IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වන අලි නවගත්තේගම වනසති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
නවගත්තේගම, කුරුකැටියාව ගම්මානයට අද(06) කඩා වැදුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳදැමීම හේතුවෙන් තම ජීවිත දැඩි අවදානමක පවතින බව ජනතාව පවසති.

තනියා නමින් හැඳින්වෙන වන අලියා අද වියපත් යුවළක් පදිංචිව සිටි නිවසක් සම්පූර්ණයෙන් වනසා දමා ඇති බව නවගත්තේගම අඩවි වන ජීවි කාර්යාලය පවසයි. වියපත් යුවළ විහාරස්ථානයේ කඨින පිංකමට සහභාගී වී  සිටීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට හානි සිදුව නැත.

සතියකට ආසන්න කාලයක් තුළදී තනියා නමැති අලියා නිවාස 3කට හානි කර ඇති අතර, වනඅලි වී සහ සහල් සොයමින්  සැරිසරන බව ද  ජනයා කියති.
 
ඒ පිළිබඳව නිවසේ හිමිකරු වන 76 හැවිරිදි ඩබ්ලියු. පී. ටී. ගණිතා මහතා පවසන්නට වූයේ මෙවැන්නකි.
 
“මේ ගෙවල් 1982 දී හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා ලංකාවේ ඉදිකරන්න ගත්ත ගෙවල්. දෙවන උදා ගම්මානයේ නිවාස 100ක් තිබෙනවා. මේ අලි කරදර නිසා නිවාස ගොඩක් කැඩී ගිහින්. අපි අන්ත අසරණ වෙලා. නිවසේ නොසිටි නිසා අපේ ජීවිත බේරුණා” යැයි ඔහු පැවසීය.
 
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතා මෙසේ කීය.
 
 “ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයිති ග්‍රාම නිලධාරි වසම් 19 ක ගම්මාන 67 කට මේ වනවිට වන අලි කරදරය බරපතලම විදියට බලපාලා. වන අලි වගාවන් වනසනවා. කඩන නිවාස ප්‍රමාණයත් වැඩිවෙලා. මෙය ලොකු තර්ජනයක්. වන අලි පහරදීම නිසා මරණ දෙකක් සිදුවෙලා. අලි කඩපු නිවාසවලට වන්දි ඉල්ලා අපිට විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා. අපි පුළුවන් තරම් ජනතාවට සහන සලසන්න කටයුතු කරනවා” යැයි ඔහු පැවසීය.



අදහස් (7)

වන අලි නවගත්තේගම වනසති

rasiika Wednesday, 06 November 2019 11:15 AM

අලි මන්තරේ වහා දියව්...

:       0       6

බද්රානි Wednesday, 06 November 2019 11:23 AM

අලින්ට කරදරයක් වෙලා නැද්ද? වනසතුන්ට අයිති රටක්. සත්තුන්ටත් වඩා අන්ත මිනිස්සු රැලක් අයිතිකරගෙන සිටින භූමියක් තමයි ලංකාව කියන්නේ.

:       2       129

kamani Wednesday, 06 November 2019 11:25 AM

පව් අනේ අලි ටික.

:       1       13

PradeepWednesday, 06 November 2019 01:01 PM

කමනිටත් මේ වගේ දෙයක් වුනොත් තේරෙයි අලි පව් කියලා... ඇත්ත අලි පව් තමයි. එතකොට මේ අහිංසක මිනිස්සු... මේ දෙක බැලන්ස් කරන්න ඕන. එ්කට තමයි රටකට නිසි පාලකයෙක් ඉන්න ඕනෑ. අලි මන්තරවලින් අලි එලවන්න හදන පාලකයොත් එක්ක කොහොමද මේවට උත්තර හොයන්නේ..? විදුලි වැටවල් මේකට විසඳුම නෙමෙයි. නමුත් වෙනත් සාර්ථක ක්‍රම තියනවා අපේ අය ක්‍රියාත්මක නොකළාට. අවාසනාවකට රට ගැන, ජනතාව ගැන හරි විදියට හිතන පාලකයෙක් මේ දක්වා අපේ රටේ බිහිවෙලා නෑ.

:       1       5

kamal Wednesday, 06 November 2019 11:42 AM

මෙවැනි මිනිස් ජීවතවලට තර්ජනයක් වන අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි...

:       24       3

H.M.Anurasiri Herath Thursday, 07 November 2019 06:08 AM

badrani, ඔයා මෙම වන අලි ගැටලුවට සජීවීව මුහුණ දීල නැහැ. මුහුණ දුන්න අපි විතරයි මේ දුක දන්නේ. ඔයාගේ ගෙයත් කැඩුවනම් ඔයාට තේරෙයි.

:       1       4

Kumar Friday, 08 November 2019 02:53 AM

මෙවැනි දේ සිදුවන්නේ අලි වෙසෙන ප්‍රදේශවල අනවසරයෙන් නිවාස තැනීමයි. ඔය කියන ප්‍රදේශයේ 80 වර්ශයේත් අලි සිටියා. සේරුවේ පෙනෙන නිවාස වැඩිකලකට පෙර නිර්මාණය කල නිවසක් නොවෙන බව පෙනෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site