IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලක්බිමේ දියණියෝ ලිබර්ටි වටරවුමේ විරෝධතාවක

ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි.

"ලක්බිමේ දියණියෝ" කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.
 

ඡායාරූප -  ශාන්ත රත්නායක



අදහස් (31)

ලක්බිමේ දියණියෝ ලිබර්ටි වටරවුමේ විරෝධතාවක

sirimal Sunday, 11 November 2018 10:53 AM

අද සිදුවී ඇති අභාග්‍ය සම්පන්න සිදුවීම් වැල නිසා ඡන්ද දායකයින්, විශේෂයෙන් තරුණ පිරිස් අතර, නව උද්යෝගයක් ඇතිවෙමින් පවතින බව පෙනෙන්නට අත. මෙය ප්‍රජාතන්ත්‍ර වාදයේ හොඳ පැතිකඩක් පෙන්නුම් කරන ප්‍රවණතාවයකි. මෙවර මැතිවරණයේදී මේ පිරිස වැදගත් භූමිකාවක් බවට පත්වෙනු නියතය. පසුගිය පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන සිතා "පොල්ලෙල්ලක් ඉදිරිපත් කළත් දිනන්න පුළුවන්" යැයි කවුරුන් හෝ අද සිතනවා නම් එය විශාල මුලාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම ඉතාම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. මෙය දූෂිත චෝදනා ලබා සිටින එක් කණ්ඩායමක් බලයට පත්කරවීම ඒකායන අරමුණ කරගෙන දියත් වී ඇති දේශපාලනයක් මිස රටගැන හෝ ජනතාව ගැන හෝ සිතා නිර්මාණය වුවක් නොවේ. නිදහස් පක්ෂයේ සාමාජිකයින් 50ක පමණ දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇත. නමුත් දුමින්ද, අමරවීර, විජිතමුණි සොයිසා සහ අමුණුගම වැන්නවුන් පක්ෂය අත නොහරින බව කියති. මැතිවරණයේදී ජනාධිපති පොහොට්ටුවේ පිළිසරණ බලාපොරොත්තු වුවහොත් අද තමන් අනාත වූ අයුරින්ම ඔහුටද අනාත වීමට සිදුවන බවත්, එය වටහා නොගැනීම හේතුවෙන් රටේ ප්‍රගතිශීලී ජනතාවට තිබූ එකම පක්ෂය දිනෙන් දින මියයමින් තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.

:       0       0

Senarath Sunday, 11 November 2018 10:55 AM

ඡන්ද නොතබා ප්‍රාදේශීය සභා අවුරුදු ගණන් තිබුණ, පළාත්සභා වලට තවම ඡන්ද නැහැ. මේ උන්දැලා කොහෙද ඒ කාලේ හිටියේ. දැන් මහා ඡන්දයක් ප්‍රකාශ කළාම තමා මෙයාලට මතක්වෙලා තියෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ ඩොලර්වලට කඩේ යන ටිකක්..

:       0       0

samanka Sunday, 11 November 2018 10:59 AM

මේ ගැහැණු දියණියෝද? පිරිමි දියණියෝද?

:       0       0

Nuwan Sunday, 11 November 2018 01:25 PM

මාර දියණියෝ ටිකක්නේ ඉන්නේ... අරහේ එදා වේල හොයාගන්න බැරුව, ස්වයං රැකියාවක් කරගන්න සල්ලි ටිකක් හොයාගන්න බැරුව කාන්තාවන් දුක් විඳිනවා. මෙහෙ වැඩක් නැති දෙයක් අල්ලාගෙන විලාප තියනවා.

:       0       0

sirimal Sunday, 11 November 2018 02:24 PM

අද සිදුවී ඇති අභාග්‍ය සම්පන්න සිදුවීම් වැල නිසා ඡන්ද දායකයින්, විශේෂයෙන් තරුණ පිරිස් අතර, නව උද්යෝගයක් ඇතිවෙමින් පවතින බව පෙනෙන්නට අත. මෙය ප්‍රජාතන්ත්‍ර වාදයේ හොඳ පැතිකඩක් පෙන්න්නුම් කරන ප්‍රවණතාවයකි. මෙවර මැතිවරණයේදී මේ පිරිස වැදගත් භූමිකාවක් බවට පත්වෙනු නියතය. පසුගිය පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන සිතා "පොල්ලෙල්ලක් ඉදිරිපත් කලත් දිනන්න පුළුවන්" යැයි කවුරුන් හෝ අද සිතනවානම් එය විශාල මුලාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම ඉතාම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. මෙය දුෂිත චෝදනා ලබා සිටින එක් කණ්ඩායමක් බලයට පත්කරවීම ඒකායන අරමුණ කරගෙන දියත්වී ඇති දේශපාලනයක් මිස රටගැන හෝ ජනතාව ගැනහෝ සිතා නිර්මාණය වුවක් නොවේ. නිදහස් පක්ෂයේ සාමාජිකයින් 50 ක පමණ දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇත. නමුත් දුමින්ද, අමරවීර, විජිතමුණි සොයිසා සහ අමුණුගම වැන්නවුන් පක්ෂය අත නොහරින බව කියති. මැතිවරණයේදී ජනාධිපති පොහොට්ටුවේ පිළිසරණ බලාපොරොත්තු වුවහොත් අද තමන් අනාත වූ අයුරින්ම ඔහුටද අනාත වීමට සිදුවන බවත්,එය වටහා නොගැනීම හේතුවෙන් රටේ ප්‍රගතිශීලී ජනතාවට තිබූ එකම පක්ෂය දිනෙන් දින මියයමින් තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.

