IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලොව දිගම ඔසරි පොට පාසල් සිසුන් අතින් නුවරදී දිග හැරෙයි

( චමිල් රූපසිංහ)

ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් අද (21) මහනුවර ගන්නෝරුවේදි  මංගල ගමන් ඇරඹුවාය.

ලොරියක පටවා තිබූ ඔසරි ‍පොට ලොරියේ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගයේ එක පෙළට රැස්ව සිටි පාසෙල් සිසුවියන් 250 දෙනකු විසින් අල්ලා ගනු ලැබ සිටියහ.

උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත විය.

මනාල යුවළ අද (21) පෙරවරුවේ මහනුවර ගන්නෝරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම්කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබීය.

මෙයට ‍ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇය මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබිණි.

මනාලියට සාරිය ඇන්දවීම ප්‍රවීන රූපලාවන්‍යය ශිල්පිනී ඉන්ද්‍රමාලා රාජපක්ෂ මහත්මිය විසින්ද සාරිය සැපයීම මාලා සාරි ආයතනයේ මංජුල තිලකරත්න මහතා විසින්ද සිදුකරනු ලැබ තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස පැමිණ සිටි අතර විවාහය සඳහා මල්කුමාරියන් 40 ක් සම්බන්ධව සිටීමද විශේෂත්වයකි.

පාසල් ළමුන් මේ සදහා සහභාගි කරවා ගැනීම කුමන ක්‍රමවේදයකට සිදුවුවාද යන්න මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගෙන් ලංකාදීප කළ විමසීමේ දී පැවැසුයේ මේ සම්බන්ධව තමා කිසිවක් හරිහැටි නොදැන ප්‍රකාශයක් ලබාදීම අපහසු බවයි.

 

 

 



අදහස් (49)

ලොව දිගම ඔසරි පොට පාසල් සිසුන් අතින් නුවරදී දිග හැරෙයි

bandula Thursday, 21 September 2017 11:58 AM

ඔසරි පොට තරඟය වගේ විකාර වැඩවලට කාලය සහ මුදල් නාස්ති කරන්නේ නැතුව රටට ඵලදායී වැඩක් කරනවා නම් කොතරම් හොඳද?

:       156       669

RaveendraThursday, 21 September 2017 02:57 PM

bandula මයා වෙත, ඔබගේ සහ අනිත් අයගේද අදහස්වලට අප ගරු කරන්නෙමු. සියලුම අදහස්වල ඇත්තේ යම්කිසි දෝසාරෝපණ බවක්. කෙසේවෙතත් අප සියලුදෙනා එක සිතින් මෙම නව යුවලට අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. මංගලම් ජයසිරි මංගලම්

:       1125       69

sahanFriday, 22 September 2017 02:03 AM

මේ වගේ මානසික ලෙඩ්ඩු ලෝකෙට පෙන්න බැන්දට ,ඇතුල හිස්.

:       1       543

Bimal Thursday, 21 September 2017 12:25 PM

ඔසරි පොට කෙසේ වෙතත් මේ මනමාලයාට එනපොට නම් හොඳ නැහැ වගේ. මෙහෙම ආසාවල් තියෙන නෝනා කෙනෙක් කොහොම නඩත්තු කරන්නද?

:       92       773

SAMANMonday, 25 September 2017 08:38 AM

මේක ගිනස් වාර්තාවකට කරලා තියන එකක්.... මේකට ඔය මනමාලිගේ ආසාවේ සම්බන්ධයක් නැහැ. අනේ මෙහෙමත් කුහක මිනිස්සු

:       404       3

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 21 September 2017 12:26 PM

කුඩා දරුවනේ එක එක පොටවල් අල්ලන්න ගිහිල්ලා තමන්ගේ පොට වරද්ද ගන්න එපා...

:       3       390

naradha Thursday, 21 September 2017 12:30 PM

කාලය, ධනය කා දමන මෙවැනි පුහු දේට අපේ මිනිසුන් ඇබ්බැහි වීම කණගාටුවට කරුණක්.

