IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සැබෑ ක්‍රිකට් ලෝලියෝ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලට අත්වූයේ ලකුණු 78 ක ඛේදජනක පරාජයකි. තරගය පරාජය වීමට යන බව දුටු ඇතැම් ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ඉනිමේ 40 වැනි ඕවරය ආරම්භ වීමටත් පෙර ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියද තවත් පිරිසක් අවසන් පන්දුව දක්වාම ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන ගෙන ගිය  පිතිකරුවන්ට අත්පොළසන් දුන්හ. 

තරගයේ අවසන් පන්දුව යවන තුරුත් ක්‍රීඩාංගණයේ සිටි අය අතුරින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් තමන් සිටි පෙදෙසේ කැළි කසල සියල්ල එක තැනකට එකතු කරමින් නරඹන්නන්ගේ පෙදෙස පිරිසිදු කළහ. පළමුව පිටියේ එක් අන්තයක (බස්නාහිර කොටසේ) එය ආරම්භ වූ අතර පසුව නැගෙණහිර කොටසේ සිටි සාමාන්‍ය නරඹන්නෝද තමන් අවට තිබූ කැලි කසළ, හිස් වතුර බෝතල සහ ප්ලාස්ටික් රඳවනයන් එකතු කර එක තැනකට ගෙනැවිත් දැම්මේ ක්‍රීඩාංගණය පිරිසිදු කරන්නන්ගේ කාර්යය ඉතාමත් පහසු කරමිනි. 

පසුගියදා රුසියාවේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයක් පරාජය වූ ජපාන පාපන්දු කණ්ඩායමද ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යාමට පෙර තමන්ගේ ක්‍රීඩාගාරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ හෙයින් රුසියානුවන්ගේ මහත් ආදර ගෞරවයට පාත්‍ර විය.

ඡායාරූප - ඉෂාර එස්. කොඩිකාර



අදහස් (33)

සැබෑ ක්‍රිකට් ලෝලියෝ

sirimal Sunday, 05 August 2018 03:43 PM

හොඳ වැඩක්. මේ දරුවන්ට ඉතිරි තරඟ සියල්ලම නොමිලයේ නැරඹීමට අවස්තාව ලබාදිය යුතුයි.

:       0       266

lankaputha Sunday, 05 August 2018 03:59 PM

කොහෙන් ඉගෙන ගත්තත් හොඳ දේවල් ඇඟට ගන්න එක හොඳයි ළමයි

:       1       329

sarath Sunday, 05 August 2018 04:11 PM

ඉතා අගෙයි.!

:       1       210

විජිත් Sunday, 05 August 2018 05:10 PM

ඉතාමත් ආදර්ශවත් ක්‍රියාවක්. මේ සත් ක්‍රියාවට දායකවුන මහත්වරුනේ මහත්මියනේ ඔබ දුන් මේ ආදර්ශය සදාකාලිකයි. ඒ වගේම අපට, ඒ කියන්නේ ශ්‍රී ලංකික ජනතාවට ඔබ සැම ගැනම ආඩම්බරයි. මේ අපේ මිනිස්සු කියලා ලෝකයේ ඕනෑම කෙනෙකුට මහත්වූ ආඩම්බරයකින් පෙන්වන්න පුළුවනි. නැවත වරක් ස්තුතියි හදවතින්ම.

:       1       315

Thilina Sunday, 05 August 2018 06:45 PM

ඉතාමත් අගය කළ යුතු වැඩක්. මේ ආදර්ශය ඉදිරියටත් පවත්වාගෙන ගියොත් මේ රට ටිකක් හරි සුන්දර වේවි..

:       0       147

රොෂාන් Sunday, 05 August 2018 07:40 PM

කොහොමත් අපි අනුන් කරන දේ කොපි කරන්න දක්ෂ ජාතියක්. ඒත් අපිට කවදාවත් බැහැ ජපන්නු වගේ වෙන්න?

