IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සියලු අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඉල්ලති

(ඡායාරූප - කුෂාන් පතිරාජ)

‘සුරකිමු පිංකෙත සිංහල බලවේගය‘ ඇතුළු තවත් බෞද්ධ සංවිධාන කිහිපයක් අද(23) පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පෙර කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු අනෙකුත් ආගමික අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

 



අදහස් (40)

සියලු අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඉල්ලති

sahan Tuesday, 23 May 2017 01:32 PM

බුද්දාගමත් විකුණගෙන කන අන්තවාදී සන්ගයෝ

:       1075       337

RaakshaWednesday, 24 May 2017 03:03 AM

මේක සිංහල බෞද්ධ රටක් කාට හරි ඉන්න බැයිනම් යන්න පුළුවන්.

:       98       255

DilshanWednesday, 24 May 2017 07:45 AM

කොහෙටද දන්නේ නැහැ යන්න ඕනේ ?

:       9       77

bamunuFriday, 26 May 2017 12:10 AM

ඕන තැනකට යන්න නැතිනම් මහුදට හෝ ලිඳකට පනින්න. අපේ කිසිම විරුද්දත්වයක් නැත. මේක සිංහල බෞද්ධ රට

:       0       0

Thushara Tuesday, 23 May 2017 01:48 PM

මුස්ලිම් ..දෙමල ජාතිය වෙනුවෙන් නායකයෝ සිටියත් ..සිංහල ජාතියට නායකයෙක් නොමැත.. අපි අසරණ වෙලා වෙලා වගේ බුදුහාමුදුරුවනේ...!!

:       299       1484

athuraWednesday, 24 May 2017 03:55 AM

ඒක පුහු කතාවක්.ලංකාවේ සිංහල ජාතික නායකයෝ කි දෙනෙක් ඉන්නවද.ජාතිකත්වය විකුණගෙන කන නායක කමයි ඒක ප්‍රදර්ශනේ නොකර ජාතිකත්වය රකින එකයි දෙකක්.

:       33       58

සමන්ත Tuesday, 23 May 2017 03:31 PM

සහෝදරයා, නායකයෝ බලෙන් බිහි කරගන්න බෑ. බලෙන් බිහිවෙන්නෙත් නෑ. සැබෑ නායකයෝ හොරකම් කරන්නේවත්, මිනී මරන්නේවත්, දාමරිකයෝ වෙන්නෙවත් නෑ. කාලය ඔවුන් ගොඩ නගාවී. එහෙම නැත්නම් ගොඩ නැගේවි. අවශ්‍ය වෙලාවට මිසක් අකාලයට ඒවා සිද්ධ වෙන්නේ නෑ . ජාතිවාදීන් මගින් එය වෙන්නෙත් නෑ .

:       298       75

samira Wednesday, 24 May 2017 01:57 AM

කාලය ගොඩනගපු අපේ නායකයන්ව අපි නොසලකා හැරියා. අපිට හරියට අපේ නායකයන්ව ‍තෝරගන්න බැරි වුනා. කපටි තක්කඩි අපේ නායකයන්ව මිනීමරුවො, දාමරිකයො කියල ලේබල් අලවල උන්ගේ මිනීමැරුම්, තක්කඩිකම් අපේ නායකයන්ගේ ගිනුම් වලට බැර කරා. අපිත් දෙපාරක් හිතන්නේ නැතුව ඒව පිළිගත්ත. එදත් ඕකම වුනා. අපි හිතුව සුද්ද අපේ රට හොඳට පාලනය කරයි කියල. දැනුත් අපි ගැන හිතන නායකයන්ව අපි අමතක කරල තියෙන්නේ. සෝම හාමුදුරුවො බොහොම කාරුණිකව, දයාවෙන් අන්තවාදීන්ගේ ක්‍රියාවන් පෙන්නල දුන්න. අන්තිමට උන්වහන්සේ මරා දමන තෙක් අපි නිදාගෙන හිටියා.