:       2       1050

raheem Thursday, 21 September 2017 12:36 PM

මේ මොන මගුලක්ද? ඉස්කෝල යන ළමයි පට්ට අව්වේ මහපාරේ තියාගෙන කරන විකාර... මේවට කියන්න ඕනෑ මල කෝලම් කියලයි.

:       112       2034

PA-RA Thursday, 21 September 2017 12:49 PM

එ්කත් හරියට යහපාලනේ පොටවගේ, පොටේ එල්ලෙන්න බලන් ඉන්න කට්ටියත් ඉන්නවනේ, පොට අත ඇරලා පනින කට්ටියත් ඉන්නවනේ...

:       179       153

lanka Thursday, 21 September 2017 01:06 PM

රට විනාශය කරා යනවා. මේ උදවිය විකාර නටනවා.

:       2       783

sam Thursday, 21 September 2017 01:09 PM

දෙමව්පියෝ අමාරුවෙන් ළමයි පාසල් යවන්නේ එක එක්කෙනාගේ සාරි පොටවල් උස්සන් මහපාරේ ඉන්න නෙවේ. මේ වගේ අමන වැඩ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

:       0       866

nimmi Thursday, 21 September 2017 01:09 PM

අනේ මෙහෙමත් විකාර... දුප්පත් ළමයෙකුට පොත් ටිකක් අරන් දෙන්න තිබුණා නම් මීට වැඩිය සතුටු නැද්ද? නරක මිනිස්සු.

:       0       485

srimala Thursday, 21 September 2017 01:10 PM

මේක ගිනස් කාර්යාලයට දැන්නුවද? තනියම වාර්තා තියන්න බෑ. අනික ඔය පාසල් සිසුන් නිල ඇඳුමින්ම පන්ති පාඩු කරගෙන සාරි පොට උස්සන්න අාවේ.... කාගේ අනුමැතියකින්ද?

:       0       330

කරුණාපාල Thursday, 21 September 2017 01:11 PM

මේ යනවිදිහට නුදුරු අනාගතයේදී, ලෝකයේම දිගම අමුඩ පොට අල්ලාගෙන, උඩ බලාගෙන ඉන්න මේ රටේ දරුවන්ට සිදුවෙන දවස වැඩි ඈතක නැහැ.

:       0       1018

lalin Thursday, 21 September 2017 01:43 PM

මගෙත් වතු පිටිවල වැඩ වගයක් තියනවා. බැරිද පාසල් ළමයි 1000 ක් 2000 ක් ගෙන්න ගන්න.

:       2       548

prabhath Thursday, 21 September 2017 01:47 PM

මහා පාරේ lane එකක් වහල පාරේ ගිය වාහන වලට කොච්චර බාධාවක්ද? මේ වගේ වැඩ වලට පොලිසිය අවසර දුන්නේ කොහොමද? ඉස්කෝල ළමයි ගෙන්න ගත්තේ කාගේ උවමනාවටද?

:       0       563

සෑම් Thursday, 21 September 2017 02:04 PM

පාසැල් ළමයින්ට පාසැල් වේලාවේ විවාහ චාරිත්‍ර පිළිබඳව පුහුණුව දෙන්න කියලා අධ්‍යාපන ඇමති කිව්වා දැයි නොදනිමි.

:       0       109

jagath panagodage Thursday, 21 September 2017 02:51 PM

පාසල් කාලේ සිසුන් උද්ඝෝෂණවලට ගන්නා පුද්ගලයන්ට දැඩි නීති ? හැබයි මේ වගේ මගුල් වලට ගත්තට අවුලක් නෑ ? යකාගෙ නීති අපේ රටේ තියෙන්නේ !

:       0       319

ranjan Thursday, 21 September 2017 02:57 PM

මේ වගේ විකාර වැඩ කරන එකම රට ලෙස අපි බැබලේ. පාසල් ළමුන්ගේ ඉගෙනීමේ කාලය මෙවැනි දේවල් වලට අවසර ලබාගෙන තිබේද නැතිනම් මෙයටත් පගාවක් දීලද

:       0       116

chaminda Thursday, 21 September 2017 03:23 PM

විකාරද නැත්නම් හැටිද? විකාර....