:       1385       778

විකුම් රංගන Sunday, 05 August 2018 09:07 PM

හිස් බෝතල් වලට වඩා කුණු වෙච්ච පුස් ඔළුගෙඩි තුලින් සමාජයට විශාල හානියක් සිදුවෙනවා. හිස් ප්ලාස්ටික් බෝතල් වලින් සිදුවෙන පරිසර දුෂණයට කෙටි කාලීන විසඳුම් තිබුනත්, කුණුවෙලා තියන ඔළුගෙඩි වලින් කරන සමාජ දුෂණයට දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි.

:       31       431

piyal batuwangala Sunday, 05 August 2018 09:44 PM

හොද දේවල් අනුකරණය කලාට කම් නැත. ඔබලාට ගොඩක් පින් දරුවනි. ඔබලාගේ දෙමව්‍පියන්ටත් පින් ......

:       4       249

chris Sunday, 05 August 2018 10:25 PM

හොඳ වැඩක් ජය වේවා

:       0       102

මංජුල Sunday, 05 August 2018 10:28 PM

ඔය වගේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරත් පිරිසිදුව තබා ගන්නවා නම් කොතරම් හොඳද? මේක රැග් එකක් එහෙම නෙමේ නේද?

:       285       323

SAMPATH Monday, 06 August 2018 12:59 AM

අපි අපෙන්ම පටන් ගනිමු. අනුන් කරනකන් බලන් නොසිට අපි අපිම ආදර්ශයක් වෙමු

:       0       82

saman Monday, 06 August 2018 01:17 AM

ඉතාම අගය කලයුතු වැඩක්

:       0       60

නුවන් Monday, 06 August 2018 01:28 AM

හදවත හොඳ දරුවන් පිරිසක්. පරිසරය යනු අපේ ජීවිතයයි. පරිසරය නැසුනොත් ජීවයට පැවතිය නොහැක. නමුත් බොහෝ පිරිසක් වන්දනාවේ යන විට ගස් හෙවණේ සිට විවේක ගෙන පොලිතීන් එම හෙවන යට අතහැර යයි. එවන් බහුතරක් අතර මේ දරුවන් අගය කල යුතුයි. දීර්ගායුෂ ලැබේවා. දිවිමග සරු වේවා.

:       0       173

thilak-dubai Monday, 06 August 2018 03:46 AM

කට්ටියම කැම්පස් එකේ ටි ෂර්ට් ඇඳලා ඇවිල්ලා පොඩි මීඩියා සංදර්ශනයක් දාල වගේ, ඕකම පහුවදාට ක්‍රීඩාංගනය සුද්දකරන අය කරනවා.

:       1046       353

kamal silva Monday, 06 August 2018 04:49 AM

රොෂාන් මහත්මයා, ජපනුන්ගෙන් නොවේ. සෝමාලියාවෙන් හරි කමක් නැහැ හරි දේ ගන්න පුරුදු වෙමු නේද? ඔය හොයා බලන්න ජපන් පෙලපොතේ අපේ ක්‍රීඩකයෙක් ගැන පාඩමක් තියනවා.

:       10       294

RaveendraMonday, 06 August 2018 01:59 PM

කමල් සිල්වා මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. හොඳ දෙය අපායෙන් වුණත් හොඳදෙයක් තිබේනම් එය ගන්න පුලුවන් නම් එලෙස හොඳ දෙය ගැනීම වරදක් වන්නේ කෙසේද ?