:       0       0

Nisha Sunday, 11 November 2018 04:03 PM

කොටි බෝම්බ සහ අමු අමුවේ කැපීම කෙටවීම්වලින් මායිම් ගම්මානවල ලක් දියණියන්ට වුණු අපරාධවලදී ඔබ කොහෙද හිටියේ...?

:       0       0

Chandima Monday, 12 November 2018 12:40 AM

මේ කොහේ ඉඳන් ආපු අයද ?

:       6       151

Bamunuarachchi Monday, 12 November 2018 01:03 AM

දරාගන්න බැරි තරමට බදු ගහනකොට මේ ලක්බිමේ දියණියෝ නිදිද. මහපාර අවහිර කොරන්නේ නැතිව ජනවාරි 5 වෙනිදා ඡන්දය දීල කැමති ආණ්ඩුවක් පිහිටුවා ගන්න.

:       6       316

diasMonday, 12 November 2018 11:35 AM

රාජපක්ෂලා රටට දරාගන්ට බැරි විදියට ණය ගන්නකොට බමුණුආරච්චි කොහෙද හිටියේ?

:       445       173

samTuesday, 13 November 2018 04:07 AM

අපි ඔක්කොම ඒ කාලේ බෝම්බවලට බයේ හැංගිලා හිටියා. ණය අරන් යුද්ධ කරලා දිනලා ඊට පස්සේ තවත් ණය අරන් හදපු හයිවේ වල අද අපි විතරක් නෙවෙයි ඔය බනින අයත් වීරයෝ වගේ යනවා, අඩු ගානේ ඒ කට්ටිය පහුගිය දවස්වල හිටපු අය වගේ කෝටි ගණන් වාහන තමුන්ට විතරක් ගත්තේ නැහැනේ.

:       42       290

manoj Monday, 12 November 2018 03:54 AM

අම්මෝ දියණියෝ ගොඩයි .....

:       228       447

nishanMonday, 12 November 2018 08:05 AM

තමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විනාශ කරන්නේ තමුන්ගේ නායකයා නම් කමක් නෑ. මෙහෙම නූගත් ජාතියක් කවදා දියුණු වෙයිද?

:       184       299

saman Monday, 12 November 2018 09:12 AM

නිශාන් මහත්තයෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද?

:       257       220

anuraMonday, 12 November 2018 12:54 PM

සමන් මහත්තයෝ ප්‍රජාතන්ත්‍ර අයිතිය කියන්නේ මහජන ඡන්දය නොතියා ඉන්න එකද?

:       94       392

Tikka Monday, 12 November 2018 04:38 AM

කවුද මේ අය ?

:       180       365

Sugath Monday, 12 November 2018 04:39 AM

උදාරයි ඔබගේ හඬ මෙසේ අවදි කරපු විදිය. රටට කලදසාව ගැන විවේචනය කිරීම ඔබටත් අයිතියක් ඇත.

:       879       352

Ruchi Monday, 12 November 2018 06:27 AM

මේ දියණියෝ රටේ ගොඩාක් ප්‍රශ්න තිබුන කාලේ , යුද්දේ තිබුන කාලේ, මහබැංකු හොරකම වුන වෙලාවේ, රටේ තියෙන ජාතික සම්පත් විදේශ රටවල් වලට විකුනපු වෙලාවේ, ඡන්දෙ කල් දාන අවස්ථාවේ හිටියේ නැද්ද?

:       692       2450

BamunuarachchiMonday, 12 November 2018 07:49 AM

නැහැ, ඒ කාලේ ඉපදිලාවත් නැහැල්ලු. එහෙව් අයයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා දෙන්න එන්නේ... දරුවනේ අපි ඩී එස් සේනානායකගේ කාලේ ඉඳන් මේ රටේ දේශපාලන ඉතිහාසය දන්නවා. අපිට් ඕගොල්ලන්ගේ ඉගෙන ගන්න දෙයක් නැත. අකුලාගෙන ගෙදර යන්න ලැබෙන ගාස්තුවත් අරගෙන...

