනේ නම් ඇයට අකමැත්තෙන් හෝ දේශපාලනයට සම්බන්ධ වුණා නම් බොහෝ ගුණාත්මක දූෂණයෙන් තොර බොහෝ හොඳ වැඩ කොටසක් කරන්නට විනිවිද භාවයෙන් යුතුව ඇයට කරන්ට පුළුවන් වේවි. මම ඇයට සුභ පතමි.

:       305       30

Diyan Saturday, 16 September 2017 04:14 AM

හොඳට තිබුණු රට නේද මේ නිකන් විනාශ වුණේ?

:       353       385

DIYAN Saturday, 16 September 2017 10:15 AM

මිස්ටර් බීන් ගැනද ලීයල තියෙන්නේ?

:       0       206

Pradeep Liyanage Saturday, 16 September 2017 11:00 AM

ඔබගේ ජනාධිපති තාත්තා ගැන අප විතරක් නොව මුළු ලොවම දනී. නමුත් ඔබට තිබුණා ග්‍රාමසේවක තාත්තා යනුවෙන් පොත හඳුන්වා ඒ කාලයේ මතක සටහන් ටිකක් පමණක් නොදන්නා අයගේ දැන ගැනීමට ඉදිරිපත් කිරීමට.

:       0       208

Dr. Edward Perera Germany Tuesday, 19 September 2017 12:54 AM

චතුරිකා! මොහොතකට මම ඔබගේ ප්‍රේක්ෂකයෙකු වීමි. නිවේදිකාව අසන පැන වලට ඉතා සාවධානව පිළිතුරු දෙන ආකාරයත් හදවතේ තෙරපෙන හැඟීම් සංවේදී අන්දමට ප්‍රකාශ කරන ආකාරයත්, ඔබගේ තාත්තාගේ දේශපාලනයට විරුද්ධවන අයෙක් හැරුන කොට අන් ඕනෑම කෙනෙකුගේ සිත් දිනා ගැනීමට තරම් ආකර්ෂණයට ලක්වූ බව සැබෑවක්. ඔබ විවෘතව කතා කළා මෙන්ම මමත් කැමතියි ඔබ දිරිය දියණියක් සේ යහපත් හෙට දිනයකට මං පෙත් හෙළිකරගන්න කරන අභ්‍යාෂයෙදී මීටත් වඩා නිවැරදි වෙනවා දකින්න. මා එය දකින්නේ ඔබගේ පියා අයිති වෙන පරම්පාරවට සම්බන්ධ අයෙක් හැටියටයි. අපි දරුවන් හැටියට කිසිදා ක පියා හෝ මව ගැන සඳහන් කරන විට " එයා " " මෙයා" කියන පාවිච්චි කළේ නැහැ. තාත්තා කුලී කරුවෙක් උනත් එම පියාට " අපේ තාත්තා" මිස "එයා" කියා අපි සඳහන් නොකළේ කුළී කරුවෙන් වුනත් ජනාධිපති කෙනෙක් වුනත් තාත්තා තාත්තාම නිසයි. අම්මා අගමැතිනිය වුනත් කුස්සි අම්මා කෙනෙක් වුනත් අපට අම්මා අම්මාම විය. මෙතනදී මාහට වැරදුනා ද නැත්නම් ඔබට වැරදුනා ද යන නිගමනයට ඒමට පාඨකයින් ට ඉඩ තබා දෙවන මාතෘකාවට එමි. (ප්‍රථම කොටස)

:       0       0

Dr. Edward Perera Germany Tuesday, 19 September 2017 12:57 AM

(දෙවන කොටස) ශ්‍රී ලංකාවේ මෙතෙක් හිටපු කිසිම රාජ්‍ය නායකයෙකුගේ දරුවෙකුට නොතිබුන මව් බස වූ සිංහළ මේ තරම් ව්‍යාක්ත හා සුගම ලෙස හසුරුවීමේ ඉතා හොඳ හැකියාවක් තිබෙන බව ඔබ ඔප්පු කළා. එක අතකින් එයා, ඔබට විරුද්ධව වියරු වැටී හැසිරෙන ඇතැමෙක් චෝදනා කරන පරිදි වියත් ලේඛක යෙක් ලවා පොත ලියවා ගන්න ඇතැයි කරන චෝදනාවට කදිම පිළිතුරක්. මේ ඔබගේ තාත්තාගේ ආදරයත් සමගම ඔබට ලැබුන දායාදයක්. එහෙත් වැරදීමකින් හෝ ඉංග්‍රීසි වචන කිහිපයක් අනවශ්‍යය ලෙස කතාවට ඇතුල් වීම ඔබේ චරිතය ට ගැලපෙන්නේත් නැහැ අපේ මව් භාෂාවට ගැලපෙන්නේත් නැහැ. උදාහරණයක් හැටියට තාත්තා "ජාතික ඇඳුම" ඇඳගෙන හවසට ගෙදර එන අන්දම විස්තර කරන්න ඔබ යොදා ගත්තේ "නැෂනල් " කියන ඉංග්‍රීසි වචනයයි. සමස්ත වැඩ සටහන පුරාම ඉතාමත් සංයමයෙන් සහ කලාතුරකින් කෙනෙකු භාවිතා කරන ලස්සන සිංහළ වචන හසුරුවමින් ඔබ දැක්වූ ව්‍යාක්ත බවට ඔබ කිහිප තැනකදී යොදා ගත් ඉංග්‍රීසි වචන නිසා හානියක් සිදු වුන බවට කනගාටුවෙන් වුනත් ප්‍රකාශ කරන්න ඕනේ.

:       0       0

Dr. Edward Perera Germany Tuesday, 19 September 2017 12:58 AM

සමස්තයක් හැටියට ඔබ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් "ජනාධිපති තාත්තා" කෘතිය එළි දැක්වීමට ගත් තීරණය තුළ ඔබගේ ජනධිපති පියා දේශපාලන වශයෙන් ලබා ගත් ජයග්‍රහණයට වඩා ජයග්‍රහණයක් ඔබට මේ සා හැකියාවක් උරුම කරදීමෙන් ලබා ගෙන ඇතැයි මා පවසන්නේ හිතට එකඟවයි. ඒ තාත්තා දිනක ඔය තනතුරු අහිමිව ගෙදරට එන විට ඒ තාත්තා ට ලොවම අහිමි වුනත් ඔබ වැනි ශ්‍රේෂ්ඨ දුවෙක් අහිමි වෙන්නේ නැහැ. මේ ආදර්ශය දීමට අපොහොසත් "දේශපාලන තාත්තලාගේ " සහ "පුතාලගේ" කෙරුවාව ඉදිරියේ ඔබටත් ඔබගේ ආදරණීය තාත්තාටත් ඉන්ද්‍ර ඛීලයක් සේ නැගී සිටින්න පුළුවන් සමාජ වාතාවරණයක් තවමත් ඉතිරිව තිබීම ගැන සතුටු වෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site