:       0       101

nalin Monday, 06 August 2018 05:04 AM

මේක හොඳ ආරම්භයක් ඇත්තටම. ඉස්සරට වඩා දැන් මිනිස්සු පාරේ කුණු දානවා අඩුයි. කාලෙකට පස්සේ ලංකාවට යන කෙනෙකුට ඒ වෙනස හොඳට තේරෙනවා. ඉස්සරට වඩා කුරුණෑගල ටවුමේ පාරවල් අයිනේ කුණු දාලා තියනවා. ගොඩක් දුරට අඩුයි දැන්. එ්කට සමාජ මාධ්‍ය ගොඩක් රුකුලක් වුණා කියල‍ා තමයි මට හිතෙන්නේ. මෙවන් දේවල් තමයි අපි විශ්‍ව විද්‍යාල ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබලාට ගොඩක් ස්තුතියි.. මෙය අරම්භ කළාට මෙයින් පසු මිනිසුන් පුරුදුවෙයි. ක්‍රීඩා තරගයක් උස්සවයක් වගේ ඉවර වුණාම අවට පිරිසිදු කරලා යන්න.

:       0       17

saman Monday, 06 August 2018 05:16 AM

රොෂාන් .. අපිට ජපන්නු වගේ වෙන්න බෑ, ඒ වගේම වෙන්න ඕනෙත් නෑ. තමන්ගේකම තියාගෙන අනුන්ගෙන් හරි කමක් නෑ, හොඳ දේවල් ජිවිතේට, සමාජෙට එක කරන්න පසුබට වෙන්න ඕනේ නෑ. තමුන් ගැන අපිට ලැජ්ජයි. මීට පස්සෙවත් තමුන්ගේ දෙමව්පියන්ටත් නින්දා දෙන මේ වගේ කමෙන්ට් නොදානවා නම් හොඳයි.

:       0       110

සුමනපාල ගල්මන්ගොඩMonday, 06 August 2018 06:23 PM

මමත් ඔබ සමගයි...

:       0       3

Nimal Monday, 06 August 2018 05:26 AM

ඉතා අගය කල යුතු දෙයක්. අනෙක් ශ්‍රී ලාංකිකයන්ටත් ආදර්ශයක්!

:       0       3

Thiyaga Chanda Monday, 06 August 2018 05:52 AM

හොද වැඩක්, ජය වේවා

:       0       30

Hafeel Monday, 06 August 2018 07:15 AM

සුබ අනාගතයක් වේවා. ඉතා හොඳ ආදර්ශයක්.

:       0       17

kap Monday, 06 August 2018 07:15 AM

පිටියේ හැම තැනකම කුණු බාල්දි තිබ්බනම්, හැමෝම ඒකට කුණු විසි කරන්න පුරුදු උනානම්, හැදියාව සහ හික්මීම කියන ගුණාංග තියෙනවානම්, මේ වගේ ශ්‍රමදාන ඕනෙ නෑ. මෙතනදි ලැජ්ජ වෙන්න ඕනෙ නගර සභාවේ අය සහ පිටිය බාරව ඉන්න එවුන්. කුණු බාල්දියක් තියන්න දන්නෙ නැති මහලොකු පාලකයෝ. මුන් කොහොමද පාරේ කුණු පාලනය කරන්නෙ

:       1       47

රවිඳු Monday, 06 August 2018 07:59 AM

කමල් සිල්වා මහත්මයෝ, අපේ ඉතිහාසය තුල නොපසුබස්නා වීර්යයේ පාඩම ළොවටම කියා දුන් කරුණාරත්නලා ඉතිහාස ගත උනේ, මහපාරේ නරි සංදර්ශන කරලා, පොලිසියෙන් නවාගෙන මෝඩ චුන් අරගෙන නෙවෙයි. ඉතිහාසය තලු මරලා අනාගතය හදා ගන්නවා වෙනුවට, වර්තාමන ක්‍රියාකාරකම් තුලින් අනාගතය ගොඩනගා ගැනීමටයි ක්‍රියා කල යුත්තේ. මේ පවතින වාතාවරණය අනුව නම්, සෝමාලියාවෙන් හෝ සුඩානයෙන් වත් පාඩම් ඉගෙන ගෙන, රටට හා සමාජයට බරක් නොවී සිටිනවා නම් එකත් ලොකු දෙයක්.

