IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


වැලි ජාවාරම්කරුවෝ නවගත්තේගම රළපනාවත් වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
තබ්බෝව අභය භූමියට අයත් නවගත්තේගම රළපනාව වැවේ ජලය සිඳීයාමත් සමඟ, මාසයක පමණ කාලයක පටන් වැලි ජාවාරම්කරුවන් වැලි කැණීම හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ජනතාව කියති.
 
වර්ෂා සමය ඉදිරියේ දී පැමිණෙමින් පවතින බැවින්, ඒ කාලයට වැව පිරීගිය විට, වැව භාවිත කරන ජනතාවට මේ හේතුවෙන් දැඩි අවදානම් සහිත තත්වයකට මුහුණදීමට සිදුවන බවද ඔවුහු කියාසිටිති.
 
රළපනාව වැව  නවගත්තේගම හා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට ම අයත් වන අතර,  කරුවලගස්වැව හා නවගත්තේගම පොලිස්ථාන දෙකට ම අයත් වේ. අක්කර 100 ක පමණ ජල ධාරිතාවයකින් සහිත මෙම වැව යටතේ කුඹුරු අක්කර 70 කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය ලබයි.
 
මෙම වැලි ජාවාරම පිටුපස ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිටින බවත්, ඔවුන් 20ක පමණ පිරිසක් ගම්වැසියන් බියවද්දවමින් බලහත්කාරයෙන් රාත්‍රිය පුරා වැව්පිටියේ මතුපිට පස් අඩි කිහිපයක් ඉවත්කරමින් සිටින බවත්, අලුයම් කාලයේ ටිපර් හා ට්‍රැක්ටර් යොදා ගනිමින් වැලි අදින බවත් ජනතාව පවසති. එම ව්‍යාපාරිකයින් පිරිස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හා අනිකුත් ආයතන මගින් වැලි ප්‍රවාහනයට ලබා ගෙන ඇති අවසරය ප්‍රයෝජනයට ගනිමින් මෙම කටයුත්ත ක්‍රියාත්මක කර ඇති බවට ජනතාව චෝදනා එල්ල කරති.
 
මේ පිළිබඳව කළ විමසීමේ දී අදහස් දැක්වු රළපනාව වැව අයත් රාහුල ගොවි සංවිධානයේ සභාපති එච්.ඒ.සෙල්ල වන්නිහාමි මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“මේ පිළිබඳව අපි පොලිසියට හා අදාල බලධාරින්ට දන්වා තිබෙනවා. පොලිසිය අවස්ථා කිහිපයකදි කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත්තා. නමුත් මෙය නවත්වන්න අමාරුයි. අපිට මෙය කරන්න බැහැ” යැයි ඔහු පැවසීය.
 
නම සඳහන් කිරීමට අකමැති රාජ්‍ය නිලධාරියකු පවසා සිටියේ මේ වන විට නවගත්තේගම ප්‍රදේශ ගණනාවක දරුණු ලෙස වැලි කැණීම් සිදුවන බවය. මහා පරිමාණයෙන් පරිසරය වනසමින් කෙරෙන වැලි ජාවාරමට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද බවද ඔහු පැවසීය.
 
වැලි ලබාගැනීමට හාරා ඇති විශාල වලවල්වලින් පරිසරයට හානි වෙමින් වැව විනාශ කෙරෙමින් පැවති ආකාරය නවගත්තේගම රළපනාව වැව්පිටිය නිරීක්ෂණයේ දී පැහැදිලි විය.



අදහස් (3)

වැලි ජාවාරම්කරුවෝ නවගත්තේගම රළපනාවත් වනසති

MOHOMED Sunday, 20 September 2020 01:31 PM

ඡන්දෙට වියදම් කළ මුදල් උපයා ගැනීමට ජනාධිපතිතුමා එදා දීලා. ඒ නිසා තමයි මෙහෙම විනාශ කරන්නෙත්..

:       0       4

Kamal Koyrala Monday, 21 September 2020 05:18 AM

වගකියයුත්තෝ නිදිද.?

:       0       4

ED prabath keerthi kumara Monday, 21 September 2020 11:10 AM

මේවා පරිසර විනාශ නොවේ. වැලි අයින් කළාම වැවට හොඳයි. වැව ගොඩවෙලා තියෙන්නේ.

:       4       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site