IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) අක්තපත්‍ර ප්‍රදානය කළේය.

අක්තපත්‍ර බාර දීමෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදි ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා ජනතාවට පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පිරිනැමීය.

දෙරටේ සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ පාකිස්තාන අභිලාෂ ගැන ද ඔහු එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගත් ජනාධිපතිවරයා ඔහුට සාර්ථක ධූර කාලයක් සඳහා සුබ පැතුම් එක් කළේය.

විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා පාකිස්තානය තුළත් ඉන් පිටත් විවිධ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු හොබවා ඇති අතර වසර 35ක වෘත්තීය පළපුරුද්දක් ඇත්තෙකි.

හෙතෙම ප්‍රංශ හමුදාවේ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලව, එක්සත් රාජධානියේ ආරක්ෂක බුද්ධි අධ්‍යක්ෂ පාඨමාලාවත් හදාරා ඇති අතර ක්වේටා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සහ ඉස්ලාමාබාද් හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් උපාධි හදාරා ඇත.

ඔහු දේශපාලන විද්‍යාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හා ජාත්‍යන්තර සබඳා පිළිබඳ දර්ශනපති උපාධියක් ද හිමි කරගෙන ඇත.

අක්තපත්‍ර බාරදීමේ අවස්ථාවට විදේශ සබඳතා දිනේෂ් ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ නව මහ කොමසාරිස්වරයාගේ බිරිඳ  ද එක්වූහ. 

055



අදහස් (0)

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site