IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රජ රට වැව් සිඳීමෙන් මසුන් මියයාමේ අවදානමක්

(කුෂාන් ජයවර්ධන)
ප‍්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණය නිසා මේ දිනවල රජරට ප‍්‍රදේශයේ වැව්වල ජල මට්ටම ක‍්‍රමයෙන් පහත යමින් පවති. 

පදවිය වාහල්කඩ වැවේ ජල මට්ටමද මේ වනවිට ඉතා පහළමට්ටමකට පැමිණ  ඉකුත් සති තුනක පමණ කාලයක සිට වාහල්කඩ වැවේ සිටින තිලාපියා විශේෂයේ මසුන් මිය යාමට පටන් ගෙන එයින්  හමන දුර්ගන්දය ප‍්‍රදේශය පුරා පැතිර යමින් සෞඛ්‍යහානි  ගෙන දෙන තත්ත්වයක් මතුව ඇතැයි ගැමියෝ  කියති. 

වාහල්කඩවැවේ දිනකට කිලෝ ග්‍රෑම් 200ක් පමණ ප‍්‍රමාණයක් තිලාපියා මසුන් මිය යමින්  පවතින අතර  මිය ගිය මසුන් ආහාරයට ගැනීම හේතුවෙන් එම වැවේ වෙසෙන දියකාවන් වැනි වෙනත් සත්ව විශේෂයන් ද මිය ගොස් ඇති අයුරු දැකිය හැකිය.

වැවේ මසුන් මෙලෙස මියයාම නිසා එම වැව ආශ‍්‍රිතව ධීවර කටයුතුවල යෙදෙන පවුල් රැසක ධීවර රැකියාවද අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

අනුරාධපුර දිස්ත‍්‍රික් ධීවර ව්‍යාප්ති නිලධාරී සිසිත කුමාර මහතා මේ පිළිබඳව පැවසූයේ   ගැටලුව ඇති  ඇති වාහල්කඩවැවේ ජල සාම්පල අදාළ පරීක්ෂාවන් සදහා දැනටමත් අදාළ අංශ වෙත යොමුකර ඇති බවයි. එම පර්යේෂණ වාර්තාවන් හා ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව ධීවර ප‍්‍රජාව මුහුණ පා ඇති අවදානම සම්බන්ධයෙන් අවධානය යොමුකර  ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි සුදුසු මත්ස්‍ය කළමනාකරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.   

වාහල්කඩ වැවේ ජලයේ හටගෙන ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතාගෙන් ද කරුණු විමසීමේදී මෙසේ පැවසීය.

"වසරකට වරක් ඇති වන වියළි කාලගුණය නිසා රජරට ප‍්‍රදේශයේ වැව්වල ජල මට්ටම ක‍්‍රමයෙන් පහත වැටෙනවා. එවැනි අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් වැව් ආශ‍්‍රිතව ඇතිවීමේ හැකියාව තියෙනවා. මම වාහල්කඩ වැවේ ජල සාම්පල නිරීක්ෂණය කළා. මේ වන විට වැව් ජලයේ ඇති ශාක ප්ලවාංග ගහනයෙන් 98%ක් පමණ ඇත්තේ සිලින්ඩ්‍රෝස්පර්මොප්සිස් රුසිබොර්ස්කි (Cylindrospermopsis raciborskii ) නැමැති නීලහරිත ඇල්ගී විශේෂය. 

එම ඇල්ගී විශේෂය වසර බිලියන තුනහමාරක් පමණ පැරණී එකක්. එම වැව් ජලයේ තවත් 1%ක් පමණ ඇත්තේ මයික්‍රෝසිස්ටිස් අරුජුනෝසා ( Microcystis aeruginosa ) නැමැති නීලහරිත ඇලගී විශේෂය යි. මෙම නීල හරිත ඇල්ගී විශේෂ දෙක විසින් නිපදවන රසායනික ද්‍රව්‍ය මසුන්ගේ, කුරුල්ලන්ගේ සහ ක්ෂීරපායින්ගේ අක්මාව, වකුගඩු සහ ස්නායු පද්ධතියට හානි සිදු කරනවා. විෂ රසායන නිපදවන ඇල්ගී ආහාරයට ගැනීම නිසා තිලාපියා මසුන් ඉක්මනින් මිය යනවා. මෙම පාරිසරික ආපදාව කළමනාකරණය කිරීමෙන් මිය යෑමට සිටින මත්ස්‍ය සම්පතෙන් උපරිම ප‍්‍රතිලාභ ලබා ගත හැකි වෙනවා. "

 

 



අදහස් (0)

රජ රට වැව් සිඳීමෙන් මසුන් මියයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site