IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය අහෝසි කරන්නලු


 
අන්තර්  විශ්ව විද්‍යාලය  ශිෂ්‍ය  බල  මණ්ඩලය    සංවිධානය කළ විරෝධතා පා ගමනක්   විහාරමහා  දේවී  උද්‍යානය   අසලින්   අද    (21)    සවස   ආරම්භ විය.

පා  ගමන කොළඹ කොටුව  දුම්රිය පොළ     දක්වා ගමන්  කිරීමට  නියමිතය.
 
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ඔවුන් කියනුයේ එම ගැසට් පත්‍රය නිසා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පාර කැපෙන බවයි.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර



අදහස් (31)

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය අහෝසි කරන්නලු

බද්රානි Wednesday, 21 February 2018 11:33 AM

පිස්සෝ මහපාරේ නටන එක නම් අපිට ප්‍රශ්නයක් නොවේ. එ්ත්, රටක පවතින රජයක් මේ අයගේ බෙර පදේට නටන එක, රටට හා ජනතාවට විශාල ප්‍රශ්නයක්...

:       22       1217

Muhan Wednesday, 21 February 2018 12:09 PM

එක වෙලවකට කියනවා වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතිය ඕනේ කියලා. එක ගැසට් කලහම එකටත් විරුද්ධ වෙනවා .

:       0       63

ds Wednesday, 21 February 2018 12:22 PM

කියන්න දෙයක් නෑ.. අපේ රට හැමදාම එක තැනම තියෙන්නේ මේ වගේ අය නිසා ...

:       2       665

sanath Wednesday, 21 February 2018 12:28 PM

අන්තරේ ගොබ්බයියන්ට තේරෙන්නේ නැහැ ඒ අයට තියෙන ප්‍රශ්න. ඒ අයගේ පාඨමාලා ඔක්කොම පුද්ගලික අධ්‍යාපන ආයතනවල කරන්න ඉඩදීලා මේ අයට අදාළ නැති වෛද්‍ය පාඨමාලාවකට හොට දාලා දොස්තරලාගේ ආඩම්බරකම වැඩිකරන්න සටන් කරනවා. පුද්ගලික උපාධි ගන්න ළමයි අවුරුදු 23න් හොඳ රස්සාවක් කරනකොට මේ අය පාරවල් ගානේ රස්තියාදු වෙලා අවුරුදු30 දී විතර රිපීට් එකෙන් බොහොම අමාරුවෙන් උපාධියක් අරගෙන අායෙමත් පාරවල්වලට බැහැලා ආණ්ඩුවට බනිනවා රස්සාවල් දෙන්නේ නැහැ කියලා...

:       133       2779

රවිඳු Wednesday, 21 February 2018 01:50 PM

මම ඉතාම කාරුණිකව රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ අයට දෙන මහපොළ ඇතුළු සහනාධාර නවත්වන්න. පිනට උගන්වනවා මදිවාට, හැමදේම පිනට ලැබෙන නිසා තමයි මෙසේ අපතයෝ මේ ලෙස හැසිරෙන්නේ. දියුණු රටවල විශ්ව විද්‍යාල සිසුන් පාට් ටයිම් රැකියා වල නිරත වෙන අතරතුරයි ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකර ගන්නේ. ඒ නිසා උපාධිය රැගෙන, රැකියා ඉල්ලමින් මහපාරේ තප්පුලන්න අවශ්‍ය නැහැ. උපාධියට සුදුසු රැකියාවක් ලැබෙන තෙක් ඔවුන්ට අමතර රැකියාවක් කරගෙන ජීවත්වීමට ශක්තිය තිබෙනවා. කවුරු කෙසේ කීවත් මම නම් කියන්නේ, මේ සමාජ විෂබීජ සමාජයෙන් තුරන් කල යුතුයි. ඒකට රටට ආදරය කරන කොන්දක් තිබෙන පාලකයින් පත්විය යුතුයි.