:       1       89

deebi Tuesday, 23 May 2017 03:44 PM

අද දියුණු රටවල් එකක්වත් ආගම කරගහගෙන නොමැත.රාජ්ජ්‍ය උත්සවවලට ආගමික නායකයින් කැඳවන්නේ නැත.ආගම් වෙනම යනවා.ආණ්ඩුව වෙනම යනවා.මම කියන්නේ බොරුද කියා යුරෝපා රටවල සිටින අපේ හාමුදුරුවරු දන්නවා.අද බොහෝ රටවල ආගමි කොටසකට අදායම් මාර්ග නීතියෙන රිංගායාමට මාර්ග හා වරප්‍රසාද ලබා ගැනීමට මාර්ග. ආගම් අදහන්නන් තමන්ගේ ධනය හා ශ්‍රමය පරිත්‍යාග කරනවා..

:       154       87

මංගලTuesday, 23 May 2017 08:11 PM

යුරෝපා රටවල් ගැන නොදන්න මගුල් කියවන්න එපා. මෙහෙ පල්ලියෙ සාමාජිකයෙක් නම් මාසෙ පඩියෙන් 1% ක් පල්ලියට කැපෙනවා. පල්ලියෙ සාමාජිකත්වයෙන් අයින් වුනාම තමයි ඒක කැපෙන එක නතර වෙන්නෙ. නමුත් ව්‍යාපාර වලින් කැපෙන % ගාණ කිසිසේත්ම නතරවෙන්නෙ නැහැ. ව්‍යාපාරිකයා මොන ආගමිකයෙක් වුනත් ඔහුගේ ව්‍යාපාරයෙන් උපයන ලාභයෙන් % ගණනක් අනිවාර්‍යයයෙන්ම පල්ලියට බද්දක් වශයෙන් ගෙවිය යුතුයි. ආගම කරගහගෙන නෙවෙයි ආගම ඔලුව උඩ තියලා තියෙන්නේ. ලංකාවට වෙලා තියෙන්නේ අන්‍යාගමිකයිනගේ නොපනත්කම් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැතිවුනාම සාමාන්‍ය සිංහල ජනතාව නීතිය අතට ගන්න එකයි. කොහොමත් හාමුදුරුවරු ලාභ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි මේ උද්ඝෝෂණ කරන්නෙ.

:       46       134

රවිඳු Wednesday, 24 May 2017 08:21 AM

මංගල, ඒ යුරෝපයේ තියන අපි නොදන්නා පල්ලිය කාගේද? මුලාකරලා හැමෝවම ඒ වලට දා ගන්න බැහැ... සමහර හාමුදුරුවරුන්ගේ දේශපාලන ක්‍රියාකලාපයත් සුදුසු නැහැ..

:       48       58

දොන් ජෙරනිමෝWednesday, 24 May 2017 02:15 AM

ඔබ දියුණු රටවල් කියල හිතාගෙන ඉන්නේ මොන වගේ රටවල්ද. ආර්ථික වශයෙන් දියුණු ඒව වෙන්න බෑ. ඔබ ඔය දියුණුයි කියන රටවල ජනාධිපතිවරු, අගමැතිවරු පත්වෙන්නේ ශුද්ධ වූ බයිබලයේ හෝ කුරාණයේ අත තබා දිව්රල. ඉන් පසු තමන්ගේ ආගම රකින්න ඒ නායකයන් සෑම විටම ක්‍රියා කරනව. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, සෞදි අරාබිය, නෝර්වේ, ස්වීඩන්, ඉරානය, කටාර්..

:       0       18

Jennifer Tuesday, 23 May 2017 04:10 PM

ආගම් හා දෙවිවරු විවේචනය කරමින් ජාතින් අතර වෛරය ඇති නොකර මුස්ලිම් අන්තවාදීන් හෝ ත්‍රස්තවාදීන් සිටීනම් ඔවුන් පිලිබඳ තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන තැන්වලට ලබාදිය යුතුයි. එසේ නොකර තමන් නිල නොවන පොලිසියක් බව පවසමින් අන් අයට පහත් ආකාරයට බැනවදිමින් ක්‍රියා කිරීම බෞද්ධ පූජකවරයෙකුට නොගැලපේ.

