IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

(ඩයනා උදයංගනී)

 

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පවතින පැරණි චූඩා මාණික්‍යය ඉවත් කර පළඳවන නව චූඩා මාණික්‍යය ජනතාවට දැක වැඳපුදා ගැනීම සඳහා අද (18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි තැන්පත් කෙරුණු අතර එය අනිද්දා (20) දිනය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.  
               
රුවන්වැලි මහා සෑයේ පවතින වසර 80ක් පමණ පැරණි චූඩා මාණික්‍යය හා එහි රන් ආලේපිත පාදම මේ වන විට පලුදු වී ඇති බැවින් නව චූඩාමාණික්‍යයක් තැන්පත් කිරීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
               
ඒ අනුව  අලුතින් නිර්මාණය කළ මෙම රන් පාදම සහිත චූඩා මාණික්‍යය තවත් එය නිපදවූ විදේශීය සමාගමේ සිට මෙරටට වැඩම කරවා තිබේ.
               
නව චූඩා මාණික්‍යය ඉන් අනතුරුව අනුරාධපුරයට වැඩමවීමට නියමිත අතර අනතුරුව එය මහජනතාවට වැඳ පුදාගැනීම සඳහා රුවන්වැලි සෑ භූමියේ සුවිශේෂී කුටියක් ද තැන්පත් කෙරෙනු ඇත.
               
පසුව එය රුවන්වැලි මහසෑයේ පැළඳවීමට සුදුසු සුභ වේලාවක් සකස් කිරීම දෙස් විදෙස් ජ්‍යොතිර්වේදීන්ට පවරා ඇතැයි දැනගන්නට තිබේ.
               
එමෙන්ම රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩා මාණික්‍යය සහ පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම තැන්පත් කර මහ ජනතාවගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමට නියමිතය.
                

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම්  පලිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පලිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ට්‍රේලියානු සමාගම විසිනි.
               
එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.
               
මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.
               
රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම දිනවල කෙරේ. නව චූඩා මාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ‘විශ්ව පාරමී’ පදනම මගිනි.
               
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
 
(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (19)

රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

sachith Monday, 18 November 2019 10:12 AM

බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරප දේවල් දැන් කොච්චරට පන්සලට ඇවිත් ද කියල තේරෙනවා මේක ඇහුවම.

:       708       597

sirimal Monday, 18 November 2019 10:51 AM

පහන් සිතින් දැක බලාගෙන වැඳ පුදා ගන්නද? නැත්නම් ෆොටෝ ගහන්නද මේ කට්ටිය ඇවිත් තියෙන්නේ?

:       21       245

mahinda rajaguru Monday, 18 November 2019 12:59 PM

ලෝකය දියුණු වෙලා, තාක්ෂණය විසිවන සියවසරට පා තබනවා. අපි තවමත් දෙවිවරු වන්දනාමාන කරනවා. එහෙම කලත් කමක් නැහැ ශිෂ්ට සම්පන්න ජාතියක් නම්.

:       3356       1716

vidya Monday, 18 November 2019 06:35 PM

බුදු රජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට , විශේෂයෙන්ම මහියංගනයට වැඩිය අවස්ථාවේදී උන් වහන්සේට දන් පිළිවෙල කොට පුද පුජා පැවැත්වුයේ ශ්‍රී ලංකාවේ වෙසෙන ආදිවාසි ජනතාවගේ මුතුන් මිත්තෝ. එම මුතුන් මිත්තන්ට ගරු කිරීමක් වශයෙන් මෙම කොත් වහන්සේ රුවන් වැලි චෛත්‍ය රාජයාට පැළඳ විය යුත්තේ උරුවරිගේ වන්නියල ඇත්තෝ අතිනි. එතුමා තරම් බුද්දිමත්, ගුණවත් සත්‍ය කතා දමන මිනිසෙක් අපට හමුවීම අපගේ වාසනාවක්.

:       1058       1113

ලසන්තTuesday, 19 November 2019 12:37 PM

විද්‍යාගේ අදහස ඉතාම නිවැරදියි.

:       61       62

සුදත් ශ්‍රී Monday, 18 November 2019 10:39 PM

සමහරක්ගේ ප්‍රතිචාර දැක්කාම මට මතක් වුනේ විමලරත්න කුමාරගමයන්ගේ අයියනායක කවි පන්තියේ එන සුප්‍රසිද්ධ කවියක්. සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම කෙම්වර දවස්වල පානින් සැරසී ම වන අතු කඩා ගස් දෙබලක දැවටී ම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

:       282       366

මහේෂ්. Tuesday, 19 November 2019 08:07 AM

ඕස්ට්‍රේලියාවේදී ඔප දමන ගලකුයි, සිංගප්පූරුවෙන් ගත් රත්තරං කිලෝ 8 යි, තවත් කොහෙන් හරි ගත්තු මැණික් ගල් ටිකයි ගෙනිහිල්ල වෙහෙර උඩ තියපුවාම, ඒක කොහොමොද අපේ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන්නෙ? දන්නෙ නැති නිසයි අහන්නේ ?

