IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් විරෝධී සිසුන්ට බැටන් පොලු හා කඳුළු ගෑස් ප්‍රහාර

(ඡායාරූප - ඉෂංක සුනිමල්)

සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදෙමින් අද(21) සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන්ට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.

සිසුන් පළවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කෙරිණි. මේ හේතුවෙන් සිසුන් 80ක් පමණ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි සහ ඉෂාන් සංජීව)



අදහස් (43)

සයිටම් විරෝධී සිසුන්ට බැටන් පොලු හා කඳුළු ගෑස් ප්‍රහාර

ධම්ම Wednesday, 21 June 2017 01:30 PM

සෞඛ්‍යය ඇමතිතුමාට ජයවේවා!

:       200       316

Jagath Lal Wednesday, 21 June 2017 01:55 PM

මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවෙක්... මේ අය කරන වැඩ නම් නුසුදුසුයි.

:       1009       1292

හීන්පාලThursday, 22 June 2017 03:48 AM

හරි හරි අපි දැනුවත් උනා ඔයා දැං වෙන්න ඉංජිනේරුවෙක් කියල

:       337       350

Nalini Wednesday, 21 June 2017 02:05 PM

ඉගෙන ගන්නවා නම් ඉඳගෙන ඉගෙන ගන්න. අනිත් අයටත් ඉගෙන ගන්න ඉඩදෙන්න.

:       225       769

upali Wednesday, 21 June 2017 02:07 PM

මෙවැනි දරුණු ක්‍රියාවන්ට නිසි දඬුවම් පැමිණවිය යුතුය.

:       179       717

RANJITH SILVA Wednesday, 21 June 2017 03:02 PM

එතකොට මොකක්ද මේ නිදහස කියන්නේ?

:       203       14

lusena Wednesday, 21 June 2017 03:39 PM

කුහක ගති තිබුණහම ඔහොම තමයි වෙන්නේ...

:       79       315

Senaka UK Wednesday, 21 June 2017 04:12 PM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වහාම වෙනස් කල උතුයි. 5 වසර ශිෂ්‍යත්ව විභාගය පටන්.... මහජන මුදල් තව දුරටත් නාස්ති කල නොහැකියි. සිසුන්ට හා වෘත්තිය සමිතියකට රටේ ජාතික අවශ්‍යතාවයක් වෙනස් කිරීමට යනවා නම් ආණ්ඩුවකට නොහැකියි.

:       0       0

senavi Wednesday, 21 June 2017 04:25 PM

රජය මෙම ප්‍රශ්නය නිරාකරණය කර අනාගත පරපුර ආරක්ෂා කල යුතුයි. සයිටම් නීති විරෝධී නම් ඔවුන්ට දඬුවම් දිය යුතුයි. සයිටම් සිසුන් රජයේ විශ්ව විද්‍යාලවලට අනුයුක්තකර ඔවුන්ට සාධාරණයක් කර ඔවුන් සයිටම්ට දුන් මුදල් ආපසු ගත යුතුයි. එ් තුලින් ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරු බිහිවීම වැළකිය නොහැක. ගරු ජනාධිපතිතුමනි, මේ ප්‍රශ්නය මේ දැන්ම විසඳන්න.... මෙහෙම ගියොත් ළමයින්ගේ ජීවිත අනතුරේ.. ළමුන්ට බැටන් පොලු පහර දුන් අයට වහාම කටයුතු සිදුකරන්න..

