IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සරුංගල් සැණකෙළියට විශාල සෙනඟක්

(රොමේෂ් මධුෂංඛ)

දෙමළ සංස්කෘතිය අරමුණු කරගෙන යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවර යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ දී පැවැත්විණි.

යාපනය වැල්වැටිතුරෙයි හා කන්කසන්තුරෙයි මුහුදු තීරයේ දී පැවති මෙම සරුංගල් සැණකෙළිය නැරඹීමට මෙවර අති විශාල ජනතාවක් සහභාගී වීම විශේෂත්වයකි.

වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ සරුංගල් නිර්මාණකරුවෝ රැසක් සහභාගී වී සිටියහ.

දෙමළ සංස්කෘතියට අයත් සංගීත භාණ්ඩ මෙන්ම එම  සමාජයේ විවිධ වූ අංගයන් විදහා දක්වමින් ඉතා අලංකාර වූ සරුංගල් නිර්මාණය කර තිබූ අතර යුද සමයේ දී උතුරු ප්‍රදේශයේ ජනතාවට දැක ගත හැකි වූ ගුවන් යානා හා විවිධ වූ උපකරණ ද නිර්මාණය කර උඩු ගුවන්ගත කෙරිණි.



අදහස් (7)

සරුංගල් සැණකෙළියට විශාල සෙනඟක්

eresh S kumara Thursday, 16 January 2020 05:27 AM

හරිම අපුරුයි. ගාලු මුවදොර තියන රට සරුංගල් සැණකෙළියට වඩා වෙනස් තමන්ට අාවේනික ක්‍රමවේදයකට සරුංගල් සාදා තිබීම වටිනවා.

:       0       315

wimal Thursday, 16 January 2020 06:35 AM

උතුරේත්, දකුණේත්, කවුරු වුණත් සතුටින් ඉන්නවා නම් හැමෝම කැමති වෙන දේවල්වලට යොමු නොවී..

:       0       237

නිහාල් Thursday, 16 January 2020 05:26 PM

සරුංගල් යවා මිනිසුන් සතුටු කරනවාට වඩා ජාතික ගීය ද්‍රවිඩ බසින් ගායනා කිරීමට අවස්ථාව දෙන්න.

:       83       121

bandaSunday, 19 January 2020 12:10 PM

නිහාල් මහතාණෙනි, ජාතික ගීය දෙමළෙන් කීවට දෙමළ මිනිසුන්ගේ බඩගින්න නිවෙන්නේ නැත...

:       0       2

සෙනෙවිරත්න Sunday, 19 January 2020 03:56 PM

බණ්ඩා මහතාණෙනි, ජාතික ගීය කීමෙන් සිංහල අපෙගේවත් බඩ නොපිරේ. තේරෙන භාෂාවෙන් ඇසූවිට හිත පිරේ. නොතේරෙන භාෂාවෙන් අසන කිසිවෙකුට එසේ සිදු නොවේ. හැඟීමක් පවා නැත. සම්ප්‍රදාය කර ගසාගෙන දෙපසට වී සිටිමු.

:       0       2

මෝ Thursday, 16 January 2020 02:37 PM

අපේ රටේ විශාලතම ඛේදවාචකයක් වන්නේ ජාතිවාදී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රොත්තක් සිංහල සහ දෙමළ ජනතාව අතර මහා පවුරක් සේ සිටිමින් ජනතාව සමගිව ජීවත් වීමට ඇති ඉඩකඩ අසුරා දැමීමයි.මේ පවුරු වලලු බිද දමා ජනතාව එකම ජාතියක් ලෙස ඒකීය රටක ජීවත් වීමට මෙවැනි සංස්කෘතික උත්සව වලට විශාල සේවයක් කළ හැකියි. දකුණේ සරුංගල් උත්සවයට උතුරේ තරුණයින්ටත් ආරාධනා කර ඒ සදහා පහසුකම් රජයට ලබාදිය හැකියි. උතුරේ උත්සවයටත් එසේම කළ හැකියි. විශේෂයෙන් වෙසක් උත්සවය වැනි උත්සව සම වලදී විශේෂ දුම්රිය යොදවා දෙමළ ජනතාවට ප්‍රවාහන පහසුකම් නොමිලේ දී දකුණට එන්න සලස්වන්න. ඔවුන්ට ඉදිම් හිටුම් ලෑස්තිකර දකුණේ ආගන්තුක සත්කාරය සහ එකිනෙකා දැන හදුනාගෙන සම්බන්ධතා ගොඩනගා ගන්න ඉඩ දෙන්න. ජනතාවට එකතුවී ජාති ආගම් බේද වලින් තොරව මෙවන් උත්සව සැමරීම සහ ජීවනයට රුකුලක් වේවි. විශේෂයෙන් කතරගම දේවාලයට වන්දනා ගමන් සදහාත් උතුරේ ජනතාවට ප්‍රවාහන සහ ඉදුම්හිටුම් සලසාදීම මගින් ආණ්ඩුවට විශේෂ කාර්‍යභාරයක් කළ හැකියි. මක්නිසාද මේ කුඩා රටේ උතුර දකුණ කියා බෙදීමට අන්තවාදී දේශපාලුවන් දත කෑවත් ඔවුන්ද අපමය. අපද ඔවුන්මය.

:       0       86

S.P Saturday, 18 January 2020 04:51 AM

ජනපතිතුමනි, මේ තරුණයින්ට මේ සරුංගල් ටික ගාලුමුවදොරදී ප්‍රදර්ශනය කරන්න අවස්තාවක් දෙන්න. අපිත් එනවා බලන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site