IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලාහුගල වනයේ අක්කර 15ක් වනසා ගංජා වගාකරලා

(කුමාර සී. ලියනආරච්චි)

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වනෝද්‍යානයේ අක්කර 15ක භූමිය ස්වාභාවික වනය විනාශ කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් අද(23) සොයාගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්විය.
 
මෙම වගා භූමිය තුළ වගාකරුවන් ඒ වන විටත් පැන ගොස් තිබුණු අතර ඔවුන් විසින් දමා ගොස් තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනිමට පොලිසිය සමත් විය.
 
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු පිරිසක් අම්පාර පන්නල් ගම බක්මිටියාව ගම්මානයේ ලාහුගල වනෝද්‍යානයට ඇතුළු වූහ. පොලිස් නිලධාරින් 50ක පමණ පිරිසක් විසින් එම ගංජා හේන විනාස කිරීම සඳහා අද අලුයම ලාහුගල සීමාවෙන් වනෝද්‍යානය වෙත පිවිස දිනක් තුල අක්කරයක පමණ ප්‍රමාණයක් විනාස කරල ලදී. මෙම ගංජා වගාව සඳහා එම පුද්ගලයන් විසින් වන උද්‍යානයේ ගස් 1500කට වැඩි ප්‍රමාණයක් කපා කොටා ගිනි තබා විනාස කර තිබිණි.
 
මෙම ගංජා හේන, නැගෙනහිර පළාතේ මෙතෙක් වගා කර පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති විශාලතම ගංජා හේන ය. මෙම ගංජා හේන වගා කර ඇති අතර එම ප්‍රදේශය අලින්, වලසුන් ගහනව සිටින ප්‍රදේශයකි. එම භූමිය තුළ ඉතා වටිනා බුරුත, වීර, කළුවර, ඇතුළු ගස් මෙසේ කපා බිම දමා, ගිනි තබා වගා කර තිබේ.
 
අක්කරපත්තුව, සම්මන්තුරේ, කල්මුණේ, පොතුවිල් සහ කොළඹ ප්‍රදේශයන්ට ද ගංජා බෙදාහැරීම මෙම වගාකරුවන් විසින් සිදු කර ඇති බව අනාවරණය කරගෙන ඇත.



අදහස් (2)

ලාහුගල වනයේ අක්කර 15ක් වනසා ගංජා වගාකරලා

Pradeep Tuesday, 23 February 2021 11:41 AM

අක්කර 15ක භූමියක් පුරා තිබූ ඔය කියන වටිනා ශාක විනාශ කර එළිපෙහෙලි කර කංසා වගාකරන තුරු ඒ පිළිබඳව අවබෝධයක් නොතිබුණු අදාල ප්‍රදේශය බාර වනසංරක්ෂණ නිලධාරින් ඇතුළු අනෙකුත් වගකිවයුතු නිලධාරීන්ටත් මේ සමගම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. කවුරු කොහොම කිව්වත් වත්මන් රජය බලයට පත් වූ දා පටන් වනාන්තර විනාශය වැඩි වී ඇති බවයි මට නම් පෙනෙන්නේ... එසේත් නැත්නම් පැවැති රජය යටතේ සිදුවූ විනාශයන් හෙළි නොවී වත්මන් ඒවා පමණක් හෙලිවනවා විය යුතුයි. කෙසේවුණත් අවසානයේ සිදුවන්නේ නැවත පිළිසකර කළ නොහැකි ලෙසින් සිදුවන මහා පාරිසරික විනාශයන්ය...

:       1       14

nihal Wednesday, 24 February 2021 06:38 PM

මේවා මෙහෙම වෙන්නේ අඩුකුලේ බව... වැනි තත්වය නිසා එම කොටසට පළාතේ සියලුම දේශපාලුවන්, වන නිලධාරීන් සහ පොලීසිය ඇතුළත්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site