:       0       45

Nuwan Monday, 06 August 2018 08:17 AM

"...එය ආරම්භ වූ අතර පසුව නැගෙණහිර කොටසේ සිටි සාමාන්‍ය නරඹන්නෝද තමන් අවට තිබූ කැලි කසළ, හිස් වතුර බෝතල සහ ප්ලාස්ටික් රඳවනයන් එකතු කර එක තැනකට ගෙනැවිත් දැම්මේ..." මෙන්න මේවා තමා සමාජ ව්‍යාපාර කියන්නේ. නියම දේශපාලන ව්‍යාපාර කියන්නේ. නියමයි.

:       0       23

prabash Monday, 06 August 2018 01:30 PM

මේක හොද දෙයක්. එත් ඉතින් ජපන්නු මේ වගේ දෙයක් කරනකන්ම ඉන්න ඕනද අපේ අයට කරන්න. කොහොම වුනත් හොදයි.

:       9       206

sanjeeva Monday, 06 August 2018 04:00 PM

කියන්න වචන නැහැ. ඒ තරමටම සන්තෝසයි... මේවා කරන්න අපිට එකතු වෙන එක විතරයි ඕනේ. පර දේශපාලකයෝ කොහෙත්ම අවශ්‍ය නැහැ.

:       0       1

samira Monday, 06 August 2018 04:34 PM

හොඳ වැඩකට හොඳයි කියන්න පැකිලෙන කුහකයෝ කීදෙනෙක් මේ ලිස්ට් එකේම ඉන්නවද

:       0       37

ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 07 August 2018 03:03 AM

ක්‍රිකට් තරඟ බලලා ඉස්සරනම් සතුටුවෙන්න තිබුණා. දැන් ඒකත් නෑ. මේ වගේ දේකින්වත් සතුටට පත්වීමට හැකිවීම සතුටක්. දරුවනේ ඔබ දුන් ආදර්ශය ඉතා උතුම්. අනුකරණය කිරීම ගැටළුවක් නෑ. හොඳ දේවල් නිසා.

:       1       1

Rish Tuesday, 07 August 2018 07:52 AM

මගේ අදහසනම්………………….මාධ්‍යට පෙනෙන්න කුණු අදිනවට වඩා….කුණු නියමතැන දාන විදිහට අප සමාජය වෙනස්විය යුතුය.බොහෝ මෙවන් ක්‍රියාවල චේතනාව පුහු ප්‍රසිද්ධියයි තිත්ත ඇත්තනම්………තරගයෙන් පසු ක්‍රීඩාපිට්ටනිය කොහමත් නගරසභාවෙන් පිරිසිදු කරනවා………….

:       142       115

nalinTuesday, 07 August 2018 11:47 AM

ගෙදරත් අම්මා හරි කවුරු හරි අතුගානවා කියලා කුණු දානවද තැන තැන? නොදා ඉන්නවනම් තමයි හොද. ඒත් මේ කරපු හොඳ දේට හොඳයි කියන්න බැරි නම් ඒක කුහකකම. නගර සභාවට වෙන දෙයක් කරන්න පුළුවන් ඒ වෙලාවට. මේක දැක්කම අඩුම ගානේ 10ක් වත් කුණු නොදා ඉඳියි.

:       0       51

NalakaWednesday, 08 August 2018 04:39 AM

නගරසභාවට පඩි ගෙවන්නේ අපේම ටැක්ස් සල්ලි වලින් බව දන්නේ නැද්ද? කුණු අතන මෙතන දාන්නේ තමුන්ගේ රට ගැන හැගීමක් නැතිනිසා. මේ මිනිස්සු හැදෙනකන් මෙවැනි ක්‍රියාවන් අගය කරන්න.

:       0       1

buddika Tuesday, 07 August 2018 07:58 AM

ඉතා හොද වැඩක් . ආදර්ශමත් වැඩක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site