:       48       2143

රොෂාන් Wednesday, 21 February 2018 03:40 PM

උසස් පෙළ සමත් වෙලා කැම්පස් එකට තේරුණාම ඔලුවේ අං පැළ කරගත්තු මේ අම්බරුවෝ හිතාගෙන ඉන්නේ.... ඒ අය තමයි රටේ ඉන්න කෙරුමෝ කියලා. ජාතියේ පවට උපන් අය තමයි.

:       3       1151

ලක්සිරි Wednesday, 21 February 2018 04:49 PM

ශ්‍රී ලංකාවේ තරම් කුහක, මුග්ධ, මෝඩ, විශ්ව විද්‍යාල සිසුන් ලොව කොහේවත් නැත. මෙය රටේ අධ්‍යාපනයේ වැරද්දක් නොව, මොවුන්ගේ උප්පත්තියේ හා, විශ්වවිද්‍යාල වල අරක්ගෙන සිටින බංකොලොත් දේශපාලකයින්ගේ වරදකි.

:       2       664

ඉෂාන් Wednesday, 21 February 2018 05:59 PM

උඩ කොමෙන්ට් වලින් හිතට දැනේන දේ වචන දෙක තුනකින් කියන්නම්. " ඇත්තටම කැම්පස් කාරයොන්ට පිස්සු .අමාරුවෙන් ඉගනගෙන නූගතූන් වෙනූවෙන් සටන් කරන්න "(නුගතුන් -සාමානය භාවිතයේ අර්තය නොවේ)

:       1119       138

විකුම් රංගන Wednesday, 21 February 2018 08:45 PM

මේ ගං කබරයෝ ටික දන්නේ නැහැ මුන් මොනවද කරන්නේ කියලා.සිව්පාවන්ට අනුකම්පා කරනු විනා, වෙන මොනවා කරන්නද? පව් මේ කබරයෝ ටික මසට වත් වටින්නේ නැහැ.

:       1       381

Bamunuarachchi Wednesday, 21 February 2018 11:07 PM

සුදු වැන් සංස්කෘතිය මෙරටට අවශ්‍යම දෙයක් බව දැන්වත් තේරෙනවාද?

:       107       308

naradha Wednesday, 21 February 2018 11:26 PM

රතු පාට ඇඳගෙන පාරවල් දිගේ මොන තරම් බෙරිහන් දුන්නත්, දන්නවනේ චන්දෙකට ගියාම වෙන වැඩේ.

:       1       254

dingirala Thursday, 22 February 2018 12:48 AM

සෛටම් එකේ උපාධිය ප්‍රමිතියට නැහැ කියපු අයම වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතියක් හෝ ලබාදී වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව (පෞද්ගලික සහ රජයේ වෛද්‍ය විද්‍යාල වර්ග දෙකේම ) ඉහල දැමීමට උත්සාහ කිරීම ගැන විරුද්ධ වන්නේ කුමක් නිසාද? තමන් රජයේ වෛද්‍ය විද්‍යාල වලින් දැන් ලබන පුරසාරම් දොඩන වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය අවම තත්වයෙවත් නොමැති බවට තමන්ටම ඇති වී ඇති සැකය නිසාද? තමන්ගේ උපාධිය නිසි ප්‍රමිතියට ඇත්නම් ප්‍රමිති 10 ක් දැම්මත් බය වන්නේ ඇයි?