:       50       242

Gihan PierisWednesday, 24 May 2017 01:47 AM

ඔබ කියන දේ හරි. එහෙම තමයි වෙන්න ඕනේ. ඒත් නීතිය ක්‍රියාත්මක කරන ඉහලම තැන් පවා අන්තවාදීන් වෙනුවෙන් කටයුතු කරනව නම් මොකද කරන්නේ. ඔහේ පැමිණිල්ලක් කරල උඩ බලන් ඉන්නද තියෙන්නේ. ඔබ ලංකාවේ ඉන්න කෙනෙක් වෙන්න බෑ. මොකද ලංකාවේ ඉන්නව නම්, ලංකාවේ පොලීසිය ගැන නොදැන ඉන්න හේතුවක් නෑ නේ.

:       7       131

Raveen Fernando Tuesday, 23 May 2017 04:14 PM

අන්තවාදීව හැසිරන ඔවුන්ම අනෙක් අන්තවාදීන් ට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලා පෙළපාලි යෑම විහිලුවට කරුණක්.

:       188       110

සරත් Wednesday, 24 May 2017 01:30 AM

ඉවසල ඉවසල බැරිම තැන හැමදාම සිංහලයින් අන්තවාදීව හැසිරුණ,එක ඇත්ත නමුත් ආණ්ඩුව කිසි දවසක මෙම හැසිරීමට හේතුව සහ පිළියම යෙදෙඋව්වේ නැහැ ඔවුන්ගේ පැවැත්මට .බොදුබල සේනාව බිහි වෙන්නත් හේතුව එ්කමයි

:       5       11

sanjeewa Tuesday, 23 May 2017 05:07 PM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අය්ති ඉඩම් වල හොර ඔප්පු හදාගෙන පදිංචි වුන මුස්ලිම් මිනිස්සු ආරක්ශා කරන්න දේශපාලකයො ඉන්නවා . ඒවා වැරදියි කියල පෙන්නපු මිනිස්සුන්ට ජාතිවදියො කියන්න සින්හලයොත් ඉන්නවා

:       13       54

samanWednesday, 24 May 2017 08:52 AM

සංජීව නිකම් බොරු කියන්න එපා එහෙම බොරු ඔප්පු පෙන්නනකන් බලන් ඉදීද ඔබලාගේ මේ මෙන්ටල් පොරවල්

:       70       33

chathura Tuesday, 23 May 2017 05:40 PM

මම ස්කොලේ ගියේ මරදානේ. ඒ අවරුදු 20 විතර කලින්. අහම්බෙන වගේ ඊයේ පෙරේදා මරදානේ station එකෙන් බැස්ස දවල් දොළහට විතර. සහිරා එකේ අරාබි දාල මුළු පළාතටම ඇහෙන්න. මට පුදුම හිතුන, පස්සේ දුක හිතුන. අවුරුදු 20 කට වෙච්ච වෙනස. තව 20 කින් මොනවා වෙලා තියේවිද මෙහෙම ගියොත්.

:       2       14

Abayawansa kaluthanthrige Tuesday, 23 May 2017 06:47 PM

මුස්ලිම් අන්තවාදීන්ට විදේශ ආධාර. බෞද්ධ අන්තවාදීන්ට යුරෝපා ආධාර. ඡන්දයක් කිට්ටුවෙනකොට මේක තමා තුරුම්බුව. 2014 ඡන්දෙදි බේරුවල ගැහැව්වේ එම පදයමයි.

:       2       12

Roshx Wednesday, 24 May 2017 02:11 AM

ඔවි ජෙන්නිෆෙර්

:       1       1

vipula Wednesday, 24 May 2017 03:11 AM

සිහල ජාතියට නායකයෙකු වී සිටින්නේ මේ ස්වාමීන් වහන්සේ පමණයි. සිංහල ජනතාවට විරුද්දව එල්ලවන දේවල් වලට පෙනී සිටින්නේ මොවුන් පමණයි.