:       0       0

පූජ්‍ය ගල්තුඩුවේ සුගුණ හිමි Wednesday, 21 June 2017 04:35 PM

මේ සිදුවෙමින් පවතින්නේ අතිශය භයානක ක්‍රියාවලියක පූර්වාදර්ශයයි. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම අද පත්වෙමින් සිටින්නේ අභාග්‍ය සම්පන්න ඉරණමකටයි. රටක් සතු සම්පත් කවුරුන් හෝ විනාශ කරන්නේ නම් එය පහත් ලෙස හෙළාදැකිය යුතුයි. මේ සිසුන් මෙතරම් අමානුෂීය වී ඇත්තේ කාගේ වරදින්ද? මෙය පාලනය කොට ශිෂ්‍ය ප්‍රජාව යහමඟට නොගතහොත් අනාගතයෙහි කුමකින් කුමක් වේදැයි සිතා ගත නොහැකිය. මේ දරුවන් හට අධ්‍යාපනයේ වටිනාකම අවබෝධ කර දී නිදහසේ ඉගෙන ගන්නත් නිදහසේ අන් අයට සමාජයේ ජීවත් වන්නත් පුරුදු කළ යුතු නොවේද? මේ තවමත් හය හතර නොදත් ළදරුවෝය. එහෙත් ඔවුන් සිතන්නේ මහා මොලකරුවන් කියාය. මේ සිසුන්ගේ සිත් තුළ පවතින මෙම බොළ‍්ද චින්තනයෙන් ප්‍රෙයා්ජන ගෙන සත්පුරුෂ දරු පිරිසක් රටටට බිහි කළ යුතු මොහොතක මේ දරුවන්ගේ අනාගතය කුරිරුකම් වලට පොළඹවා විනාශ කරන්නේ කවුරුන්ද? මේ දරුවන් යමක් ඉල්ලනවා විය හැකියි. රජය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකොට ඒවා ලබා දිය හැකි නම් ලබා දිය යුතුයි. නොහැකි නම් එය කාරුණිකව පහදා දී මේ දරුවන් සංවර කර ගත යුතුයි. මේ මහා අපරාදයට මා චෝදනා කරනුයේ මේ දරුවන් හට නොවේ. මේ සිටින්නේ තවමත් සමාජ අත්දැකීම් වලින් පරිපූර්ණ නොවූ ළමා ලපටියෝය.

:       267       661

nalaka Wednesday, 21 June 2017 06:01 PM

මේ ආණ්ඩුවට පිස්සුද මෙහෙම පිස්සන්ට ඉඩදීලා බලන් ඉන්නේ? සිසුන් කරන වැඩද මුන් කරන්නේ. අවුරුදු 18 ට වැඩි අය කරන මෙවැනි ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකා දැඩි දඬුවම් කරන්න.

:       159       271

daya rathnayaka Wednesday, 21 June 2017 06:37 PM

මේ මෝඩ රැල ඉන්න ඔින සිර ගෙවල්වල .මුන් ඉෙන ගන්න වුන් නොවේ.මොවුන්ට තවත් අනුකම්පා නොකරමු යහ පාලනයට ජය වේවා!

:       131       483

හීංබණ්ඩාThursday, 22 June 2017 04:56 AM

මෙන්න තවත් කඩේ යන්නෙක්. රෙදි ඇදගෙන කඩේ යන ඔබතුමාට ජය වේවා....!

:       368       106

roshan Wednesday, 21 June 2017 06:45 PM

මුන්න්ව හම ගහන්න තියෙන්නේ ..රට කන්න හදනවට

:       84       154

nimalrajapaksha Wednesday, 21 June 2017 08:41 PM

ඉතාමත් ප්‍රසන්සනිය ක්‍රියාවක් අනේ මුන්ට වියදම් කරන රටේ ජනතාවගේ මුදල් අපරාදේ ,අනේ මේ හරක් රළට මෙහෙම ගහල මදි ,දෙමුපියන් මුන් ගැන මොනතරන් සිහිනමවනවද ,සමහර ළමෝ කිසි දිනක දෙමාපියන්ගේත් වත් ගුටි කාල නැතුව ඇති හැබැවටම දැන්නම් හොදට රසට කනවා ,මදිනම් ඉල්ලගනත්,කනවා ,

:       77       14

minipe Wednesday, 21 June 2017 10:47 PM

ඔන්න ළමයිනේ උපාදිය නොගත්තොත් ඔබලාගේ සිහිනය වන දුෂ්කර පළාතක ගුරුවරයකු වෙන්නේ බැරිවෙයි.නොකිව කියන්න එපා.

:       0       30

lalith Wednesday, 21 June 2017 10:54 PM

බල ලෝභී දේශපාලක්නයින්ගේ අනාගත බලාපොරොත්තු සපුරගන්න ජනතා නියෝජිතයින් නොවන හෙන්චයියල ජනතා නියෝජිතයින් ලෙස මවාපාමින්, උන්ව රඳවා තබාගැනීමට උන්ට ජනතා මුදල් සහ පඬුරු පාක්කුඩම් බෙදා දෙමින් ජනතාව මුලාකරන කොයි රටෙත් මේ වැනි දේවල් දකින්නට පුළුවනි. කොතරම් අදෙනසුලු බැලුමක් උනත් මිරිකලා මිරිකලා ඇතුලේ පීඩනය වැඩි උනහම අන්තිමේ මහා හඬක් නගමින් පුපුරා යනවා. අද මේ වෙන්නෙත් එකමයි. ඔය විදියට ඒ පැත්තෙන් මේ පැත්තට කට්ටිය දෙමින් මෙපත්තෙන් එපැත්තට කට්ටිය දෙමින් එකම පිරිස ජනතාව මුලාකරමින් රට පවා දෙමින් රටේ ධනය බෙදා ගන්න විට කවදාහෝ ඔය සිංහාසනයට උනත් මේ ගේට්ටුවට වූ දේම සිදුවනවා සිකුරුයි. ඔය නාමික ජනතා නියෝජිතයින් සහ ඔවුන්ගේ බුදල්ගත තනතුරු වලට හුරුපුරුදු කරන දරුවන් පාසල් නොගියට, රටේ මුළු මහත් ජනතාව තමදරුවන්ට නිසි අද්යාපනයක් දීමේ හේතුවෙන් උන්ට මේ රැවටිල්ල වැටහෙන බව ජනතා නියෝජිත මුහුණු පැළඳගත් ඔලුබක්කන්ට නොතේරීම නිසාම ඔවුන්ගේම ඉරණම විසඳනු ඇති.