:       1       643

SathyaThursday, 22 February 2018 09:57 AM

මෙහෙමයි, ඔතන ඔයාල දකින්නේ එක පැත්තක්.ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයේ අඩුම ලකුණු මට්ටම අරගෙන, එක අවම ප්‍රමිතිය කියන්න පුලුවන්ද උපරිම පහසුකම් තියෙන දිස්ත්‍රික්ක අයටත්?විශේෂයෙන් දුෂ්කර ළමයින්ට තිබෙන අපහසුතා නිසා තමයි කෝටා එකට ගැලපෙන්න අවස්ථාව ලබා දෙන්නේ.වී.විද්‍යාලයකට යන්න බැරි උන කියල ගියපු අයට බැනල වැඩක් නෑ.බනින අයත් බලන්නේ තමන්ගේ ළමයත් වී.වී.කට යවන්න.දේශපාලනයට නුසුදුස්සෝ පත් කරලා දුක් විදින මිනිස්සුම, වෛද්‍යවරු විදියටත් නුසුදුස්සෝ යවල කෑ ගහන්න වෙයි බෙහෙත් වරද්දල ළමයි මරනවා කියලත්.....

:       505       24

dingiralaThursday, 22 February 2018 10:56 PM

ඔවු ඔයාලට විතරයි සේරම පෙනෙන්නේ .අනිත් අය පොල්කිරි බීලානේ හැදිලා තියෙන්නේ. නුසුදුස්සෝ නිසා රෝගී ජීවිත අනතුරේ වැටේවි කියල තමයි ප්‍රමිතියක් හදන්නේ. අමාරුවෙන් හරි ප්‍රමිතියකට ඉගන ගත්තොත් ඔය කියන රෝගී ජීවිත අනතුරේ වැටෙන්නේ නැහැ.. ඔය ටික ඔයාලගේ සහ ඔයාල නොමග යවන අයගේ ටිකිරි ඊර්ෂ්‍යා පරවශ මොළවලට තේරෙන්නේ නැතුවට මොනවා කරන්නද? දුෂ්කර දිස්තිරික්ක වලින් ආපු අය‍ට පහසු වෙන්න කියල ප්‍රමිතියකින් තොර අධ්‍යාපනයක් දීල වෛද්‍ය අද්යපනයේ ගුණාත්මක බව පහල දැම්මම හරියනවද? මට පෙන්නේ ඔයා ඉඳ ගන්නේ ඔයාගේ මොලේ උඩ වගෙයි.

:       0       0

naradhaThursday, 22 February 2018 11:53 PM

සත්‍ය, පසු ගිය අවරුදු 46 තුල බහුතරයක් සිසුන් ලංකාවේ සරසවි වලට ඇතුල් වුයේ දිස්ත්‍රික්ක කෝටා පදනම මතයි. ඒ ක්‍රමයේ ගැටළුවක් නැහැ. නමුත්, සරසවි වලට ඇතුල්වීමේ සුදුසුකම් ලබා තිබියදීත්, මොනයම් හෝ පදනමක් නිසා සරසවියට ඇතුල් වීමට නොහැකි වූ සියලුම සිසුන් හට තමන්ට අවශ්‍ය වැඩි දුර අද්‍යාපනය රජයේ ආයතනයකින් හෝ පුද්ගලික ආයතනයකින් ලබා ගැනීමට සම්පුර්ණ අය්තියක් ඇති අතර, එයට විරුද්ධ වීමට කිසි කෙනෙකුට අය්තියක් නැහැ.

:       0       2

Kamal Thursday, 22 February 2018 01:45 AM

ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසින් ප්‍රයෝජන ගන්නේ මේ වගේ අම්බරුවොනම් 2020 ජනපති දුරයට ගොටාභය මහතා සුදුසුය.

:       2       253

samantha Thursday, 22 February 2018 02:03 AM

මේ කොමෙන්ට් දන අයට තේරෙන් නැහැ හොර දොස්තරලා කරන විනාශය. ලංකාවේ ළදරු හා මාර්‍ත මරණ අනුපාතය තව දුරට අඩු වෙන් නැත්තෙත් සුදුසුකම් අඩු ඉන්දියාවෙන් චීනයෙන් රුස්සියාවෙන් එන හොර දොස්තර නඩේ නිසා .