:       17       22

vipula Wednesday, 24 May 2017 03:12 AM

රටේ අනෙක් ජාතීන් වගේ නොවෙයි සිංහල ජාතිය අතර එකිනෙකට වෙනස් මත තියෙනවා .එම නිසා වද වීගෙන යන ජාතීන් අතර ඉහලෙන්ම ඉන්නවා

:       1       23

shan saudi Wednesday, 24 May 2017 03:47 AM

මේකේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ මේ කතා කරලා තියන අය බෞද්ධයෝ නෙවේ කියල මට හිතෙන්නේ තමන්ගේ බඩ පුරෝගන බැංකු ගිණුම් තර කරගන රටට ජාතියට හා ආගමට හෙන ගැහුවත් කමක් නෑ කියල සැප විදින්න කටයුතු කරන ඕනෙම කලකන්නියෙකුට පුළුවන් එහෙම හිතන්න එහෙම නැතුව බෞද්ධ අපේ උරුමයන් හා පන්සල් මෙන්ම දහම විනාස වෙනවා බල ඉන්න බැ හරි හමන් ජාතකයක් ආගමක් තියෙන කෙනෙකුට උතුරේ පන්සල් විනාස කරනවා නැගෙනහිර පන්සල් පුරා වස්තු නටබුන් හා පුරන විහාර බුමි ඩෝසර් කරනවා පන්සල් භූමි බලෙන් අල්ල ගන්නවා අනෙක් පළාත්වල එයාලගෙ පල්ලි හදනවා ඒවාට කිසිම සිංහලයෙක් ප්‍රශ්න ඇති කරන්න නැ මේවා කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ කැලේ විනාස කරනවා අපේ රට බුද්ධාගම වනසන ක්‍රියා කාරකම් කරනවා බුදු පිළිම විනාස කරනවා මේවා බල ගැන ලෝකේ මේවා මෙහමයි කියල බලා ඉන්න ද කියන්නේ රජය කිසිම පිලියමක් කරන්න නැ බීරො පොට්ටයෝ වගේ චන්ද ටික අඩුවෙයි කියල කරබාගන ඉන්නවා මේවට බෞද්ධයෝ අනිවාර්යෙන් පෙළ ගැසෙන්න. ඔකොටම කලින් බෞද්ධ ආගම රටේ ආරක්ෂා කරන්න

:       45       59

lanka Wednesday, 24 May 2017 04:20 AM

අපේ ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ දේශපාලඥයෙක් කියල. නයා ලකුණෙන් චන්දෙ ඉල්ලලා පැරදුන කෙනෙක් කියල. ඔය කියන තරමට කිසිම බලවේගයක් නැහැ හිටියනං ඡන්දෙ ඉල්ලලා පැරදෙන්නේ නැහැ නේ. බහුතර සිංහල ජනතාව සාමකාමී අය අපිට අවුරුදු 30ක යුද්ධය අමතක වෙලා නැහැ. ඒ නිසා කව්රුත් කලබලවෙන්න අවශ්‍ය නැහැ. නීතිය හැමෝටම හරියට ක්‍රියාත්මක කරන්න.

:       46       20

Sumedha Wednesday, 24 May 2017 05:27 AM

ශාන් සෞදි - ඔබතුමාට රැකියාවක් දීලා තියෙන්නෙත් මුස්ලිම් රටක් නේද? ජන්මෙට වඩා පුරුද්ද ලොකු කියලා අපුරුවට පේනවා

:       14       11

shan Wednesday, 24 May 2017 05:54 AM

අපි කොහේ උන්නත් ඒ රටේ ආගමට ගරු කරනවා ඒ ආගමට කිසිම වරදක් වෙන්න අප හැසිරෙන්නේ නැ මොකද හැම ආගමකම රැක ගත යුතුයි. ඒ ඒ ජාතීන් වෙනුවෙන්ව ඒ වගේම අපේ රටේ ආගම අපේ දරුවන් වෙනුවෙන් රැක ගන්නවා අපිට ආගම සමග ගැටළුවක් නැ ගැටලුව මොලේ නැති වුන කරන වැඩ ගැනයි.