:       0       56

udda Thursday, 21 September 2017 03:28 PM

විශාලතම කැබිනට් මණ්ඩල නිසා ශ්‍රී ලංකාව ගිනස් වාර්ථා ගතවිය​.. වැඩිම දෙවන මනාල මනාලියන් පිරිසක් ඇති මංගල උත්සවය ලෙස වාර්ථා ගතවිය​.. දැන් තවත් එවැනිම මගුලකි. මෙම නවතම වාර්තාව දැනගැනීමෙන් මුළුලොවම මවිතවනු ඇත​.

:       0       118

අප්පුහාමිට පිස්සු Thursday, 21 September 2017 03:50 PM

ලංකාවේ තිබෙන ප්‍රධානම ගැටලුවට විසඳුම් සෙවූ මනාල යුවලට මගේ සුබපැතුම් !!!

:       12       131

Chanak Los angeles Thursday, 21 September 2017 04:03 PM

මිනිසුන්ට එක එක ආශාවන් පහල වෙනවා.. ඉහළම සෙල්ලම් දාල විවාහ වෙලා පහුවෙනිදාට දෙන්නා වෙන්වෙන යුගයක් නිර්මාණය වෙලා ... මෙහෙම ආශාවන් පොදි බැඳ විවාහ වෙනවා වගේ එම විවාහය ජීවිතය අවසන වෙනතෙක් රැක ගන්නේ නම් යහපතකි.

:       0       9

nimal Thursday, 21 September 2017 04:06 PM

මේ වගේ වැඩකට පාසල් සිසුන් යොදා ගැනිමට දෙමාපියන්ගේ සහ කලාප අධ්‍යක්ෂවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු යි. මම හිතන්නේ නැහැ කලාප අධ්‍යක්ෂවරයා ඉඩ දෙයි කියලා.

:       0       72

parakkrama Thursday, 21 September 2017 04:16 PM

රටේ තිබෙන බහුබූත කෝලම් මදිවට තවත් කෝලමක්. ලොකු ලොක්කොත් හවුල්වී ඉන්නවා වගෙයි පෙනෙන්නේ. කාගේ මොලේ පිස්සු හුටන් වෙලා ද දන්නේ නැහැ.

:       0       75

Nandalal DE SILVA - France Thursday, 21 September 2017 06:24 PM

"ඔසරිය" කියන්නේ "බස්රිය" වගේදවත් කියා නොදන්නා ලෝකයකට මෙවැනි දේවල් පොතේ දාන්න කරපු වැඩේට බොහෝ දෙනෙක් හිනා වෙනවා !

:       0       60

Sarasi Thursday, 21 September 2017 08:48 PM

මේ පෙන්නුම් කරන්නේ අපේ රටේ අනාගත බිරින්දෑවරුන්ගේ හා මව්වරුන්ගේ භූමිකාව තමයි. රටේ කාන්තාව බහු රු කෝලම් ප්‍රතිමුර්තියක් බවට පත්ව ඇති බව කාන්තාවක් විදියට කනගාටුවෙන් ප්‍රකාශ කරමි.

:       1       65

naakiya Thursday, 21 September 2017 11:41 PM

තව කෙනෙකුට හිතෙයිද දන්නැහැ ලෝකේ තියන කොටම සාරිය ඇදල මගුල ගන්න. ආසාවනේ...

:       0       124

දිසාපාමොක් Friday, 22 September 2017 12:33 AM

පාර අවහිර කිරීම (පොලීසිය) පාසැල් නිල ඇඳුමින් ලමයි සහභාගි කීරීම (විදුහල්පති) වගකිවයුතු නැත්ද? ස්වාමීන් වහන්සේලාටනම් වස්සාන කාලයේ පිංඩපාත චාරිකාවනුත් තියෙනවානේ

:       20       153

Asoka Harischndra Friday, 22 September 2017 01:03 AM

මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම ගැන ලැජ්ජාවෙමි. එකත් එකටම මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වෙන්න ඕනෑ. මේවට පාසැල් ළමුන් ඈදා ගැනීම ගැන පරීක්ෂණයක් කලයුතුයි .