:       729       297

kapilaThursday, 22 February 2018 05:19 AM

ලන්කාවෙ රෝහල්වල සේවය කරන රජයේ වෙද විදුහලින් ආපු දොස්තරලා ප්‍රමානයයි, පිටරට විබාග පාස්කර්ලා ආපු දොස්තරල ප්‍රමානයේ විස්තර ඔබ තුමා ලග තියෙනවද? පුද්ගලික විදුහල් වලට යන අයගේ උසස් පෙල ප්‍රතිපල ඉහලයි ඔය ගම් පලාත්වලින් එස් 2 -3 අරන් ආන්ඩුවේ විදුහල්වලට එන කබ්බොන්ට වඩා

:       57       432

thej - KottawaThursday, 22 February 2018 06:32 AM

මට ඔයාගේ අධ්‍යාපන මට්ටම ගැන පොඩි දුකක් තියෙනවා . 5 වසරේ ශිෂ්‍යත්වේ, සාමාන්‍ය පෙළෙන් ඉහලින්ම සමත් වෙන ගමේ ළමයි ගොඩක් ඔයාගේ ඔය සුපිරි පාසල් වල ඉන්නවා .මමත් එහෙම කෙනෙක් . ඔයාල වගේ මිනිස්සු නිසා තමය තව කට්ටියකට උද්ගෝෂණ කරන්න වෙන්නේ . ලංකාව පුරාම ඔය හිතන තරම් පහසුකම් තියෙන පාසල් නේ . ඔය හිතන්නේ ගම වල ළමය කුඹුරු කොටන එක විතරක් කරන්න ඕන කියලද ?. "s" 3 කින් දොස්තර උන කෙනෙක් මම දන්නේ නෑ. අනික උසස්පෙළ ප්‍රතිපල එහෙම උනත් එයාල ඇවිත් ඉගෙන ගන්නේ සුපිරි පාසල් වලින් අපු අ ය එක්ක එකම කැම්පස් එකේ . ගොඩක් "private" "campus" දැන් අද්යපනයට වඩ වෙන දේවල් වෙඩි . මාලබේ පැත්තේ "private" "Campus" එකට වෙරදිලවත් පොඩි ළමය ගෙනියන්න එපා කියල අවට මිනිස්සු කියන්නේ .

:       308       168

kapilaThursday, 22 February 2018 09:41 AM

ඔයා කොළඹ සුපිරි ඉස්කොලෙකට ආව කියන්නෙ ඔයත් පිලිගන්නව කොළඹ ඉස්කෝලවල විශ්ව විද්‍යාලයට නොතේරෙන අයගෙත් රිසල්ට් හොදයි කියලා. දිස්ත්‍රික්ක මට්ටමින් ලකුණු අඩු වෙනකොට, අඩු රිසල්ට් ගත්ත අය තමයි මේ වගේ ඉරිසියා ජෝගි නැටුම් කරලා කෑම්පස් එකටම නාකි වෙන්නෙ......

:       1       91

RP Thursday, 22 February 2018 02:12 AM

බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කීවලු..... මුං ඉගෙන ගන්නෙත් නෑ , ඉගෙන ගන්න ළමයින්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ

:       1       278

Vipula Thursday, 22 February 2018 04:28 AM

ගොඩක් අදහස් දන අය දන්නේ නෑ, ආසියාවේ හොඳම සෞකය සේවය පවතින රටේ, එකට එක හේතුවක් මේ නිදහස් අද්‍යාපනය කියල, මේ ගොඩ දෙනෙක් රට සංවර්දනය කරන්න හදන්නේ මැර බලයෙන්, කොහොම උනත් ඔය කව්රු කව්රුත් මතක තියා ගන්න එක හොඳය , ඔය දැන් ඉන්න තත්වේ ඉන්නේ කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අද්යාපන ක්‍රමය නිසා කියල, මේ ළමයි කරන හැම දේ ම 100% හරි කියල කියන්න බෑ. නමුත් අමතක කරන්න එපා , ත්‍රීමාවිතාන වගේ අය ජිවිතේ පුජකරලා තමයි රාගම hospital එක ලංකවේ මිනිස්සුන්ට ලැබුනේ, ඒ ය සද්ද නැතුව හිටියනම්, එකත් අද පෞද්ගලික රෝහලක්, මේ ඔක්කොම හදන්නේ දුප්පත් මිනිහගේ තැන නැති කරන්න,

