IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


වි.ජ.මූ. ලොකුබණ්ඩාර ගුණ සැමරුමෙන්...



(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හිටපු දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කථානායකවරයකු ද වූ දිවංගත වි.ජ.මූ. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් පැවති ගුණානුස්මරණ පින්කමක් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි.

මීට සමගාමීව දිවංගත හිටපු දේශීය වෛද්‍ය  අමාත්‍ය වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට පින් පමුණුවමින් සංඝගත දක්ෂිණාවක් නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද  පර්යේෂණායතනයේදී පැවැත්විණි.

එහිදී පළමුව දිවංගත වි.ජ.මූ  ලොකුබණ්ඩාර ඇමතිවරයාගේ පිළිරුවට නීතිඥ සිසිර ජයකොඩි ඇමතිවරයා  මල් කලබක් පිළි ගන්වා  පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා විසින් ගුණ සමරු දේශනයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති නීතිඥ සාගලා අබේවික්‍රම යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.



අදහස් (1)

වි.ජ.මූ. ලොකුබණ්ඩාර ගුණ සැමරුමෙන්...

Raveendra Sunday, 21 February 2021 12:46 AM

සමස්ථයක් වශයෙන් අප "සියලුම දේශපාලුවන් කෙරෙහි ඇත්තේ ඉතාමත්ම අප්‍රසන්න අශීලාචාර පහත්" හැඟීමක්ය. එනමුත් කිසිවෙකුගේ හොඳ දෙයක් ඇත්නම් එය අප නිර්ලෝභීව අගය කරන්නෙමු. මොහු අපගේ මව්බස හැසිරවීම, කථනය, වචන උච්ඡාරණය, ව්‍යාකරණ නිසි ලෙස යෙදවීම පිළිබඳව අති දක්ෂයකි. ඒ පිළිබඳව මොහු කෙරෙහි අප හද තුළ ඇත්තේ මහත් වූ ගෞරවයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site