:       3       14

ලුම්බිණි Thursday, 22 June 2017 12:23 AM

මේක සංවිධානය කරපු අය අල්ලලා නීතියෙන් දඬුවම් දිය යුතුයි. මේ ප්‍රශ්නය විසඳ ගන්න ආණ්ඩුවට ශක්තියක් නැති බවකුයි පෙනේනේ.

:       87       9

Jagath Thursday, 22 June 2017 01:44 AM

මහජනයා පීඩනයට පත් කරමින් රාජ්‍ය දේපල විනාශ කරන කොට පොලිසියට හමුදාවට අත් බැඳගන නිකම් බලාගන ඉන්නද කියන්නේ?

:       106       231

keerthi Thursday, 22 June 2017 01:48 AM

ඉරිසියාවෙත් සීමාවක් තියනවා. මිනිස්සු ඉගන ගන්නවට ඉරිසියාවේ පෙළපාලි යන උද්ගෝෂණය කරන එකම රට ලංකාවයි. ඉතාම නොදියුණු අප්‍රිකානු රටවලවත් මේ වගේ නැහැ.

:       249       236

latha Thursday, 22 June 2017 02:01 AM

අධ්‍යාපනය විකුණලා නුසුදුසු හොර දොස්තරලා බිහි කරලා මුන් මොනවද කරන්නේ? උන්ගේ අට පාස් නැති හිතවත් උන්ව දොස්තරලා කරන්න හදන්නේ. රසායන විද්‍යාව දන්නේ නැතිව කොහොමද දොස්තර කෙනෙක් වෙන්නේ . රටේ 85% මෝඩ උන්.

:       413       424

lasanthaThursday, 22 June 2017 02:33 PM

ඔන්න ලතෝ වැරදුනු තැන. අපොස උසස්පෙළ සමත් සැම කෙනෙකුම උසස් අද්යපනයට සුදුසු උනත් රටේ ඇති තරම් විශ්ව විද්‍යාල නොමැතිකම නිසා ඒ දරුවන්ට විද්‍යා විද්‍යාල වලට හෝ වෙනත් දේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමේ වරම අහිමි වෙනවා විනා එය එම දරුවන්ගේ නුසුදුසු කමක් නොවෙයි. මෙතැන් වෙන්නේ එම වරම් අහිමි වුනු දරුවන්ට මුදල් ගෙවා ඉගෙනගැනීමට දේශීය විශ්ව විද්‍යාලයක් බිහිකිරීමයි. යම් විදියකින් එම දරුවන් විදේශයක විශ්ව විද්‍යාලයකට ඇතුළු වී අද්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණියොත් ඔය කියන වයිද්‍යා සභාව විභාගයක් පවත්වා ඔවුනට ලංකාවේ වයිද්‍යා සුදුසුකම් පිරිනමනවා. මේ රටේ ආයතනයේ දරුවන්ටත් එම විභාගයට පෙනිසිටිමෙන් පසුව හෝ විද්‍යා සේවයේ යෙදෙන්නට නොදෙන්නේ මන්ද? අනික ඔය පුද්ගලික විශ්ව විද්‍යාලයේ පුහුණුව ප්‍රමිතියට අදාල නොමැතිනම් කල යුත්තේ එය වස දැමීමද?නැතිනම් එම අඩුපාඩු පෙන්වා ඒවා හරිගස්වාගැනීමට අවස්ථාවක් ලබාදී තවත් දේශීය විශ්ව විද්‍යාලයක් බිහිකිරීමද? එක වයිද්‍යා සිසුවෙකු විදේශයක අද්යපනයට ගෙවන විදේශ මුදල ඉපයීමට අපේ රටේ කම්කරුවන් කොතරම් අඩු වැටුපකට අපනයන සමාගම් වල සේවය කරනවද? නැතිනම් ගෘහ සේවිකාවන් කි දෙනෙක් අරාබියේ දුක් වින්දිනවද?