:       0       98

නැන්දනිය Friday, 22 September 2017 01:23 AM

ඔසරි පොට දිගට දාගන්න හිතුන කොටම හැඳිමිටේ නුවන නිසා බවයි පේන්නේ. දිගම වරලස නම් කමක් නැහැ. වෙනත් දක්ෂතාවයක් නම් කමක් නැහැ. කවුරුවත් ඔසරි පොට ඔච්චර දිගට දාන්නේ නැත්තේ ලොරියක් පස්සෙන් අරන් යන්න අකමැති නිසා නේද? ඇත්තටම මේ මන්දබුද්ධික සංකල්පය කාගේ ඔලුවෙන්ද පහල වුනේ.

:       0       109

LAKMAL Friday, 22 September 2017 02:45 AM

මේ වගේ පාලකයෝ ඉන්න කලෙක අපි ඉපදුන්නේ අපේ කරුමෙට, නියම ධර්මය වටහාගෙන නිවන් යමු .

:       34       30

nali Friday, 22 September 2017 02:59 AM

මේ නාස්තිකාර ආදර්ශයට පාසල් දරුවන්ද ගෙන්න ගෙන, පොලිස්සියත් සපෝට්.

:       0       63

ranjith Friday, 22 September 2017 04:10 AM

පාසල් ළමයි ටික අව්වේ ඉදල ටැප් එකෙන් වතුර බිල ගෙදරයි. ආරාධිතයෝ ටික හෝටලයෙන් මධුවිත සමග සප්පයම්වෙයි. සාධාරණයි නේද? මේවට කඩේ යන හාමුදුරුවරුත් දේශපාලකයොත් ඉන්නවනේ.?

:       0       89

බණ්ඩාර Friday, 22 September 2017 05:22 AM

මොන පිස්සු වැඩක්ද?

:       0       61

mahee Friday, 22 September 2017 07:04 AM

ඇති පුජ්‍ය ගරුතර මහා සංඝ රත්නයත් වැඩම කරලා නේද? සාදු, සාදු! (මෙහෙම නොකියා වෙන විදිහකට කිව්වොත් මාවත් රන්ජන්ගේ ගොඩට දමයි කියල බයයි, ඒකයි මේ.)

:       0       109

පිස්සන්ගේ රට Friday, 22 September 2017 07:07 AM

ජනපතිතුමනි දඬුවම් දෙන්න මහා ඇමතිට, විදුහල්පතිට..... අප රට පිස්සන්ගේ රටක් වෙලා .පාරවල්වල සයිටම් පිස්සුව මදිවට.....තවත් ප්‍රශ්න...ගීත රචකයනි, ගායකයනි, රට අවදි කරනු මැන. හෝටල් නැතිව, මඟුල් වියදම අඩු කර වාර්තාවක් තබන අයට තෑගී පිරිනමන ක්‍රමයක් ඇති කරන්න.

:       0       110

Nandalal DE SILVA - France Friday, 22 September 2017 09:28 AM

පාසල් සිසුවියන් 250ක් එකවර මහමගට කඩා වැදුනම අපි හිතුවේ සයිටම් විරෝධී උද්ඝෝෂණයකට පිරිස් රැස් කරල පාරවල් වහන්න හදනවද කියලයි. බැලින්නම් ඒක විවාහ මගුලක් නේ. අවුවේ පිච්චෙමින්, මනාලියගේ වලිගේ අල්ලාගෙන හිටපු කෙල්ලන්ට කේක් කෑල්ලක් එක්ක සිසිල් පැන් වීදුරුවක්වත් දෙන්න තරම් මේ මගුල සංවිධානය කරපු අය ත්‍යාගශීලී උනාද ? මේක සංවිධානය කරපු අයට, පාර වහපු පොලිසියට, ඉස්කෝලේ ලොකු හාමිනේට එහෙම විරුද්ධව ළඟදීම මේ පාරේම පෙළපාලි යන්නත් බැරි නැහැ !!!!!