:       7       4

ඕෂෝ Wednesday, 24 May 2017 06:05 AM

ආගමක් අවශ්‍ය වන්නේ බිය ගුල්ලන්ට පමණි. සහජීවනය ඇතිකළ හැක්කේ මිනිසා ආගමෙන් ගලවාගැනීමෙනි. අධික ආගමික භක්තිය ඇත්තෙක් යනු අර්ධ වශයෙන් මියගිය ජීවියෙකි.

:       3       4

ඕෂෝ Wednesday, 24 May 2017 07:05 AM

මරණින් පසු බෞද්ධයෙකු නැවත ඉපදෙන්නේ ඉස්ලාම් පවුලක විය හැක.ඉස්ලාම් භක්තිකයෙකු හින්දු පවුලක ඉපදිය හැක.කතෝලිකයෙකු බෞද්ධ පවුලක ඉපදිය හැක. සොබාදහමේ නීතිය යනු ශක්ති විද්‍යාවයි. ඔබ අධික ලෙස ආදරය කරන තැනද අධික ලෙස වෛර කරන තැනද ඔබගේ උපත සිදුවිය හැක.

:       1       5

saleeth Wednesday, 24 May 2017 07:22 AM

ඇත්තටම ආගමට දහමට ලැදී කිසිවෙක්වත් මේ වගේ ජාතින් අතර වෛරය වපුරන්නේ නැහැ මොවුන්ට අවශ්‍ය කාට හරි මොනවා හරි කරලා තමන්ගේ සාක්කුව පුරවා ගන්නයි.

:       2       2

Appuhami Wednesday, 24 May 2017 07:27 AM

නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කපන තුරු බලා සිටීම ණුවනට හුරු නැත. බෞද්ධ වේවා මුස්ලිම් වේවා කිතුණු වේවා හින්දු වේවා අන්තවාදී කවර වනචරයෙකුට හෝ ආගම්වල නාමයෙන් ඉඩ දිය යුතු නැත. මෘගයන් අල්ලා බැඳ දැමිය යුතුමය. එසේ නොකළහොත් ශිෂ්ඨාචාරගත මනුෂ්‍යයාට විසුමක් නැත.

:       1       3

ධම්මික Wednesday, 24 May 2017 07:37 AM

කවුරු සුද්ද කරන්න හැදුවත් මුස්ලිම් අන්තවාදීන් කරන විනාශය ඇහැ කණ තියෙන ඕනම කෙනෙකුට පේනවා.හැමෝම අන්තවාදීන් නොවුනට ඇත්ත තත්වය ඒක.

:       0       7

Hafeel Wednesday, 24 May 2017 09:15 AM

සිංහලයාගේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වෙනවයි කිව්වට තාම කිසිම ඉල්ලීමක් විසඳිලා නෑනේ.... කාලයෙන් කාලයට එක එක දේවල් පටන්ගන්නවා. දේශපාලකයෝ තම තමුන්ගේ පැවැත්මට උපයෝගී කරනවා මිස එය ජාතියේ නිදහසට නොවේ. ඕනෙම ප්‍රශ්නයක් වුණත් සුහදව, ශීලාචරව, සාකච්ඡාවෙන් විසඳන්න හැකියාව තියෙද්දී මෙහෙම කරන එක නිවැරදිද? මේ කරන ක්‍රියාව නිසා ජාත්‍යන්තරව බුදු දහම අපකීර්තියට පත්වෙනවා.

:       1       2

bamunuFriday, 26 May 2017 12:15 AM

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට කරන චෝදනාව සම්පුර්ණයෙන් හෙළ දකිනවාය. පානදුරා වාදය කල මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව දිහා බැලුවනම් ඒ ස්වාමින් වහන්සේ ඇඟිල්ලක් ඔසවා කරන කතාව මොනවගේ එකක්ද කියා ගොබ්බ්යින්ට නොවන කතා කොරන්න දන්නා මිනිසුන්ට හිතා ගත හැකිය. මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් එම වාග් ප්‍රහාරය දෙන්නේ ක්‍රිස්තියානි පූජකයින්ටය. එම වාදය දැක්ක ඕල්කොට් වැනි අය ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගත්ත මිස බුදුදහමට නිගරු කලේ නැත.