:       876       325

Jayantha Thursday, 22 February 2018 05:10 AM

මම සා/පෙ සමර්ථ උනේ 3 වෙනි පාර. උසස් පෙළ ඔක්කොම අසමර්ත්ත්යි. මම England ගියා 1979. මම පළමුවෙන් OND සමර්ථ උනා. ඉංජිනේරු සිවිල් උපාධිය සමර්ථ උනා වර්ස 1985. මට 2 nd class upper එකක් හම්බුනා. මම England සහ Australia වල සේවය කරා ඉංජිනේරුවෙක්, senior ඉංජිනේරුවෙක් සහ senior manager කෙනෙක් හැටියට. මම ඉංජිනේරු උපාදිය කරන කොට part time වැඩ කරා england වල supermarkets සහ departmental stores වල සල්ලි හොයන්න. මම ලංකාවේ හිටියනම් මම අනාගතයක් නැති රටටම වැඩක් නැති පුද්ගලයෙකි. Private universities තියෙන එක රටකට අවශ්‍යයි.

:       2       840

kapilaThursday, 22 February 2018 09:38 AM

ඔයා වෙලාවට එංගලන්තෙට ගියෙ..නැත්නම් ඔයා මේ රටේ ත්‍රීවීල් ඩ්‍රයිව කෙනෙක්..ඔයාගෙ කතාව ලංකාවේ ඉන්න ලින් ගෙම්බො පිලිගන්න කෑමති නෑ.......

:       15       243

කරුණාපාලThursday, 22 February 2018 09:57 PM

ඒ උනාට මම නම් කියන්නේ අපරාදේ ඔබතුමා, එංගලන්තෙට ගිහින් ඔය විදිහේ රස්සාවක් කරන්නේ? කපිල මහත්මයා කියලා තියන විදිහට ඔබ තුමා ලංකාවේ ත්‍රී වීලර් රථයක් පැදෙව්වා නම්, දොස්තර කෙනෙකුගේ පිළිගැනීමට වඩා ත්‍රී වීලර් රථ රියදුරෙකුට මේ ලංකාවේ පිළිගැනීමක් තියනවා. අඩු තරමේ, ඔවුන්ගේ සේවාව අවසන් උනාම මීටරයක් වත් තියනවා අපිට බලලා ගාන ගෙවන්න. අපේ මුදලින් පිනට ඉගෙන ගත්ත ලංකාවේ දොස්තරලට ඒකවත් නැහැ?

:       0       1

Jehaan Thursday, 22 February 2018 10:29 AM

දියුණු රටවල සිසුන් තමන්ගේ අතින් වියදම් කරගෙන සරසවි ගාස්තු ගෙවා, කම්කරු රැකියාවල් කරමින් වයස 21 වෙනකොට සාමාන්‍ය උපාධි සම්පුර්ණ කරනවා. අපේ උදවිය අල්ලපු ගෙදර කෙනා ඉගෙන ගන්න එක නවත්වන්න වයස තිස් පහ වෙනකන් ගෙදරට බරක් වෙනවා. බදු ගෙවන අපිට මේ ගොල්ලන්ගේ ප්‍රමිතිය ගැන හොඳ දේවල් මතක් වෙනවා .