:       75       177

somasiri Thursday, 22 June 2017 02:31 AM

බැටන් පොලු පහර කමින් නිදහස් අධ්‍යාපනය රැක ගන්න ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා.

:       414       456

sanjeewani Thursday, 22 June 2017 02:57 AM

කෝ මානව හිමිකම් කාක්කෝ STF එක මානව හිමිකම් කඩන කොට උන් ඇඳන් යටද ? මින් පසුව අසරණ දුප්පත් මිනිස්සු නිවාඩු ගෙන ඉසිපිරිතලවල පෝලිමේ ඉන්නකොට යුනිෆෝම් එකෙන් එන පොලිසියේ මහත්තුරුන්ව වඩාගෙනඇවිල්ල බෙහෙත් කරන්න තියෙන්නේ.දැන් අසරණ මිනිසුන්ව තවත් තලන්න වර්ජනය කරලා වැඩක් නැහැ. පොලිස් කාරයින්ටත් පෝලිමේ ඇවිල්ල බේත් ගන්න කියන්න.නැතිනම් පොලිස් රෝහලට යන්න කියන්න. එහෙම කියලත් බැහැනේ මාර්ග නීති කඩාගෙන ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන්න යනකොට අල්ලලා නඩු දානවනේ නේද ?

:       294       51

ධනුෂ්ක Thursday, 22 June 2017 03:47 AM

අධ්‍යාපන අයිතිය ඉල්ලා අරගල කළ සිසුන්ට ආණ්ඩුව විශේෂ කාර්‍ය බලකාය හා පොලීසිය යොදා ගනිමින් සිදුකළ මිලේච්ඡ පහර දීම පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

:       1811       640

shan saudi Thursday, 22 June 2017 04:27 AM

පාලනයකින් තොරව පාදඩයන් ලෙස හැසිරෙන ඕනෙම අයෙකුට දිය යුතු දඩුවම ලබාදී ඇත

:       78       212

AppuhamiThursday, 22 June 2017 08:39 AM

මේ උදවිය 80 දශකය අග භාගයේ කරපු සෙල්ලම තමයි මේ කරන්නේ... රාජ්‍ය දේපළ කියන්නේ පාලකයන්ගේ පුද්ගලික දානයෙන් හදපු දේ නොවේ. අහිංසක අපේ තේ කෝප්පයෙන් බත් පිඟානෙන් එකතු කරපු මුදල්. දේපළ වලට හානි කළා නම් විඳවන්නත් වෙයි...

:       0       0

සාරාසී Thursday, 22 June 2017 12:36 PM

මොකක් ද ඔවුන් ට නැති උන අයිතිය නිකන් පිස්සු කියන්න එපා ... ඕක යතියෙන්නේ ජඩ දේශපාලයයි` .

:       36       79

උබේපාල Thursday, 22 June 2017 03:49 AM

උණට බේත් ගන්න ගියාම කොන්දෙ ගාන්න වින්ටජිනෝ දුන්න දවසට තේරෙයි මේ බනින උන්දැලට,

:       166       326

AppuhamiThursday, 22 June 2017 08:42 AM

දැනු කියල වෙනසක් නැහැ. වම් අතේ ලෙඩට දකුණ කපනවා.සල්යකර්මයක් ක්‍රමයක් කරපුවහම වෙනත් නහර කැපිල මැරෙනවා.. උනට බෙත්ගන්න ගිය කෙනාගේ අත කපල එවනවා

:       0       0

sas Thursday, 22 June 2017 03:50 AM

මේ මැර ශිෂයන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුයි.

:       40       235

sugath Thursday, 22 June 2017 03:50 AM

මේ නම් තනිකර ඉරිසියාවට කරන දේවල්. තමන්ට නිකම් ලැබෙන අද්‍යාපනය කරගෙන යන්නේ නැතුව ජවීපෙ අයටය් හිටපු පරණ අයටය් කඩේ යන මුන් බංග වේවා. බුදු බණට අනුව මුන්ට සුදුසු දඬුවම් ලැබේවා.

:       74       65

Hemantha Thursday, 22 June 2017 04:03 AM

නිදහස කියන්නේ රජයේ දේපල හානිකරන එක නෙමේ.