:       0       0

deebi Wednesday, 24 May 2017 09:38 AM

සිංහල බෞද්ධ කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට ගොස් නොයෙකුත් වධහිංසා වලට ලක්වෙනවා. භයානක ලෙඩ රෝග හදාගෙන ආපසු මෙරටට එනවා. මෙරට සිංහල කාන්තාවන් ගෘහසේවය සඳහා මැද පෙරදිග යාම වැළැක්වීමට පියවරක් ගමු අපේ හාමුදුරුවනේ....

:       0       2

theshan Wednesday, 24 May 2017 10:14 AM

මම කතෝලික, එත් අපේ ආගම අපිට නිදහසේ කරගන්න පුලුවන් වටපිටාවක් ලැබුනේ බෞද්ධ දර්ශනය නිසා. ඒ නිසා මේ හාමුදුරුවන්ගේ ඇතැම් ක්‍රියා අනුමත නොකලත්, මේ හිස ඔවසවන අන්තවාදය දෙමල කොටින්ටත් වඩා භයානකයි..

:       0       20

නුවන් Wednesday, 24 May 2017 01:51 PM

සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්... මේ රටේ ජිවත්වන කිසිම ජාතියක් විශේෂ නැහැ. කරුණාකර සියලු දෙනාම සමගියෙන් සහජීවනයෙන් සිටින්න.

:       7       2

theshanThursday, 25 May 2017 06:58 AM

නුවන්, අපිට හංගපු ඉතිහාසයේ තියෙන්නේ එහෙමයි, එහෙත් ඇත්ත කතාව, ඊට කලිනුත් ලංකාවේ සිංහලයින් ඉඳල තියෙනවා

:       0       8

sanju Thursday, 25 May 2017 02:40 AM

උතුරේ දෙමල නායකයෝ ජනදිපතිතුමටත් එන්න එපා කියල ප්‍රසිද්දියේ තර්ජනය කරනවා. නැගෙනහිර පන්සල් කඩා දමනවා. හැබයි ඒවා නම් ජාතිවාදය වෙන්න බැහැ. එව්වා සන්හින්දියාවට තියෙන ආදරයට කියන කරන එව්වා මන් හිතන්නේ.

:       0       8

rehan Thursday, 25 May 2017 07:17 AM

මා දන්නා තරමින් බුදු කොඩිය ඉදිරිපස කිසිදු ආකාරයක මුහුණක් ආදේශ කල නොහැක. පසුගිය වෙසක් සමයේ මේ හා සමාන ලෙස සැකසු කබීර් හෂීම් මහතාගේ රුව සහිත පෝස්ටරයක් පිලිබදව ස්වාමින්වහසේ නමක් සවිස්තරාත්මකව පැහැදිලි කර දී තිබුණා. එසේ බලන කල මෙම පෝස්ටරයද බුද්දාගමට නිගරු වන ලෙස සකසා ඇතිබව පැහැදිලිවේ. මෙවන් පිරිසක් සම්බුද්ද ශාසනය කෙලෙස ආරක්ෂා කරාවිද? එසේම මෙම රූප පෙලේ පිටුපසින් දිස්වන කොඩිය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නොවේ. මෙවැනි කොඩියක් නිර්මාණය කොට ඔසවා යාම අන්තවාදය ඇවිස්සවීමට ඔවුන් විසින්ම කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අවට සිටින පොලිස් නිලධාරීන් මෙය නොදුටුවා විය නොහැක. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් බහුතර ජනතාව (ඔවුන් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ කව්රුන් වුවද) කවදත් මධ්‍යස්ථව හිදිමින් තීන්දු තීරණ ගෙන ඇත. කුමන ආගමක් ඇදහුවද, එකී ජන සමූහයේ අන්තවාදී අයුරින් කටයතු කරන පිරිස් පිලිබදව දැඩිලෙස කටයුතු කලයුතුය යන්න මාගේ මතයයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1658 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site