:       139       712

nimal Monday, 12 November 2018 07:06 AM

දියණියෝ ලක්බිමේ වුනාට කතා කරන්නේ පිටරටට බව අල්ලන බෝර්ඩ්වල තියෙන භාෂාවෙන් පේනවා.

:       176       725

sandy123 Monday, 12 November 2018 07:21 AM

ඉන්න ප්‍රමාණයෙන් කිසිවක් මනින්න එපා. කියන පණිවිඩය හෝ අදහස ගැන විවේචනය කරන්න. තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙනවනම් ඒ හොදටෝම ඇති.

:       700       602

sandy123 Monday, 12 November 2018 07:31 AM

නිමල් - ඇස් පරික්ෂා කර ගන්න. සිංහල පුවරු තියෙනවා නමුත් ඔබ දාලා තියන කණ්නාඩිය නිසා හරියට පේන්නේ නැහැ වගේ. කණ්නාඩිය ගලවලා දාන්න. අනික සිංහල කියවන්න බැරි ශ්‍රී ලාංකික මිනිසුන් නැත්ද?

:       162       28

vipula Monday, 12 November 2018 07:41 AM

කාගේ හරි සල්ලි වලට පිස්සු කෙලින්න කොළඹ එනවා. ඡන්දයක් තියන එක කොහොමද වැරදි වෙන්නේ? ජනතාව හරි දේ කරාවි.

:       6       242

chandana Monday, 12 November 2018 07:53 AM

මෙතන මැදමුලනෙන් සෙට් එකක් ඇවිත් කලානම් ඔය ප්‍රතිචාරය වෙනස්...

:       227       186

samMonday, 12 November 2018 09:05 AM

නැහැ චන්දන. අපි අහන්නේ ඇයි මේ ගොල්ලන් මේ වෙලාවේ විතරක් කතාකරන්නේ කියන එකයි. අඩු ගණනේ අර විද්‍යා වගේ අහිංසක ගැහැණු ළමයින් ම්ලේච්ඡ විදිහට මරාදැමුණු වෙලාවේ කට ඇරියද? හොඳට හොයලා බලන්න මේ ගොල්ලන් එන් ජී ඕ කීයකට සම්බන්ධද කියලා. මේ අය කෑගහන්නේ මහජනතාවට ඡන්දය එපා කියල නේද? මේ කැඳහැලිය විසඳන්න මහජනතාවගේ ඡන්දය ඇරෙන්න ඔබට විශ්වාස වෙන දෙයක් තිබෙනවද? දෙපැත්තේම තිබෙන ප්‍රශ්න ඉවරයි අපි හැමෝම ඇත දිගහැරලා ඡන්දය දුන්නම... හැබැයි සිරිසේන ලොක්කටවත්, රනිල් ලොක්කටවත්, අනුර කුමාරටවත් පැරදුණු අය ලිස්ට් වලින් ඇතුළට ගන්න බැහැ. ඔය තුන්දෙනාම ඔය වැඩේ කරා 2015 ඉඳලා. මහින්දටත් ඒ නීතිය අදාළ වෙන්න ඕනෑ. ඔබ කැමති නැද්ද ඒ විදිහේ ප්‍රජාතන්ත්‍රවාදයකට?

:       10       304

සමන් Monday, 12 November 2018 09:10 AM

ඔතන ඉන්න අය කව්ද කියලා දන්නවද? අර කෑ ගහන එක මහත්මියක් පක්ෂයක නායකයෙක් ඕනේ කියලා ලතෝනි දුන්නු කෙනෙක්...

:       0       161

sopi Monday, 12 November 2018 11:56 AM

අපි නොදන්න ප්‍රජාතන්තරේ..?

:       0       43

vishaka Monday, 12 November 2018 01:23 PM

ලක්බිමේ දියණියෝද? නැතිනම් ඉන්දියාවේ දියණියෝද? ඉන්දියන් ඇඳුම් ඇඳගෙන බෙරිහන් දෙන්නේ...

:       4       92

sandy123Monday, 12 November 2018 03:27 PM

මට කියන්න කොහෙන් හිනා වෙන්නද කියලා...?

:       0       0

vidya Monday, 12 November 2018 06:29 PM

විමල් වීරවංශලා, බැසිල් රාජපක්ෂලා ඉන්න කම් හැමෝම පාරට තමයි වැටෙන්නේ හැමදාම...

:       0       0

max Tuesday, 13 November 2018 10:46 AM

ඡන්ද කල් දාන කොට මේ දියණියෝ නිදි ද?

:       0       0

wasantha Wednesday, 14 November 2018 12:35 AM

අපි මහින්ද මහත්තයට කැමැති ජාතිකවාදී නිසා. හාමුදුරුවෝත් එකතු කරගෙන ගමනක් යන නිසා.. මහජාතියේ ආරක්ෂාව ගැන හිතන නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site