:       0       60

ranjith Friday, 22 September 2017 09:44 AM

උද්ඝෝෂණ වලට පාර අවහිර වෙනවා කියල තහනම් නියෝග ගන්න පොලිසිය මේ තේරුමක් නැති වැඩේට පාරේ එක මන් තීරුවක් වහල අනවශ්‍ය වාහන තදබදයක් ඇති කළාට මොකද්ද දෙන දඩුවම. අනික හාමුදුරුවරුන්ට මොකද්ද මෙතන තියන රාජකාරිය? මහඇමති මීට වඩා වැදගත් රාජකාරි නැත්ද? පොලිසියේ නිළදාරීන්ගේ රාජකාරියට මේවා ඇතුළත්ද? මේක ඒ දෙන්නගේ පෞද්ගලික කාරණයක්. ඔවුන්ට තේරුමක් හෝ මොළයක් නැත්ද සමාජයට කරදරයක් නොවන විදියට ඒ කටයුත්ත ඉටුකරගන්න.

:       0       58

shashika Friday, 22 September 2017 10:12 AM

ඒ මගුල තියලා ඉවර වුනාට පස්සේ තමා අනෙක් අය දැන් මගුල් නටන්නේ. ලංකාවේ හැටි ඔහොම තමා. ඔක්කොම ඉවර වුනාට පසුව මාධ්‍ය ඉස්සරහා ඔක්කොමලා ටික දවසක් රගපානවා.

:       0       16

Don Friday, 22 September 2017 03:29 PM

ඔතනින් පෙන්නුම් කරන්නේ අපේ රටේ වෙන ඕනෑම දෙයකට දේශපාලන සම්බන්දකමක් තිබුනොත් එතන වෙන්නේ විනාශයක්, අවබාවිතයක්. අඩුම තරමේ මේ ළමයින්ට මගුල් උත්සවය වෙනුවෙන් හොඳට සංග්‍රහ කලාද කියලවත් දැනගන්න කැමතියි. නැත්නම් කේක් කෑල්ලකුයි කූල් ඩ්‍රින්ක් එකකිනුයි කට්ටිය ශේප් උනාද කියලත් සැකයි .

:       0       24

duminda Friday, 22 September 2017 03:30 PM

පාසල් ළමයි ගන්නකන් බලා හිටිය දෙමාපියන්ට දඩුවම් කරන්න.

:       0       17

Ruwani Saturday, 23 September 2017 02:32 AM

තමන්ගේ මගුල් ගෙදර ඕනෑම විගඩමක් කරගෙන පුද්ගලිකව කටයුතු කලාට කමක් නැහැ. මහජනයාට පාර අවහිර වෙන විදියට පාසල් ළමුන් තමන්ගේ බුදලයක් වගේ පාවිච්චි කරන වැඩේ නම් බොහොම වැරදියි.

:       0       14

Rohana Saturday, 23 September 2017 06:27 AM

මේ විකාර වැඩ නවත්තන්නේ කවදාද? මේ මානසිකත්වයේ අවසන්වීමක් නැද්ද ? ගුණයෙන් පිරිහිලා , දැනුමෙන් පිරිහිලා. ආකල්පවලින් පිරිහිලා, සිතුම් පැතුම් වලින් පිරිහුණු ජාතියක ශෝකාලාපයයි.

:       0       13

prakaash Saturday, 23 September 2017 09:24 AM

මීට වඩා හොඳයි... මාළු දැල් අදින්න ගියා නම්...

:       0       17

rocky Saturday, 23 September 2017 01:09 PM

ලෝකෙම දිග වෙනත් දේවලුත් තියෙනවද?

:       0       9

rohan Saturday, 23 September 2017 04:42 PM

මෙයා මධ්‍යම පළාතට කරපු දෙයක්නැ. w p b දිසානායක හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති නම් "රණබිම රෝයල් " පාසැලවත් ආරම්බ කලා.

:       0       3

madu Tuesday, 26 September 2017 10:26 AM

පිස්සුනේ

:       0       0

Asoka Sunday, 01 October 2017 01:23 PM

මගෙත් මේ අමුඩේ දැන් ලෝකේ දිගම අමුඩේ කියලා වාර්තාවක් තියන්නයි යන්නේ. ඔසරිය කෙසේ වෙතත් ළමයින්ව අව්වේ රස්තියාදු කළාට දෙන්නයි තිබ්බේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site