:       0       109

Ruwani Thursday, 22 February 2018 10:52 AM

මම උසස් පෙළ කරනකොට ගම වල ළමයි කොළඹ උපකාරක පන්ති වලට ආවා. ඊට පසුව අපිට වැඩිය ලකුණු 50 කට වඩා අඩුවෙන් අරගෙනත් දිස්ත්‍රික් කෝටාවට පින්සිදු වෙන්න සරසවියට ගියා. අපි කොළඹින් ලකුණු එකක් අඩු වෙලා රැකියාවට ගිහින් වෘත්තීය විභාග සමත් වුනා. එහෙම දුක් මහන්සි වෙලා හදා ගත්තු ගෙවල් දොරවල් දැකලා ඔය ගමෙන් ආපු දොස්තර නෝනා කෙනෙක් මට මුනටම කිව්වා ඔයා උපාධි නැතිව කොහොම ගෙවල් හැදුවාද අපි තාම කුලී ගෙදර කියලා. ඉතින් අපි පලිද ? ඔය කුහකකම තමයි අද පරම්පරාවටත් අඩුවක් නැතිව පිහිටලා තියෙන්නේ.

:       0       384

bandula Thursday, 22 February 2018 12:02 PM

ජයන්ත, මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරන්නේ ලංකාවේ මොරටුවේ ඉංජිනේරු සුදුසුකම් වලින් පමණි. වෙන කිසිම රටක සුදුසුකමක් නැහැ. අපේ රටේ රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය හොඳයි. මා දන්නා පරිදි එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවල විවෘත විශ්වවිද්‍යාල ඉංජිනේරු උපාධි ලබා ගැනීමට කිසිම අවම සුදුසුකමක් අවශ්‍ය නැහැ. නමුත් මුදල් සහ දක්ෂතාවය ඕනෑ. නමුත් විභාගය හොඳට ලියන්න ඕනෑ. පිනට ලකුණු ගන්න බැහැ. නමුත් වෛද්‍ය විද්‍යාල වලට නම් එන්ට්‍රන්ස් විභාග, සම්මුඛ පරීක්ෂණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. මුදලට ගන්න බැහැ.

:       0       0

Gayan Thursday, 22 February 2018 05:19 PM

අන්තරේ තරහ සයන්ස් කරපු ළමයි එක්කයි. සයිටම් ළමයින්ටයි ආණ්ඩුවේ කැම්පස්වල මෙඩිකල් ළමයින්ටයි ඉගෙනගන්න දෙන් නෑ. සයිටම් පෙන්න පෙන්න සල්ලිනම් එකතු කරනවා.

:       0       0

lalithsjm Friday, 23 February 2018 01:37 AM

අද උගත්කම නෙවෙයි බලන්නේ සල්ලි තියනවද කියලා. උඩින් තියන ධනපති අදහස් දිහා බලපුවම ඒක හොදට තේරෙනවා. විශ්වවිද්‍යාලයට යාගන්න හැමෝටම බැරි බව ඒගොල්ලන්ට තේරිලා.

:       1       0

naradha Friday, 23 February 2018 11:25 AM

ලංකාවේ පසුගිය අවුරුදු 50 කට ආසන්න කාලය තුල බහුතරයක් සිසුන් සරසවිවලට අතුල්වුයේ දිස්ත්‍රික් කෝටාවෙනුයි. ඒ ක්‍රමයේ වරදක් නැතුව ඇති. නමුත් සිහි තබා ගත යුතු කරුණනම් සරසවියට ඇතුල්වීමට සුදුසුකම් ලබා තිබියදීත්, මොනයම් පදනමක් මත හෝ සරසවියට ඇතුල්වීමට නොහැකි වූ සියලුම සිසුන්හට තම වැඩිදුර අධ්‍යාපනය රජයේ හෝ පුද්ගලික ආයතනයකින් ලබා ගැනීමට අයිතියක් තිබෙන අතර, එයට විරුද්ධවීමට කිසි කෙනෙකුට අයිතියක්ද නැත.

:       0       182

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site