:       5       279

vipula Tuesday, 19 November 2019 08:53 AM

අපිට වඩා මුදල් අතින් හා නව සොයාගැනීම් අතින් දියුණු රටවල්වල ජනයාත් තවම පිළිගන්නේ ලෝකය බිහි කළේ දෙවියන් වහන්සේ කියල. කොතරම් දියුණු වුනත් තමන්ගේ ආගමට හා ජාතියට ගරහනවා අඩුයි. අපි හොදටම දන්නවා මේවා කරලා විතරක් නිවන් දකින්න බැහැ කියලා.

:       12       60

Nandalal DE SILVA - France Tuesday, 19 November 2019 06:19 PM

අපේ ශ්‍රී ලංකාවෙන් ලබාගත නොහැකි දේවල් යොදා මේ නව චූඩා මාණික්‍යය නිපදවා රුවන්වැලි මහා සෑරදුන්ට පැලඳවීම ගැන අපට එරෙහි විය නොහැක. නමුත් එම උතුම් පිංකම සිදු කිරීම සඳහා සුදුසු සුභ වේලාවක් සකස් කිරීම දෙස් විදෙස් ජ්‍යොතිර්වේදීන්ට පවරා ඇත්තේ, අපේ රටේ එවැනි අය දුර්ලභ නිසාද? අපේ රටේ දේශපාලකයන් වෙනුවෙන් වේලාව බලා පස්ස බිම ඇනගත් සමහර නැකත්කරුවන් නිසා මේ විදියට විදෙස් ජ්‍යොතිර්වේදීන්ට දත නියවීමට අපට සිදුවී තිබේ !

:       0       1

මහේෂ් Wednesday, 20 November 2019 01:34 AM

සියලුම වැඩිහිටියන් වන්දනා කිරීම පෙසෙක ලා, ඉතා උනන්දුවෙන් ෆොටෝ ගැනීම කරති. ඒ අතරින් සිඟිති දරුවෙක් මාණික්‍ය වන්දනා කිරීමට වෙර දරයි, උස මදි නිසාවෙන්. නමුත් එය කිසිඳු වැඩිහිටියෙකුට පසක් නොවේ.

:       0       24

amarabandu Wednesday, 20 November 2019 02:46 AM

රුවන්වැලිසෑය මිනිස්සු වදින්නේ ගර්භයේ තියන දාතුන් වහන්සේලා නිසා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු මෙතන තියන මැණිකට වදින්නේ කියලා.

:       0       8

rupasingheWednesday, 20 November 2019 03:29 AM

මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්ණෙම තමා.

:       0       4

vidya Wednesday, 20 November 2019 02:51 AM

ජ්‍යතිර්යවේදියෝ කියන කට්ටිය ඡන්දෙදි කියපුව දැක්කනේ. මම කලින් කීව වගේ වන්නිල ඇත්තෝ ගෙන්නලා එතුමාව පරිස්සමෙන් ගොඩ කරවලා පැලඳුවානම් ඉතාම අගෙයි.

:       0       1

vidya Wednesday, 20 November 2019 03:12 AM

පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්ස : ඔබ වහන්සේගෙන් ඉතාම කාරුණික ඉල්ලීමක් කරනවා. තවමත් භික්ෂුනී වරුන්ට සම තැනක් නැත. ඡන්දයවත් දැමීමට අවසර නැත. මෙම කතිකාව දැන් ආරම්භ කිරීමට කාලය ඇවිත් ඇත.

:       39       1

ඉන්දිකWednesday, 20 November 2019 05:58 AM

මේ ලෝකයේ අද ථේරවාදී ශාසනය තුල භික්ෂුණී ශාසනය නොමැති බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර විස්තර සොයා ගැනීමට උනන්දු වන්න. අනික කිසිම දිනක භික්ෂුණීන් වහන්සේලාට සම තැනක් දී තිබූනේ නෑ. නිසි තැන දී කටයුතු ලෙස කටයුතු කළා.

:       0       0

Nalaka Wednesday, 20 November 2019 03:16 AM

කලින් තිබූ චූඩාමාණික්‍යය පුපුරලා කියන්නේ ඇත්තද? රටට ඇති අහිතකර තත්වයයි පෙනෙන්නේ.

:       0       0

amila Wednesday, 20 November 2019 07:50 AM

ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ. නැකැත් බලලා මේ වගේ දේවල් කරන්න කියල බුදුහාමුදුරුවෝ කීවද? ඒක නිසාද මෙහෙම කරන්නේ? එහෙම කියලා නැත්නම් කරන්නේ ඇයි කියලා දන්නේ නෑ.

:       0       25

Uditha - London Wednesday, 20 November 2019 08:19 AM

මම කප් රුක පුජ කළා එක සැරයක්. මගේ ජීවිතේ මම වැඩියෙන්ම සන්තෝෂ උන දවස එදා. මගේ බුදුන් වහන්සේගේ දහම තරම් නිර්මල දෙයක් මේ තුන් ලෝකෙම නැහැ.

:       0       13

වත්සලා Wednesday, 20 November 2019 08:19 AM

සාධූ !සාධූ ! සාධූ!

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site