IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ අගමැති උපන්දිනය සමරයි

(නිමල කොඩිතුවක්කු)
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දින සාදය විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ කොළඹ අරලියගහ මන්දිරයේදි අද(24) පස්වරුවේ සමරනු ලැබීය.
 
සිය උපන් දිනය වෙනුවෙන්  එම පිරිස සමග කේක් ගෙඩියක්ද කැපූ අගමැතිවරයා ඔවුන් සමග සිය උපන්දිනයේ සතුට බෙදා ගත්තේය.
 
එහිදී එම පිරිස වෙත කෘතිම පාද සහ ත්‍යාග පිරිනැමූ අගමැතිවරයා ඔවුන්ට  ආහාර පාන වලින්ද සංග්‍රහ කළේය. මීට අමතරව එහි සිටි දරුවන් සඳහා බැංකු ගිණුම් ප්‍රදානය කිරිමද  අගමැතිවරයාගේ   ප්‍රධානත්වයෙන්  සිදුකෙරිණ.
 
මෙම අවස්ථාවට වැඩම කළ සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමි,  ගංගොඩවිල පුෂ්පාරාමාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමි  ඇතුලූ මහා සංඝරත්නය   රනිල් වික්‍රමසිංහ මහතාට ෙසත් පතා පිරිත් නූල් බැඳ   ආශිර්වාද  කළහ. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ  අගමැති රනිල් වික්‍රමසිංහ  මහතා මෙසේද කීය.
 
මෙම අවස්ථාවට අගමැතිවරයාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක, ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ යන මහත්වරු ඇතුලූ පිරිසක් ද එක්ව සිටියහ.
 
 (ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (14)

විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ අගමැති උපන්දිනය සමරයි

Ananda S Sunday, 24 March 2019 01:22 PM

අගමැතිතුමනි, දීර්ඝායුෂ ඔබතුමාට...

:       4591       3814

jim kuru Sunday, 24 March 2019 03:00 PM

හොඳ ක්‍රියාවක්...

:       486       479

smn Sunday, 24 March 2019 04:27 PM

අගමැතිතුමනි, ඔබට සුභ උපන් දිනයක්!

:       1255       846

chandima Sunday, 24 March 2019 09:26 PM

ඡන්දෙ කිට්ටු නිසා වෙන්න ඇති. නැතිනම් වෙනදට කේක් කපන්න රටවල් වලට යනවනේ.

:       389       583

ඇත්ත සත්‍යපාල Sunday, 24 March 2019 11:03 PM

ආබාදිත අයවලුන් තමන් ලගට ගෙන්නලා මහජන මුදලින් ප්ලාස්ටික් කකුලක් දීලා පත්තරේ දාගන්න තරම් අපේ නායකයෝ පහත් තැනට වැටිලා. ලජ්ජා වෙන්න කකුලක් නැති කෙනෙකුට ගමේ ග්‍රාමසේවක හරහා එය ඉටු කරගන්නට බැරි තැනට රටක් පත්ව තිබීම ගැන. තමන් හරි හම්බ කල මුදලින් පුද්ගලික පරිත්‍යාගයක් ලෙස දුප්පත් කෙනෙකු ලගට ගිහින් යමක් දීලා සතුටින් උපන් දිනය සමරන්න බැරි තරම් මානසික තත්වයකයි අපේ නායකයෝ ඉන්නේ. ලැජ්ජයි.

:       957       1357

NissankaMonday, 25 March 2019 04:51 AM

ඕක මොකක්ද? මහජන මුදල් කෝටි ගණන් වියදම් කරලා දෙමව්පියනේ සොහොන් කොත් හැදුවෙත් මේ රටේ නායකයෝ තමයි...

:       265       661

gbaseTuesday, 26 March 2019 11:14 AM

වරද වරද විදිහට දකින්න පුළුවන් දවසට මේරට ගොඩක් ලස්සන වේවි

:       0       0

kapMonday, 25 March 2019 05:55 AM

පත්තරවලට බලෙන් දාගන්නෙ නෑ. ඒවා මාධ්‍යවේදීන් කරන්නෙ. අර පාර පුරා කටවුට් ගහගෙන " හෑපි බර්ත්ඩේ" කියලා කරපු කට්ටියකුත් එක කාලෙක හිටියා. හෑම දේම වෑරදියට බලන්න එපා යාලු. ඒක එයාගෙ කෑමෑත්ත. කකුල් බෑරිනම්, ඔයා වගෙ අයට මොලයක් දුන්නත් ඒක කරන කෙනාගෙ කෑමෑත්ත. දේශපාලන කෑමෑත්තට, පුද්ගලික මඩ ගහන්න එපා. මේ දේ හොද ඈහෙන් බලලා සන්තෝස වෙන්න. කකුලක් නෑති කෙනෙක්ට ඒක ලෑබුනම , සන්තෝසෙ ඒ මුනුවලින් පේනවා. ඔබ තුමා කවදාවත් මේවගේ පින් වෑඩක් කරලා තියෙනවද?

:       280       534

gbaseMonday, 25 March 2019 07:45 AM

ඇත්ත සත්‍යපාල මහතාගේ ප්‍රකාශයට මාත් 100% එකග වෙමි. ඇත්තටම උපන්දිනේ සැමරීම නම් අවශ්‍ය ප්‍රසිද්ධියක් අවශ්‍යම නැත මාධ්‍යට ආරාධනා නොකර ඕක කලානම් ගොඩක් වටිනවා. ඒවගේම සොහොන් හදපු 1ත් වැරදි. කටවුට් ගහපු 1ත් වැරදි. පක්ෂේ අදාල නැහැ

:       0       66

ගමගේ Monday, 25 March 2019 12:34 AM

රටේ ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා, රජයේ මුදලින් ජීවත්වන, දේශපාලනය එකම රස්සාව කරගනිපු අය ජනතාවට හදවතින්ම ලැදි මේවා වැනි වැඩ හැම දිනයම කලයුතුයි... එසේ නොකළ artificial love සෝබනයට නම් ඡන්දෙ ලඟ එනකොට කරන්න එපා... මෙයා නම් බොහෝ කලකට පසු දැකුම්කලු දසුනක්... අර පතෝල මැස්සා පොහොට්ටුවෙන් හැලිලා අායෙත් මේ පැත්තට වැනෙනවා වගේ පෙනෙන්නේ... ජනාධිපතිවරණයට ගාව ගන්න නම් එපා හත් දෙයියනේ..

:       3       86

Raveendra Monday, 25 March 2019 02:06 AM

70වෙනි ගැටය නිසා ගැටහැත්ත වුනේ.. 70වෙනි දිනය නිසා පින්කමකට සිත් ඇදුනේ... අපහසු අයට උදව්වනම් හොඳ වැඩනේ... සැමදා මෙවන් වැඩවලටත් සිත් යොමුනේ..

:       15       51

මුණසිංහ Monday, 25 March 2019 02:29 AM

ගැලපෙන එකතුවක්...!

:       15       34

susantha Monday, 25 March 2019 09:24 AM

රටේ සාමාන්‍ය මිනිස්සු අවුරුදු 55න් විශ්‍රාම යවනවා දැන් බොලට වයසයි වැඩ බෑ කියල. රට හැමදාම ආපස්සට.

:       1       273

vidya Monday, 25 March 2019 06:06 PM

ඔබතුමාට සුභ උපන් දිනයක්

:       74       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site