(දයාරත්න ඇඹෝගම)
හොරොව්පොතාන වාගොල්ලාකඩ ගම්මානයේ පවුල් 202ක් පානිය ජලය නොමැති වීමෙන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇත.
පසුගිය වසර දෙක තුළ වර්ෂාව නොමැතිවීම නිසා වැව් හා ළිං සිදිගොස් ඇත.ජලය ලබාගැනිම සදහා වාගොල්ලාකඩ සිට දුටුවැව ප්‍රදේශයට කිලෝමිටර් පහක් පමණ යාමට සිදුව ඇති බවත් ගම්වැසියෝ පවසති.
මිය වසර දෙකකට පෙර මෙම ගම්මානයේ ජල පිරිපහදුවක් ඉදි කර මුදලට ජලය ලබා දීමට හොරොපොතාන ප්‍රාදේශිය සභාව කටයුතු කළ අතර එහි කිසිදු නඩත්තුවක් නොමැති කමින් එම ජල පිරිපහදු ඒකකය අක්‍රීය වී ඇත.
මේ ගැන ප්‍රාදේශිය සභාවේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් දැනුවත් කළද මේ වන තෙක් එම ගැටලුවට නිසි විසඳුමක් නොදුන් බව ප්‍රදේශවාසීහු පවසති.
වකුගඩු රෝගීන් විශාල වශයෙන් ජිවත් වන මෙම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් තම ජල අවශ්‍යතාව විසඳා දෙන ලෙසයි.
හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් එම්.මුබාරන් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ එම ඒකකය අලුත්වැඩියා කිරීමට ජල සම්පාදන මණ්ඩලයට දන්වා ඇති බවයි.
ගම්වාසින් තම ජල අවශ්‍යතාවයන් ග්‍රාම නිලධාරිවරයා මගින් දැන්වු විට ප්‍රාදේශීය සභාව හරහා එම ගම්මානවලට ජලය සැපයිමට කටයුතු කරන බවද ඒ මහතා පැවසිය.
ජල බවුසරයක් හෙට (20) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබිමට නියමිත බවත් එමගින් ජලය නොමැති ප්‍රදේශවලට ජලය විධිමත් ආකාරයට සැපයිමට පහසුවනු ඇති බවත් ඒ මහතා පැවසිය.
ළිංවල ජලය නොමැතිකම හේතුවෙන් ගම්මුන් තම ළිං ගැඹුරු කරන ආකාරය අප කැමරා කාචයේ සටහන් විය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වාගොල්ලාකඩ ළිං සිඳි යයි
බණ්ඩාර (කැකිරාව) Wednesday, 19 July 2017 10:44 AM
ජලසම්පාදනයට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බාලගිරි දෝෂය නිසා හැම වැඩක්ම හෙට සිදුවේවි.