:       38       24

sunil Thursday, 22 June 2017 04:17 AM

ඔවුන් විනාශ කරන දේ ජීවත් වෙන්න දහදිය ලේ කඳුළු හෙලන අපි නැවත ගොඩනැගීමට වියදම් කරමු.

:       39       93

sunil Thursday, 22 June 2017 04:22 AM

දිනෙන් දින විනාශ මුකයට යන ජාතියක ලක්ෂණ මෙයින් කියා නොපාන්නේද? ජාතියක අනාගතය බාරගැනීමට ඉන්නාවූ ජාතියේ දරුවන් කියාගන්නාවූ උදවිය ජාතික දේපල මහජනයාගේ දේපල මෙසේ විනාශ කරති. එහෙමනම් මොකක්ද මේ රටේ ඉදිරි අනාගතය? මේවා නැවත ගොඩනගන්න රටේ ජනතාවම නොවේද ඔවුන්ගේ හාල් කිලෝවෙන්, පරිප්පු කිලෝවෙන් සීනි කිලෝවෙන් කිරිපිටි පැකට්ටුවෙන් බදු ගෙවන්නේ?

:       28       180

shan saudi Thursday, 22 June 2017 04:44 AM

මෙලෙස රජයේ දේපල වලට හානි කිරීම සදහා උත්ගොසකයන් සංවිදාන කල අයට දැඩි දඩුවම් ලබා දෙන්න අවම වසර 5 සිරදඩුවමක් ලබා දෙන්න

:       55       178

Tharaka Thursday, 22 June 2017 07:53 AM

මේ ළමයන් කරන දේ රටේ ඉන්න අයට තේරෙන්නේ නෑ. එහි අගය තේරෙන්නේ ඉතා කුඩා පිරිසකට. නොතේරන අයට තේරෙන්නේ වැඩේ වුණාට පස්සේ. එතකොට පරක්කු වැඩියි. ඔබලාට ජයෙන් ජයම වේවා!!!. අනිත් අයට අනුකම්පා කරන්න.

:       0       0

Appuhami Thursday, 22 June 2017 08:34 AM

මෙතන ඉන්නේ වෛද්‍ය සිසුන් නොවේ. අන්තරේ මැරයොනේ....

:       0       0

ruchi Thursday, 22 June 2017 08:49 AM

එයාල විතරයි ඉගෙනගන්න ඕන. එතකොට තනියම ලෙඩ්ඩුන්ව හුරගෙන කන්න පුළුවන්නේ.

:       0       0

sam Thursday, 22 June 2017 12:41 PM

නොමිලේ උසස් අධ්‍යාපන ලබන සියළුදෙනාගෙන්ම එයට සරිලන ණයකරයක් ලබාගන්න. රැකියවක ලබාගෙන එය ගෙවන්න පුළුවන් නේ. එතොකොට ඔය රැකියා අවස්ථා නැති නොමිලේ ලැබෙන නිසා කරන සමහර කළා අධ්‍යාපන නවතයි. උනන්දුවෙන් ඉගෙනගනියි.

:       16       2

minipe Thursday, 22 June 2017 02:55 PM

ළමයිනේ, ඔබලා විසින් මේ වටිනා පණිවිඩයට නරක මුහුණුවරක් ලබාදී ඇත .ඔබලා රටේ සාමාන්‍ය ජනතාවගේ පිලිකුලකට දැනටමත් ලක්වී හමාරය.මෙවැනි මැර උද්ගොෂණයන් සංවිධානය කරන දේශපාලන පක්ෂ හෙළා දකිමි.ඔවුනට මගේ ඡන්දය නම් කවදාවත් නොලැබෙනු ඇත.විරෝදතා පෑම මානුෂික අයිත්වසිකමක් යයි මම ඉතා ඉහලින් සලකමි.නමුත් එය ඉතාම සාමකාමී විය යුතය.

:       103       10

Lahiru Umayangana Friday, 23 June 2017 04:14 AM

ඔය එකක්වත් අන්තරෙත් කරපු ඒවා නෙවෙයි. ඉස්සරහ ගේට් එක විතරයි ගලවාගෙන අවේ. එ්කත් කැඩුනේ නෑ. එක පැත්තකින් ගැලවුනා විතරයි. අනිත් සියල්ල කඩලා බිඳලා දැම්මේ STF එකෙන් ගොඩක් ඒවා විඩියෝස් වල පැහැදිලිවම තියෙනවා.

:       1       1

SusilSaturday, 24 June 2017 05:22 PM

අන්තරේට කව්ද කිව්වෙ ගේට්ටු ගලවන්න ? ඒගොල්ලො වෙල්ඩින් බාස්ලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site